Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 29—උපතට පෙර දරුවා

    දෙමාපිය ආභාෂයේ වැදගත් කම: දෙමාපිය ආභාෂයේ අනුබලය සුළු වේලාවක කරුණකැයි බොහෝ දෙමාපියෝ සිතති. එහෙත් ස්වර්ගය ඒ ගැන එලෙස නොසිතයි. දෙවියන්වහන්සේගේ දේව දූතයෙකු කරණ කොට ගෙන, අති ගාම්භීරවත් අයුරින් දෙවරක්ම දෙන ලද පණිවිඩය පෙන්වා දෙන පරිදි ඊට අපගේ විශේෂ අවධානය යොමු විය යුතුවේ.AHS 84.1

    හෙබ්‍රෙව් මවට (මනෝවාගේ බිරිඳට) ප්‍රකාශ කරන ලද වචන තුළින් දෙවියන්වහන්සේ සියලු යුගයන්හි සියලුම මව්වරුන් අමතන සේක. “මා විසින් ඈට අණ කළ සියල්ල ඈ පවත්වත්වා” මවගේ පුරුදු දරුවාගේ ශුභ සාධනයට බලපායි. ඇයගේ ආහාර පානාදිය සහ චිත්ත ආශාවන් ප්‍රතිපත්තිමය ලෙස පාලනය විය යුතුය. තමාට දරුවෙකු ලැබ දීමෙහි ලා ඇය දිව්‍ය අරමුණ ඉෂ්ඨ කිරීමට නම්, වැළකී සිටීමට, එරෙහිව සිටීමට යමක් ඇත. AHS 84.2

    දරු උපතට පෙර ඇය රිසි සේ යම් දේට වහල් වුව හොත්, ආත්මාර්ථකාමී වුව හොත්, ඉවසීමෙන් තොර වුවහොත්, තද බල ලෙස අනුකම්පාවෙන් තොරව ක්‍රියා කළ හොත්, මෙම ගති ලක්ෂණ දරුවාගේ ගති පැවතුම් තුළ දක්නට ලැබෙනු ඇත. මෙලෙස බොහෝ දරුවන් ජය ගන්ට අසීරු තරමට අයහපතට නැඹුරු වීමක් සහජයෙන් ලැබ ඇත. AHS 84.3

    එහෙත් මව නොසැලී නිසි ප්‍රතිපත්තීනට බැඳී සිටී නම්; මධ්‍යස්ථකමින් හා ආත්ම පරිත්‍යාගික කමින් යුතු වී නම්; කාරුණිකව, මෘදුව, ආත්මාර්ථකාමී නොවී සිටී නම්, ඇය තම දරුවාට මෙම අගනා චරිත ලක්ෂණ උරුම කොට දෙනු ඇත.AHS 84.4

    දෙමාපිය සැලකිල්ලේ වැදගත් දේ: දරුවකුගේ උපතට පෙර කාන්තාවකගේ දෛණික ජීවිතයෙහි වෙනසක් ඇති නොකිරීම සාමාන්‍යයෙක් කෙරෙන වරදකි. මෙම වැදගත් කාල පරිච්ඡේදයේදී මවගේ වැඩ කටයුතු සැහැල්ලු කළ යුතුය. ඇයගේ ශරීර පද්ධතීන් තුළ විශාල වෙනස්කම් සිදුවෙමින් පවතී. ඒ සඳහා වැඩියෙන් රුධිරය අවශ්‍ය වන බැවින් රුධිරය නිපදවීමට ඉතාම පෝෂ්‍ය ජනක ආහාර වැඩිපුර ලැබ දීම අවශ්‍ය වේ. ඇයට පෝෂ්‍ය ජනක ආහාර බහුලව නොලැබුණහොත්, තම කායික ශක්තිය රඳවා ගැනීමට නොහැකි වන අතර ඇයගේ බිළිඳා ශරීර ශක්තියෙන් දුබල වනු ඇත.AHS 85.1

    ඇයගේ ඇඳුම් පැළඳුම් ද අවධානය ඉල්ලා සිටියි. සීතලෙන් ශරීරය ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් විය යුතුය. නිසි ඇඳුම් පැළඳුම් නැති කමින් සීතල වන ගත උණුසුම් කිරීමට අනවශ්‍ය ලෙස රුධිරය ශරීරයේ මතු පිට දෙසට ඇදෙන්නට සැලැස්වීමට උවමනා නැත.AHS 85.2

    මවට පෝෂ්‍ය ජනක ආහාර බහුල ලෙස නොලැබුණහොත් ඇයගේ රුධිර ප්‍රමාණය මෙන්ම එහි සාරවත් බවද අඩුවී යයි. ඇයගේ රුධිර ධාවනය හීනවන අතර ඇගේ දරුවාටද එය බලපානු ඇත. ශරීරය පෝෂණය කරනු පිණිස ආහාර හොඳ රුධිරය බවට පරිවර්තනය කිරීමේ දුබල කම දරුවා තුළ දිස්වනු ඇත.AHS 85.3

    මවගේත් දරුවාගේත් යහපත් සනීප ආරක්ෂාව බෙහෙවින් රඳා පවතිනුයේ හොඳ උණුසුම් ඇඳුම් පැළඳුම් සහ පෝෂ්‍ය ජනක ආහාර සැපයුම මතය.AHS 85.4

    මවගේ ශරීරය ප්‍රසන්න ප්‍රීතිමත් එකක් ලෙස තබා ගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතු වේ. බිරිඳ සහ මවගේ කාර්යභාරය සැහැල්ලු කිරීමට සැමියා සහ පියා තමාට හැකි සියල්ල ඉටු කිරීමට විශේෂ වගකීමකින් බැඳී සිටියි. ඔහු හැකි තාක් දුරට ඇය සිටිනා තත්ත්වයේ බර ඉසිලිය යුතුය. හෙතෙම ලයාන්විත, කාරුණික හා මෘදු විය යුතු අතර විශේෂයෙන් ඇයගේ සියළු උවමනාවන්හිදී අවධානයෙන් යුතුව සිටි යුතුය.AHS 85.5

    ආහාර රුචිය පමණකින් හොඳ මග පෙන්වීමක් නොලැබේ: කාන්තාවන්ගේ විශේෂ තත්ත්වයන් හේතුකොට ගෙන ඔවුනට රිසි දෙයක් කෑ හැකි යැයි කීම සාමාන්‍ය පිළිගැනීමක් මිස එය බුද්ධිමත් කියමනක් නොවේය. මේ තත්ත්වයේ සිටින කාන්තාවන්ගේ ආහාර රුචිය වෙනස්වන සුළු, ඉඳ හිට ඇති වන, තෘප්තියට පත් කිරීමට අපහසු දෙයක් විය හැකිය. මෙම අහර වලින් ඇයට හා දරුවාගේ වැඩීමට පෝෂණය ලැබේ දැයි කල්පනා නොකර, ඇයට ආශා සිතෙන ඕනෑම දෙයක් කෑමට ඉඩදීම සිරිතකි. ඇය ගන්නා ආහාර පෝෂණයෙන් යුක්ත විය යුතු අතර එය (දුරු මිරිස් පිරි, අධික ලුණු ඇඹුල් රසයෙන් යුක්ත) උත්තේජනය ආහාර වේලක් විය යුතු නැත.මවගේ ආහාරයේ සරලතාවය හා එහි ගුණාත්මක අගය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු යම් කාලයක් වේනම්, ඒ මේ කාලපරිච්ජේදය වේ.AHS 85.6

    ප්‍රතිපත්ති ගරුක, මනා ලෙස උපදෙස් ලැබූ කාන්තාවෝ අන් සියලු කාලයන්ටත් වඩා මෙම සුවිශේෂ කාලයේදී ආහාරපානාදියේ සරලකමින් බැහැර නොවෙති. තවත් ජීවිතයක් තමන් කෙරෙහි රඳා සිටිනා බැව් සලකන ඔවුහු තම පුරුදු වලදී ප්‍රවේශම් වීමට වග බලා ගනිති. AHS 86.1

    ආත්ම ‍දමනය හා පමණ දැන ක්‍රියා කිරීම: මවගේ කායික අවශ්‍යතාවයන් කවර ලෙසකින්වත් නොසලකා නොහැරිය යුතුය. ජීවිත දෙකක් ඇය මත රඳා ‍පවත්නා අතර ඇයගේ ආශාවන් මෘදු අයුරින් සැලකිල්ලට ගෙන, ඇයගේ අවශ්‍යතාවයන් මනා ලෙස සපයා දිය යුතු වේ. ‍එහෙත් අන් සියලු කාලයන්ටත් වඩා මේ කාලයේදී තම කායික සහ මානසික ශක්තිය හීන කරවන කවරක් වුවද ආහාරයේදී මෙන්ම අන් සියලු කාරණාවලදී ද මග හැර සිටිය යුතු වේ. දෙවියන්වහන්සේගේ නියෝගය කරණකොට ගෙන ආත්ම දමනය ඇතිව සිටීමට ඇය භාරදූර වගකීමකින් බැඳී සිටින්නීය.AHS 86.2

    දරුවෙකුගේ උපතට පෙර මව තුළ පවත්නා අමධ්‍යප හා පමණ දැන ක්‍රියා කරණා ස්ථිර ගති පුරුදු මගින් අනාගත පුරවැසියකුගේ යහපත් චරිත ස්වභාවයේ පදනම බිහි වෙයි. AHS 86.3

    සමාදාන, විශ්වාසවන්ත ඉරියව්ව: මවක වීමට බලපොරොත්තු වන්නිය තම අධ්‍යාත්මය දෙවියන්වහන්සේගේ ප්‍රේමය තුළ රැඳවිය යුතුය. ඇයගේ සිත සමාදානයෙන් යුක්ත විය යුතු අතර ක්‍රිස්තුස්වහන්සේගේ වදන් අනුව ජීවත් වෙමින් ඇය යේසුස්වහන්සේගේ ප්‍රේමය තුළ විවේක ලද යුතුය.මව දෙවියන්වහන්සේ සමග සහයෝගීව ක්‍රියා කරනා සේවිකාවක බැව් ඇය මතක තබා ගත යුතුය.AHS 86.4