Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 16—පවුලේ ඇසුර

    ඔබ දරුවන් දැන හඳුනා ගන්න: ඇතැම් දෙමාපියන් තම දරුවන් වටහා නොගන්නා අතර ඔවුන් හරියාකාරව දැන හඳුනාගෙනද නැත. බොහෝ විට දෙමාපියන් සහ දරුවන් අතර විශාල පරතරයක් පවතී. දෙමාපියන් තම දරුවන්ගේ හැගීම් වඩා හොඳින් අවබෝධකරගෙන ඔවුන්ගේ සිතුම් පැතුම් කවරේ දැයි දැන ගන්නවා නම්, ඉන් ඔවුනට ඵලදායී අනුබලයක් ලැබෙනු ඇත. තම දරුවන් නිසි මග ගෙන යනු පිණිස, ඔවුන්ගේ ‍ප්‍රේමය හා විශ්වාසය දිනා ගත හැකි හොඳම සහ ඉතාම සාර්ථක ක්‍රමය කවරේදැයි දෙමාපියන් සොයා බැලිය යුතුය. දෙමාපියන් ප්‍රේමයේ හිරු එළිය පවුල වෙත පරාවර්ථනය කළ යුතු වේ.AHS 47.1

    දිරි දීම හා පැසසීම: බාල වියේ දරුවන් ඇසුරට ප්‍රිය වන අතර තනිවම සෙල්ලම් කිරීමට ‍පෙළඹෙනුයේ කලාතුරකිනි. මෘදු දයානුකම්පාව ලැබ ගැනීමට ඔවුහු ආශාවෙති. තමන් රස විඳිනා දෙයින් තම මවද සතුටට පත් වේ යැයි සිතනා මොවුන් තමන්ගේ සතුට මෙන්ම දුකද පැවසීමට මව වෙත යාම ස්වභාවිකය. තමාට සුළු දේ යැයි පෙනුණද මොවුන්ට ඉතා වැදගත් වන කාරණා කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීමෙන් මව ඔවුන්ගේ සංවේදී සිත් නොරිදවිය යුතුය. ඇයගේ දයානුකම්පාව සහ පිළිගැන්ම දරුවන්ට ඇති අගනේය. අපූරුයි යැයි අගවන බැල්මක්, දිරිගන්වන හෝ පසසන වදනක් බොහෝවිට ඔවුන්ගේ මුළු දවසම ප්‍රීතිමත් කරවමින් සිතට හිරු එළිය ගෙන දීමට සමත්වේ.AHS 47.2

    දෙමාපියන් දරුවාගේ රහස් රැක ගන්නන් විය යුතුය: දෙගුරුන් තුළ විශ්වාසය තබමින් තම සිත් වේදනා, දිනපතා අත් දකින්ට වන හිරි හැර, පරීක්ෂා ආදිය නොපැකිලිව පැවසීමට ඔවුන් තම දරුවන් දිරි ගැන්විය යුතුය.AHS 48.1

    කාරුණිකව ඔවුන්ට උපදෙස් දෙමින් ඔවුන් ඔබගේ සිතට බැඳ තබා ගන්න. ළමා විය දරුවන් හට දුෂ්කර කාලයකි. ඔවුන් බැඳ තබා ගන්න. ළමා විය දරැවන් හට දුෂ්කර කාලයකි. ඔවුන් ඔබෙන් ඈත් කර වීමට නොයෙකකුත් අනිසි බලපෑම් ඔවුන්ට පැමිණෙන අතර ඔබ ඊට එරෙහිව ක්‍රියා කළ යුතු වේ. ඔවුන්ගේ පීඩාවද සතුටද ඔබ සවනට කොඳුරා පවසන්ට ඔවුනට ඉඩ හරින්න. AHS 48.2

    දරුවන් තම දෙමාපියන් හා සමග ඉතා කළුපගව සිටී නම් ඔවුන් බොහෝ නපුරු දෙයින් ගැළවෙනු ඇත. දෙමාපියන් සමග විවෘතව සිටීමටත්, තම දුෂ්කර අවස්ථාවන්හිදී දෙමාපියන් වෙත පැමිණීමටත්, හරිමග තෝරා ගන්ට බැරිව ව්‍යාකූල වූ විට පැමිණ උපදෙස් ලැබ ගැනීමටත් දෙමාපියන් තම දරුවන් තුළ යම් පුරුද්දක් දිරි ගැන්විය යුතුය. AHS 48.3

    දේව භය භක්තියෙන් යුත් දෙමාපියන් ලෙස දරුවන් පත් වන්ට යන අනතුරු දැක ඒවා පෙන්වා දීමට මනාව සෑදී සිටින්නෝ කවරහුද? තමන්ගේ මෙන්ම තම දරුවන්ගේ ශුවිශේෂ ගති පැවතුම් වටහා ගන්ට හැකි කාටද? බිළිඳු වියේ සිට දරුවන්ගේ මනසේ සැම යොමු වීමක්ම බලා සිටි එලෙස ඔවුන්ගේ ස්වභාවික පැවැත්ම අවබෝධ කර ගත් මව ඔවුන්ට උපදෙස් දීමට ඉතාම හොඳින් සුදුසුකම් ලැබ සිටින්නිය වන්නීය. දරුවාගේ චරිතයේ කවර ගති ලක්ෂණ මැඩලිය යුතු දැයි පියාගේ සහය ඇතිව සොයා බලන මව මෙන් ඒ දෙය කළ හැකි වෙන කා හටද?AHS 48.4

    ඔබේ දරුවන් කිසි දිනක නොසලකා නොහරින්න: “දැන් වෙලා නැහැ” පියා කියයි : “මගේ ළමයි පුහුණු කරන්ට මට වෙලා නැහැ”. ඔවුන් සමග සෙල්ලම් කරන්න විනෝද වෙන්න මට වෙලා නැහැ”. එවැන්නකු පවුලක වගකීම භාර නොගත යුතු වේ. ඔවුන්ට අයත් කාලය ඔවුන්ගෙන් වළකා ලන ඔබ පියෙකු වශයෙන් තමන් වෙතින් ඔවුන් ලැබිය යුතු අධ්‍යාපනය ඔවුන්ගෙන් සොරා ගන්නෙහිය. ඔබට දරුවන් සිටීනම්, ඔවුන්ගේ චරිත වර්ධනයෙහි ලා මව සමග එක්ව ඔවුන් උදෙසා කිරීමට ඔබට කාර්යයක් ඇත.AHS 48.5

    “මගේ ළමයි එක්ක ඉන්න මට වෙලාවක් නැහැයි” කීම බොහෝ මව් වරුන් නගන විලාපයකි. එසේ නම් කිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබගේ ඇඳුම් පැළඳුම් ගැන අඩුවෙන් කාලය ගත කරන්න. හැකිනම් ඔබ ඇඳුම් ආයිත්තම් ඔප කිරීම නොසලකා හරින්න. කථා බහට වැය වන කාලය කපා හරින්න. අනවශ්‍ය අමතර ආහාර පානාදිය පිළියෙල කිරීම නවත්වන්න. එහෙත් කිසිදාක ඔබගේ දරුවන් නොසලකා හරින්න එපා. හොඳ වී හා සලකා බලන විට බොල් වී වල කවර අගයක්ද? ඔබත් ඔබගේ දරුවන්ගේ යහපතත් අතරට ඒමට කිසිවකට ඉඩ නොදෙන්න. ‍බොහෝ කාරණා කටයුතු හිසට ගෙන සිටින මව්වරු ඇතැම් විට තම දරුවන්ට ඉවසිලිවන්තව උපදෙස් දීමට හා ඔවුනට ආදරය, දයාව පෙන්වීමට තමන්ට කාලය මිඩංගු කල නොහැකි යැයි සිතති. එහෙත් දයානුකම්පාව හා ඇසුර‍ට දරුවන් තුළ ඇති ආශාව තම දෙමාපියන්ගෙන් හා නිවසින් නොලද හොත් දරුවන් තම සිත හා චරිතය යන දෙකම අනතුරට පාත්‍ර කරවන වෙනත් අංශයන් වෙත නැඹුරු වන බැව් ඔවුන් මතක තබා ගත යුතුවේ. AHS 49.1

    වැඩත් සෙල්ලමත් දරුවන් සමගින්: ඔබගේ විවේක කාලයෙන් කොටසක් දරුවන් වෙනුවෙන් කැප කරන්න. ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඔවුන් හා වැඩ පල කරමින්, ක්‍රීඩා කරමින් කාලය ගත කරන්න. ඔවුන් හා මිතුරු කම වඩවා ගන්න. දෙමාපියන් සවස් කාලය තම පවුලේ උදවිය හා ගත කරත්වා. දවසේ වැඩ කටයුතු සමගින් සිතේ සියලු බරද පසෙකට ලන්න.AHS 49.2

    පරපුරේ විවරය පටු කිරීම: තම දරුවන් හෝ සිසුන් සමග නිසි සමාජීය ඇසුරකට පත් වීමට අපොහොසත් වන, ඔවුන්ට නියෝග හා විධාන පමණක් කරන දෙමාපියන් හා ගුරුවරුන් කරනුයේ ඉතා අනතුරුදායී දෙයකි. තම දරුවන් හා සිසුන්ගේ සිත් දිනා ගත නොහැකි, තදබල අකාරුණික අයුරින් ස්වකීය අධිකාරී ‍බලය පවත්වා ගන්නා වූ මොවුහු දුරස්තරව සිටිති. ‍ඔවුන් දරුවන් ළං කර ගෙන, ඔවුන්ට තමන් ප්‍රේම කරන බැව් පෙන්වමින් ඔවුන්ගේ සියුලු කටයුතු වලදී මෙන්ම ඔවුන්ගේ කෙළි සෙල්ලම් කෙරෙහිත් උනන්දුවක් පෙන්වාලුව හොත්, ඔවුන් තම දරුවන් ඉතා සතුටින් තබන අතර දරුවන්ගේ ආදරය හා විශ්වාසය ද දිනා ගැනීමට සමත් වනු ඇත. දරුවන්ද තම දෙමාපියන් හා ගුරුවරුන්ගේ අධිකාරී බලයට ප්‍රිය වෙමින් ඊට ගරු කරනු ඇත.AHS 49.3

    දෙමාපියන් හා දරුවන් අතර ලෙන්ගතු කම මිලින වීමට හා දුරස්තරකමට තුඩු දෙන කිසිදු බාධාවකට ඉඩ තැබිය යුතු නොවේ. දරුවන්ගේ සිතුම් පැතුම් වටහා ගන්ට වෙහෙසෙමින් ඔවුන්ගේ හැගීම් තුළට ඇතුළ්ව ඔවුන්ගේ සිත්හි වන දෑ දැනගනු පිණිස දෙමාපියන් තම දරුවන් දැන හඳුනා ගනිත්වා.AHS 49.4

    දෙමාපියනි, ඔබ ඔබේ දරුවන්ට ප්‍රේම කරන බවත් ඔවුන් සතුටින් තැබීමට ඔබට කළ හැකි සියල්ල කරන බවත් ඔවුනට දකින්ට සලස්වන්න. ඔබ එසේ කරනවානම්, ඔවුන් කෙරෙහි ඔබ පනවන ඇතැම් තහංචි කෙරෙහි ඔවුන් වඩාත් ගරු කරනු ඇත. ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිතරම දකිතියි යන්න මතක තබා ගනිමින් ඔබගේ දරුවන් මෘදු දයානුකම්පාවෙන් යුතුව පාලනය කරන්න. දෙවියක්වහන්සේ ඔබ දරුවන්ගේ දේව දූතයන්ට පවරා වදාරා ඇති කාර්යය ඔවුන් ඉටු කරනවාට ඔබ ආශාවන්නෙහි නම් තම කොටස ඉටු කරමින් ඔවුන්ට ඔබගේ සහයෝගය දෙන්න. AHS 49.5

    සැබෑ නිවසක ඥානාන්විත හා ප්‍රේමනීය මග පෙන්වීම් යටතේ හදා වඩා ගනු ලැබූ දරුවන්ට ලෞකික සැප සෙල්ලම් හා ඇසුර සොයා ඉවතට ඇදී යාමට ආශාවක් ඇති නොවේ. නපුරු දේ ඔවුන් ආකර්ෂණය කර නොගනියි. නිවසේ පවත්නා යහපත් වාතාවරණය ඔවුන්ගේ චරිතයන්ට බලපානා අතර ලොවෙහි තම ස්ථානය ගැනීමට ඔවුන් නිවසේ සෙවන වෙතින් බැහැරට යන කල පැමිණිය හැකි පරීක්ෂාවන්ට එරෙහිව සිටිය හැකි ප්‍රබල ප්‍රතිපත්තීන් හා පුරුදු ඔවුන් තුළ වැඩෙනු ඇත.AHS 50.1