Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 49—අප රැකගත යුතු ‍දොරටු

    අප අවට ඇති නොමගට යවන අනුබලයන්: තබනා සෑම පියවරකදීම පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදුවන ඔබගේ දරුවන් කෙරෙහි ඉමහත් සැලකිල්ලෙන් සිටීමට හේතු තිබේ. නරක දේ හා ඇසුරින් වැළකී සිටීමට ඔවුනට නොහැකිය. ඔවුන් නොයක් දේ දකිනා, අසනා අතර නොමගට යොමු කරවන අනුබලයන්ට නිරාවරණය වන බැවින්, ඔවුන් දැඩි ලෙස රැක නොගතහොත් නොදැනුවත්වම වාගේ එහෙත් ස්ථිර ලෙස ඒවා ඔවුන්ගේ සිත දූෂ්‍ය කොට චරිතය විකෘති කරනු ඇත.AHS 145.1

    අයහපත් දේ කියවීමෙන්, දැකීමෙන් හෝ ඇසීමෙන් වලකින්න: තහනම් තේමාවන් කරා සිත ඇදී යාමෙන් හා චෛතසික ශක්තීන් නොවටිනා දේ කෙරෙහි වැය කිරීමෙන් වළකා ගැනීම කෙතරම් වැදගත් දැයි විශ්වාසිකයනට ඉගැන්වීමට පේතෘස් අපොස්තු තුමා වෙහෙස ගත්තේය. සාතන්ගේ උපක්‍රමයන්ට අසු වෙන්ට නොකැමති පුද්ගලයන් සිතේ දොරටු රැක ගත යුතුය. අපිරිසිදු සිතුවිලි යෝජනා කරන දෑ කියවීම, දැකීම ‍හෝ ඒවාට සවන් දීමෙන් ඔවුන් වැළකී සිටිය යුතුය. මනුෂ්‍යන්ගේ සතුරා යෝජනා කළ හැකි සෑම විෂයක් කෙරෙහිම එල්ලයකින් තොරව සිත මෙහෙයවීම නොකල යුතුය. සිත විශ්වාසවන්ත ලෙස මුර කළ යුතු වේ. නැතහොත් පිටත අයහපත් දේ ඇතුළත අයහපත් සිතිවිලි පුබුදුවා සිත අන්ධකාරයේ මුලාව යනු ඇත.AHS 145.2

    ඇස් හා දෙසවන් රැක ගන්න: ලෝකයේ සිදු කෙරෙන අපරාධ හා දුෂ්ඨකම් අපට නොපෙනෙන තැනක අපත් අප දරුවනුත් සිටිනු පිණිස කළ හැකි සියල්ල කල යුතුය. මෙම බිය කරු දෑ සිත් තුළට ඇතුළ් නොවන සේ අප දෑසට ලක්වන දේ හා දෙසවනට ඇසෙන දේ ගැන ප්‍රවේශම් විය යුතුය. AHS 145.3

    පරීක්ෂාවන්ට එරෙහිව ප්‍රාකාරයක්: ක්‍රිස්තියානි නිවෙස්හි පරීක්ෂාවන්ට එරෙහිව ප්‍රාකාර‍යක් ගොඩ නැගිය යුතුය. අපරාධ හා අධම අවකල් ක්‍රියා ජනප්‍රිය කරවීමට සාතන් සෑම උපක්‍රමයක්ම යොදයි. පාපයට හුරු වීමට සිත පොළඹවනු ලබයි. පහත්, නීච මනුෂ්‍යයන්ගේ ගති පැවතුම් ජනප්‍රිය සඟරා තුළින් මනුෂ්‍යයන් ඉදිරියට ගෙන එනු ලබන අතර රාගික හැගීම් කුපිත කරවන සෑම දේ ඔවුන් හමුවේ තැබෙයි.AHS 146.1

    නොපනත්කම වපුරා අපරාධ නෙළා ගන්න: වත්මන් ජනප්‍රිය ප්‍රකාශන බොහොමයක් තරුණ පෙළට දුෂ්ඨකම උගන්වා ඔවුන් විනාශයට යොමු කරවන සිත් කා වදින රසවත් කථාන්තර වලින් පිරී ඇත. වයසින් ළාබාල දරුවෝ අපරාධ පිළිබඳ දැනුමින් මුහුකුරා ගොස් සිටිති. ඔවුන් කියවන දෙයින් ඔවුහු අපරාධ වලට පොළඹවනු ලබති. අපරාධ සිදුකොට දඬුවමින් මග හැර සිටීමට තමන්ට කළ හැකි දේ දැකීමට ඔවුන්ගේ අභිලාෂයන් අවදි කෙරෙන තුරු මෙම දරුවෝ තමන්ට කියවන්ට ලැබෙන දේ සිතින් ක්‍රියාවට නංවති.AHS 146.2

    ළමා සහ තරුණ පෙළේ ක්‍රියාශීලී සිත් වලට අනාගතය පිළිබඳව මවා පෙන්වන කල්පිත ප්‍රබන්ධයන් සැබෑ ලෙස පෙනෙයි. සාමාජිය පරිවර්ථනයන් පිළිබඳව අනාවැකි දක්වමින් නීතිය සහ ආත්ම දමනයේ සියලු බැමි බිඳ දැමෙන ආකාරය විස්තර කර පෙන්වන විට බොහෝ දෙනා මෙම අදහස් තම සිතට ගනිති. හැකිනම් මෙම රචකයින්ගේ ලොමු ඩැහැගන්වන සිද්ධීන්ගෙන් පෙන්වනවාටත් වඩා බියකරු අපරාධ කිරීමට ඔවුහු පොළඹවනු ලබති. මෙවැනි පාපී අනුබලයන් තුළින් සමාජය දුෂ්චරිතයට නැඹුරු කෙරෙයි. අනීතියේ බීජ වපුරනු ලැබේ. ප්‍රතිඵලය අපරාධ අස්වැන්නක් වීම ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත. AHS 146.3

    මම කිසිදු අයහපත් දෙයක් නොදකිමි: තම දරුවන් දෙවියන්වහන්සේට අහිමි නොවන ලෙස දෙමාපියන් අඛණ්ඩ අවදියකින් සිටිය යුතු වේ. නිවසේ අනුබලයන් රැක ගැනීමේ වගකීම දරන සියල්ලන්ගේ පො‍රොන්දු ගීතාවලිය 101 හි සඳහන් වන දාවිත් තුමාගේ පොරොන්දු විය යුතුය. “මාගේ ඇස් කිසි නීච දෙයක් කෙරෙහි නොරඳවන්නෙමි” යි ගීතිකාකරු ප්‍රකාශ කරයි.AHS 146.4

    “මට ඵලක් ‍නොවන දේ කියවීමෙන් මාගේ වටිනා කාලය මම නිකරුනේ වැය නොකරමි. වැදගැම්මට නැති පාපී දේවලට මම මාගේ දෑස් වසා ගනිමි. මාගේ දෙසවන් ස්වාමීන්වහන්සේට අයිති වන අතර සතුරාගේ උපායශීලී කථාවන්ට මම සවන් නොදෙමි. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්ම අනුබලයට අවනත නොවන කැමැත්තකට මාගේ හඬ යටපත් නොවනු ඇත. මාගේ ශරීරය ශුද්ධාත්ම මාලිගාව වන අතර මා සතු ශක්තීන් සියල්ල නිසි කාරණා සඳහා මම කැප කරන්නෙමි”. යි ස්ථිර සිතින් පවසන්න.AHS 146.5

    දරුවාගේ මනසට නිසි ආහාර දෙන්න: පහසුවෙන් නැඹුරු වන සුළු, පුළුල්වන ළමා මනස දැනීම ලැබ ගන්ට ආශා ‍වෙයි. දෙමාපියන් තම දරුවන්ගේ මනසට නිසි ආහාර දෙනු පිණිස තමනට හොඳ දැනීමක් ඇතිව සිටිය යුතුය. ශරීරය මෙන්ම මනසද එහි ශක්තිය ලබා ගන්නේ එය ලබනා ආහාරවලින්ය. පිවිතුරු, සවි ගෙන දෙන සිතුවිලි වලින් පුළුල්වන, උසස් වන මනස පහත් ලෞකික සිතුවිලි මගින් පටු කරනු ලැබ නීච අඩියකට ඇද දමනු ලැබේ.AHS 147.1

    දෙමාපියනි, ඔබ දරුවන්ගේ සිත් උතුම් සිතිවිලි වලින් හෝ දුෂඨ පාපී චේතනාවන් ගෙන් පිරී තිබිය යුතුදැයි තීරණය කළ යුතු වන්නේ ඔබය. ඔවුන්ගේ ක්‍රියාශීලී සිත් යමක නිරත වීමෙන් වළකා ලන්ට හෝ නරක දේ රවා බැලීමෙන් ඉවත ලීමට ඔබට බැරිය. වැරදි සිතුවිලි පිටත දැමිය හැකි වනුයේ හරි ප්‍රතිපත්තීන් දරුවන්ගේ මනසට ඇතුළ් කිරීමෙන් පමණකි. තම දරුවන්ගේ සිත්හි දෙමාපියන්ගේ සත්‍යයේ ශක්ති බීජ පැල නොකළ හොත් සතුරා, එහි කිරිඳ වපුරනු ඇත. යහපත් ගති පැවතුම් දූෂ්‍ය කරවන පාපි සංනිවේදනයන් වළකාලිය හැකි වන්නේ හොඳ යහපත් උපදෙසින් පමණය. මුහුණපෑමට සිදුවන නිමක් නැති පරීක්ෂාවන්ගෙන් ආත්මය රැක දෙනුයේ සත්‍යයයි. AHS 147.2

    දෙමාපියන් කියවීම් පුරුදු පාලනය කල යුතුය: බොහෝ දරුවෝ පොත් කියවීමට ආශා දක්වති. ඔවුන්ගේ කියවීමේ රුචිය පාලනය කරන මෙන් එවැනි දරුවන්ගේ දෙමාපියන්ගෙන් මම ඉල්ලා සිටිමි. පහත්, නීච සිතිවිලි වලට ඉඩක් නොතබා, යහපත් දෙයින් සිත පිරී එමගින් ‍චෛතසික ශක්තීන් පාලනය කරනු ලබන පිණිස වටිනා දැනීමෙන් සිත පුරවා ගැනීමට ඔබේ දරුවන්ට දිරි දෙන්න. සිතට හොඳ ආහාර සපයා නොදෙන දෑ කියවීමට තිබෙන ආශාව සිඳ ලන්න.AHS 147.3

    දරුවන්ට අවශ්‍ය වනුයේ සිත දුරාචාරයට යොමු කොට ගත වැහැරවන දේ නොව සිත පිනවා දැනීම වඩවන නිසි පොත පතය. ආදර කථා සහ පුවත් පත් කථාන්තර වලට ලොල්වීමට ඔවුන්ට ඉඩ හලහොත් දැනීම වඩවන පොත් හා පුවත් පත් ඔවුන්ට නීරස වනු ඇත. බොහෝ ළමා හා තරුණ පෙළ අතර පොත පත තිබෙනු ඇත. ඔවුන් කියවිය යුතු දෑ ඔවුනට තෝරා බේරා නොදුන හොත් ඔවුන් තමන්ට රිසි දේ තෝරා ගනු ඇත. පහත්, විනාශ කාරී පොත පත ඔවුන්ට කොතනකින් වුව සොයා ගන්ට හැකි වන අතර විගස ඒවාට ඔවුන් ප්‍රිය වනු ඇත. එහෙත් ඔවුන්ට පිවිතුරු යහපත් පොත පත සපයා දුනහොත් ඔවුන් තුළ ඒවාට රුචිකත්වයක් ඇති වනු ඇත. AHS 147.4

    මානසික රුචිකත්වයෙන් හික්මවා පුහුණු කර ගන්න: මානසික රුචිකත්වයන් දැඩි සැලකිලිමත් කමින් හික්මවා පුහුණු කර ගත යුතු වේ. යහපත් සිතිවිලි වලට පුරුදු වනු පිණිස දෙමාපියන් තම දරුවන්ගේ පුළුල් වන මනසට ශුද්ධ ලියවිලි පහදා දීම කුඩා වියේදීම පටන් ගත යුතු වේ.AHS 147.5

    ඉගෙන ගැනීමේ යහපත් පුරුදු ඇති කර ලීමට හැකි සෑම වෙහෙසක්ම ගත යුතුය. සිත ඔබ මොබ සැරිසරයි නම් එය යලිත් ඇද ගන්න. සිත නිරත කළ නොහැකි කළ නොහැකි තරමට බුද්ධිමය සහ සදාචාරාත්මක රුචිකත්වයන් සිත් ගන්නා මිථ්‍යා ප්‍රබන්ධ මගින් මුලා කොට තිබේ නම්, මෙම පුරුද්දෙන් ගොඩ ඒමට සටනක් කල යුතුය ඇත. මිථ්‍යා ප්‍රබන්ධ පොත පත කියවීමට ඇති ආශාව එක් වරම ජය ගත යුතු වේ. සිත නියමිත මාර්ගයේ රඳවා ගැනීමට දැඩි නීති පැනවිය යුතුය. AHS 148.1

    හානිකර පත පොතෙහි බහුලත්වය: බෙදා හරිනු වෙනුවට පුළුස්සා දැමිය යුතු පොත පතින් ලොව පිරී ඇත. මුදල් උපයා ගැනීම පිණිස ප්‍රකාශ කොට බෙදා හරිනු ලබන සිත් ගන්නා සුළු මාතෘකාවන්ගෙන් යුත් පොත් කිසි විටෙක දරුවන් විසින් නොකියනු ලැබිය යුතු වේ. එවන් පොත පත තුල සාතනික රසාස්වාදයක් ඇත.AHS 148.2

    ක්‍රිස්තියානි නොවන ගත් කතුවරුන්: අප නිරතුරුව ආරක්ෂා කාරීව සිටිය යුතු තවත් අනතුරුදායි දෙයක් නම් මිථ්‍යාදෘෂ්ටික ගත්කරුවන්ගේ කෘතීන් කියවීමය. එවන් පොත්වලට ආභාෂය ලැබ දෙනුයේ සත්‍යයේ සතුරා වන අතර තම අධ්‍යාත්මය අනතුරට ලක් නොකොට එම පොත් කියවීමට කිසිවෙකුට බැරිය. ඊට අසු වූ සමහරුන්ට පසුව ඉන් මිදෙන්ට හැකි වීම සැබෑ විය හැකි මුත් ඒවායේ දුෂ්ඨ අනුබලය යටතට අසුවන සෑම දෙනම සාතන්ගේ භූමියට පා නගන අතර සාතන් මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගනියි. ඔහු‍ගේ පරීක්ෂාවන්ට ඉඩ හරින පුද්ගලයන් හට තම පරික්ෂාවන් අවබෝධ කර ගන්ට ප්‍රඥාව හෝ ඊට එරෙහිව සිටීමට ශක්තිය නැත. සිත් ගන්නා සුළු මෝහනීය බලයකින් යුතුව අවිශ්වාසය සහ නොඇදහිල්ල ඔවුන්ගේ සිත් තුලට කා වදියි.AHS 148.3

    සත්‍ය විකෘති කර දැක්වීමක් අඩංගු පොත පත කිසි දිනක ළමා හෝ තරුණ පෙළ අතට නොදිය යුතු වේ. අධ්‍යාපනයක් ලැබ ගැනීමේ නියා‍වෙන් පාපයේ බීජ ලෙස පෙනී යන අදහස් හා මත ඉගන ගැනීමට අපගේ දරුවන්ට ඉඩ නොතබන්න. AHS 148.4

    ඉක්මන්, මතු පිට කියවීම: මුද්‍රණාල වලින් නිරතුරුව ගලා එන අති විශාල මුද්‍රිත ද්‍රව්‍යය ගංගාව නිසා බාල තරුණ කවුරුත් ඉක්මනින් මතු පිටින් කියවාගෙන යාමට පුරුදු වීමෙන් සබඳතාවයෙන් යුත් ප්‍රබල සිතිවිලි උකහා ගැනීම සඳහා මනසට ඇති ශක්තිය හීනවී යයි. තවද ‍මීසර ඝන මීදුම මෙන්, දේශයේ පැතිර යන අති විශාල පොත් පත් හා සඟරා සම්භාරයෙන් විශාල කොටසක් සාමාන්‍ය, අර්ථසුන් බුද්ධිය බෙලහීන කරවන ඒවා පමණක් නොව, අපිරිසිදු හා නොහොබිනා ඒවාය. ඒවායේ දුර්ගුණය සිත මත් කොට, පිරිහීමට ලක් කිරීම පමණක් නොව අධ්‍යත්මයද දූෂ්‍ය කොට විනාශ කිරීමට තරම් ප්‍රබලය.AHS 148.5

    මානසික ශක්තිය විනාශ කෙරෙන සැටි: දුබලව ඇති හොඳ ගති ලක්ෂණයන්ට පණ පොවා වැරදි ගති පැවතුම් මැඩ ලීමට තමන් සතු යුතුකම දෙමාපියන් කුරිරු ලෙස නොසලකා හැරීම නිසා, මනාව සංතුලිත වූ මනසක් අද සෙවීම උගහටය.එක් එක් දරුවාගේ නැඹුරුවීම සොයා බලා ඔවුන් හරි පුරුදු සහ සිතීමේ යහපත් මාර්ග තුළ පුහුණු කිරීම සඳහා තමන් භාරදූර වගකීමකින් බැඳී සිටිනා බැව් දෙමාපියෝ අමතක කරති. AHS 148.6

    සදාචාරාත්මක හා බුද්ධිමය ශක්තීන් වඩා ලන්න: බොහෝ සේ කථාන්තර පොත් කියවීමෙන් පවා මෙම උතුම් කුසලතාවයන් දුබලව විපරිතවී යාමට ඉඩ නොහරින්න. ප්‍රබල මානසිකත්වයන් සතුව සිට කියවීමෙහි පමණ දැන ක්‍රියා නොකිරීම හේතු කොට ගෙන මනස අසමතුලිතව, අර්ධ වශයෙන් හිරිවැටී ගිය පුද්ගලයින් ගැන මම දනිමි.AHS 149.1

    නුපුහුණු සිත: වගා නොකරන ලද කෙතක් හා පුහුණු නොකරන ලද සිතක් අතර කැපී පෙනෙන සමාන කමක් ඇත. ළමා වියේ හා තරුණ වියේ දරුවන්ගේ සිත් තුළ සතුරා කිරිඳි වපුරන අතර දෙමාපියන් අවදිව මුර නොකළ හොත්, මේවා පැළවී අයහපත් ඵල දැරීමට වැ‍ඩෙනු ඇත. මනසේ පස පිළියෙළ කොට එහි බයිබල් සත්‍යතාවය නමැති අගනා බීජ වැපිරීමට අඛණ්ඩ සැලකිලිමත් භාවය අවශ්‍ය වෙයි.AHS 149.2

    කසිකබල්, සිත් කළඹවන සුළු කථා පොත් පසෙක ලා බයිබලීය කථාන්තර, ඉතිහාසය හා තර්ක විතර්ක කෙරෙහි උනන්දුවක් දැක්වීමට මනස පොළඹවන අරුත්බර දේ කියවීමට දරුවන්ට ඉගැන්විය යුතුය. ශුද්ධ ග්‍රන්ථය මතට සිත යොමු කොට එය ඉගෙන ගැනීමට ආශාවක් ඇති කරවන, බයිබලය ගැන ලියැවී ඇති පොත පත වැනිදේ කියවීම අනතුරුදායී නොව ප්‍රයෝජනවත්වන්නේය.AHS 149.3

    දෙවියන්වහන්සේගේ වචනය කියවීම රස නොවිඳියි නම්, දරුවන් හට යහපත් මනසක් සහ නිවැරදි ආගමික ප්‍රතිපත්තීන් ඇතිව සිටීමට බැරිය. ඉතා සිත් ගන්නා සුළු ඉතිහාසීය තොරතුරු අඩංගු, ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගැළවීමට මග පෙන්වන මෙම ග්‍රන්ථය වඩා උසස් හා වඩා යහපත් ජීවිතයකට ඔවුන් මග පෙන්වන්නීය.AHS 149.4