Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 11—දරුවන් ආශිර්වාදයකි

    දෙවියන්වහන්සේ පවුල් උදෙසා සැලසුම් කළ සේක: සහකාරියක ලෙසින් ආදම්හට ඒව දෙවා වදාළ තැනැන්වහන්සේ ඉහළ වූ සහ පවුලේ සාමාජිකයන් ලෙසින් හඳුනාගනු ලබනු පිණිසද ගෞරවය කිරුළු පළන් සාමාජිකයන්ගෙන් සමන්විත පවුල් නඩත්තු කිරීම පිණිසද ස්ත්‍රීන් හා පුරුෂයන් ශුද්ධ විවාහ බන්ධනය තුළ එක්වීමට සැලැස්වූ සේක.AHS 34.1

    දරුවන් ස්වාමින්වහන්සේගේ උරුමය වන බැවින් උන්වහන්සේගේ වස්තුව රැක බලා ගැනීම පිළිබඳව අපි උන්වහන්සේට උත්තර දිය යුතු වෙමු. “බලනු මැන, මාත් ස්වාමින්වහන්සේ මට දෙවා වදාළ දරුවනුත් දෙස” යයි කියමින් ප්‍රීතියෙන් දෙවියන්වහන්සේ වෙත පැමිණෙන තුරු දෙමාපියන් ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් සහ යැදුමින් යුතුව තම දරුවන් රැක බලා ගනිත්වා.AHS 34.2

    දරුවකු නැති නිවස පාලු ස්ථානයකි. එවන් නිවසක වසන්නන්ගේ සිත් ආත්මාර්ථකාමී, තම සුව පහසුවම සොයන තත්ත්වයට පත්විය හැකිය. ඔවුන් තමන් කෙරෙහි අනුන්ගේ අනුකම්පාව ලැබ ගන්නවා මිස අන්‍යයන්ට දැක්වීමට අනුකම්පාවක් දයාවක් ඔවුනට නැත.AHS 34.3

    තමන්ගේ අවධානය තමන් කෙරෙහිම යොමුව පවතින බැවින් මෙවන් බොහෝ දෙන කායිකව, මානසිකව හා සදාචාරාත්මකව රෝගී බවට පත්ව සිටිති. දරුවන්ගේ ලාබාල, වෙනස්වන සුළු සිත් හා නිමක් නැති දඟකාර කම් මගින් එවැනි වැඩිහිටියන් ඔවුන්ගේ ඒකාකාර මානසිකත්වයෙන් මුදා ගත හැකිවේ. AHS 35.1

    දරැවන් රැක බලා ගැනීම චරිතය වඩවයි: දරුවන් රැකබලා ගැනීමේදී අවශ්‍යවන දයානුකම්පාව, ඉවසීම හා ප්‍රෙමය ඕනෑම නිවසකට ආශිර්වාදයක් වනු ඇත. ප්‍රමුදිත, නිසල පැවැත්මක් අවැසිව සිටින දරදඬු පැවැත්මෙන් යුතු වූවන්ගේ ස්වාභාවයන් මුදු මොළොක් බවට හැරවීමට දරුවන්ට පුඑවන. නිවසක දරුවකු සිටීම එම නිවසේ මිහිරියාව, ලයාන්විත බව දියුණු තියුණු කරලයි. ස්වාමින්වහන්සේ තුළ භය භක්තිය ඇතිව හැදුණු වැඩුණු දරුවකු ආශීර්වාදයකි.AHS 35.2

    අප කෙරෙහි රඳා සිටිනා දරුවන්ට සෙනෙහස පෑම හා ඔවුන් රැක බලා ගැනීම අප සිත්හි මෘදු දයාන්විත හැඟීම් ලියල වන අතර ඉන් අප චරිතයන්හි වඩා උතුම් ගුණාංග වැඩීමටද රුකුල් ලැබේ. AHS 35.3

    ස්වකීය පළමු දරුවාගේ උපතට පසු වඩා උසස් අත් දැකීමක් කරා ප්‍රවේශ වූ ඒනොක් දෙවියන්නවහන්සේ සමග තවත් සමීප ඇසුරකට පත් විය. දෙවියන්වහන්සෙ‍්ගේ පුත්‍රයෙකු ලෙස තම යුතුකම් හා වගකීම් හෙතෙම වඩා ගැඹුරින් අවබෝධ කර ගත්තේය. තම පියා කෙරෙහි දරුවා දක්වන ප්‍රේමය, පියා දෙන රැකවරණය කෙ‍රෙහි දරුවාගේ අහිංසක විශ්වාසය දුටු ඔහු තුළ තම කුළුඳුලා කෙරෙහි ගැඹුරු මෘදු ප්‍රේමයක් හැඟී ගිය අතර දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් ත්‍යාගයක් ලෙස මනුෂ්‍යන්ට දීම තුළ විද්‍යාමාන වූ විශ්මිත ජනක දිව්‍ය ප්‍රේමය ගැනත් තම ස්වර්ගීය පියාණන් තුළ දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ට තැබිය හැකි අචල විශ්වාසය ගැනත් හේ උගත්තේය.AHS 35.4

    මා හැඟි භාර කිරීමක්: දරුවන් දෙමාපියනට මා හැඟි භාරකිරීමක් සේ වන අතර යම් කිසි දිනක උන්වහන්සේ දෙමාපියන්ගෙන් මෙම වස්තුව යලි ඉල්ලා සිටිනු ඇත. ඔවුන්ගේ පුහුණුවට අප වැඩිපුර කාලයත්, කැපවීමත් යැදුමත් මිඩංගු කළ යුතුය. ඔවුනට නිසි උපදෙස් වැඩියෙන් අවැසිවේ.AHS 35.5

    ඔබගේ දූ පුතුන් දෙවියන්වහන්සේගේ පවුලේ ලාබාල සාමාජිකයන් බව මතක තබා ගන්න. ස්වර්ගය උදෙසා පුහුණු කරන්ටත් උගන්වන්ටත් උන්වහන්සේ ඔවුන් ඔබට භාර කොට තිබේ. ඔබගේ දිව්‍යමය වගකීම ඉටු කරනා සැටි පිළිබඳව ඔබ උන්වහන්සේට උත්තර දිය යුතුවේ. AHS 35.6