Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 61—අලුත් පොළොව ගැන ලිඛිත සිතුවම්

    මතු දිවියෙහි ඉගෙනීම: අප එහිදී කිසිවක් ඉගෙන නෙගනීවියි ඔබ සිතන්නෙහිද? එකල අප ඉදිරියේ කුමක් විද්‍යාමාන වේදැයි සිතා ගැනීමට පවා අපට බැරිය. ක්‍රිස්තුස්වහන්සේ සමගින් අප ජීවන ගං ඉවුරෙහි පිය නගන්නෙමු. ස්වභාව ධර්මයේ අලංකාරකම හා මහිම‍ය උන්වහන්සේ අපට පෙන්වා දෙනු ඇත. තමන් වහන්සේ අපට කවුරුවන සේක්ද? අප උන්වහන්සේට කවුරුන් වන්නෙමුදැයි උන්වහන්සේ අපට එළිදරව් කර පෙන්වනු ඇත. සීමිත භාවය නිසා අපට දැන වටහා ගත නොහැකි සත්‍යතාවයන් මතු ජීවිතයේදී අප දැනගන්නවා ඇත.AHS 178.1

    ස්වර්ගය පාසලකි:විශ්වය එහි අධ්‍යාපන ක්ෂේත්‍රයයි: සදාකාලික තැනැන්වහන්සේ එහි ගුරුවරයානෝය. මෙම පාසැලේ ශාඛාවක් ඒදනයෙහි පිහිටුවන ලදී. මිදීමේ සැලැස්ම ඉටු වු විට, නැවත වරක් ඒදන පාසලේදී අධ්‍යාපන කටයුතු ඇරඹෙනු ඇත.AHS 178.2

    අපගේ දෘෂ්ටි ආවරණය කොට ගෙන තිබෙන අඳුරු කඩතුරාව ඉවත් කොට අප දැන් අනුදක්නය තුළින් දකින අලංකාර ලෝකය පියවි ඇසින් දකිනා කල, අප දැන් දුරේක්ෂයෙන් දකිනා අහස් තලයේ විශ්මය ජනක දේ දෙස කිසිවක ආධාරය නැතිව බලන්ට හැකිවන කල, පාපයේ ශාපය ඉවත් කරනු ලැබූ කල මුළු පොළොවම අපගේ දෙවි ස්වාමින්වහන්සේගේ අලංකාර කමින් යුක්තව දිස්වන කල, අපගේ අධ්‍යයනයට කවර තරම ‍ක්ෂේත්‍රයක් විවෘත වනු ඇතිද!AHS 178.3

    දැනුම වර්ධනය වනු ඇත: විශ්වයේ සියලු වටිනා දේ දෙවියන්වහන්සේගේ මුදනු ලැබුවන්ගේ අධ්‍යයනයට විවෘත වනු ඇත.මිනිස් දුක් වේදනා දැක සොවින් ඇලලී ගිය, එමෙන්ම මුදනු ලැබුවකු ගැන අසා සොම්නස් ගී නදින් රැව් දුන් ලෝකයන් කරා මරණීයත්වයෙන් මිදී ඔවුහු වෙහෙසින් තොරව ගුවන අරා යන්නෝය. පැවසිය නොහැකි තරම් සොම්නසින් යුතුව භූමික පුත්‍රයෝ පාපයට නොවැටුණා වූ ජීවින්ගේ සතුට හා ප්‍රඥාවට ඇතුළු වෙති. දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්තය ගැන මෙනෙහි කරමින් යුගයන් ඔස්සේ රැස්කොට ගත් අවබෝධය සහ දැනුම් සම්භාරය ඔවුහු අමුත්තන් සමග බෙදා බෙදා ගනිති. සුර්යයන්, තාරකා, සහ සෞර ග්‍රහ මණ්ඩල ආදී සියල්ල ඒවායේ නියමිත පිළිවෙල අනුව දිව්‍ය සිංහාසනය වටා ගමන් ගන්නා සැටි මිලින නොවූ දෘෂ්ටියෙන් යුතුව ඔවුහු මැවිල්ලේ මහිමතාවය දෙස දැස් විදහා බලති. ඉතා කුඩා දේ සිට අති විශාල දේ දක්වා සියල්ල මත මැවුම්කරුවාණන්ගේ නාමය ලියා තිබෙන අතර, සියල්ල තුළ උන්වහන්සේගේ බල පරාක්‍රමයන් දිස් වේ.AHS 179.1

    සදාතනික කාලය ගෙවී යද්දී, දෙවියන්වහන්සේ සහ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ තවත් විස්මිත එළිදරව කිරීම දක්නට ලැබෙනු ඇත. දැනීම වර්ධනය වන විට, ප්‍රේමය, ගෞරව පූර්වක භක්තිය සහ සතුට එසේම වැඩි වෙයි. මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගන්නා තරමටම ඔවුන් උන්වහනසේගේ චරිත ස්වභාවය අගය කිරීමද වැඩි වනු ඇත.AHS 179.2

    අලුත් පොළොවේ ජීවනෝපාය: එහිදී සැම කුසලතා ශක්තියද සැම හැකියාවද වර්ධනය වනු ඇත. අති උත්කෘෂ්ඨ කාර්යයන් ඉටු කෙරෙනු ඇත, ඉහළම පැතුම මල් එල ගනු ඇත. උසස්තම අභිලාෂයන් සැබෑ වෙනු ඇත. එහෙත් තව දුරටත් තරණය කිරීමට නව ශීඛරයන්ද අගය කිරීමට නව විශ්මිත දේද වටහා ගැනීමට නව සත්‍යතාවයන්ද ගතේ සිතේ සහ අධ්‍යත්මයේ සවිය ඉල්ලන නව කාරණාද එළඹෙනු ඇත.AHS 179.3

    පෞද්ගලික සූදානමට අයාචනයක්: වළාකුල් පිරිවරාගෙන එන ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණිමට සූදානම් වන්නැයි මම ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමි. ලෝකයට ඇති ආශාව දවසින් දවස ඔබේ සිතින් බැහැර කරන්න. ක්‍රිස්තුස්වහන්සේ සමග සහභාගි කම ඇති කර ගැනිම යනු කවරේදැයි අත් දැකීම කරණ කොටගෙන වටහා ගන්න. විශ්වාස කරන සැම දෙනා විසින් අගය කරනු ලැබිමට ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන කල සමාදානයෙන් යුතුව උන්වහන්සේ සම්මුඛ වීමට බලා සිටින්නන් අතරෙහි සිටීමට ඔබට හැකිවනු පිණිස විනිශ්චයට සූදානම් වන්න.AHS 179.4

    ඒ දවසේ දී මුදනු ලැබූ සෙනග පියාණන්වහන්සේගේද පුත්‍රයානන්වහන්සේගේද මහිමශ්‍රීයෙන් බබළන්නෝය. සුර දූතයෝ ස්වකීය රන් වීනාවල තත් පිරි මදිමින් රජාණන්වහන්සේද උනවහන්සේගේ විජයග්‍රහනයේ ජය සංකේතයන් වන, බැටළු පැටවාණන්ගේ රුධිරයෙන් තමන් සොදාගෙන පවිත්‍ර වූවන්ද සුහදව පිළිගන්නෝය. ජයග්‍රාහී ගීයක් ස්වර්ගය සිසාරා පැතිර යනු ඇත. ක්‍රිස්තුස්වහන්සේ ජයග්‍රහනය ලබා ඇත. උන්වහන්සේගේ දුක් වේදනා සහ පරිත්‍යගයේ මහා කර්තව්ය නිෂ්එල නොවූ බවට සාක්ෂි කරුවන් වන, තමන්වහන්සේගේ මුදනු ලැබුවන් සමගින් උන්වහන්සේ ස්වර්ගීය රාජ සභාවට සම්ප්‍රාප්ත වන සේක.AHS 179.5

    නිමි.

    * * * * *

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents