Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 7—අන්‍යෝන්‍ය යුතුකම්

    එකිනෙකා හට වගකීම් ඇත: තම ජීවිතයේ සිතුම් පැතුම් එකට මුසු කරගන්නා දෙදෙනාට සුවිශේෂ චරිත ලක්ෂන සහ පුද්ගලික වගකීම් තිබෙනු ඇත.එකිනෙකා හට ඔහුගේ හෝ ඇගේ වැඩ රාජකාරි තිබෙනු ඇත.එහෙත් බර අදින සතුන් මෙන් කාන්තාවන් ඔවුනට කරන්ට පුළුවන් වැඩ ප්‍රමාණය අනුව තක්සේරු නොකළ යුතුය. භාර්යාව පවුලේ සුහද තාවය පවත්වා ගත යුතු වන්නේ නැණවත් සැමියෙකුගේ බිරිය හා මිතුරිය ලෙසිනි. සැබෑ ස්ත්‍රී භාවයේ ප්‍රමිතිය මෙයද? නිවසට මගෙන් ලැබෙන ආභාෂය ක්‍රිස්තුස්වහන්සේගෙන් ලැබෙන ආභාෂය මෙන් වේද ආදී වශයෙන් ඇය සෑම පියවරකදීම විමසීම වටී. ඇගේ වැඩ කටයුතු තමා අගය කරන බැව් සැමියා තම භාර්යාවට ඇඟවිය යුතුය.AHS 23.1

    භාර්යාව තම ස්වාමී පුරුෂයාට ගරු කළ යුතුය. ස්වාමි පුරුෂයා තම භාර්යාවට ප්‍රේම කරමින් ඇයට ඇලුම් විය යුතුය.ඔවුන්ගේ විවාහ ගිවිසුම ඔවුන් එක මාංශයක් කොට එක් කරනා සේම ඔවුන් තුළ වූ විශ්වාසය ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඒකත්වයට පත් කල යුතුය. විවාහ සබඳතාවයට ඇතුළ්වන්නන් යේසුස්වහන්සේ ගැන තවත් ඉගෙනීමටත් උන්වහන්සේගේ ආත්මයෙන් තව තවත් පූර්ණ වීමටත් වෙර දරනු දකිනවාට වඩා දෙවියන්වහන්සේට ප්‍රසන්න වන වෙනත් දෙයක් වේ ද? AHS 23.2

    භාර්යාවෙනි යටත් වන්න: ස්වාමි පුරුෂයෙනි ප්‍රේම කරන්න: භාර්යාවකට තම සිතැඟි පරිදි කටයුතු කළ නොහැකි දැයි නිතර විමසනු ලැබේ. ස්වාමි පුරුෂයා පවුලේ ප්‍රධානියා බව බයිබලය පැහැදිලිව පවසයි. “භාර්යාවෙනි, නුඹලාගේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.” මෙම අවවාදය එතනින් අවසන් වුව හොත්, භාර්යාවගේ තත්ත්වය එතරම් හොඳ එකක් නොවන බවත්, විවාහයන් අඩුවන තරමට හොඳ බවත් අපට කිව හැකිව තිබිණී. “භාර්යාවෙනි, යටත්ව සිටින්න.” යන තැනින් බොහෝ ස්වාමි පුරුෂයෝ එම අවවාදය නිමවති. එහෙත් එම අවවාදය සම්පුර්ණයෙන් ගත් කල මෙසේය. “භාර්යාවෙනි, ස්වාමින්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.”AHS 24.1

    අන්‍යෝන්‍ය ඉවසා දරා ගැනීම: දෙවියන්වහන්සේගේ ආත්මයාණන් අප හා සමග විය යුතුය. එසේ නොමැතිව නිවසේ එකඟතාවය පවත්වා ගැනීම උගහටය. භාර්යාව හට ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය(සිත) තිබේ නම් ඇය තම සිත පාලනය කරගෙන යටහත්ව සිටිනු ඇති අතර එහෙත් වහලියක මෙන් නොව තම සැමියා හට සහකාරියක සේ හැසිරෙනු ඇත. සැමියා දෙවියන්වහන්සේගේ දාසයෙකු නම්, හෙතෙම තම බිරිය මත බර නොපටවනවා මෙන්ම දරදඬු සහ තද බල ලෙස ක්‍රියා නොකරනවාද ඇත. පමණට වඩා පුදසත්කාර වලින් යුත් සෙනෙහසක් බලාපොරොත්තු විය නොහැකිය. මන්ද නිවසේ ස්වාමින්වහන්සේගේ ආත්මය පවතීනම් එය ස්වර්ගීය ස්ථානයක් වන්නේය. අයෙකු වරදක් කරයි නම්, අනිකා ක්‍රිස්තුස්වහන්සේ මෙන් ඉවසා දරාගන්නා අතර නොමනාපයෙන් ඉවත ඇදීනොයනු ඇත.සැමියා හෝ බිරිඳ අනිකා මත දරදඬු පාලනයක් පවත්වා ගැනීමට උතසහ නොකල යුතුය. තම සිතුම් පැතුම් වලට හා කැමැත්තට අනිකා යටත් කර ගැනීමට උත්සහ නොකරන්න. මෙසේ කටයුතු කොට අන්‍යේන්‍ය ප්‍රේමය රඳවා තබා ගැනීමට ඔබට බැරිය. කාරුණික ඉවසිලිවන්ත, දරාගන්නා සුළු, සැලකිලිමත් හා ආචාරශීලී අයෙකු වන්න. ඔබගේ විවාහ ගිවිසුමේදි එකිනෙකා පිනවීමට ඔබ පොරොන්දු වූ ආකාරයට කටයුතු කිරීමට දෙවියන්වහන්සේගේ අනුග්‍රහය කරණ කොට ගෙන ඔබට හැකිවනු ඇත.AHS 24.2

    එකිනෙකා දයාන්විත යටහත් විය යුතුය: විවාහ දිවියේදී ස්ත්‍රීහු හා පුරුෂයෝ සමහර විට නොහික්මුණු, මුරණ්ඩු දරුවන් සේ හැසිරෙති. සැමියා තමාට උවමනා විදිහට ක්‍රියා කරන්නට වෙර දරන අතර බිරිඳද ඇයට උවමනා ආකාරයට ක්‍රියා කරන්ට වෙර දරයි. මෙසේ දෙදෙනාම එකිනෙකා හට යටත් නොවී නිදහසේ කටයුතු කරන්ට සිතති. මෙවන් තත්ත්වයකින් ඇතිවනුයේ නොසතුට පමණී. තමන් සිතන පතන ආකාරය තුළ අනිකාගේ සිතුම් පැතුම් වලටද ඉඩදීමට සැමියාද බිරිඳ කැමති විය යුතුයි. ඔවුන් තම තමනට උවමනා දේ කරීමට තරයේ සිතා සිටිනා තුරු ඔවුන් අතර සතුටට ඉඩක් නැත.AHS 24.3

    ස්ත්‍රීන් හා පුරුෂයන් ක්‍රිස්තුස්වහන්සේගෙන් උන්වහන්සේගේ යටහත් පහත් ස්වභාවය ඉගෙන නොගත හොත් ඔවුන් ළමයින් අතර නිතර දක්නට ලැබෙන ආවේගාත්මක, අසාධාරණ ගති පැවතුම් පෙන්නුම් කරනු ඇත. ප්‍රබල, නොහික්මුණු සිත අනිකා පාලනය කරන්ට සිතයි. එවැන්නන් පාවුල් තුමාගේ වචන උගත යුතුය. “මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථා කළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි. බාලයෙකු මෙන් කල්පනා කළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.”AHS 24.4

    ක්‍රිස්තුස්වහන්සේ එකමුතු කම සලකන සේක:AHS 25.1

    දේව කැමැත්ත ඉටු වුව හොත් ස්වාමි පුරුෂයා සහ භාර්යයාව එකිනෙකා හට ගරු කරමින් ප්‍රේමය හා විශ්වාසය වර්ධනය කරනු ඇත. පවුලේ සාමය සහ එකමුතු කම පලුදු කරන කවරක් වුවද තරයේ මැඩලිය යුතු අතර, කරුණාව හා ප්‍රේමය වඩවා ගත යුතු වේ. මෘදු කම, ඉවසා දරා ගැනීම සහ ප්‍රේමය දක්වා ලන්නා ඒ ගුණාංග තමා වෙත යලි අන්‍යයන්ගෙන් ලැබෙන බව දකිනු ඇත. දෙවියන්වහන්සේගේ ආත්මය රජයන තැන්හි, විවාහ සබඳතාවයේ නුසුදුසුකම ගැන කථා සිදුනොවනු ඇත. මහිමයේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපය සැබැවින්ම ඇතුළාන්තයේහි බිහිවුව හොත්, නිවසෙහි ප්‍රේමය හා එකමුතු කම සුරැකෙනු නියතය. බිරියගේ සිත තුළ වැඩවාසය කරනා ක්‍රිස්තුස්වහන්සේම සැමියාගේ සිත තුළද වැඩ වාසය කරනා බැවින් ඔවුන් තුළ එකඟතාවය පවතිනු ඇත.තමන්වහන්සේට ප්‍රේම කරන්නන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේ පිළියෙල කිරීමට ගිය වාසස්ථාන ලැබගන්ට දෙදෙනාම එක්ව වෙර දරනු ඇත.AHS 25.2