Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 35—දෙමාපියනට නිසි ‍ගෞරවය

    දෙමාපියනට ණය ගැති කම: ළදුරු වියේදී තමන් රැක බලාගත් අසනීප වූ විට සාත්තු සප්පායම් කල දෙමාපියනට තමන් ණය ගැති බව දරුවන්ට හැඟී යායුතුය. තමන් උදෙසා තම දෙමාපියන් බොහෝ සංකා වී ඇති බැව් ඔවුන් වටහා ගත යුතුය.AHS 102.1

    කුඩා කල විශ්වාස වන්ත ලෙස තමන් උදෙසා වෙහෙස විඳිමින් නරක ගති පුරුදු වලින් තමන් වළකා ලූ දෙමාපියන්ට වැඩිවියට පත් දරුවෝ ගරු කරති. AHS 102.2

    සියල්ලන්ටම බලපාන පනතක්: “තාගේ දෙවි වූ ස්වාමීන්වහ්නසේ තට දෙන දේශයෙහි තාගේ දවස් බොහෝ වන පිණිස තාගේ පියාටත් තාගෙ මවුටත් ගෞරව කරව”. පොරොන්දුවක් අඩංගු පළමු පනත මෙය වේ. එය ළදරු, තරුණ, මැදි වයසේ මෙන්ම වයසක අය හටද එකසේ බලපායි. දරුවන්ට තම දෙමව්පියන් හට ගරු කිරීමෙන් වැලකී සිටීමට කාලයක් ජීවිතයේ කවර කලකටවත් උදා නොවේ.AHS 102.3

    දෙමාපියන් අන් කවරෙකු හටවත් නොලැබෙන තරම් ප්‍රේමය හා ගෞරවය ලැබිය යුතුය. ඔවුනට භාර දෙනු ලැබූ ආත්මයන් පිළිබඳ වගකීම ඔවුන් මත තබා ඇති දෙවියන්වහ්නසේ, දරුවන්ගේ කුඩා අවධියේදී දෙමාපියන් ඔවුන් උදෙසා දෙවියන්වහන්සේගේ ස්ථානය ගෙන කටයුතු කිරීමට සලස්වා වදාළ සේක. තම දෙමාපියන්ගේ නිසි අධිකාරී බලය ප්‍රතික්ෂේප කරන්නා දෙවියන්වහන්සේගේ අධිකාරී බලය ප්‍රතික්ෂේප කරයි. පස්වන පනත දරුවන්ගෙන් ඉල්ලා සිටිනුයේ දෙමාපියන් හට ගෞරව කරමින් යටහත්ව, කීකරුව සිටීමට පමණක් නොව, ඔවුනට ප්‍රේමය හා මෘදු කම දැක්වීමටත් ඔවුන්ගේ බර සැහැල්ලු කිරීමටත් ඔවුන්ගේ ගෞරවය සුරැකීමටත් එමෙන්ම ඔවුන්ගේ මහලු වියේදී ඔවුනට සුව පහසු කම් සැලසීමටත්ය. AHS 102.4

    මෙම කැරලි කාර යුගයේදී නිසි උපදෙස් සහ හික්මීම නොලද දරුවන් හට දෙමාපියන් පිළිබඳ තම යුතුකම් ගැන තිබෙනුයේ අල්ප හැඟීමකි. බොහෝ විට සිදුවන පරිදි, දෙමාපියන් තම දරුවන් උදෙසා වැඩියෙන් කරන තරමට දරුවෝ තවත් වැඩියෙන් අකෘතඥතා ව අඩුවෙන් ‍ගෞරව දක්වති. සුරතල් කරමින් සියල්ල සපයා දෙනු ලැබූ දරුවෝ සැම විටම එම සැලකිල්ල බලාපොරොත්තු වන අතර ඔවුන් අවශ්‍ය දේ නොලැබුණ විට බලාපොරොත්තු සුන්වී අධෛර්යයට පත්වෙති. AHS 103.1

    මෙම ගති ස්වභාව ඔවුන්ගෙ‍් ජීවිත කාලය තුලම දක්නට ලැබෙනු ඇති අතර තනියම යමක් කර කියා ගැනීමට අපොහොසත්ව අන්‍යයන් තමන්ට උදව් උපකාර කරනු ඇතැයි බලපො‍රොත්තු වෙමින් අන්‍යන් කෙරෙහි බලා සිටින්ට ඔවුහු පුරුදු වෙති. ඔවුන්ගේ සිතැඟි ඉටු නොවුනහොත්, වැඩිහිටියන් වූ පසුවද තමන්ට අකටයුත්තක් කෙරුණැයි සිතන ඔවුන්, සමාජයට හිසරදයක්ව, තම බර දැරීමට අපොහොසත් කමින් කොඳුරමින් මැසිවිලි කියමින් කාලය ගත කරනුයේ සියල්ලක් ‍ඔවුනට නොගැලපෙන බැවිනි.AHS 103.2

    ඔබගේ ප්‍රේමය පෙන්වන්න: දෙමාපියනට අයත්, ඔවුන් අගයන ආදරය දන්වන වදන් හා සෙනෙහස ඔවුනට දැක්වීමට එවන් හැගීම් කිසිත් නොමැති දරුවන් මා දැක තිබේ. එහෙත් වෙනත් යම් අයවලුන් සඳහා දැක්වීමට ඕනෑ තරම් සෙනෙහස ඔවුනට ඇත. දෙවියන්වහන්සේ කැමති වනුයේ එයටද නැත. නැත!.AHS 103.3

    සෙනෙහසේ සියලු හිරු කිරණ පවුල් කවය තුළට ගෙන එන්න. ඔබ දක්වන මෙම සුළු අවධානයන් ඔබගේ දෙමාපියන් අගයනු ඇත. දෙමාපියන්ගේ බර සැහැල්ලු කිරීමටද මැසිවිලි කීමේ සහ අකෘතඥභාවයේ සැම වචනයක්ම මැඩලීමටද ඔබ ගන්නා උත්සාහය, ඔබ කල්පනාශීලී කමින් තොර දරුවෙතු නොවන බවත් ඔබගේ අසරණ බිළිඳු වියේදී දෙමව්පියන් ඔබට දෙන ලද සියලු ආදර සැලකිලි ඔබ අගයන බවත් දක්වා ලයි. AHS 103.4