පෙර වදන
- පෙර වදන
- හැඳින්වීම
- 1 - යෙරුසලමෙහි විනාශය
- 2 - මුල් ශත වර්ෂයන්හිදී පැවති හිංසා පීඩා
- 3 - ධර්මයේ මාවතින් ඉවත්ව යාම
- 4 - වෝල්ඩන්සිවරු
- 5 - ජෝන් වික්ලිෆ්
- 6 - හස් සහ ජෙරෝම්
- 7 - ලුතර් රෝම සභාවෙන් ඉවත් වෙයි.
- 8 - ලුතර් ධර්මාධිකරණය ඉදිරියේ
- 9 - ස්විස්ටර්ලන්තයේ ප්‍රතිසංස්කරණවාදියා
- 10 - ජර්මනියේ ඇති වූ ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය
- 11 - කුමාරවරුන්ගේ විරෝධතාවය
- 12 - ප්‍රංශ පුනරුදය
- 13 - නෙදර්ලන්තය සහ ස්කැන්ඩිනේවියාව
- 14 - පසුකාලීන ඉංග්‍රීසි ජාතික ප්‍රතිසංස්කරණවාදීහූ
- 15 - ශුද්ධ වූ බයිබලය සහ ප්‍රංශ විප්ලවය
- 16 - වන්දනාකාර පියවරු
- 17 - අරුණෝදයෙහි පෙරමඟ සිටි දූතයෝ
- 18 - ඇමෙරිකානු ප්‍රතිසංස්කාරකයෙක්
- 19 - අඳුර පළවා හරිමින් අලෝකය උදා වේ.
- 20 - විශිෂ්ට ආගමික පිබිදීමක්
- 21 - අනතුරු ඇඟවීමක් ප්‍රතික්ෂේප කෙරේ
- 22 - අනාවැකි ඉටුවෙයි
- 23 - ශුද්ධස්ථානය යනු කුමක්ද?
- 24 - අති ශුද්ධස්ථානය
- 25 - වෙනස් නොවන වෙනස් කළ නොහැකි දේව නීතිය
- 26 - ප්‍රතිසංස්කරණ ක්‍රියාවේදයක්
- 27 - වත්මන් නව ජීවන පිබිදීම්
- 28 - සෝදිසි කිරීමේ විනිශ්චය
- 29 - නපුරෙහි උපත
- 30 - මිනිස් වර්ගයා සහ සාතන් අතර සතුරුකම
- 31 - දුෂ්ට ආත්මයන්ගේ ක්‍රියාකාරකම්
- 32 - සාතන්ගේ මළපත්
- 33 - ප්‍රථම මහා මුළාව
- 34 - භූත විද්‍යාව
- 35 - පාප් බලයේ ස්වභාවය හා අරමුණු
- 36 - එන්ට තිබෙන්නා වූ අරගලය හා එය ඇතිවීමට හේතූන්
- 37 - ශුද්ධ ලියවිල්ල රැකවරණයකි
- 38 - අවසාන අවවාදය
- 39 - පීඩාවන් පවතින කාලය
- 40 - දෙවියන්වහන්සේගේ සෙනඟ මුදාගනු ලැබීම
- 41 - පොළොව පාළු වී පවතියි
- 42 - අරගලය අවසාන වෙයි
Search Results
- Results
- Related
- Featured
- Weighted Relevancy
- Content Sequence
- Relevancy
- Earliest First
- Latest First
- Exact Match First, Root Words Second
- Exact word match
- Root word match
- EGW Collections
- All collections
- Lifetime Works (1845-1917)
- Compilations (1918-present)
- Adventist Pioneer Library
- My Bible
- Dictionary
- Reference
- Short
- Long
- Paragraph
No results.
EGW Extras
Directory
පෙර වදන
මෙම පොත ප්රකාශනයට පත්කිරීමේ අරමුණ අප ජීවත් වන ලෝකයේ පාපය, කාලකණ්ණිකම සහ විපත් ඇති බව කියා පෑම නොවේ. ඵවැනි දෑ ඇති බව අපට රහසක් නොවේ.GrHSin .0
අඳුර සහ ආලෝකය අතර, මරණය සහ ජීවිතය අතර සමථයකට පත් කළ නොහැකි මත අරගලයක් පවතින බවට ඔබ දැනුවත් කිරීම මෙම පොතෙහි අභිප්‍රාය නොවන්නේය. ඔබත් මාත් මෙම අරගලයෙහි ක්‍රියාකාරී සාමාජිකයන් වන බව අපි ඉඳුරාම දනිමු.GrHSin .0
මෙම මහත් අරගලයෙහි වැඩි විස්තර දැනගැනීමේ ආශාවක් සමහරවිට අප සැමගේ හදවත්හි පැන නගියි. එම අරගලය පටන්ගත්තේ කෙසේද? එසේත් නැතිනම් එය සැමදාම මේ ලෝකයේහි පැවතුනේද? එහි බියජනක සංකීර්ණ පැවැත්මට අදාල වන්නාවූ පැතිකඩ මොනවාද? එයට මා සම්බන්ධ වන්නේ කෙසේද? මේ පිළිබඳව මාගේ වගකීම කුමක්ද? මා මේ ලෝකයට ජනිත වුණේ මාගේම කැමැත්තෙන් නොවේ. එයින් අදහස් වන්නේ මට අයහපතක් හෝ යහපතක් සිදුවේද ? යන්නය.GrHSin .0
එම අරගලයට කුමන විශිෂ්ඨ නියමයන් සම්බන්ධ වී තිබේද? මෙම මහා අරගලය කොපමණ කාලයක් පවතීද? එහි අවසානයේදී සිදුවන්නේ කුමක්ද? සමහර විද්‍යාඥයන් පවසන පරිදි මෙම පොළොව හිරු එළිය නැති, අධික ශීතලයෙන් කැටි ගැසුණු, සදාතන අන්ධකාරයෙන් යුතු ආගාධයකට ගිලා බසින්නට යන්නේද? එසේත් නැත්නම් දෙවියන්වහන්සේගේ සදාතන ප්‍රේමයෙන් උණුසුම් වූ, ජීවිතාලෝකයෙන් ප්‍රභාව විහිදුවන්නාවූ අනාගතයක් මෙම පොළොවෙහි ඉරණම වන්නේද?GrHSin .0
ප්රශ්නය තවත් සමීප වේ. මාගේ හදවත තුළ කැකෑරෙමින් පවතින්නාවූ මමත්වය, ආත්මාර්ථකාමී ජීවිත රටාව හා හද පත්ලෙන් ගලා එන්නාවූ ආදරයත් අතර පවතින්නාවූ ගැටුම යහපත ඉටු කරමින් තීරණාත්මකව විසඳෙන්නේ කෙසේද? මෙම විෂය පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද? සෑම පුද්ගලයෙකුටම සදාතනය පුරා වැදගත් වන්නාවූ මෙම ප්රශ්නය පිළිබඳව අපට ඉගැන්වීම සඳහා දෙවියන්වහන්සේට ඇත්තේ මොනවාද?GrHSin .0
මෙවන් ප්‍රශ්න සෑම පැත්තකින්ම අප ඉදිරියේ පැන නගී. අපගේම හදවත්හි ඉතා ගැඹුරු තැන්වලින් එම ප්‍රශ්න ඉදිරිපත් වේ. නිශ්චිත පිළිතුරක් ලබාගැනීමට එම ප්‍රශ්න බල කරයි.GrHSin .0
සත්‍යතාව දැනගැනීම සඳහා අප තුල අශාවක් නිර්මාණය කළ දෙවියන්වහන්සේ මෙකී අවශ්‍යතාවන් සඳහා වූ දැනගැන්ම අපගෙන් වළවක්වා නොතබන සේක. “සැබවින්ම ස්වාමී වූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන් වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක.”GrHSin .0
එබැවින් පාඨකය, මෙවන් ප්‍රශ්න නිසා කරදරයට පත් හදවතට සත්‍යවූ ද, නිවැරදීවූ ද විසඳුමක් ලබාදීම මෙම ග්‍රන්ථයේ එල්ලය වන්නේය. මෙම ග්‍රනථය කරණකොටගෙන ඔබට සෙතක් වේවා! දෙවියන්වහන්සේ යහපත් බව රස බලා දැනගත් තැනැත්තියක් ලෙස මෙම පොතෙහි කතුවරිය හඳුන්වා දීමට පුඵවන. දෙවියන්වහන්සේ සමග සහභාගිකම් පවත්වමින් උන්වහන්සේගේ ලිඛිත වදන් අධ්‍යයනය කළ ඒ තැනැත්තිය විසින් මෙම ග්‍රන්ථය ලියා ඇත. දෙවියන්වහන්සේට භය වන්නාවූ අය සමග දෙවියන්වහන්සේගේ රහස පවතින අතර, උන්වහන්සේ ඔවුනට තමන්වහන්සේගේ ගිවිසුම පෙන්වා දෙන සේක.GrHSin .0
විශ්වයක ජීවිතය හා බැඳි මෙම වැදගත් අරගලයේ තතු සහ මුල් පැතිකඩ පිළිබඳව කතුවරිය වඩාත් හොඳින් අපව දැනුවත් තර ඇත. වැදගත්කමින් යුතු මෙම විෂය අපගේ ග්‍රහණයට තදින් හසුකර ගැනීමට හැකිවන පරිදි ශත වර්ෂ විස්සක ඉතිහාසය ඇය අප ඉදිරියේ තබා ඇත.GrHSin .0
දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟට විමුක්තිය උදාකර දීමට පැමිණි කල්වාරියේ මනුෂ්‍ය පුත්‍රයාණන්ව එම ජනතාව ප්‍රතික්ෂේප කළෝය. එයට පසුව විශිෂ්ට ජනතාවගේ අගනුවර වූ යෙරුසලමෙහි පුරා වෘත්තයේ අවසන් ශෝචනීය දසුන් මගින් මෙම පොත ආරම්භ වේ. ජාතීන්ගේ ඉදිරි ගමන් මගෙහි විශිෂ්ට සිදුවීම් අනාවරණය කරමින් පොත ඉදිරි පියවර තබයි. දෙවියන්වහන්සේගේ සෙනඟට පළමු ශතවර්ෂවල පමණුවන ලද හිංසා පීඩා, උන්වහන්සේගේ සභාව විසින් දහමට පිටු පා කළ ක්‍රියාදාමයන්, ධර්මයේ මාර්ගය හැර යාම, ප්‍රතිසංස්කරණය මගින් ඉටුකළ ලෝක ව්‍යාප්ත ආත්මික පුබුදුවාලීම, ප්‍රංශය විසින් නිවැරදි ප්‍රතිපත්ති එපා කිරීමෙහි භයානක පාඩම්, ශුද්ධ ලියවිලි පිළිබඳව වූ ආත්ම පිබිඳීම මෙන්ම එම වදන් ඔසවා තැබීම, ශුද්ධ ලියවිල්ලෙහි ඇතුලත් හිතකර වූ ජීවිත රැකදීමෙහි බලපෑම, දේව වචනයෙහි ප්‍රභාව විහිදුවන උල්පත මතවූ බැමි බිඳ දැමීම යන තේමාවන් චිත්තාකර්ෂණීය ලෙස මෙම පොතෙහි ඇතුළත්ය. අඳුරෙහි බලවේගයන් විසින් ගෙන එන්නාවූ විපත්තියක මුළාකිරීම් සහ නොමඟ යැවීම් පිළිබඳව දැනුම සහ ආලෝකය මෙහි මනා ලෙස එළිදරව් කර ඇත. අඳුරෙහි ක්‍රියාකාරකම් හඳුනා ගැනීමට එකී පැහැදිලි කිරීම් සැමට මහත් සේ උපකාරී වේ.GrHSin .0
ඉතා වැදගත් ප්රඥප්ති සහ ප්‍රතිපත්ති පිළිබඳ වූ, මෙම වර්තමාන මත අරගලය සම්බන්ධව කිසිම අයෙකුට මධ්‍යස්ත පිළිවෙතක් අනුගමනය කළ නොහැකිය. මෙම දේවල් පිළිබඳව සරල ලෙසින් මෙන්ම ඉතා ප්‍රබල අයුරින්ද, පැහැදිලි ලෙසද කාරණා ඉදිරිපත් කර තිබේ.GrHSin .0
අවසන් වශයෙන් සදාතනිකවූ ද, තේජශ්රීයවූ ද අනාගතයක් අප ඉදිරියෙහි විස්තර කරදී තිබේ. එකල නපුර පරදවා යහපත ජයග්‍රහණය කරනේය; වරද අභිබවා සත්‍යතාව ජය ගන්නේය; අඳුර මැඩ පවත්වා ආලෝකය විහිදී යන්නේය; දුක් කම්කටොඵ යටපත් කර ප්‍රීතිය පැතිර යන්නේය; බලාපොරොත්තු නැතිකම් පාගා දමමින් බලාපොරොත්තුව නැගී සිටින්නේය; ලජ්ජාව ඉවත් කරමින් තේජස ඉදිරියට පැමිණෙන්නේය. මරණය ජය ගනිමින් ජීවනය රජකම් කරන්නේය.පළිගැනීමේ වෛරය සුනු විසුනු කරමින් සදාතනික ඉවසිලිවන්ත ප්‍රේමය සැමට සැමදා භාග්‍යයක් වන්නේය.GrHSin .0
ප්‍රකාශන ආයතනයේ සැමගේ යාච්ඥාව නම් මෙම පොත කියවීම තුළින් ආත්ම මහත් ගණනාවක් සත්‍ය වූ එඞේරාණන් වෙත පැමිණීම සිදුවේවා යන්නය. සදාතන යහපත සඳහා මෙම පොත ඔබට ආශිර්වාදයක්ම වේවා!GrHSin .0