Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 44—පවුලේ මූල්‍ය ප්‍රතිපත්තීන්

    ආශීර්වාදයක් හෝ ශාපයක්: මුදල් ශාපයක් විය යුතුම නැත. නිසි ලෙස වැය කළ හොත් එහි විශාල වටිනා කමක් තිබෙනවා මෙන්ම අපට වඩා දිලිඳු වූවන්ට පිහිට උපකාර වීම තුළින් ආත්ම ගළවා ගැනීමෙහි ලා යහපත් සේවයක් ඉටු කිරීම‍ට ඊට හැකි වේ. සැක සුරුවම් කමින් තොර වූ හෝ අනුවණ ලෙස මුදල් භාවිතය කරණ කොට ගෙන එය මුදල් වැය කරන්නා හට මර උගුලක් වන්නේය. තම අභිමානය සහ අභිලාශයන් තර කර ගැනීමට මුදල් යොදවන්නා තමාගේ මුදල් ආශීර්වාදයක් වෙනුවට ශාපයක් කර ගනියි. මුදල් මනුෂ්‍යයාගේ තෘෂ්ණාවන් පිළිබඳව තිබෙන නිරතුරු පරීක්ෂණයකි. තම සැබෑ අවශ්‍යතාවයනට උවමනා තරමට වඩා මුදල් උපයා ගන්නා කවුරුන් වුවද තම සිතුම් පැතුම් ඉටු කර ගන්ට ගොස් ස්වාමින්වහන්සේ තමන් හට භාර දී වදාළ මුදල් නාස්ති කරමින් විශ්වාසවන්ත නොවන ගබඩා කරුවකු නොවන පිණිසද තම සිත දැන ගනු පිණිසද තම සිත ජවලිතව තබා ගන්නා පිණිසද ප්‍රඥාව සහ අනුග්‍රහය සෙවිය යුතුය.AHS 132.1

    ගෘහ හිමිකම තුළ රැකවරණය: දෙවියන්වහන්සේ විසින් දෙවා වදාරනු ලැබූ අණපනත් දිගටම පවත්වා ගනු ලැබී නම්, ලෝකයේ වත්මන් තත්ත්වය සදාචාරාත්මකව, ආත්මිකව හා ලෞකිකව කෙතරම් වෙනස්ව තිබෙන්නට තිබිණිද! එසේ වී නම් දැන් මෙන් ආත්මාර්ථකාමී බව හෝ උදාරම් කම ප්‍රදර්ශනය නොකෙරෙන අතර සැම අයෙකුම අන්‍යයන්ගේ සතුට සහ ශුභ සාධනය දැක්මට රිසිවන්ට තිබිණි. ධනවතුන්ගේ පීඩාව නැමති යකඩ සපත්තුවට නිර්ධන පංතීන් පෑගී සිටිනු වෙනුවට, ලෞකික මෙන්ම ආත්මීක කාරණා සම්බන්ධව තමන් උදෙසා සැලසුම් ඇති කර ගැනීම‍ට අන්‍යයන්ගේ බුද්ධිය භාවිතා කරනු වෙනුවට, ඔවුන්ට සිතීමට හා ක්‍රියා කිරීමට යම් නිදහසක් තිබෙන්ට තිබිණි.AHS 132.2

    පැසසිය යුතු නිදහසක්: එක්තරා ආකාරයක නිදහස පැසසුමට යෝග්‍ය වේ. ඔබගේ බර දරා ගන්ට සිතීම සහ අන්‍යයන්ට අත නොපා සිටීම යහපත්ය. සවයම්පෝෂිතව සිටීමට සිත පොළඹවනුවේ උතුම් යහපත් පරමාර්ථයකිනි. ස්වඋත්සාහයෙන් වෙහෙස මහන්සිව වැඩ කිරීමේ ගති පුරුදු සහ සැක සුරුවම් කමින් කටයුතු කිරීම අත්‍යවශය වේ.AHS 133.1

    අය වැය තුළනය: තම ආදායම තුළ වැය කිරීම පාලනය කර ගන්ට බොහෝ දෙනෙකු ‍ඉගෙන ගෙන නැත. උද්ගතවන තත්ත්වයන්ට හැඩ ගැසෙන්ට ඉගෙන නොගන්නා මොවුහු නැවත නැවතත් ණයට ගැනීම නිසා ණය බරින් මිරිකී එහි ප්‍රතිඵලයක් වශයෙන් බලවත් සේ අධෛර්යයට පත් වෙතී.AHS 133.2

    වියදම් ලියා තබන්න: තමන් වෙනුවෙන් වියදම් කර ගැනීමේ පුරුදු හෝ බිරිඳ හා මව ලෙස උපක්‍රමශීලී නොවීම පවුලේ මුදල් නිරතුරුව ඉවතට ගලා යාමට හේතුවක් විය හැකි අතර තම අවශ්‍යතාවයන් සහ තම දරුවන්ගේ අවශ්‍යතාවයන් සීමා කර ගැනීමටද ගෙදර ‍දොරේ කටයුතු පිළිබඳව දැනුමක් පුහුණුවක් ලැබ ගන්ටද උගන්වනු නොලැබූ මව පවුලේ විය හියදම් සම්බන්ධව තමා ඉතා ප්‍රවේශමෙන් ක්‍රියා කරනවා යැයි සිතිය හැකිය. එහෙයින් එක් පවුලකට එම පවුල තරමටම වූ වෙනත් පවුලකට සෑහෙන ආදායම මෙන් දෙගුණයක් ආදායම අවශ්‍ය විය හැකිය.AHS 133.3

    විය හියදම් ලියා තැබීමට සියල්ලෝම උගත යුතු වෙති. සමහරුන් මෙය අනවශ්‍ය දෙයක් සේ සිතා නොසලකා හැරියද එය වැරදිය. සියලු වියදම් නිවැරදිව ලියා තැබිය යුතුය.AHS 133.4

    ඉඩ හැරීම ප්‍රේමය නොවේ: දරුවන්ගේ අහංකාරකම, සුඛෝපභෝගී කම සහ අනුන්ට පෙනෙන සේ ඇදීමට පැළදීමට දක්වන ආශාවට ඉඩදීම කරණ කොටගෙන ඔබ තුළ වූ ආදරය ඔවුන්ට පෙන්විය යුතු යැයි සිතීමට දරුවන් හුරු නොකරන්න.මුදල් වියදම් කිරීමට ක්‍රම සෙවීමට දැන් කාලයක් නැත. ඒ වෙනුවට සැක සුරුවමින් ඉතිරි කරන සැටි සොයන්න වෙහෙසන්න.AHS 133.5

    අනුවණ සැක සුරුවම: ශරීරය නොසලකා හැර හෝ ඊට අනිසි ලෙස සැලකීමෙන් එය දෙවියන්වහන්සේගේ සේවයට නුසුදුසු බවට පත් කළ විට දෙවියන්වහන්සේට ගෞරවය නොලැබී යයි. දිව පිනවන සහ සවිය ගෙන දෙන ආහාර පානාදිය සපයා දීම මගින් ශරීරය රැක බලා ගැනීම ගෙහිමියාගේ ප්‍රධාන යුතුකම් වලින් එකකි. ආහාර පානාදිය අඩු කිරීමට වඩා මිලෙන් අඩු ඇඳුම් පැළඳුම් සහ ලාභ ගෘහ භාණ්ඩ තබා ගැනීම යෙහෙකි.AHS 133.6

    ඇතැම් ගෙහිමියෝ අමුත්තන් හට අධික මිලක් වැය කොට ආහාර පානාදියෙන් සංග්‍රහ කරනු පිණිස පවුලේ ආහාර පානාදියෙන් මුල් ඉතිරි කර තබන්ට සිතති. මෙය අනුවණ කමකි. අමුත්තන්ට සංග්‍රහ කිරීමේදී වඩාත් චාම් බවක් දැක්විය යුතුය. පවුලේ අවශ්‍යතාවයන්ට පළමු අවධානය ලැබේවා. එහෙත් ආශීර්වාදයක් වනු ලබන ආගන්තුක සත්කාරය දැක්විය යුතු තැන එසේ කිරීමෙන් වළකා ලන්නේ අනුවණ සැක සුරුවම හා කෘතීම සිරිත් විරිත් වලිනි. කෑම බීම පිළියෙල කිරීමට ගෘහනියට අමුතුවෙන් බර නොපටවා, නිවසට බලාපොරොත්තු රහිතව ගොඩවන අමුත්තා සාදරයෙන් පිළිගත හැකි වන සේ සාමාන්‍යයෙන් මේසයට සැපයෙන ආහාර ප්‍රමාණවත්ව තිබිය යුතුය.AHS 134.1

    පෞද්ගලික වියදම් සඳහා බිරිඳට දෙන දීමනාව: සති පතා ඔබ ඔබගේ බිරිඳට යම් මුදලක් දිය යුතු වන අතර ඉන් ඇයට කැමති දෙයක් කිරීමට ඉඩ හල යුතුය. තම බුද්ධිය මෙහෙයවා වියදම් කිරීමට හෝ තම රුචිකත්වය අනුව මිලට ගැනීම් කිරීමට ඔබ ඇයට ඉඩ නොදී තිබෙන්නේ බිරිඳක සිටිය යුතු තත්ත්වය පිළිබඳව ඔබට නිසි වටහා ගැනීමක් නොමැති කමිනි. ඔබගේ බිරිඳට විශිෂ්ඨ සහ මනා සංතුලිත මනසක් ඇත.AHS 134.2

    ශරීරය ගෝනි රෙදි වලින් ආවරණය කිරීමෙන් හෝ සුවය, රසාස්වාදය සහ පහසුව ගෙන දෙන සියල්ල නිවසට ලැබ නොදීම මගින් සිත වඩාත් පිවිතුරු කිරීමට හෝ වඩාත් ශුද්ධ භාවයට පත් කිරීමට අපට බැරිය. AHS 134.3

    තම සෞඛ්‍යයට හා පහසුවට සැබවින්ම අවශ්‍ය දෑ නොලබාගෙන සිටීම දෙවියන්වහන්සේ ස්වකීය සෙනගගෙන් අපේක්ෂා නොකරන මුත් නිෂ්ඵල වියදම්, සුඛෝපභෝගී කම හා අනුන්ට ප්‍රදර්ශනය කිරීම උන්වහන්සේ අනුමත නොකරන සේක.AHS 134.4

    ඉතිරි කරන්නේත් වියදම් කරන්නේත් කවර විටද: ඉතිරි කිරීමත් වියදම් කිරීමත්කවර විටක කළ යුතු දැයි ඔබ දැන ගත යුතුය. ආත්ම පරිත්‍යාගයෙන් යුතුව කුරුසිය ඔසවා නොගත හොත් අපට ක්‍රිස්තු අනුගාමිකයන් වීමට බැරිය. අප දෛණික වියදම් වලදී සෘජු ලෙස මිල ගෙවිය යුතුය. හැකි තාක් දුරට නිවසේ අඩුපාඩුකම් ස්වඋත්සාහයෙන්ම පිරිමසා ගනිමින්, මිලට ගෙන ඔබ සතු තර ගත යුතු දේ කවරේදැයි දැන සිටිය යුතුය. ස්ව වින්දනය උදෙසා තමන් කළ සියලුම සුළු සුළු වියදම් ඔබ ගණන් ගත යුතුය.AHS 134.5

    දිව පිනවීමට හා අනිසි, කෑදර කම වැඩිමට වැයකළ තරම ඔබ දැකිය යුතු වේ. අනවශ්‍ය රසවත් ආහාරපානාදියට වැය කළ මුදල ඔබ නිවසට යම් තරමක සුව පහසුකම් එක්කර ගැනීමට වැය කරන්ට තිබිණි. මසුරු නොවිය යුතු ඔබ තමාටත් තම සොයුරන් හටත් අවංක විය යුතුය. මසුරුවීම දෙවියන්වහන්සේ සපයා දෙන දේවල් අයුතු ලෙස භාවිතා කිරීමකි. අධික ලෙස වියදම් කිරීමද අයුතු භාවිතයකි. සඳහන් කිරීමට පවා නොවටී යැයි ඔබ සිතන සුළු වියදම් අවසානයේදී සැලකිය මුදලක් බවට පත්වේ.AHS 134.6

    ඔබ දැන ගනු ඇත: සැම කරුණකදීම සැකසුරුවම විය යුතු කෙසේදැයි මෙහි වෙසෙසින් සඳහන් කිරීම අවශ්‍ය නැත. තම සිත් සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේට යටත් කොට සිටින, උන්වහන්සේගේ වචනය (බයිබලය) තම මාර්ගෝපදේශකයා සේ සලකන මනුෂ්‍යයෝ ජීවිතයේ සියලු කාරණා වලදී තෙසේ කටයුතු කරන්ටදැයි දැන ගනු ඇත්තාහ. ඔවුන් සිතින් යටහත් පහත්ව සිටින යේසුස්වහන්සේගෙන් ‍ඉගෙන ගන්නා අතර ක්‍රිස්තුස්වහන්සේගේ යටහත් කම තමන් තුළ වඩවා ගැනීමෙහිදී ඔවුන් අප්‍රමාණ පරීක්ෂාවන්ට දොර වසනු ඇත.AHS 135.1