Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 8—ඔබ නිවස‍ කොතැන්හි විය යුතුද?

    ස්ථානය තෝරා ගැනීම: නිවසක් තෝරා ගැනීමේදී පළමු කොට අප හා අප පවුල් අවට තිබෙන සුචරිත හා ආගමික බලපෑම කවරේදැයි අප සැලකිල්ලට ගැනීම දිව්‍ය අභිප්‍රාය වේ.AHS 26.1

    නිවසක් සඳහා ස්ථානයක් සොයා බලන කල්හි, මෙම අරමුණ තම තෝරා ගැනීමට පදනම් වෙත්වා. වස්තුව කෙරෙහි ආශාවට, නවීන විලාසිතාවනට හෝ සමාජයේ චාරිත්‍රයන්ට වහල් නොවන්න. චාම් කමට, පවිත්‍රතාවයට, නිරෝගී සුවයට හා සැබෑ වටිනාකමට අදාළ දෑ සැලකිල්ලට ගන්න.AHS 26.2

    මනුෂ්‍ය කර්මාන්තයන් පමණක් දක්නට ඇති, ඇසෙන පෙනෙන දෙයින් නිතරම සිත පාපයට පොළඹවන, සිතට වෙහෙස හා අසහනය ගෙන දෙන ව්‍යාකූලතාවයන් පවත්වා ස්ථාන වෙනුවට දෙවියන්වහන්සේගේ නිර්මාණයන් දැකිය හැකි ස්ථානයකට යන්න. අලංකාරකම, නිසල බව සහ සොබාදහමේ සමාදානය තුළ සිතේ සහනය ලැබ ගන්න. නිල්වන් කෙත් වතු උයන් සහ කඳු ආදිය ඇසට ගැටේවා. නගරයේ දූවිල්ලෙන් සහ දුමින් අපැහැදිලි නොවූ නිල් අහස දෙස බලා සුවය දෙන පිරිසිදු වාතය ආශ්වාස කරන්න. AHS 26.3

    ක්‍රිස්තුස්වහන්සේගේ භූමික නිවස: මනුෂ්‍යයන් ‍අතරෙහි එතෙක් මෙතෙක් ඉටු වූ අති උතුම් කර්තවය ඉටු කරනුවස් යේසුස්වහන්සේ මෙම පොළොවට වැඩිය සේක. ජීවිතයේ නිසි ඵල ලැබුමට හැකිවනසේ ජීවත් වන ආකාරය පෙන්වීමට දෙවියන්වහන්සේගේ නියෝජිතයාණන් ලෙසින් උන්වහන්සේ පැමිණි සේක. ස්වකීය පුත්‍රයාණන් උදෙසා සදාකාල පියාණන්වහන්සේ තෝරා වදාළේ කවර වටා පිටාවක්ද? ගලීල කඳුකරයේ හුදකලා නිවසක්: අවංක, ආත්ම ගරුත්වයෙන් යුතු ශ්‍රමයෙන් නඩත්තු කරනු ලැබූ ගෘහයක්: චාම් දිවියක්: දුෂ්කරතාවයන් හා දෛණික ගැටුමක්: ආත්ම පරිත්‍යාගය: සැක සුරුවම සහ ඉවසීමද, සතුටු සිතින් කරන සේවය, මව පසෙකින් සිට ශුද්ධ ලියවිල්ල ඇගෙන් ඉගෙනීම: කොළ පැහැති මිටියාවතේ හිරු උදාව සහ ගොම්ම‍නෙහි නිසල බව: සොබා දහමේ ශුද්ධ මෙහෙවර : මැවිල්ල සහ දිව්‍ය ආරක්ෂාව ගැන ඉගෙනීම: දෙවියන්වහන්සේ හා සමග චිත්ත සංවාදය යේසුස්වහන්සේගේ ළමා වියේ කොන්දේසි සහ ප්‍රස්ථාවන් මේවා විය.AHS 26.4

    ගැමි නිවෙස්හි වැඩුණු සෙසු මනුෂ්‍යයෝ: සියලු යුගයන් හි අති යහපත් හා අති උතුම් මනුෂ්‍යයන්ගෙන් බහුතරයද ජීවත්වූයේ ගැමි පරිසරයන්හිය. ආබ්‍රහම්, යාකොබ්. යෝසෙප්, මෝසෙස්, දාවිත් හා එලීෂා ආදීන්ගේ ජීවිත විස්තර කියවා බලන්න. විශ්වාසවන්ත භාවයේ සහ වගකීමේ තනතුරු මනාව දැරූ පුරාණ කාලයේ මනුෂ්‍යයන්ගේ ජීවිත අධ්‍යනය කරන්න.AHS 27.1

    ඔවුන්ගෙන් කොපමණ දෙනෙකු පිටිසර බද නිවෙස්හි හැදී වැඩී තිබේද? ඔවුහු සුව පහසු ජීවිත ගත නොකළහ. ඔවුහු තම තරුණ විය සෙල්ලමට හා විනෝදයට ගත නොකළහ. බොහෝ දෙනෙකු නැති බැරි කම හා අරගලයක නිරතව සිටියහ. ළමා වියේදීම වෙහෙසව වැඩ කරන්ට ඉගෙන ගත් ඔවුන් එළිමහනේ ගත කළ ක්‍රියාශීලී ජීවිත ඔහුන්ගේ සියලු හැකියාවන් දියුණු තියුණු කරලීය. තමන්ගේම සම්පත් මත රඳනට පොළඹවනු ලැබ, දුෂ්කරතා හා සටන් කරන්ටත් බාධක මැඩ පැවැත්වීමටත් ඉගෙන ගත් ඔවුහු ධෛර්යය හා අප්‍රතිහත වීර්යය වඩවා ගත්හ. තමන්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තැබීමේදී ආත්ම දමනයේද පාඩම ඔවුහු ඉගෙන ගත්හ. දන ඇසුරින් බොහෝ දුරට ආවරිව සිටි ඔවුහු ස්වභාවික වින්දනයන්ගෙන් සහ යහපත් ඇසුරින් තෘප්තියට පත් වූහ. චාම් දෙයින් සතුටට පත් ඔවුහු ගති පැවතුමින් පමණ දැන ක්‍රියා කළහ. ප්‍රතිපත්ති ගරුක වූ ඔවුහු පිවිතුරු, ප්‍රබල, සත්‍යවාදී, ජීවිත ගත කළහ. සේවයට කැදවනු ලැබ කල්හි, ඊට තම කායික, මානසික ශක්තීන්ද සිතේ සැහැල්ලු කමද සැලසුම කොට ක්‍රියාත්මක කිරීමේ හැකියාවද ලොවෙහි යහපත උදෙසා තමන් ප්‍රබල බලවේගයක් බවට පත් කළ වැරැද්ද පිටු දැකීමේ හැකියාවද ඔවුහු එකට එක් කළහ. AHS 27.2