Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 39—පවුල තුල ආගම

    ආගම සැබෑ දෙයක් කර ගන්න : පවුලේ ආගම ඇදහීමට ස්වාමීන්වහන්සේගේ හික්මවීම සහ අවවාද තුළ දරුවන් හදා වඩා ගැනීමද අයත් වේ. සාතන් විසින් මුළා කොට ක්‍රිස්තුස්වහන්සේ වෙතින් ඉවතට ගෙන යනු නොලබන පිණිස, පවුලේ සැම අයෙකුම ක්‍රිස්තුස්වහන්සේගේ පාඩම් වලින් පෝෂණය කිරීමටද සැම අයකුගේම අධ්‍යාත්මික යහපත දැඩි සේ ආරක්ෂා කිරීමටද තිබේ. සැම පවුලම තම තමන්ට අත් කර ගැනීමට එල්ලය කර ගත යුතු ප්‍රමිතිය මෙය වන අතර පැකිලීම‍ට හෝ අධෛර්යට පත් නොවීමට ඔවුන් අධිෂ්ඨානය කර ගත යුතුය. දෙමාපියන් තම උපදෙස් දීමෙහි දැඩි උනන්දුවකින් හා අවදිකමෙන් යුතු ක්‍රියා කරමින් දෙවියන්වහන්සේගේ මහිමය කෙරෙහි ඒකායන අරමුණින් තම දරුවන් පුහුණු කරන කල, ඔවුන් දෙවියන්වහන්සේ සමග සහයෝගිව ක්‍රියා කරන අතර, උන්වහන්සේ කිතු සමිදුන් දිවි දුන් මෙම දරුවන්ගේ ගැළවීම උදෙසා දෙමාපියන් සමග ක්‍රියා කරනු ඇත. AHS 115.1

    ආගමික උපදෙස් යනු සාමාන්‍ය උපදෙස් වලට වඩා බෙහෙවින් ගැඹුරු දෙයකි. ඉන් අදහස් කෙරෙනුයේ යේසුස්වහන්‍සේ වෙත ප්‍රවේශ වෙන ආකාරයත් තම අවශ්‍යතාවයන් උන්වහන්සේට පවසන ආකාරයත් උගන්වමින් ඔබ ඔබගේ දරුවන් සමග යාඥා කළ යුතු බවය. ඉන් අදහස් වනුයේ යේසුස්වහන්සේ ඔබට සියල්ල වන බවත් උන්වහන්සේගේ ප්‍රේමය ඔබ ඉවසිලිවන්ත, කාරුණික, දරාසිටින්නා වූ අයෙකු කරන අතරම ආබ්‍රහම් මෙන් ඔබගේ දරුවනට කරන නියෝග වලදී ස්ථිරව සිටිය යුතු බවත්ය.AHS 115.2

    පවුලේ මවු වරුන් හා පිය වරුන් සැබෑ කිතුණුවන් නම්, ඔවුන් සභාවේ ප්‍රයෝජනවත් සාමාජිකයන් වන අතර තම පවුලේ කටයුතු හසුරුවා ගන්නා ලෙසින්ම ඔවුනට සභාවේද සමාජයේද කටයුතු හසුරවා ගැනීමට හැකි වනු ඇත. දෙමාපියෙනි, ඔබගේ ආගම බාහිර පෙන්වීමක් පමණක් නොව, ජීවිතයට අදාළ දෙයක් බවට පත් කර ගන්න. AHS 116.1

    ආගම පවුලේ ප්‍රායෝගින දෙයක් වූ කල, අති විශාල යහපතක් සිදුවෙයි. නිවසේදී ඉටු කරනු ලැබීමට දෙවියන්වහන්සේ සැලසුම් කර වදාළ නියමිත කාර්යය කිරීමට ආගම දෙමාපියන්ට මග පෙන්වනු ඇත. ස්වාමීන්වහන්සේ කෙරෙහි භය වීම සහ උන්වහන්සේගේ අවවාදය තුළ ඔවුන් තම දරුවන් හදා වඩා ගනු ඇත. AHS 116.2

    ආගම සමාජය කෙරෙහි ‍යම් අනුබලයක්දැක්වීමට නම්, පළමු කොට එය පවුල් කවය තුළ අනුබලයක් දැක්විය යුතුය. නිවසේදී දෙවියන්වහන්සේට ප්‍රේම කරන්ට සහ භය භක්තිය පෙන්වීමට දරුවන් හට පුහුණු කෙරේ නම්, ඔවුන් ලෝකයට යන කල, ඔවුන් තම පවුල්ද දෙවියන්වහන්සේ උදෙසා පුහුණු කිරීමට සූදානමින් සිටිනු ඇත. මෙලෙස සත්‍යයේ ප්‍රතිපත්තීන් සමාජයේ මුල් බැස ගන්නා අතර, එමගින් ලොවට ප්‍රබල අනුබලයක් දක්වනු ඇත. ආගම අධ්‍යාපනයෙන් බැහැර කොට නොතැබිය යුතුය. AHS 116.3

    නිවසේ ආගම ඉතා වැදගත්ය: සභාවේ සාමෘධිය උදෙසා නිවසේදී පදනම දමනු ලැබේ. ගෘහ ජීවිතය පාලනය කරනා අනුබල‍යන් සභා ජීවිතය වෙත යනු ලැබේ. එහෙයින් සභා වැඩ කටයුතු පළමුව පටන් ගත යුතු වන්නේ නිවසේදීය.AHS 116.4

    අපට යහපත් ගෘහ ආගමක් ඇති විට, අපගේ සාමූහිකව ආගම ඇදහීම ඉතා යහපත් වනු ඇත. නිවසේදී ස්ථාවරව සිටින්න. ඔබ පවුල දෙවියන්වහන්සේට කැප කොට, කිතුණුවකු ලෙස කථා කරන්න. ක්‍රියා කරන්න. ඔබ ගුරුවරුන් බැව් සිත්හි තබාගෙන, නිවසේදී කාරුණිකව, ඉවසා දරාගෙන කටයුතු කරන්න. සැම මවක්ම ගුරුතුමිය වන අතර උගන්වන සැටි, නිසි ආදර්ශයක් සහ නිසි චරිත හැඩ ගැස්මක් තම දරුවන්ට ලබා දෙන සැටි ඉගෙන ගන්නා පිණිස ඇය ක්‍රිස්තුස්වහන්සේගේ පාසලේ සිසුවියක විය යුතු වන්නීය. AHS 116.5

    ආගමික උපදෙස් පමා කිරීමේ වරද: තම දරුවන් අනාගතයේදී යහපත් වෙතැයිද වයසින් වැඩෙද්දී ආගම ගැන උනන්දුවක් දක්වනු ඇතැයිද සිතමින් තම දරුවන්ට ආගමික පුහුණුව ලබා දීමේ කාර්යය නොසලකා හරින දෙමාපියෝ බරපතල වරදක් කරති. දෙමාපියෙනි, ඔබ සත්‍යය, ප්‍රේමය සහ ස්වර්ගීය ගති ගුණාංග නමැති අගනා බීජ දරුවාගේ හදවතෙහි පැල නොකල හොත් සාතන් එහි කිරඳි වපුරන බැව් ඔබට නොපෙනේද?AHS 116.6

    බොහෝ විට දරුවන් හට ආගමින් තොරව වැඩෙන්නට ඉඩ හරිනු ලැබේ. මන්ද ක්‍රිස්තියානි යුතුකම් පවරනු ලැබීමට ඔවුන් කුඩා වැඩි යැයි දෙමාපියෝ සිතති.AHS 116.7

    ආගමික කටයුතු සම්බන්ධව දරුවන්ගේ යුතුකම් පිළිබඳ කරුණු ඔවුන් පවු‍ලේ සාමාජිකයන්ව සිටිය දීම නිසි ලෙස පැකිලීමකින් තොරව තීරණය කළ යුතු වේ. AHS 117.1

    දෙමාපියෙනි, ඔබ ගන්නේ කවර ක්‍රියා මාර්ගයද? ආගමික කටයුතු වලදී ඔබගේ දරුවන් සියලු බැඳීම් වලින් මුදා තැබිය යුතුය යන අදහස ඔබ දරන්නාහුද? ළමා සහ තරුණ වියේදී ඔබ ඔවුන් අවවාද අනුශාසනාවෙන් තොරව තබන්නාහුද? එසේ නම්, ඔබ දෙවියන්වහන‍්සේ විසින් පවරන ලද වගකීම් පැහැර හරින්නහුය.AHS 117.2

    දරුවාගේ වයසට අනුව උපදෙස් සකසා ගන්න: බෙත්ලෙහෙමේ බිළිඳාණන් පිළිබඳව අගනා සත්‍යතාවය දරුවන්ට උකහා ගනු ලැබීමට හැකිවන සේ ඔවුන්ට යමක් වටහා ගැනීමට තරම් ඥාන ශක්තිය වර්ධනය වූ වහාම දෙමාපියන් යේසුස්වහන්සේගේ කථාන්තරය කියා දිය යුතුය. දරුවන්ගේ වයසට සහ හැකියාවන්ට ගැළපෙන සේ සරල දේව භක්තියේ හැඟීම් දරුවන‍්ගේ සිත් තුළට ඇතුළ් කරන්න. යාච්ඤාව තුළින් ඔබගේ දරුවන් යේසුස්වහන්සේ වෙතට ගෙන ඒන්න. මන්ද, බස හුරුවන වයසේදීම ආගම ඉගෙන ගැනීමට හැකියාව උන්වහන්සේ ඔවුන්හට සලස්වා ඇත.AHS 117.3

    බාල වියේදී දරුවෝ දිව්‍ය අනුබලයන්ට ගෝචර වන සුළු වෙති. ස්වාමීන්වහන්සේ මෙම දරුවන් ස්වකීය විශේෂ රැකවරණය තුළ තබා ගන්නා අතර ස්වාමීන්වහන්සේගේ හික්මවීම සහ අවවාද තුළ ඔවුන් හදා වඩා ගන්නා කල්හි ඔවුහු දෙමාපියන් හට බාධාවක් නොව සහයෝගයක් වෙති. AHS 117.4

    දෙමාපියෙනි, එක්ව දහම වඩන්න: පවුලේ ආගමික වාතාවරණයක් පවත්වා ගැනීම ගැන පියා සහ මව වගකිව යුතු ‍වේ. තම පවුල් ආත්මික කටයුතු වලට කාලය නොමැති වන තරමට මව තමන් වෙත වැඩපල ගොඩ කර නොගනිත්වා. තම වැඩ කටයුතු වලදී මග පෙන්වීම සඳහා දෙමාපියන් දෙවියන්වහන්සේ යදිත්වා. උන්වහන්සේ අබියස දනින් වැටී සිට ඔවුන් තම විශාල වගකීම් පිළිබඳ සැබෑ අවබෝධයක් ලැබ ගන්නා අතර අනුශාසනා හා උපදෙස් දීමේදී කිසිදා නොවරදින තැනැනැවහන්සේට තම දරුවන් භාර කිරීමට ඔවුන්ට හැකි වෙයි.AHS 117.5

    ආත්මික ගුරුහරුකම් දීමේ සම්පූර්ණ වගකීම් පියා මව වෙත පමණක් පැවරිය යුතු නොවේ. පියවරුන් හා මව්වරුන් විසින් කරනු ලැබීමට අති විශාල කාර්යයක් තිබෙන බැවින්, විනිශ්චයේ උත්කෘෂ්ඨ විමර්ශනය සඳහා තම දරුවන් පිළියෙළ කිරීමෙහි ලා දෙදෙනාම තම පෞද්ගලික වගකීම ඉටු කළ යුතුය. AHS 117.6

    නොවෙනස්වන ජීවන රටාවක් සඳහා දරුවෝ දෙමාපියන් දෙස බලති: සැම දෙයක්ම ළමා සිතෙහි කාවදියි. මුහුණේ හැඟීම් විමසා බලන ඔවුන් හට කටහ‍ඬේ ස්වරූපය යම් බලපෑමක් ඇති කරන අතර ගති ස්වභාවයන් ඔවුන් විසින් ඉතා සමීප ලෙස අනුකරණය කෙරෙයි. සන්ඩු සරුවල් කරන, පහසුවෙන් කිපෙන සුළු මව්වරුන් හා පියවරුන් තම දරුවන්ට දෙන පාඩම් තම ජීවිතයේ යම් කාලයකදී ඔවුන්ද ලොවට දෙනු ඇත. තම ඇදහිල්ලට ගැළපෙන ‍වෙනස්නොවන ජීවිත රටාවක් දරුවන් තම දෙමාපියන් තුළ දැකිය යුතුය. වෙනස් නොවන ජීවිතයක් ගත කිරීම සහ ආත්ම දමනය කරණ කොට ගෙන, තම දරුවන්ගේ චරිත ස්වභාවයන් හැඩ ගැස්වීමට දෙමාපියන් හට පිළිවන. AHS 117.7

    විධිමත් පවුලකට දෙවියන්වහන්සේ ගරු කරන සේක: තම පවුල තුළ ප්‍රථම ස්ථානය දෙවියන්වහන්සේට දෙන, ප්‍රඥාවේ පටන් ගැන්ම ස්වාමීන්වහන්සේට භය වීම බැව් තම දරුවන්ට උගන්වන පියවරු සහ මව්වරු විධිමත්, මනාව හික්මවන ලද, දෙවියන්වහන්සේට එරෙහිව කැරලි ගසනු වෙනුවට උන්වහන්සේට ප්‍රේම කරන එමෙන් කීකරුවන පවුලක් ලොවට දක්වා ලමින් දේවදූතයන් සහ මනුෂ්‍යයන් ඉදිරියෙහි දෙවියන්වහන්සේට මහිමය ගෙන දෙන්නහුය. ඔවුන්ගේ නිවෙස් වලදී ක්‍රිස්තුස්වහන්සේ අමුත්තෙකු නොවන සේක. ඔවුන්ට උන්වහන්සේ‍ගේ නාමය ගරු පුද ලබන සුපුරුදු නාමයකි. දෙවියන්වහන්සේ රජාණන් ලෙස සැලකෙන: දහමට, බයිබලයට හා තම මැවුම්කරුවාණන්ට ගරු කිරීමට දරුවන්ට ඉගැන්වෙන නිවෙස්හි ගැවසීමට සුර දූතයෝ ප්‍රිය වෙති. මට ගරුකරන්නන් හට මමද ගරු කරන්නෙමි. යනුවෙන් දී තිබෙන පොරොන්දුව ඉල්ලා සිටීමට එවන් පවුල් වලට පිළිවන. ආගමික ස්වරූපයක් දැරීමට දෙමාපියන් තම දරුවන්ට බල නොකල යුතු මුත් ඔවුන් තම දරුවන් ඉදිරියේ සදාතන ප්‍රතිපත්තීන් ප්‍රිය උපදවන අකාරයෙන් තැබිය යුතුය.AHS 118.1

    දෙමාපියන් ස්වකීය උද්යෝගිමත් කම, කිතුණු ආචාරශීලී බව මෙන්ම මෘදු දයානුකම්පාව කරණ කොට ගෙන දරුවන්හට ක්‍රිස්තුස්වහන්සේගේ ආගම සිත් ගන්නා සුළු දෙයක් කළ යුතු මුත්, තමන් කෙරෙහි ගෞරවය සහ කීකරු කම ලැබගැන්මෙහිදී තදින් සිටිය යුතු වේ. දරුවාගේ සිත තුළ නිවැරදි ප්‍රතිපත්තීන් පිහිටුවා ලිය යුතුය. AHS 118.2

    ඇතැම් දෙමාපියන් අසමත්වන්නේ ඇයි: ඇතැම් දෙමාපියන් ආගමික ස්වරූපයක් දක්වන නමුත් දරුවන් කෙරෙන් දෙවියන්වහන්සේ ඉල්ලා සිටින කාරණාවලට තම සුව පහසුව, සැප සෙල්ලම හෝ තම නැඹුරුතාවයන් බාධාවක් නොවන ලෙස දෙවියන්වහන්සේට කීකරු කමින් සේවය කළ යුතුය යන්න ඔවුහු තමන්ගේ දරුවන් හට පෙන්වා නොදෙති. “ප්‍රඥාව පටන් ගැන්ම ස්වාමීන්වහන්සේට භය වීමය”. මෙම කරුණ ජීවිතයට හා චරිතයට ගෙත්තම් කළ යුතු වේ. අප ජීවත් වන පිණිස ස්වකීය ජීවිතය පුද කර වදාළ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව දැන ගැන්ම තුළින් ලබන සිත් වලට කාවැද්දිය යුතුය.AHS 118.3

    මේ සියල්ල කිරීමට‍ ඔබට කාලය නැතැයි දෙමාපියන් වන ඔබ සිතනු ඇත. එහෙත් ඔබ‍ගේ පවුල තුල ස්වකීය කාර්යය ඉටු කිරීමට ඔබ කාලය මිඩංගු කළ යුතුය. නැතහොත් සාතන් එම අඩු පාඩුව සම්පූර්ණ කරනු ඇත. මෙම කාර්යය කිරීමෙන් ඔබ වළකා ලන අන් සියලු කාරණා අත් හැර දමා ඔබගේ දරුවන් උන්වහන්සේගේ පිළිවෙල අනුව පුහුණු කරන්න.ලෞකික වූ ඕනෑම දෙයක් නොසලකා හරින්න, සැක සුරුවම් කමින් ජීවත්වීමෙන් සෑහීමකට පත් වන්න. ඔබගේ අවශ්‍යතාවයන් සීමා කරගන්න. එහෙත් ඔබගේද ඔබ දරුවන්ගේද ආගමික පුහුණුව නොසලකා නොහරින මෙන් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිමි. AHS 118.4