Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 40—සදාචාරාත්මක ප්‍රමිතීන්

    දුෂ්ශීලකම රජකිරීම: සැම තැනම දුෂ්ශීලකම බහුලව පවතී. මේ යුගයේ විශේෂ පාපය කාමුක කමය. දැන් මෙන් දුරාචාරය එහි විරූපි හිස මින් පෙර කිසි කාලෙක ඔසවා නැත. මනුෂ්‍යයන් කිසිවක් කර කියා ගත නොහැකිව සිටිනා සේ පෙනෙනා අතර දුෂ්ශීලකමේ බලවත් කම හා ව්‍යාප්තිය කරණ කොට ගෙන, සුචරිතය සහ සැබෑ ගුණ ධර්ම අගයන්නෝ අධෛර්යට පත්ව මෙන් සිටිති. බහුලව පවතින දුෂ්ඨකම නොඇදහිලි වන්තයාට සහ සමච්චල්කරුවාට පමණක් සීමාව නැත. එය එසේ විය යුතුව තිබූ මුත් දක්නට තිබෙන්නේ එවැන්නක් නොවේය. ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය අදහනවායැයි අඟවන බොහෝ ස්ත්‍රීහු හා පුරුෂයෝ වරදකාරයන්ව සිටිති. උන්වහන්සේගේ පැමිණීම බලා සිටින්නන් යැයි පවසන සමහරු පවා ඊට සාතන් දක්වන සූදානමට වඩා සූදානමක් ඇතිව නොසිටිති. ඔවුහු සියලු දුෂ්‍යකමින් තමන් පවිත්‍ර කර නොගනිති.AHS 120.1

    තම රාග තෘෂ්ණාවන්හි බොහෝ කලක් රැඳී සිටි ඔවුන්ගේ සිතිවිලි අපවිත්‍රව හා දූෂ්‍යව තිබීම ස්වභාවික දෙයක් වී ඇත. නයගරා ඇල්ලෙහි මග ප්‍රතිවිරුද්ධ අතට හරවා එහි ජලස්කන්ධයන් පහළ සිට ඉහළට යැවීම බැරිවාක් මෙන් ඔවුන්ගේ සිත් පිවිතුරු හා ශුද්ධ ‍දේ කෙරෙහි රැඳවීම නොකළ හැකි දෙයක්ව ඇත. තම තෘෂ්ණාවන් මැඩ ගන්ටත් ප්‍රතිපත්තිය මගින් පාලනය වනු ලබන්ටත් සැම කිතුණුවකුටම ඉගෙනීමට සිදුවනු ඇත. ඔහු මෙය නොකරයි නම්, හෙතෙම කිතුණු නාමයට නුසුදුස්සකු වන්නෙහිය. AHS 120.2

    ප්‍රේමාතුර බොළඳ හැඟීම් බහුලව දක්නට ඇත.විවාහක මනුෂ්‍යයෝ විවාහක මෙන්ම අවිවාහක කතුන්ගේ අවධානය ලබතී. කාන්තාවන්ද වශීකරනයට අසුවූවන් සේ පෙනෙන අතර ඔවුන්ගේ වරද නිවරද වටහා ගැනීම, අධ්‍යාත්මික අවබෝධය සහ සාමාන්‍ය බුද්ධිය ගිලිහී ගොස් ඔවුහු දේව වචනයෙහි නොකළ යුතු යැයි පෙන්වා දෙන ‍දේම කරති. ඔවුන් බොළඳ ප්‍රේමය සමග සෙල්ලම් කරනවා සේය. තමන් විනාශ කර ගැනීමටද දෙවියන්වහන්සේගේ කාර්යය අනතුරට ලක් කිරීමටද දේව පුත්‍රයාණන් යලි කුරුස පත් කොට උන්වහන්සේව විවෘත අවමානයට ලක් කිරීමටද සාතන් ඔවුන් මෙහෙය වන්නේය.AHS 120.3

    නොදන්නාකම, සැප සෙල්ලමට ලොල්වීම, පාපිෂඨ පුරුදු, සිත ගත දූෂ්‍ය කිරීම මගින් ලොව දුරාචාර අපවිත්‍රකමට ඇදදැමෙයි : මාරක දුරාචාර මැලේරියාවක් දස දහස්ගනනින් මනුෂ්‍යයන් විනාශකර දමයි. අපගේ යොවුන් පෙළ ගළවා ගන්ට කළ හැකි කුමද්ද? අපට කළ හැකි දේ අල්පය. ‍එහෙත් ජීවමානව රජකම් කරනා දෙවියන්වහන්සේට කළ හැකි දේ මහත්ය. AHS 121.1

    ලෝකයට අසමානකම: මෙම දූෂිත යුගයෙහි මනුෂයන්ගේ නිදහස්, විවෘත හැසිරීම ක්‍රිස්තු අනුගාමිකයනට උපමනායක් නොවිය යුතුය. අමරණීයත්වයට සැරසෙන කිතුණුවන් අතර මෙම අලුත් තාලයේ නොමනා සබඳකම් හුවා දැක්වීම නොතිබිය යුතුය. සල්ලාලකම, දූෂිතබන, වේශ්‍යකම, අපරාධී සහ මිනී මැරීම සත්‍යය නොදන්නා : දේව වචනයේ ප්‍රතිපතීන් කරණ කොට ගෙන පාලනය වීමට ප්‍රතික්ෂේප කරණා අයවළුන්ගේ දින චරියාව වේ නම්, ක්‍රිස්තු අනුගාමිකයන් යැයි කියා ගන්නා සෙනග දෙවියන්වහන්සේට හා සුර දූතයන් හට සමීපව බැඳී සිටිමින්, පවිටු ඔවුන්ට වඩා යහපත් ‍උතුම් ජීවිත රටාවක් පෙන්වා දීම කෙතරම් වැදගත් වේද? තිරිසන් තෘෂ්ණාවලින් පාලනය වන්නන්ට වඩා සුපැහැදිලි වෙනසක් ඇතිව ඔවුන් නිර්මළත්වය සහ සුචරිතය කරණ කොට ගෙන නැගී සිටීම කෙතරම් වැදගත්ද?AHS 121.2

    දොසින් තොරව ජීවත් වන්න: ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ මනස පිවිතුරු කම හා ශුද්ධ භාවය වෙතින් දුරාචාරය, දූෂිතකම සහ අපරාධය කරා මොහොතකින් පිරිහී නොයයි. මනුෂ්‍යත්වය දිව්‍ය ස්වභාවයට පරිවර්ථනය වන්ට හෝ දේව සමාන කමට මවන ලද්දදුන් තිරිසන් හෝ සාතනික තත්ත්වයට පිරිහෙන්ට කල් ගත වේ. දැකීම කරණ කොට ගෙන අපි වෙනස් වන්නෙමු.AHS 121.3

    තම මැවුකරුවාණන්ගේ ස්වරූපයට සාදනු ලැබුවද වරක් තමා පිළිකුල් කළ පාපය තමන්ට ප්‍රියජනක දෙයක් කර ගන්නට මනුෂ්‍යයාට තම මනස හසුරුවා ගත හැකිය. අවදිව සිට යාච්ඤා කිරීම නවතා දමන හෙතෙම සිත නමැති බල කොටුව මුර කිරීම නවතා දමා පාප අපරාධයන්හි නිරත වෙයි. අධම තත්ත්වයට ඇද දමනු ලබන මනසට එහි සදාචාරාත්මක හා බුද්ධිමය හැකියාවන් පාවා දී ඒවා වඩාත් පාපිෂ්ඨ තෘෂ්ණාවන් යටතට ගෙන ඒමට පෙළඹීම කෙරෙන අතර තුර මනස දූෂිත කමින් ඔසවාලීම ඔවුන්ට කළ නොහැක්කකි. මාංශමය සිතට එරෙහිව නිරතුරු අරගලයක් ගෙන යා යුතු අතර පිවිතුරු ශුද්ධ දේ පිළිබඳ මෙනෙහි කිරීමට යොමු කරවමින් සිත ඉහළ දෙසට ආකර්ෂණය කරවන දිව්‍ය අනුග්‍රහයේ පිරිපහදු කරවන අනුබලය කරණ කොට ගෙන අපට රුකුල් දෙනු ලැබිය යුතුය. AHS 121.4

    උසස් ප්‍රමිතීන් දරා සිටින්න: මේ යුගයේ විවාහක මෙන්ම අවිවාහක කතුන්ද ඔවුනට තිබිය යුතු සීමාව බොහෝ විටදී පවත්වා නොගන්නා බව මා ලියනුයේ කැළඹණු සිතකිනි. ඔවුන් හැසිරෙන්නේ දගකාර කෙල්ලන් මෙනි. ඔවුන් තනිකඩ මෙන්ම විවාහක පිරිමින්ගේද අවධානය යොමු කර ගන්නා අතර සදාචාරය හීන වුවන් උගුලට හසු වනු ඇත.AHS 122.1

    මෙවැනි දේට ඉඩ දුනහොත්, ඉන් සදාචාරාත්මක හැගීම් මොට කොට, අපරාධ පාපී දේ ලෙස නොපෙනෙන තරමට මනස අන්ධ කෙරෙයි, කාන්තාව විනීතව, තැන්පත්ව සිටිනවා නම් අවදිවන සිතිවිලි අවදි නොකෙරෙයි. ඇයට කිසිදු අනියම් අරමුණක් නොතිබෙන්ට ඇත. එහෙත් පොළඹවනු ලැබුවන්ට ඇය රුකුල් දී තිබේ. සිහි පරීක්ෂාවෙන් කටයුතු කිරීමෙන්, සීමාවන් ඇතිව සිටීමෙන්, අයුතු හාදකම් ඇති නොකෙරගෙන සිටීමෙන්, අනවශ්‍ය අවධානයන් තමන් වෙත යොමු නොකර ගැනීමෙන් මෙන්ම උසස් සදාචාරාත්මක හා ගෞරවනීය පැවැත්මක් ඇතිව සිටීමෙන් බෙහෙවින් නපුරින් වැළකී සිටිය හැකිය. AHS 122.2

    කාන්තාවෝ බොහෝ විට අනුන් පොළඹවා ගන්නියන් වෙති. කවර ආකාරයේ හෝ බොරුවට ඇඟවීමක් මගින් ඔවුහු විවාහක හෝ අවිවාහක පිරිමින්ගේ අවධානය යොමු කරගන්නා අතර, ඉක්බිතිව ඔවුන් දෙවියන්වහනසේගේ ව්‍යවස්ථාව කඩ කරන තුරුද ඔවුන්ගේ ප්‍රයෝජනවත් භාවය විනාශ වී ගොස් ඔවුන්ගේ අධ්‍යත්මය විපතට පත් වන තුරුද පාපය වෙතටම ඇදගෙන යති. AHS 122.3

    තමන් ඉදිරියේදී අපවිත්‍ර වචනයක් හෝ ඉඟියක් කීමට යමෙකුට ඉඩ හරිනා කාන්තාව දෙවියන්වහන්සේ ඇගෙන් අපේක්ෂා කරන පැවැත්මට පටහැනිව ක්‍රියා කරන්නීය. කිසිදු අනියම් සබඳකමක් හෝ අපිරිසිදු යෝජනාවකට ඉඩ හරින තැනැත්තිය ඇයගේ උතුම් ස්ත්‍රී භාවය රැක නොගන්නීය.AHS 122.4

    ඔබගේ සිතිවිලි පාලනය කර ගන්න: ඔබ ඔබගේ සිතිවිලි පාලනය කර ගත යුතුය. මෙය පහසු දෙයක් නොවනු ඇත. දැඩි උත්සාහයකින් තොරව ඔබට එය කළ නොහැකි වේ. එහෙත් දෙවියන්වහන්සේ මෙය ඔබෙන් බලාපොරොත්තුවන සේක. එය සැම වගකිවයුතු පුද්ගලයෙකු සතු වගකීමකි. ඔබගේ සිතිවිලි ගැන ඔබ දෙවියන්වහන්සේට උත්තරදිය යුතු වේ. අපවිත්‍ර කාරණා ගැන සිතමින් ඔබ නිෂ්ඵල සිතිවිලි වල නිමග්න වුවහොත්, එම සිතිවිලි ක්‍රියාත්මක කළ ලෙසින් ඔබ දෙවියන්වහන්සෙ‍ ඉදිරියෙහි එක්තරා ආකාරයකට වරද කරුවන්නෙහිය. ඔබ ක්‍රියාත්මක වීම වළකා ලන එකම කරුණ වනුයේ ඊට අවස්ථාවක් වන්නෙහිය. ඔබ ක්‍රියාත්මක වීම වළකා ලන එකම කරුණ වනුයේ ඊට අවස්ථාවක් නොලැබීමය.AHS 122.5

    විවාහ පොරොන්දු වලට විශ්වාස වන්ත වන්න: සැමියා සහ පියා තම විවාහ පො‍රොන්දු වලට විශ්වාස වන්ත කම රැක ගන්ට කෙතරම් ප්‍රවේශම්කාරී විය යුත් වේ ද? දෙවියන්වහන්සේගේ පනත් වන උසස්, ශුද්ධ ප්‍රමිතියට නොගැළපෙන සිතිවිලි තරුණියන් සහ විවාහක කතුන් තුළ අවදි නොකරන පිණිස ඔහුගේ චරිතය කෙතරම් තැන්පත් විය යුතුද! සිතේ සිතිවිලි, චේතනා හා අරමුණු කරා පවා ප්‍රවේශ වන එම පනත් අතිශයින් පුළුල් බැව් ක්‍රිස්තුස්වහන්සේ පෙන්වා දෙන සේක. බොහෝ දෙනෙකු අපරාධ කරුවන් වනුයේ මෙහිදීය. ඔවුන්ගේ සිතිවිලි දෙවියන්වහන්සේ ඔවුන්ගෙන් අපේක්ෂා කරන ආකාරයේ පවිත්‍ර ශුද්ධ ඒවා නොවේය. ඔවුන්ගේ කැඳවීම කොතරම් උතුම් එකක් වුවද ඔවුන්ට කොතරම් කුසලතා සම්පන්නව සිටියද ඔවුන්ට එරෙහිව දුෂ්ඨකම ලකුණු කොට තබන දෙවියන්වහන්සේ අඩු කුසලතා ඇති, අඩු ආලෝකයක් ලැබ සිටින, අඩු අනුබලයක් ඇති අයවළුන්ට වඩා ඔවුන් වඩාත් වරදකාර කොට ගණන් ගෙන උන්වහන්සේගේ උදහසට පාත්‍රවන්නන්සේ සලකනු ඇත. AHS 122.6

    පවුලේ රහස්‍යබව රැක ගන්න: පවුලේ පිවිතුරු බව හා ශුද්ධ භාවය ආරක්ෂ කර ගැනීමටත් එහි රහස්‍ය බව රැක ගන්ටත් අරමුණු කොට තිබෙන ප්‍රකාර බිඳ හෙලීම කරණ කොට ගෙන කෙතරම් ජීවිත කටුකතාවයට ඇද දැමෙයිද! භාර්යාව තෙවැන්නෙකු තම විශාවස තුළට ගෙන තමාගේ පෞද්ගලික ජීවිතයේ කාරණා මෙම විශේෂ මිතුරාට හෝ මිතුරියට හෙළි කරන්නීය. සැමියාගේ සහ බිරිඳගේ හදවත් ඈත් කර ලීමට මෙය සාතන් යොදා ගන්නා උපක්‍රමයකි. ‍අහෝ මේ පුරුද්ද නතර වේ නම්, ඉන් කොතරම් කරදර ප්‍රමාණයක් මග හැරෙයිද! එකිනෙකාගේ වැරදි හා අඩු පාඩු කම් ගැන ඔබ දන්නා දේ ඔබගේ සිත් තුළ සිර කොට තබා ගන්න. ඔබගේ කරදර හා පීඩා ගැන දෙවියන්වහන්සේට පමණක් පවසන්න. තික්තකමින් තොර පිවිතුරු නිසි උපදෙස් හා නියත සැනසීම ලැබ දීමට උන්වහන්සේට පුළුවන.AHS 123.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents