Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 55—සමාජීය කටයුතු වලදී මගපෙන්වීම

    සියල්ල මැඩලන්ට තරම් සමත් නරක අනුබලයන්: අප දරුවන් අවට ඇති නරක අනුබලයන්, සියල්ල මැඩ ජයගන්‍ට තරම් බලවත්ව ඇත. එය ඔවුන්ගේ සිත් දූෂ්‍ය කොට ඔවුන් විනාශය කරා යොමු කරවයි. තරුණ වියේ දරුවන්ගේ සිත් ස්වභාවයෙන්ම අනුවණ කමට බරවන අතර, ඔවුන්ගේ චරිත හැඩගස්වෙන්ටද තීරණ ගැනී‍මේ ශක්තිය මෝරන්ටද පෙර, අඩු වයසේදීම තමනට හානිකර අනුබලයක් දක්වන මිතුරන් හා ඇසුරට ඔවුහු නිතර කැමැත්තක් දක්වති.AHS 163.1

    රට සෑම තැන සිටින දෙමාපියන් ඇමතීමට හැකි නම්, හිත මිතුරන් තෝරා ගැනීමේදී දරුවන්ගේ කැමැත්තට ඉඩ නොදෙන ලෙස දෙමාපියන්ට අවවාද කිරීමට මම කැමැත්තෙමි. දිව්‍යමය හැඟීම් වලට වඩා, හානිකර හැඟීම් ඉතා පහසුවෙන් දරුවන් උකහා ගන්නා බැවින් අනුග්‍රහය වර්ධනය වීමට සහ දේවවචනයෙහි එළිදරව් වී තිබෙන සත්‍යය ඔවුන්ගේ සිත්හි මුල් බැස ගැනීමට ඔවුන්ගේ ඇසුරු කිරීම් ඉතා හිතකර ඒවා විය යුතුය.AHS 163.2

    යොවුන් වියේ දරුවන් ඔවුන්ට ඉතාම හිතකර වාතාවරණයන්හි තැබිය යුතු වේ. මන්ද ඔවුන්ගේ මිතුරු ඇසුර, අනුගමනය කරන ප්‍රතිපත්තීන්, එල්බගන්නා පුරුදු ආදිය මෙලොව ඔවුන්ගේ ප්‍රයෝජනවත් භාවයද නොවරදින සුළු නිසැක කමින් යුත් මතු ජීවිතයද තීරණය කරනු ඇත.AHS 163.3

    අභිමත නිදහසේ බියකරු කම: දෙමාපියනි, ඔබගේ දු පුතුන් නිසි ලෙස රැකවරණයවී නැත. ඔබගේ දැන ගැන්ම හා අවසරයෙන් තොරව, රිසි පරිදි නිවසින් බැහැර යන්ට හා එන්ට ඔවුනට කිසි දිනක ඉඩ දිය යුතු නොවේ. මෙම ව‍යසේ දරුවන්ට දෙන ලද අසීමිත නිදහස දහස් සංඛ්‍යාත දරුවන්ගේ විනාශයට හේතු වී ඇත. රාත්‍රී කාලයේදී විථිවල ගැවසෙන්ට දරුවන් කී දෙනෙකු හට ඉඩ හැර තිබේද? දෙමාපියෝ තම දරුවන්ගේ හිත මිතුරන් ගැන සොයා නොබලා සිටීමට වඩාත් කැමති වෙති. බොහෝ විට නොමගට යොමු කරවන අනුබලයන් පමණක් දෙන මිතුරෝ තෝරා ගනු ලබති. රාත්‍රී කාලයේදී නිවසින් බැහැරව සිටිය හොත් ඔබගේ දුවට සහ පුතාට ඒ ගැන උත්තරදීමට කැඳවිය යුතුය. තම දරුවන් කවුරු කවුරුන් ඇසුරු කරයිද ඔවුන් තම සන්ධ්‍යා කාලය කවුරුන්ගේ නිවසේ ගත කරයි දැයි දෙමාපියෝ දැන සිටිය යුතු වෙති. සමහර දරුවෝ තමන්ගේ වැරදි ක්‍රියා මාර්ග එළිදරව් වීම වළකනු වස් තම දෙමාපියන් රවටති.AHS 163.4

    වගා නොකළ කෙතක වල් පැළෑටි රජ කරයි: තම විනෝදාංශ, මිතුරන් හා වැඩ කටයුතු තෝරා ගැනීමට බොහෝ අවස්ථාවලදී දෙමාපියෝ දරුවන්ට නිදහස දෙති. එහි ප්‍රතිඵලය සාධාරණ ලෙස බලාපොරොත්තු විය හැකි දේ වනු ඇත. කෙතක් වගා නොකර අත් හැරිය හොත්, එහි කටු හා ගොකටු වැඩෙයි. අශෝබන, විෂ සහිත වල් පැළෑ‍ටි අතරින් පියකරු මලක් හෝ හොඳ පැලෑටියක් නැගී එනු ඔබ කිසි කලෙක නොදකිනු ඇත. නොවටිනා කටු පැලයක් කිසිදු සාත්තුවකින් තොරව හොඳින් වැවෙන මුත්, භාවිතය හෝ අලංකාරකම පිණිස අගය කෙරෙන පැලයකට හොඳ සාත්තුවක් අවශ්‍ය වෙයි.AHS 164.1

    අපගේ යොවුන් දරුවන් පිළිබඳවත් එය එසේම වේ. හොඳ පුරුදු ඇති කරවන්ටත් හොඳ ප්‍රතිපත්තීන් පිහිටුවන්ටත් අවශ්‍ය නම්, දැඩි උවමනා කමින් කළයුතු කාර්යයක් ඇත. වැරදි පුරුදු නිවැරදි කිරීමට නම්, ඒ සඳහා සැබෑ උනන්දුව සහ අප්‍රතිහත ධෛර්යය අවශ්‍ය වෙයි.AHS 164.2

    ස්ථිර ලෙස එහෙත් කාරුණිකව වළකාලීම: තම දරුවන්ගේ අනිසි නැඹුරුවීම් වලට දෙමාපියන් එකඟතාවය නොදැක්විය යුතු අතර දෙවියන්වහන්සේ පෙන්වා දී තිබෙන සරල ක්‍රියා මාර්ගය අනුව කාරුණිකව ඔවුන් වළකා ලමින්, අධිෂ්ඨානයෙන් හා ස්ථිර කමින් මෙන්ම ප්‍රේමයෙන් යුතුව ඔවුන්ගේ වැරදි ආශාවන් ප්‍රතික්ෂේප කරමින්, ජ්වලිත යැදුමින් යුත් ආරක්ෂක ප්‍රයත්නයන් මගින් ඔවුන්ගේ පියමන් ලොවෙන් ඉහළ වු ස්වර්ගය කරා යොමු කළ යුතු වේ. තමන් නැඹුරු වන මාර්ගයන්ට පාවී ගොස්, හරි මාර්ගයෙන් ඉවතට යොමු කරන, සෑම දෙසින්ම විවෘතව පවතින මාවත්වලට ඇතුළ්වීමට දරුවන්ට ඉඩ නොදිය යුතු වේ. කිසි අනතුරකට බිය නැති, අනතුරු ඇඟවීම හා උපදෙස් නුරුස්සන දරුවන් සිටිනා භයානක තත්ත්වය වැනි අවදානමක සිටිනා වෙනත් කිසිවෙකු නැත.AHS 164.3

    ඔබගේ දරුවන්ට උගන්වන්න: පරීක්ෂාවන් සහ අනතුරු බලාපොරොත්තු වන්ටත් දුෂ්කරතාවයන්ට මූණපාන්ටත් සූදානම් වීමට හැකිවන සේ දරුවන්ට දැනීම හා පුහුණුව ලබා දිය යුතු වේ. ආත්ම දමනය ඇතිව සිටින්ටත් උතුම් ලෙස දුෂ්කරතාවයන් ජය ගන්ටත් ඔවුන්ට ඉගැන්විය යුතුය. ඔවුන් කැමැත්තෙන්ම අනතුරු කරා නොගොස්, අනවශ්‍ය ලෙස පරීක්ෂාවන්ට නිරාවරණය නොවුව හොත්, අහිතකර අනුබලයන්ද නරක ඇසුරද මගහැර සිටිය හොත්, ඉක්බිතිව වැළැක්විය නොහැකි ලෙසින් ඔවුන්ට අනතුරුදායී ඇසුරකට පත්වන්ට සිදුවුවද හරිදේ කෙරෙහි ස්ථිරව සිටීමටත් ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමටත් ඔවුනට චරිත ශක්තිය ලැබෙනු අති අතර ඔවුන් නිර්මළ සුචරිතයෙන් යුතුව දෙවියන්වහන්සේගේ ශක්තියෙන් පෙරළා පැමිණෙනු ඇත. නිසි ලෙස පුරුදු පුහුණු කරනු ලැබූ යොවුන් වියේ දරුවන් දෙවියන්වහන්සේ තම ශක්තිය කර ගත හොත්, ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තීන් අති බලවත් පරීක්ෂාවට එරෙහිව සිටීමට පවා ප්‍රමාණවත් වනු ඇත.AHS 164.4