Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 57—අප කළ යුතු ක්‍රීඩා මොනවාද?

    පාපිෂ්ඨ ක්‍රීඩා වෙනුවට අහිංසක ක්‍රීඩා තෝරාගන්න.: යොවුන් වියේ දරුවන් මහලු වියේදී මෙන් ශාන්තව, සන්සුන් කමින් සිටීමටත් දරුවෙකු මහල්ලෙකු මෙන් තැන්පත් කමින් සිටීමටත් සැලැස්විය නොහැකිය. පාපිෂ්ඨ විනෝදාංශ හෙළා දැකිය යුතු අතරම දරුවන්ගේ දෙමාපියන්, ගුරුවරුන් සහ භාරකරුවන් ඒ වෙනුවට දරුවන්ගේ යහගුණ නොනසන අහිංසක කෙළි සෙල්ලම් ඔවුවට සපයා දෙත්වා. තමන් ඇද බැඳ පීඩාවට ලක් කොට ඇතැයි හැඟී ගොස් එම බැමි බිඳලමින් අනුවණ කමේ සහ විනාශයේ මාවත් වලට ඔවුන් දිවීමට නොපෙළඹෙන පරිදි දරුවන් තදබල නීති රීති හා තහංචි වලින් බැඳ නොතබන්න. ඔවුන්ගේ සිත්ද අරමුණුද යොමු කරමින් හා පාලනය කරමින් අචල, කාරුණික, සැලකිලිමත් හස්ථයකින් ඔවුන් පාලනය කරන්න. එහෙත් ඔබ ඔවුන්ගේ උපරිම යහපත පතනා බැව් ඔවුන්ට දැනගත හැකි වන පරිදි එම පාලනය කළ යුතු වන්නෙ ඉතා මෘදු, ඉතා ඥාණාන්විත, ඉතා ප්‍රේමනීය අයුරිනි.AHS 168.1

    සිත් දූෂ්‍ය කිරීමට හා නොමගට යොමු කිරීමට හැකියාවක් ඇති ලෞකික තෘෂ්ණාවන්ගෙන් අප දරුවන් වළකා ගන්නා අතරම අනතුරක් නොමැති ප්‍රසන්න මාවත්හි ඔවුන් යොමු කරවීම පිණිස අප ඔවුනට හානිදායී නොවන විනෝද ක්‍රීඩා සපයා දිය යුතු වේ. දෙවියන්වහන්සේගේ කිසිදු දරුවෙකු කණගාටුදායක හෝ ශෝකී අත් දැකීමක් ලද යුතු නැත. එය එසේ බැව් දිව්‍ය නියෝග හා දිව්‍ය පොරොන්දු පෙන්වා දෙයි. ප්‍රඥාවේ මාර්ග ප්‍රසන්න කමේ මාර්ග වන අතර ඇයගේ සියලු මාර්ග සමාදානය වන්නේය.AHS 168.2

    සරඹ ශාලාවේ ප්‍රයෝජනවත්කම: බොහෝ පාඨශාලාවන්හි සරඹ ව්‍යායාම වැදගත් ස්ථානයක් ගන්නා මුත් ප්‍රවේශම්කාරීව අධීක්ෂණය නොකිරීම නිසා ඒවා සීමාව ඉක්මවා සිදු කෙරෙයි. සරඹ ශාලවේදී බොහෝ දරුවෝ තම කාය ශක්තියෙන් හපන්කම් පෙන්වීමට ගොස් දිවි ඇති තාක් කල් පවතින ශරීර හානි සිදුකරගෙන ඇත්තාහ.AHS 168.3

    ජීවිතය එතරම් සංකීර්ණ නොවු අවධියේදී: මුල් යුගයන්හිදී දෙවියන්වහන්සේගේ මග පෙන්වීම යටතෙහි සිටිය මනුෂ්‍යයන්ගේ ජීවිතය ඉතා චාම් විය. ඔවුහු සොබා දහමේ හදවතට සමීපව දිවි ගෙවූහ. ඔවුන්ගේ දරුවෝ දෙමාපියන්ගේ වැඩ කටයුතු වලට සහය වූ අතර සොබා දහමේ අලංකාරය හා අභිරහස් විමසා බැලූහ. කෙතේ හා වනයේ නිසලතාවයේදී ඔවුහු ශුද්ධ උරුමයක් ලෙසින් පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ බලවත් සත්‍යතාවයන් ගැන සිත මෙහෙය වූහ. එවන් පුහුණුව ශක්ති සම්පන්න පුරුෂයන් බිහි කළේය.AHS 169.1

    මේ යුගයේදී ජීවිතය කෘතිම වී ඇති අතර මනුෂ්‍යයෝ පිරිහී සිටිති. එම මුල් යුගයේ සරල ගති පුරුදු කරා අප සම්පූර්ණයෙන් ආපසු නොගියද, අපගේ විනෝද ක්‍රීඩා කාලයන් එහි වචනාර්ථයෙන් දැක්වෙන පරිදි කය, සිත හා අධ්‍යාත්මය සඳහා සැබෑ වර්ධක කාලයන් වන පිණිස එම පුරාණ සරල ගති පුරුදු වලින් අපට ඇතැම් පාඩම් උගත හැකිය.AHS 169.2

    පවුලේ විනෝද ගමන්: නගරයක හෝ ගමක ජීවිත් වන පවුල් කීපයක් එක්ව, තමන් කායිකව හා මානසිකව වෙහෙසට පත් කළ රැකියාවන්ගෙන් බැහැරව, මනහර වැව් ඉවුරකට හෝ සොබා දහමේ දසුන මනහරව කදිමට දිස්වන පෙදෙසකට හෝ විනෝද ගමනක් යත්වා. සරල සෞඛ්‍යදායී ආහාර වන ඉතා හොඳ පළතුරු හා ධාන්‍ය වර්ග වලින් යුත් ඔවුන්ගේ ආහාරය තුරු සෙවනේ හෝ අහස් වියන යටදී අනුභව කළ යුතුය. සක්මන, ව්‍යායාමය හා දර්ශනය ආහාර රුචිය වඩවන අතර රජුන් පවා ඊර්ෂ්‍යා කරන සුළු කදිම ආහාර වේලක් එසේ භුක්ති විඳිය හැකිය.AHS 169.3

    මෙවන් අවස්ථාවලදී දෙමාපියන් සහ දරුවන්ට තම වැඩ කටයුතු හා ප්‍රශ්න ආදියෙන් නිදහස් බවක් හැඟී යා යුතුය. හැකිතාක් දුරට දරුවන්ට සියල්ල ප්‍රසන්න කරවමින් දෙමාපියන් තම දරුවන් සමග දරුවන් ලෙසින් හැසිරිය යුතුය. සම්පූර්ණ දවසම විනෝදයෙන් ගත කෙරේවා. ගෙඩනැගිලි තුළ එක තැන හිඳගෙන රැකියා කරන්නට එළිම‍හනේ ව්‍යායාම සෞඛ්‍යයට හිතකර වනු ඇත. හැකි සෑම දෙනාම මෙම ක්‍රියා මාර්ගය අනුගමනය කිරීම තම යුතුකම සේ සැලකිය යුතු වෙති. ඉන් කිසිවක් නැති නොවන අතර ලැබෙන දේ බොහෝය. නව ජීවයකින් හා නව ධෛර්යකින් යුතුව තම වැඩ කටයුතු වල ආශාවෙන් නිරත වීමට ඔවුන්ට තම රැකියාවන් කරා හැරී ආ හැකි වන අතර ඔවුහු ලෙඩ රෝග වලට එරෙහි සිටීමට හොඳ සූදානමක් ඇතිවද සිටිති.AHS 169.4

    සොබා දහම තුල සතුට සොයා ගන්න: මෙලොව අප සතුට සඳහා තබා ගත යුතු සැම දෙයද ඉවත ලන්නැයි දෙවියන්වහන්සේ අපගෙන් අපේක්ෂා කරන සේකැයි නොසිතන්න. අප අත් හරිතැයි උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ අපගේ යහපතට හා සතුටට අහිතකර දේය.AHS 169.5

    උතුම් තුරු ලතා සිටුවා ඒවා සරුසාර පත්‍රයන්ගෙන් සරසා වදාළ, මල්වල දීප්තිමත්, අලංකාර වර්ණයන් අපට දෙවා වදාළ, සියලු සොබා දම් රජ දහනේ අප දකිනා අලංකාර සියල්ලෙහි නිර්මාතෘවරයාණන් වන දෙවියන්වහන්සේ අප ඒ දේවල් රස නොවිඳිතැයි නොසිතන සේක. අප ඒ දේවල් රස විඳීම උන්වහන්සේගේ සැලැස්ම වේ. උන්වහන්සේගේ සැලැස්ම වනුයේ ස්වකීය මැවිල්ල වන සොබා දහමේ සොඳුරු බව තුළ අප සතුටු වීමය.AHS 170.1

    යොවුන් වියේ දරුවන් හට දෙවියන්වහන්සේගේ ආරාධනය: “මාගේ පුත්‍රය, ඔබගේ හදවත මට දෙන්න: මම එය පිවිතුරුව තබා ගනිමි. මම එහි ආශාවන් සැබෑ සතුට මගින් පිනවන්නෙමි” යි දෙවියන්වහන්සේගේ ආරාධනාව සෑම යෞවනයා හටම පැමිණෙයි. යෞවන දරුවන් සතුටින් තැබීමට ප්‍රිය වන්නා වු දෙවියන්වහන්සේ ඔවුන්ගේ හදවත් තම රැකවරණය තුළට ඉල්ලා සිටිනුයේ උන්වහන්සේ දෙවා වදාළ කුසලතාවයන් ප්‍රාණවත්ව, යහපත් තත්ත්වයක පවත්වා ගනු ලබන පිණිසය. මෙම දරුවෝ දෙවියන්වහන‍්සේගේ ජීවනයේ දීමනාව දරා සිටිති. හදවත ස්පන්දනය වන්ට සලසා වදාරණ්නා වූ උන්වහන්සේ සැම ඉන්ද්‍රියකටම ශක්තිය දෙන සේක. පවිත්‍ර අයුරින් ලබන විනෝදය දෙවියන්වහන්සේගේ කිසිදු දීමනාවක් නීච නොකරයි.AHS 170.2