Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
නිවසේ සතුට - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 9—ඔබගේ පවුල සහ නගරය

    නාගරික දිවියේ උපද්‍රව: නාගරික දිවිය ව්‍යාජ කෘතිම එකකි. මුදල් ඉපයීමේ දැඩි ආශාව සැප සෙල්ලමට නැඹුරු වීම, සුඛෝපබෝගී විහරණ ආදී සියල්ල මහත් මිනිස් සමූහයන්ගේ සිත ජීවිතයේ සැබෑ අරමුණ වෙතින් ඉවතට හරවයි. එවායින් දහසක් නපුරු දේට දොර ඇරෙයි. තරුණ පෙළ මත ඒවා ඉවත ලිය නොහැකි බලපෑමක් ඇති කරයි. නාගරිකව වසන තරුණ පෙළ අසූ කරගන්නා ඉතාම බියකරු පරීක්ෂාවන්ගෙන් එකක් වනුයේ සැප සෙල්ලමට ප්‍රිය වීමය.AHS 28.1

    පරිසරය දූෂණය සැලකිල්ලට ගන්න: නගර වල භෙෘතික පරිසරය බොහෝ විට ‍සෞඛ්‍යයට අහිතකර වේ. ලෙඩ රෝග වැළදීමට බොහෝ ඉඩ කඩ තිබීම, අපවිත්‍ර වාතාශ්‍රය අපිරිසිදු ජලය, අපිරිසිදු ආහාර පාන, තද බද අඳුරු සෞඛ්‍යයට අහිතකර වාසස්ථාන ආදිය නාගරික දිවියේ අයෝග්‍යතාවයන්ගෙන් සමහරකි.AHS 28.2

    මනුෂ්‍යයන් නගරවල තදබදව විසීම දෙවියන්වහන්සෙගේ අරමුණ නොවීය. ආරම්භයේදී උන්වහන්සේ අපගේ පළමු දෙමාපියන් නෙත් කඑ දසුන් හා සවනට ප්‍රසන්න ශබ්ද මධ්‍යයේ පදිංචි කර වදාළ අතර ඒවායින් අදද අප පිනා යනු දැකීම උන්වහන්සේගේඅභිප්‍රාය වේ. දෙවියන්වහන්සේගේ මුල් සැලැස්මට අප එකඟ තාවය දක්වන තරමට ගත, සිත හා අධ්‍යාත්මයේ සුව සෙත රැක ගැනීමට ඒ‍ උපකාරී වනු ත. AHS 28.3

    වාසි තැකීම: තම දරුවන්ට යෝග්‍ය ආභාෂයන්ගෙන් සමන්විත පරිසරයක් ගැන සොයා බැලීමට දෙමාපියන් සැලකිලිමත් නොවීම බොහෝ විට දක්නට‍්‍ ලැබෙන දෙයකි. නිවසක්තෝරා ගැනීමේදී යහ ගුණ පවත්වා සමාජීය වාතාවරණයකට වඩා ඔවුන් සිතන්නේ යම් ස්ථානයක ඇති ලෞකික වාසි ගැනය. එවැනි තැන් වලදී දරුවෝ දේව භය භක්තිය වැඩි දියුණු කර ගැනීමට සහ නිසි චරිත වර්ධනනයට රුකුල් නොදෙන ආශ්‍රයන් ඇති කර ගනිති. AHS 28.4

    නගරයන්ගෙන් කිසිදු සැබෑ යහපතක් නොලැබේ: පවුල් සියයක් අතරින් එක්‍ පවුලක් හෝ නගරයක වාසය කිරීම මගින් කායිකව, මානසිකව, හෝ ආත්මිකව වර්ධනය නොවේ. තැනිතලා, කඳු හා තුරුලතාදියෙන් හෙබි හුදකලා පෙදෙස් වලින් ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය, සතුට ආදිය නොමදව ලද හැකිය. ඔබගේ දරුවන් නාගරික දසුන් හා ශබ්දයන්ගෙන් ඈත් කොට තබන්න. එවිට ඔවුන්ගේ සිත් වඩාත් යහපත් වනු ඇත. එවැනි වාතාවරණයන්හිදී ඔවුන්ගේ සිත් තුළට දේව වචනයේ සත්‍යතාවයන් ගෙන ඒම පහසු බැව් පෙනී යනවා ඇත.AHS 29.1

    පිටිසරින් නගරබදට සංක්‍රමණය: නාගරික දිවිය වඩා අර්ථවත්, වාසි සහගත යැයි සිතමින් බොහෝ දෙමාපියෝ ගම්බද නිවෙස් අතහැර නගර වෙත ඇදෙති. එහෙත් මෙම පරිසර වෙනස හේතු කොට ගෙන ඔවුහු තම දරුවන් බොහෝ බියකරු පරීක්ෂාවන්ට නිරාවරණය කරති. රැකියා නැති කමින් වීථියේ අධ්‍යාපනයට පෙළඹෙන තරුණයෝ පියවරින් පියවර පිරිහී යමින් යහපත්, පිවිතුරු, හා ශුද්ධ සියලු දේ නීරස බැව් දකිති. කායික හා මානසික සුවයට උචිත ගැමි පරිසරයේ මෙම දෙමාපියන් තම පවුල් සමගින් රැදී සිටියේ නම් කොපමණ හොඳඳ?AHS 29.2

    ඔබට භාරදී තිබෙන අගනා ජීවිත විනාශයට හෙළනවාට වඩා කවර හෝ ඕනෑම ලාභ ප්‍රයෝජනයක් අත් හැර දැමීම යහපත්ය. දරුවනට පැමිණෙන පරීක්ෂාවන්ට මූණ දෙන ආකාරය ඔවුනට ඉගැන්විය යුතුය. එහෙත් ඔබත් ඔබ පවුලේ අයවලුනුත් දෙවියන්වහන්සේට භාරව සිටිනා විවෘත නිදහස් කැපවීම අඩපණ කරවන සැම බැඳුමක්ම මුදාලීම, සැම පුරැද්දක්ම ඉවත ලීම, සැම අහිතකර ආභාෂයක්ම බිඳ සිඳ ලීම ඔබගේ යුතුකම වේ.AHS 29.3

    ජනාකීර්ණ නගරයක් සොයනු වෙනුවට ඔබගේ දරුවන් හැකි පමණ ලෞකික පරීක්ෂාවන්ගෙන් සුරැකෙන පිටිසර පෙදෙසක් සොයාගෙන එහිදී ඔවුන් ප්‍රයෝජනවත් පුරවැසියන් වනු පිණිස පුරුදු පුහුණු කරවන්න.AHS 29.4