Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 13—දරුවන්ට දෙමාපියන්ගේ උරුමය

    ප්‍රවේනියේ නීතිය: දෙමාපියන්ගේ කායික හා මානසික ස්වභාවයන් ඔවුන්ගේ දරුවන් තුළ මතු වී එයි. මෙය නිසි ලෙස සිතා නොබලන කාරණාවක් වේ. දෙමාපියන්ගේ පුරුදු භෞතික නීතියට පටහැනි වන කවර විටකදී වුව, ඔවුන්ට වන හානිය අනාගත පරම්පරා තුළ යලි යලිත් සිදුවෙයි. කායික, මානසික හා සුචරිත වර්ධනය මගින් සියල්ලන්ට ක්‍රිස්තුස්වහන්සේ සමග සහායක වැඩ කරුවන් විය හැකිය. මෙය බොහෝ දුරට රඳා පවත්නේ දෙමාපියන් මතය. තමන් මෙ‍ළොවට බිහිකරනා දරුවන් ආශිර්වාදයක් වේද ශාපයක් වේදැයි යන්න විසඳිය යුතු වන්නේ දෙමාපියන්ය. එල්ලයන් උතුම් වන තරමට, මානසික හා අධ්‍යාත්මික කුශලතාවයන් උසස් වන තරමට හා දෙමාපියන්ගේ කායික හැකියාවන් දියුණු වූ තරමට, ඔවුන් තම දරුවනට දායාද කරන ජීවිතයද වඩා හොඳ වන්නේය. තමන් තුළ ඇති යහගුණ වඩවා ගැනීමෙන් දෙමාපියෝ සමාජ හැඩ ගැස්මට හා අනාගත පරපුර නංවා ලීමට හොඳ අනුබලයක් දෙති.AHS 38.1

    බොහෝ දෙමාපියෝ නොදනිති :AHS 38.2

    දෙවියන්වහන්සේගේ සමානත්වයට සාදන ලද ශරීර තුළ වූ උන්වහන්සේගේ වස්තුව රැක බලා ගැනීමට පවරනු ලැබ සිටින්නන්, දහස් සංඛ්‍යාත දෙනාගේ කායික සෞඛ්‍ය හා සුචරිතය වනසාලන මේ යුගයේ කාම මිත්‍යාචාරික හැසිරීමට එරෙහිව වැට බැඳිය යුතුය. මේ කාලයේ බොහෝ අපරාධයන්හි සැබෑ හේතු මූලය සොයා බැලුව හොත් ඒ ඉහත කාරණය පිළිබඳව සැලකිල්ලක් නොදක්වන දෙමාපියන්ගේ‍ නොදන්නා කම බැව් පෙනී යනු ඇත. සෞඛ්‍යය මෙන්ම ‍ජීවිතය පවා මෙම කණගාටුදායක නොදන්නා කමට බිලි වෙමින් පවතී.AHS 38.3

    දෙමාපියනි, යහගුණයෙන් හා ආදර්ශයෙන් ඔබ දරුවනට දිය යුතු යැයි දෙවියන්වහන්සේ පවරා වදාරණ අධ්‍යපනය ඔවුනට දීමට ඔබ අපොහොසත් වන්නෙහි නම්, එහි ප්‍රතිඑල ගැන ඔබ ඔබේ දෙවියන්වහන්සේට උත්තර දිය යුතු වන්නෙහිය. මෙම ප්‍රතිඑල ඔබේ දරුවන්ට පමණක් සීමා නොවනු ඇත. ඒවා පරම්පරා ඔස්සේ විහිද යනු ඇත. කෙතේ වැඩෙන්ට ඉඩහල එක ගොකටු පඳුරකින් කෙත පුරා ගොකටු වැඩෙන්නා සේ, ඔබේ නොසැලකිලිමත් කම නිසා ඇති වන පාප ඒවායේ අනුබලයට අසුවන සියල්ලන්ගේ විනාශයට හේතු වනු ඇත.AHS 39.1

    දෙගුණයක් වටහා ගැනීම හා ඉවසීමට හේතුව: පියවරුන් හා මව්වරුන් තම චරිත ලක්ෂණ තමන්ගේ දරුවන් තුළ දකිනු ඇත. තම දූ පුතුන් තුළ තමන්ගේම අසම්පූර්ණ කම් යලි පිළිබිඹු වනු දකිනා ඔවුන් ලැජ්ජාවට පත් වනු ඇත. නපුර කිරීමට තම දරුවන් තුළ වූ උරුම‍යෙන් ලද‍ පෙළඹවීම් නිවැරදි කිරීමට හා තුරන් කිරීමට වෙර දරනා දෙමාපියන් දෙගුණයක් ඉවසිලිවන්තව දැඩි උත්සාහයෙන් හා ප්‍රේමයෙන් යුක්තව ක්‍රියා කළ යුතු වේ. AHS 39.2

    දරුවකු තම දෙමාපියන්ගෙන් උරුම කරගත් වැරදි ගති ලක්ෂණයක් එළිදැක් වූ කල, එසේ තමන්ගේම වරද දරුවා තුළින් යලි එළි දැක්ම ගැන ඔවුන් කුපිතව ක්‍රියා කළ යුතුද? නැත, නැත. තම වැරදි තම දරුවන් තුළ යලි දක්නට නොලැබෙන පිණිස දෙමාපියන් තම සියලු රඑ පරුෂ කම් වලට එරෙහිව සැලකිලිමත් අවදියෙන් සිටීවා.AHS 39.3

    මුරණ්ඩු කුඩා දරුවන් හා කටයුතු කිරීමේදී ක්‍රිස්තුස්වහන්සේගේ මෘදු, මොළොක්කම දක්වා ලන්න. ඔවුන් ඔවුන්ගේ නොමනා හැසිරීම තම පියාගෙන් හෝ මවගෙන් ලද දායාදයක් ලෙස ලැබ සිටිනා බැව් නිතර සිහියේ තබා ගන්න. එහෙයින් ඔබගේම ගති ලක්ෂණ උරුම කොට ගෙන සිටින දරුවන් කෙරෙහි ඉවසිලිමත්ව කටයුතු කරන්න. AHS 39.4

    තම දරුවන්ට උරුමව තිබෙන වැරදි කිරීමට ඇති පෙළඹීම වෙනස් කර ලීමට හැකි ක්‍රිස්තුස්වහන්සේගේ බලය කෙරෙහි දෙමාපියන් නිසැකව විශ්වාස කළ යුතුය. AHS 39.5

    පියවරුනි, මව්වරුනි, ඉවසිලිමත් වන්න. ඔබගේ අතීත නොසැලකිලිමත්කම් බොහෝවිට කාර්යය දුෂ්කර කරවනු ඇත. එහෙත් ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි අදහා ගන්නේ නම්, උන්වහන්සේ ශක්තිය දෙනු ඇත. ඔබගේ දරුවන් සමග නුවණැතිව හා මෘදු ලෙසින් කටයුතු කරන්න. AHS 39.6