Go to full page →

38 පරිච්ඡේදය - ශුද්ධවන්තයන්ගේ විපාකය GCSinh 77

අති විශාල දේව දූත සමූහයක් නගරයේ සිට ඔව්ටුණු රාශියක් ගෙනෙනවා මම දුටිමි. සෑම කෙනෙකුටම ඔටුන්නක් තිබු අතර එකිනෙකාගේ නාමයද එහි ලියා තිබිණ. යේසුස්වහන්සේ ඔටුනු තමා වෙත ගෙනෙන ලෙස ඉල්ලු අතර දේව දූතයෝ උන්වහන්සේ වෙත ඔටුනු ගෙන ආහ. උන්වහන්සේගේ දකුණතින් ඒවා මුදනු ලැබුවන්ගේ හිස් මත පැළඳවූ සේක. එලෙසම වීණා ද දේව දූතයෝ ගෙනැවිත් දුන් අතර යේසුස්වහන්සේම ඒවා එකිනෙකා අත තැබූ සේක. සියලු දෙනාම දක්ෂ ලෙස වීණා වාදනය කරමින් මිහිරි හඬින් ප්‍රශංසාවේ ගී ගැයුහ. ඉන්පසු යේසුස්වහන්සේ නගර දොරටු වෙත ඔවුන්ව කැඳවාගෙන ගොස් දොර විවෘත කර සත්‍යය පැවැත්වූ තමන්ගේ සෙනඟට ඇතුල් වෙන්ට සැලැස්වූ සේක. නගරය තුළ ඇස පිනවන සියලුම දේ තිබිණ. සතුට ගෙන දෙන හැම දෙයකින්ම නගරය පිරි තිබෙන බව දිස් විය. යේසුස්වහන්සේ මුදනු ලැබුවන් දෙස නෙත් හෙළා, ප්‍රීතියෙන් පිරි තිබු ඔවුන්ගේ මුහුණු දෙස බලා ‘මාගේ ආත්ම වේදනාවේ ඵල මම දැන් දකිනවා. මම එයින් තෘප්තියට පැමිණියෙමි’යි උන්වහන්සේ මිහිරි හඬින් පැවසු සේක. ‘මේ සියලු දේම සදාකාලයටම නුඹලාට අයිතිය. නුඹලාගේ දුක් වේදනා සියල්ල හමාරය. මරණය තවත් නොවන්නේය. හැඬීමක්වත් වේදනාවක්වත් තවත් නොවන්නේය’ එවිට මුදනු ලැබූ අය තමන් හිස් මත වූ ඔටුනු ගළවා යේසුස්වහන්සේගේ පාමුල තබා උන්වහන්සේට ස්තුති ප්‍රශංසාවේ ගී ගයා ගී හඬින් ස්වර්ගය පිරවූහ. GCSinh 77.1

උන්වහන්සේ ඉන්පසු ඔවුන්ව ජීවන වෘක්ෂය වෙත කැඳවා ගෙන යනවා මම දුටිමි. එතැනදී ද සියලු මිනිස් හඬකට වඩා මිහිරි වූ ගීතමය හඬකින් කථා කොට මේ ගසේ කොළ සියලු ජාතීන්ගේ සුවවීම පිණිසය. එයින් ගෙන කාපල්ලා යයි කීසේක. ජීවන ගසෙහි වුයේ ඉතාම අලංකාර ගෙඩිය. ශුද්ධවන්තයන්ට ඒවා කැමති ලෙස කන්ට පුළුවන. ඉතාම තේජවන්ත ලෙස වූ සිංහාසනයක් නගරයෙහි විය. ඉතාම පිරිසිඳු ජලය ගලා යන ජීවනදායක ගංගාව සිංහාසනය වෙතින් ගලාගෙන ගියේය. ගඟේ ඒ පැත්තේද මේ පැත්තේද එකමුතුවක් වැනි වූ ජීවන වෘක්ෂය තිබිණ. ගඟේ ඉවුරු දිගේම කෑමට හොඳ රසැති පලතුරු ගස්ය. ස්වර්ගයේ අලංකාර ස්වභාවය ගැන විස්තර කිරීමට භාෂාවල වචන ප්‍රමාණවත් නැත. එම දර්ශන මා ඉදිරියේ මැවී පෙනෙන විට මම විශ්මයෙන් මුසපත් වීමි. එම විශ්මිත අලංකාරය මාව මෝහනය කල අතර මම මාගේ පෑන බිම තියා පවසන්නේ කෙබඳු ප්‍රේමයක්ද, මොන විධියේ පුදුම ප්‍රේමයක්ද; ඉතාම උසස් භාෂා විලාසයකින්වත් ස්වර්ගීය මහිමය වර්ණනා කළ නොහැක. කිසිවෙකුට සමාන කළ නොහැකි ගැළවුම්කාරයාණන්ගේ ගැඹුරු ප්‍රේමය විස්තර කළ නොහැකිය. GCSinh 77.2

______________________________________
බලන්න: යෙසායා 53: 11; එළිදරව් 21: 4; 22: 1-2 GCSinh 77.3