Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 45—අරපිරිමැස්ම

    ක්‍රිස්තුස්වහන්සේ අරපිරිමැස්ම උගන්වා වදාළ ආකාරය: වරක් ක්‍රිස්තුස්වහන්සේ අර පිරිමැස්ම ගැන ස්වකීය ‍ගෝලයන් හට දෙවා වදාළ පාඩමට අපගේ සැලකිලිමත් අවධානය යොමු කිරීම වටී. උන්වහන්සේගේ ඉගැන්වීමට සවන් දීගෙන සිටි දහස් සංඛ්‍යත ජනයා හට ආහාර සපයා දීමට උන්වහන්සේ ප්‍රාතිහාර්යයක් සිදුකළ සේක. එහෙත් සියලු දෙනාම සිත් සේ අනුභව කොට සෑහීමට පත් වූ පසු ඉතිරි වූ අහර කැබලි ඉවත ලනු ලැබීමට උන්වහන්සේ ඉඩ නොහැරිය සේක. ස්වකීය දිව්‍ය බලය කරණ කොට ගෙන විශාල ජනකායකට ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි කෑම සපයා දීමට හැකි වූ උන්වහන්සේ කිසිවක් අපතේ නොයන ලෙස ඉතිරි කැබලි එකතු කරන්නැයි තම ‍ගෝලයින් හට කී සේක. මෙම පාඩම ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේ ජීවත් වූවන්ට මෙන්ම අපගේද යහපත උදෙසා දෙන ලදී. ‍දේව පුත්‍රයාණන්වහන්සේ ලෞකික ජීවිතයේ අවශ්‍යතාවයන් ගැනද සැලකිලිමත් වන සේක. එවන් ආහාර සුලබතාවයක් තමන්ට රිසි කවර අවස්ථාවකදී වුව ඇති කිරීමට උන්වහන්සේට හැකිව තිබුණද උන්වහන්සේ එම මහා ආහාර මංගල්‍යයෙන් පසුව ඉතිරි වූ කැබලි ගැන සැලකිලිමත් වූ සේක.AHS 136.1

    උන්වහන්සේගේ ආත්ම පරිත්‍යාගය අනුකරණය කරන්න: මනුෂ්‍යයන් හට පැමිණෙන බලාපොරොත්තු සුන්වීම, පරීක්ෂාවන් හා දුක් වේදනා දැන හඳුනා ගැනීම පිණිස ක්‍රිස්තුස්වහන්සේ දුක් වේදනා සහ යටහත් පහත්කමේ පත්ලටම ගිය සේක. උන්වහන්සේ ස්වකීය අනුගාමිකයන්ගෙන් යන්නැයි ඉල්ලා සිටින මාවතේ තමන්වහන්සේම පිය මැන ගොස් ඇත. “යමෙකු මා අනුව එන්නේ නම්, ඔහු තම කම නසා කුරුසිය දරමින් මා අනුව එවා” යයි උන්වහන්සේ ඔවුන්ට පවසන සේක. එහෙත් නාමික කිතු‍ණුවෝ ගැළවුම් කරුවාණන් ඉල්ලා සිටින තම කම නැසීම ක්‍රියාවට නැංවීමට සැම විටම නොපෙළඹෙති. ස්වාමීන්වහන්සේට වැඩි වැඩියෙන් දීමට හැකි වනසේ තම ආශාවන් හා තෘෂ්ණාවන් ඇද බැඳ තැබීමට ඔවුහු කැමති නොවෙති. “ම‍ගේ පවුලේ උදවියට තිබෙන්නේ ඉතා අධික ලෙස මුදල් වැය වන රුචිකත්වයන්. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට හරි වියදමක් යනවා”. යයි යමෙකු කිව හැක. මින් පෙන්වනු‍යේ ඔහුද ඔවුන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයෙන් පෙන්වාලු අරපිරිමැස්මෙහි පාඩම උගත යුතු බවය. AHS 136.2

    ආත්මාර්ථකාමී, සුඛෝපභෝගී ආශාවන් පිනවීමට පරීක්ෂාව සැමට එන මුත් ජීවනයේද මහිමයේද ස්වාමීන්වහන්සේ මෙලොවට පැමිණ වදාළේ මනුෂ්‍යයන් හට ආත්ම පරිත්‍යාගයේ පාඩම ඉගැන්වීමටය යන කරුණ අපි මතක තබා ගනිමු. AHS 137.1

    තමන් උදෙසා පමණක් ජීවත් නොවන්නන් තම සැලසුම් කළ අවශ්‍යතාවයන් සහ සුව පහසු කම් සපයා ගැනීමට සැම රුපියලක්ම වැය නොකරන අතර ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් බවද ආහාරපාන සහ ඇඳුම් පැළඳුම් ඇවසිව ඇති තවත් අයවලුන් සිටිනා බවද සිහියේ තබා ගනු ඇත. AHS 137.2

    පිරිමැසිය යුතු ඇයි: අරපිරිමැස්ම සහ ආත්ම පරිත්‍යාගයේ පාඩම් ඉගෙන ගැනීම මගින් දෙවියන්වහන්සේගේ මෙහෙයට සහය දීමට තරුණ තරුණියන් හට ලැබෙන භාග්‍යය පිළිබඳව ඔවුන්ට බොහෝ දේ පැවසිය හැකිය. තමන් සැප සෙල්ලමෙහි ගැලී සිටිය යුතු බවත් ඒ පිණිස තමන්ගේ මුලු ආදායම වැය වන ආකාරයේ ජීවිතයකට හැඩ ගැසිය යුතු බවත් බොහෝ දෙනා සිතති. මේ සම්බන්ධව අප වඩාත් කල්පනාකාරීව ක්‍රියා කිරීම දෙවියන්වහන්සේගේ අපේක්ෂාව වන්නේය. AHS 137.3

    ඇති පමණට කන්ට බොන්ට අදින්ට පළදින්ට තිබීමෙන් තෘප්තියට පත්ව සිටිනා විට අපි අපටම එරෙහිව පව් කර ගනිමු. අප ඉදිරියෙහි මීට වඩා උසස් යමක් දෙවියන්වහන්සේ තබා ඇත. අපගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉවත ලා දෙවියන්වහන්සේගේ මෙහෙයේ කාර්යයට හදවතේ සහ මනසේ බල ශක්තීන් කැප කරන්ට කැමතිවන කල, අප මනුෂ්‍යයන් හට ආශීර්වාදයක් බවට පත් කරවමින් ස්වර්ගීය දූතයන් අප හා සහයෝගයෙන් ක්‍රියා කරනු ඇත. AHS 137.4

    දිළිඳු වුවද, වැඩට කැමති, සැක සුරුවම සහිත තරුණයාට දෙවියන්වහන්සේගේ කාර්යය ‍සඳහා යම් මුදලක් ඉතිරි කළ හැකි වෙයි. AHS 137.5

    සත පහ දහය ගැන සැලකිලිමත් වන්න: අනවශ්‍ය දේ මිලට ගනිමින් ඔබගේ කාසි නාස්ති නොකරන්න. මෙම කුඩා කාසි වලින් ඵලක් නැතැයි ඔබ සිතුවද ඒවා එකතු වූ විට ලොකු මුදලක් වෙනු ඇත. ඇඳුමට පැළඳුමට ආත්මාර්ථකාමී සැප සෙල්ලමට, අනවශ්‍ය දෙයට වැය කෙරෙන මුදල් වෙනුවෙන් හැකි නම් අප අයදිනු ඇත. දිළිඳුකම විවිධාකාරයෙන් සැම අයෙකුටම ඇත. දෙවියන්වහන්සේ හැකි සෑම අයුරකින්ම මනුෂ්‍යයන්ගේ දුක් වේදනා තුරන් කර ලීම අපගේ යුතු කම කොට නියම කර ඇත.AHS 137.6

    ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනග කල්පනාශීලීව සහ අනුන් කෙරෙහි සැලකිලිමත්ව සිටිනවාට කැමතිවන සේක. ඔවුන් සියල්ලෙහිදී අරපිරිමැස්ම ඉගෙන කිසිවක් නාස්ති නොකිරීම උන්වහන්සේගේ අපේකෂාවය. AHS 138.1

    සත පනහනෙ රුපියලනෙ යනුවෙන් සිතමින් අනවශ්‍ය දෙයට දිනපතා වැය කරන මුදල සුළු සේ පෙනෙයි. එහෙත් එම සුළු මුදල වසරේ දවස් ගණනින් වැඩි කළ විට, වසරින් වසර ගතවෙද්දී දක්නට ලැබෙන එකතුව විශ්වාස කළ නොහැකි තරම් වනු ඇත.AHS 138.2

    ප්‍රතිපත්තියට අනුව සැක සුරුවම පුරුදුවන්න: දෙවියන්වහන්සේගේ සේවය පවත්වා ගැනීමටත් ලෙඩින් දුකින් පෙළෙන සහ නැති බැරි අයවළුන්ට සහනය ලැබ දීමටත් මුදල් ආධාර ඉල්ලා කෙරෙන ඉල්ලීමට ප්‍රතිචාරය දැක්වීමට නොමසුරුවන්නෝ තම ව්‍යාපාරික කළමනාකරණයේදී අනුවණ ලෙස තම මුදල් නාස්ති කරන්නන් නොවෙති. ඔවුහු සැම විටම තම වැය ස්වකීය ආදායම් සීමා තුළ පවත්වා ගැනීමට සැලකිලිමත් වෙති. ප්‍රතිපත්තියට අනුව සැක සුරුවමට පෙළඹී සිටින ඔවුහු අන්‍යයන්ට යම් මුදල් ආධාර දීමට හැකිවන‍සේ යමක් ඉතිරි කිරීම තම යුතුකම කොට සලකති.AHS 138.3