Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    පරිච්ඡේදය 51—උද්යෝගිමත්භාවය

    ජීවිතය අප එය හැඩ ගස්වන අයුරු වන්නේය: ඔබගේ සිතට වධ දෙමින් නළල රැලි ගැන්වීමට එදිනෙදා ජීවිතයේ ගැටළු හා සංකාවන්ට ඉඩ නොතබන්න. එසේ ඉඩ හළ හොත් ඔබේ සිත රිදවන, සිතට වධ දෙන යමක් සැම විටම ඔබට තිබෙනු ඇත. ජීවිතය අප එය හැඩ ගස්වන ආකාරයට සැකසෙන අතර එය අප සොයන දේ අපට හමුවනු ඇත. අපි කරදර හා ශෝකය සොයන්නෙමු නම්, අපි සුළු කරදර මහ මෙරක් කර ගන්ට සිතන්නෙමු නම්, අපගේ සිතිවිලි හා කථා බහ ග්‍රහණය කරගන්ට හා සැම විටම ලත වෙමින් සිටින්ට ඕනෑ තරම් දුක් කරදර අපට දකින්ට ලැබෙනු ඇත. එහෙත් ජීවිතයේ ප්‍රීතිමත් පැත්ත දෙස බැල්වහොත්, අප සිත සතුටු කරවන අපමණ දෑ අපට හමුවනු ඇත. අප සිනහවන් දුන‍ හොත් ඒවා යලි අපට දෙනු ලබනු ඇත. අප ප්‍රසන්න, සතුට උපදවන වදන් තෙපලුවහොත් එවායින් යලි අප අමතනු ලබනු ඇත.AHS 153.1

    තමන්ට මිතුරු මිතුරියන් නැතැයි සිතනා ලෙසින් කිතුණුවන් මළානිකව දොම්නසින් සිටියහොත්, ඔවුන් ආගම ගැන දෙනුයේ වැරදි පින්තූරයකි. සිත සතුටින් සිටීම කිතුණුකමේ ගෞරවයට නෙගැළපෙතැයි ඇතැම් විට සිතා තිබුණද එය වැරදි අදහසකි. ස්වර්ගය සතුටින් පිරි තැනකි. අප සහ සතුටින් සිත පුරවාගෙන හැකි පමණ දුරට එම ප්‍රීතිමත් හැගීම් වදනින් හා හැසිරිමෙන් ප්‍රකාශ කරන්නේ නම්, අප මළානිකව සොවින් සිටිනවාට වඩා එය අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේට ප්‍රියජනක වනු ඇත. AHS 153.2

    දරුවන්ගේ සෙනෙහස දිනා ගැනීම: දෙමාපියනි, සිනා මුසු වන්න. ගුරුවර ගුරුවරියනි, සිනා මුසුවන්න. ඔබට හදවත ශෝක බරිත නම්, එය මුහුණින් එළිදරව් නොකෙරේවා, ප්‍රේමනීය කෘතඥ පූර්වක සිතකින් ගලා එන හිරුඑළියෙන් මුහුණ ආලෝකමත් කෙරේවා. ඔබගේ ‍අයෝමය උදාරම කමින් ලිහිල්ව, දරුවන්ගේ අවශ්‍යතාවයනට සරිලන සේ හැඩ ගැසී, ඔවුන් ඔබට ප්‍රිය විමට මග සලස්වන්න. ඔවුන්ගේ සිතට ආගමික සත්‍යතාවය කාවැද්දීමට නම්, ඔබ ඔවුන්ගේ ආදරය දිනා ගත යුතුව ඇත. AHS 153.3

    ප්‍රසන්න මුහුණකින් යුතුව සිටින්න: දෙමාපියනි, සතුටින් සිටින්න. සාමාන්‍ය පහත් තත්ත්වයට ඇද නොවැටී ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේට ස්තූති පූර්වකව, කීකරුව, යටත් කමින් සිටින්න. නොරුස්සන සුළු දේ සිදුවුවද ඉන් ඔබගේ සිතේ හටගන්නා හැගීම් ක්‍රියාවට නැංවීමට ඔබට නිදහස නැත. ප්‍රේමය දිනා ගැනීම යනු ඔබගේ දරුවන් පාලනය කිරීමේදී, නොකඩවා ගලා යන ගැඹුරු ජලය සේ සිටීමය. ඔවුහු දෙවියන්වහන්සේගේ බැටළු රැලේ බැටළු පෝතකයෝය. ඔබගේ කුඩා දරුවන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන එන්න. ප්‍රසන්නව ප්‍රිය ජනක වීමට දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට ඉගැන්වීමට නම්, ඔවුන් තම දරුවන්ට කිසිදා බැන වදින ස්වරූපයෙන් කථා නොකළ යුතු වේ. ප්‍රසන්න මුහුණත් ඇතිව සිටීම‍ටත්, ඔබගේ කටහඬට හැකිපමණ මිහිරි සිත් ගන්නා ස්වරයක් නංවා ගැනීමටත් පුරුදුවන්න. දෙවියන්වහන්සේගේ සුර දූතයන්සැම විටම ඔබගේ කුඩා දරුවන් සමීපයෙහි රැඳී සිටිනා අතර ඔබගේ දබරකාරී වදන් ඔවුනගේ දෙසවනට ප්‍රසන්න නොවේAHS 154.1

    අඳුරු සෙවනැලි ඉවත් කොට කාර්යය පහසු කරන්න: ලොල් වුවහොත්, ආත්මය වෙලා ගත හැකි සෙවනැලි ඉවත් කරන්ට වෙර දරමින්, කාරණා කටයුතු දෙස සතුටු නෙතින් බලන්න. අන්‍යයන් උදෙසා දයානුකම්පාව වඩවා ගන්න. ප්‍රීතිමත් ස්වභාවය කරුණාවන්තකම සහ ප්‍රේමය නිවස සිසාරා පවතින්ට ඉඩ සලසන්න. ආගමික කාර්යයන් සඳහා ආශාව මින් වැඩි වන අතර ලොකු කුඩා යුතුකම් සැහැල්ලු සිතකින් යුතුව ඉටු කෙරෙනු ඇත.AHS 154.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents