Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 41—දික්කසාදය

    ජීවිතාන්තය දක්වා ගිවිසුමක්: යොවුන් සිත තුළ විවාහය යනු ප්‍රේමාන්විත හැඟීමෙන් දැවටී ගත් දෙයකි. මෙම බොළඳ හැඟීමෙන් මුදා විවාහ පොරොන්දුවේ භාරදූර වගකීම් තරුණ සිතට කාවැද්දීම අසීරුය. මරණයේ හස්තයෙන් හැර අන් කිසිවකින් වෙන් නොකළ යුතු බැඳීම් මගින් දෙදෙනෙකුගේ ඉරණම මෙම පොරොන්දුවෙන් එකට යා කෙරෙයි.AHS 124.1

    විවාහය ජීවිත කාලය උදෙසා ගන්නා පියවරක් බැවින් සැම විවාහයක්ම ඉතා හොඳින් සැලකිල්ලට ගත යුතු වේ. දෙදෙනා ජීවත් වන තුරා ජීවිතයේ දුක සැප තුළින් එකිනෙකා හට බැඳී සිටීමට තමනට හැකි වේදැයි පුරුෂයා සහ ස්ත්‍රිය යන දෙදෙනාම ඉතා සැලකිලිමත්ව සිතා බැලිය යුතු වේ.AHS 124.2

    විවාහය පිළිබඳ වැරදි මත: යුදා ජාතිකයින් අතර ඉතා සුළු වැරදි වලදී පවා තම බිරිඳ අත් හැර දැමීමට අවසර තිබූ අතර එවිට යලි විවාහයක් කර ගැනීමට එම ස්ත්‍රියට නිදහස තිබිණි. මෙම චාරිත්‍රය ඉමහත් කාලකන්නිකමට සහ පාපයට මං පෑදීය. විවාහ පොරොන්දුවට එරෙහි ක්‍රියා කිරීම නිසා හැර විවාහය අන් අන් කිසි අයුරකින් නොබිදේ යැයි කන්ද උඩ දේශනාවේදී යේසුස්වහන්සේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ සේක: “වේශ්‍යා කමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත් හරින කවරෙකු නමුත් ඇය කාම මිත්‍යාචාරයට පමුණුවන්නේය. යමෙකු අත් හරිනු ලැබූ ඇය විවාහ කර ගන්නේ නම් ඔහුත් කාම මිත්‍යාචාරය කරන්නේය”.AHS 124.3

    යෙසුස්වහන්සේ අපගේ ලෝකයට පැමිණියේ මෙම වැරදි නිවැරදි කොට මනුෂ්‍යයා තුළ දෙවියන්වහන්සේගේ සදාචාරාත්මක ස්වරූපය යලි සිටුවාලීමටය. ඉශ්‍රායෙල් ගුරුවරුන්ගේ සිත් තුල විවාහය පිළිබඳ වැරදි මත මුල් බැසගෙන තිබිණි. ඒවා විවාහය නැමති ශුද්ධ සංස්ථාව කිසිඳු වැදගැම්මකට නැති දෙයක් බවට පත්කොට තිබුණේය. මිනිසා කොතරම් තද සිතැතිව සිටියේද කිවහොත් ඉතා සුළු කරුණකදී වුව හේ බිරිඳගෙන් වෙන්වු අතර ඇතැම් විට ඇය දරුවන්ගෙන් පවා වෙන්කොට නිවසින් පන්නා ගත්තේය. නෙරපුම ලැබූ තැනැත්තියට මෙය ඉමහත් නිග්‍රයක් සේ සලකුණු ලැබුවාක් මෙන්ම බොහෝ විට වඳිය නොහැකි තරම් චිත්ත වේදනාවක්ද ගෙන දුනි. AHS 124.4

    මෙම සාපරාධි ක්‍රියාවන් නිවැරදි කිරීමට ක්‍රිස්තුස්වහන්සේ පැමිණි අතර උන්වහන්සේ‍ගේ පළමු ප්‍රාතිහාර්යය විවාහ මංගල්‍යකදී සිදුකර වදාල සේක. පිවිතුරුව නොකිලිටිව තබ ගන්නා විට විවාහය පූජනීය සංස්ථාවකැයි උන් වහන්සේ ප්‍රකාශ කල සේක. AHS 125.1

    දික්කසාද වීමට සිතනා අයෙකුහට උපදෙස්: විවාහ සබඳතාවය සම්බන්ධව ඔබ දරණ මත වැරදි සහගතය. අයුතු සබඳතාවයට හැර විවාහ ගිවිසුම කැඩීමට අන් කිසිවකට බැරිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ස්ථිරසාර, නොසැලෙන ඇදහිල්ල තුළ හැර අන් කිසිවක් තුල ආරක්ෂාවක් නොමැති අනතුරුදායි කාලයක අපි වසනෙමු. අවදිව සිට යාච්ඤා ‍නොකල හොත් සාතන්ගේ උපක්‍රම තුලින් දෙවියන්වහන්සේ වෙතින් ඉවතට නොයන හදවතක් නැත.AHS 125.2

    ඔබගේ සිත සාමකාමීව, විවේකිව තිබිණී නම් ඔබගේ සෞඛ්‍ය වඩා බෙහෛවින් යහපත් වන්නට ඉඩ තිබිණි. එහෙත් සිත ව්‍යාකූලව අසම තුලිත වූ අතර දික්කසාද වීම සම්බන්ධයෙන් ඔබ කරුණු දැක්වූයේ වැරදි අන්දමටය. ඔබ කරුණු දක්වාලන ආකාරයට ඔබගේ මත සනාථ කළ නොහැකිය‍. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මග හැර සිටීමට සහ තම ආශාවන් පිනවීමට තමනට ගැළපෙන සේ නීති රීති තනාගන්ට මනුෂ්‍යයන්ට නිදහස දී නැත. ඔහුවු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙහි සදාචාරාත්මක ප්‍රමිතිය වෙත ආයුතු වෙති. AHS 125.3

    සැමියෙකුට තම බිරිඳ අත් හැර දැමීමට හෝ බිරිඳකට තම සැමියා අත් හැර දැමීමට දෙවියන්වහන්සේ දී වදාළේ එකම හේතුවක් පමණකි. එනම් අනාචාරයේ හැසිරීමය. මෙම කරුණ යාච්ඤාවෙන් යුතුව සැලකිල්ලට ගනිත්වා. AHS 125.4

    අත්හැර දමනු ලැබූ සැමියකු හට: මේ සම්බන්ධව තව කුමක් කල යුතු දැයි මට නොපෙනෙන අතර මට සිතෙන අයුරු ඔබට කල හැකි එකම දෙය නම් ඔබගේ බිරිඳ අත්හැර දැමීමය. ඔබ සමග ජීවත් නොවීමට ඇය එලෙස අධිෂ්ඨාන කොට ගෙන සිටීනම්, ඔබ මෙන්ම ඇයද එකට ජීවත් වීමට උත්සාහ ගැනීමෙන් වනුයේ තම ජීවිත කාලකන්නි කර ගැනීම පමණකි. ඇය තරයේ තම නිගමනයට බැස ගෙන සිටින විට ඔබට කල හැකි එකම දෙය වනුයේ තම කුරුසයට කරදී ඔබ පිරිමියෙකු බැව් පෙන්වීම පමණය.AHS 125.5

    දික්කසාද වූ මුත් දෙවියන්වහන්සේට පෙනෙන අයුරු තවමත් විවාහ වී සිටී: දේශයේ නීතියට අනුව කාන්තාවක තම සැමියාගෙන් නීත්‍යානුකූව දික්කසාද වුවද ඇය දෙවියන්වහන්සේ ඉදිරියෙහිදී ද වඩා උසස් නීතිය වන ව්‍යවස්ථාවට අනුවද දික්කසාද වී නොසිටින්නීය. දෙවියන්වහන්සේ ඉදිරියෙහි පුරුෂයෙකුට හා ස්ත්‍රියකට විවාහ ගිවිසුමෙන් මිදී සිටීමට හැකි තත්ත්වයට පත් කරවන එකම පාපය අනාචාරයේ හැසිරීම පමණකි. දේශයේ නීතිය දික්කසාදයට අනුමැතිය දුන්නද බයිබලයේ ඉගැන්වීමට අනුවද ඔවුහු තවමත් ස්වාමිපුරුෂයා සහ භාර්යාව වන්නාහුය.AHS 126.1