Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහත් බලාපොරොත්තුව - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    12 - ප්‍රංශ පුනරුදය

    ස්පයර්ස්හිදී ජර්මන් ජාතික කුමාරයන් ගෙන ගිය විරෝධතා දැක්වීම පුනරුද ව්‍යාපාරය ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් විය. ප්‍රොතැස්තන්ත කුමාරවරුන් විසින් ඉදිරිපත් කළ ඇදහිලි ප්‍රකාශනයන් එම ජයග්‍රහණයේ සාර්ථකත්වය පිළිබිඹු කළේය. එහෙත් මෙයින් පසු ඇති වූ ගැටුම් කරණකොටගෙන ප්‍රොතැස්තන්ත ව්‍යාපාරය අඳුරු වලාවකින් වැසී ගියේය. මෙම ව්‍යාපාරයට අත හිත දුන් පක්ෂ අතර බෙදීම් හට ගත්තේය. එයට විරුද්ධව සතුරන්ද ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූහ. එහෙයින් ප්‍රොතැස්තන්ත ව්‍යාපාරය සහමුලින්ම විනාශ විය හැකි බව පෙනී ගියේය. මේ අතර ජර්මනියේ සිවිල් යුද්ධයක් හට ගත්තේය. දහස් ගනන් බැතිමත්හු තම රුෂිරයෙන් සිය ඇදහිල් මුද්‍රා කළෝය. එසේම ප්‍රොතැස්තන්ත ව්‍යාපාරයෙහි ප්‍රබල අනුගාමික නායකයෙක් තම ව්‍යාපාරය පාවා දුන්නේය. ප්‍රතිසංස්කරණයට අත හිත දුන් ආගමික කුමාරවරු මේ අතර අගරජතුමාගේ ග්‍රහණයට හසු වූහ. සිරකරුවන් ලෙසින් ඔවුහු නගරයෙන් නගරයට ඇදගෙන යනු ලැබූහ. එහෙත් රජතුමාට විශාල ජයග්‍රහණයක් වූයේ යැයි පෙනී ගිය විටම අනපේක්ෂිත ලෙස ඔහුට පරාජයක් අත්විඳින්නට සිදුවිය. රජතුමාගේ ඒකායන අපේක්ෂාව වී තිබුනේ ප්‍රතිසංස්කරණයේ දහම් තම රාජ්‍යයෙන් අතුගා දැමීමය. එහෙත් තමා මෙතෙක් ලද ජයග්‍රහණය තම හස්තයෙන් උදුරා ගනු ලබන්නේ යයි පෙනුණි. අකමැත්තෙන් වුවද, තමා අප්‍රසාදය පළ කළ දහම්වලට තවදුරටත් පක්ෂපාතීව සිටීමට එම ජනතාවට නිදහස දීමට ඔහුට සිදුවිය. ප්‍රතිසංස්කරණයේ අසම්මත දහම් මුලිනුපුටා දැමීමට ඔහු තම රාජ්‍යයත්, තම සම්පත් සහ ජීවිතය පවා පරදුවට තබා ක්‍රියා කළේය. ඔහුගේ හමුදාව යුද්ධ නිසා විනාශයට පත්විය. ඔහුගේ භාණ්ඩාගාරය සිඳී යමේ තර්ජනයක් පැවතුණි. ඔහු යටතේ වූ රාජධානි ඔහුට විරුද්ධව කැරැලි ගැසීමට මාන බලමින් සිටියෝය. ඒ අතර, තමා මර්දනය කරන්නට වෑයම් කළ දහම් වේදය ඉදිරියටම ඇදුණේය. V වන චාර්ල්ස් රජතුමා යුද්ධ ප්‍රකාශ කර සිටියේ සර්ව බලධාරී තැනැන්වහන්සේට විරුද්ධවය. “ආලෝකය වේවා” යි දෙවියන්වහන්සේ ප්‍රකාශ කර තිබූ අතර රජතුමා වෑයම් කළේ අන්ධකාරය දිගටම පවත්වා ගෙන යෑමටය. ඔහුගේ අරමුණ ව්‍යර්ථ වී තිබුණේය. දිගුකාලීනව පැවති ගැටුම් නිසා හෙතෙම අකලට මහළු වී සිටියේය. මෙබඳු දිගුකාලීන පොර බැදීමකින් පීඩාවට පත්වූ ඔහු ඔටුන්න හැර දමා කුටියකට වැදී හුදෙකලාව දිවි ගෙවීමට පටන් ගත්තේය. GrHSin 232.1

    ජර්මනියේදී මෙන්ම ස්විට්සර්ලන්තයේදී ද ප්‍රතිසංස්කරණයට හිමි වූයේ අඳුරු යුගයකි. එහි සමහර පළාත්වල ජනතාව ප්‍රතිසංස්කරණයේ ඇදහිල්ල පිළිගත් අතර, වෙනත් පළාත්වල ජනතාව රෝමානු ඇදහිලි ක්‍රමවේදයට අන්ධ ලෙසින් අවනතව දිවි ගෙවූහ. සත්‍යතාව පිළිගැනීමට කැමැත්තක් දැක්වූ අයට එරෙහිව වධ හිංසා පැමිණවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක විමේ ප්‍රතිඵලයක් ලෙස එරට තුළ සිවිල් යුද්ධයක් හට ගත්තේය. ප්‍රතිසංස්කරණයේ දහම් පිළිගනිමින් ක්‍රියා කළ ස්වින්ග්ලි සහ ඔහුගේ සහෘදයන් බොහෝ අයද කැප්පෙල් පිටියේදී ජීවිතක්ෂයට පත්කරන ලදී. මෙම භයානක ව්‍යසනය නිසා හට ගත් කම්පනයෙන් එකොලැම්පේඩියස් ජීවිතක්ෂයට පත්විය. රෝමය විශාල ජයග්‍රහණයකට හිමිකම් කීවාය. නැතිවූ සියල්ල නැවත අත්පත් වේය යයි පෙනී යන්නට විය. එහෙත් සදාතනයේ සිට අනුශාසනා කරන්නා වූ තැනැන්වහන්සේ තමන් කර්තව්‍යය හෝ තමන් සෙනඟ හෝ අමතක නොකළ සේක. උන්වහන්සේ ශ්‍රී හස්තට ඔවන්ට ගැළවීම සලසා දෙන්ට ක්‍රියාත්මක විය. වෙත් රටවල මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම සඳහා උන්වහන්සේ සේවකයන් නැගිටවූ සේක.GrHSin 233.1

    ප්‍රතිසංස්කරණවාදියකු ලෙස ලූතර්ගේ නම මිනිස් අවධානයට යොමු වීමටත් පෙර ප්‍රංශයෙහි දින උදාවෙන්නට විය. අරුණෝදයේ පහස ලැබූ ප්‍රථම තැනැත්තා වූයේ ලෙෆෙවර්ය. ඔහු මහළු වයසේ පසු වුවද, සිප් සතර උගත් අයෙක් විය. පැරිස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වූ හෙතෙම අවංකවූද, ජ්වලිතවූ ද පාප් සමයවාදියෙක් විය. පුරාණ සාහිත්‍යය විෂය සඳහා වූ පර්යේෂණවලදී ඔහුගේ අවධානය ශුද්ධ බයිබලය වෙත යොමු විය. තම විෂය මාලා ශික්ෂණයේදී ඔහු ශුද්ධ බයිබලීය අධ්‍යයනය සිසුන්ට ලබා දුන්නේය. සාන්තුවරයන්කෙරෙහි දැඩි, භක්ති ප්‍රණාමයක් දැක්වු අයෙක් වූ ලෙෆෙවර් බැතිමතුන් අතරේ සැලකිල්ලක් දිනාගෙන සිටියේය. රෝම සභාවේ ප්‍රබන්ධ අනුව වූ නාම ලේඛනයට ඇතුළත් කර තිබූ සාන්තුවරයන්ගේ සහ වේදසාක්ෂිකරුවන්ගේ ඉතිහාසයක් සැකසීමට ලේෆවර් භාරගෙන තිබුණේය. මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා මහත් වෙහෙසක් දැරිය යුතුව තිබිණ. මේ වන විට ඔහු මෙය තරමක් දුරට ලියා හමාර කොට තිබුණේය. තමාගේ කෘතිය සඳහා කරුණු සෑහෙන ප්‍රමාණයක් ශුද්ධ බයිබලයෙන් ලබාගත හැකි වේ යයි ඔහු අපේක්ෂා කළේය. එහි ශුද්ධවන්තයන් පිළිබඳ පුවත් සඳහන්ව තිබූ නමුත් රෝම සභ සාන්තුවරයන්ගේ දින දර්ශනයේ තිබූ නම් එකක්වත් ශුද්ධ බයිබලයේ ඇතුළත්ව තිබුණේ නැත. ඔහුගේ මනසට දිව්‍ය ආලෝකය ගලා එන්නට විය. මෙයින් විශ්මයටත් කලකිරීමටත් පත් වූ හෙතෙම තමා ස්වෙච්ඡාවෙන් කරන්නට භාරගත් කර්තව්‍යය අතහැර දමා දෙවියන්වහනසේ ගේ වචනය හැදෑරීමට තීරණය කර ගත්තේය. ශුද්ධ බයිබලයෙන් සොයාගත් අගනා සත්‍යතාවයන් ඔහු තම සිසුන්ට උගන්වන්නට පටන් ගත්තේය.GrHSin 233.2

    ලූතර් හෝ සිවින්ග්ලි හෝ ප්‍රතිසංස්කරණ දහම් පිණිවිඩ ප්‍රකාශ කරන්නට පෙර 1512 දී ලේෆෙවර් මෙසේ ප්‍රකාශනයක් නිකුත් කළේය. “සදාතන දිවි පැවැත්ම උදාකර දෙන්නාවූ කරුණා- අනුග්‍රහය මගින් පමණක් මං සලසන්නාවූ ධර්මිෂ්ඨතාව ලබාදෙන්නේ දෙවියන් වහන්සේ විසින් ඇදහිල්ල කරණකොටගෙන.” (Wylie, b. 13, Ch. 1) මිනිස් සත හට සාදා දෙන්නා වූ ගැළවීමේ අභිරහස් ගැන කථා කළ හෙතෙම මෙසේ පැවසීය. “අහෝ , එම හුවමාරුවේ ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අති උදාර මහිමාන්විතයකි! කිසිම පාපයක් නොකළ තැනැන්වහන්සේ වරදට පත්කරනු ලබන සේක, වරදකරුවා නිදොස් කොට මුදාහරිනු ලබයි. ආශිර්වාද ලත් තැනැන්වහන්සේ පාපයේ ශාපය විඳ දරාගත් සේක. ශාපයට යටත් වූ තැනැත්තේ ආශිර්වාදයට හිමිකම් කියයි. ජීවනයේ උල්පත මරණයට පත් කෙරේ, මරණයට ජීවත් වීමේ වරම් ලැබේ. තේජස්ශ්‍රීය මහිමාන්විතය අඳුරෙහි ගිලී යන්නේය. වියවුල මිස වෙනත් කිසිවක් නොදත් තැනැත්තේ තේජසින් පළඳවනු ලබන්නේය. (D.Aubigne, b .12, Ch. 2).GrHSin 234.1

    ගැළවීමේ තේජස හිමි වන්නේ දෙවියන්වහන්සේට පමණක් බව ඉගැන්වූ හෙතෙම, කීකරුවීමේ වගකීම මිනිසාට හිමි වන බවද පැවසීය. තවදුරටත් ඔහුගේ ප්‍රකාශනයක මෙසේ සඳහන් වේ. “ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ සභාවෙහි සාමාජිකයෙක් නම්, ඔබ උන්වහන්සේගේ ශරීරයේ කොටසක් නම්, ඔබ දිව්‍ය ස්වභාවයේ පූර්ණත්වයක් වන්නෙහිය. අහෝ, මනුෂ්‍යාට මෙම වරප්‍රසාදය පිළිබඳ අවබෝදයකට යොමු වීමට භාග්‍යය උදා වේ නම්, ඔහු කෙතරම් ශුද්ධවන්තවූ ද, පවින් තෙරවූද, භක්තියෙන් යුතුවූ ද, ජීවිතයක් ගත කරයිද! ඔවුන් තුළ ඇත්තා වූ තේජස හා සසඳන විට ඔවුන්ගේ ජීවිත රටාව කෙතරම් අශික්ෂිතද! එසේ නම්, මිනිසා ලෝකයේ යශෝරාවය හා කීර්ති පැසසුම් සොයා ගන්නේ වුවද එම අභ්‍යන්තරික තේජස මාංසමය ඇසට දැක ගැනීමට නොහැකිය. (D’ Aubigne, b .12, Ch. 3).GrHSin 234.2

    ලේෆෙවර්ගේ දේශනාවලට සහභාගී වූ සමහර සිසුවෝ ඔහුගේ වදන්වලට උනන්දුවෙන් යුතුව සවන් දුන්නෝය. ඔහුව නිහඬ කරනු ලැබීමෙන් වසර ගණනාවකට පසුව මෙම ශිෂ්‍යයෝ සත්‍යතාවේ හඬ පතුරුවා හැරීමට ඉදරිපත් වූවෝය. විලියම් ෆැරල් නමැත්තා එවැන්නෙකි. ශුද්ධවන්ත දෙමාපියන්ගේ පුතෙකු වීමේ භාග්‍යය ලැබූ හෙතෙම, සභාවේ ඉගැන්වීම් ප්‍රශ්න කිරීමකින් තොරව දේව වචන සේ පිළිගැනීමට අධ්‍යාපනය ලද්දේය. අපෝස්තුළු පාවුල් මෙන්ම ඔහුටද තමා ගැනම මෙසේ කීමට හැකියාවක තිබිණ “ඉතා දෘඪතර ලබ්ධිය අනුව මා එරිසියෙක්ව” දිවි ගෙවීමි. (ක්‍රියා 26: 5). රෝමානු සභාවෙහි ප්‍රබල බැතිමතෙකු වූ හෙතෙම, සභාවට විරුද්ධව ක්‍රියා කරන්නාවූ සැවොම විනාශ කර දැමීමට තරම් ජ්වලිත භාවයෙන් දැවෙමින් සටි පුද්ගලයෙක් විය. මෙම වකවානුවෙහි ඔහු ගත කළ ජීවිතය ගැන කථා කරන්නා වූ හෙතෙම මෙසේ ප්‍රකාශ කළේය. “යම්කිසි අයෙක් පාප්ට විරුද්ධව වචනයක් හෝ කථා කළේය නම්, මම කේන්තියෙන් කෝපාකූලවූ වෘකයෙකු මෙන් දත්මිටි කෑවෙමි.” (Wylie, b .13, Ch .2 ). ඔහු වෙහෙස මහන්සි නොබලා සාන්තුවරුන්ට ගරු බුහුමන් පුදමින් නමස්කාර කළේය. ලෙෆෙවර් සමග එකතු වූ හෙතෙම පැරිසියේ තිබූ දෙව් මැදුරු වෙත යමින් අල්තාර ඉදිරියෙහි දණ නමමින්, ශුද්ධ වූ පූජනීය භාණ්ඩ ඉදිරියෙහි අගනා තුති පඬුරු පුද කරමින් කටයුතු කළේය. නමුත් මෙවන් වතාවත් නොපිරිහෙලා ඉටු කළද ඔහුගේ සිතට සමාදානය උදාවුණේ නැත. තමා පව්කාරයකු යයි ඔහුගේ සිත වධ දෙන්නට විය. පාපයට දඬුවම් පමුණුවා ගනිමින් කළ ක්‍රියාවන් මගින් පවා සිත්හි තැවීම පහ නොවීය. සගයෙන් පැමිණි හඬක් ලෙසින් ඔහු පුනරුදවාදියාගේ මේ හඬට සවන් යොමු කළේය. “ගැළවීම උදා වන්නේ දේව කරුණා - අනුග්‍රහය මගින් පමණක්ය. අහිංසක තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය, අපරාධකාරයා නිදහස් කර හරිනු ලබන්නේය. සගයේ දොරටු විවෘත කිරීමට හැකියාව ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට පමණක්ය. එමගින්ම නරකාදියේ දොරටුද වසා දමනු ලබන්නේය.”GrHSin 234.3

    විලියම් ෆැරල් මහත් ප්‍රීතියෙන් යුතුව සත්‍යතාව වැළඳ ගත්තේය. පාවුල් මෙන් සංවර්තනයක් (හැරීමක්) අත්දුටු හෙතෙම සාම්ප්‍රදායික වතාවත් කෙරෙහි වූ බන්ධනයෙන් මිදී දේව දරුවන්ගේ නිදහසෙහි පහස ලබා ගත්තේය. තම අත්දැකීම ඔහු මෙසෙ තම වචනයට නැගුවේය. “බඩගින්නෙන් වියරු වැටී සිටි වෘකයකු මෙන් කෝපාවිෂ්ඨව තිබූ මාගේ හදවත එයින් මිදීම ලබා වැඩි ඝෝෂාවක් කරන්නේ නැතිව මුදු මොළොක් සහ අහිංසක බැටළුවෙකුගේ හදවතක් ලෙස හැරීමකට පත්විය. පාප් කෙරෙහි වූ ළබැඳයාවෙන් මුළුමනින්ම ඉවත් වී මම එම හදවත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ භාරයට කැප කළෙමි.” (D. Aubigne, b. 12, Ch. 3).GrHSin 235.1

    ලේෆෙවර් තම සිසුන් අතර ආලෝකය පතුරුවා හැරරීමේ කර්තව්‍යෙයහි නිරත විය. ඒ අතර, පාප් කෙරෙහි ඉමහත් ජ්වලිත භාවයකින් යුතු ගැදියාවක් දැක්වූ ෆැරල් තම ක්‍රියා මාර්ගය වෙනස්කොට ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ජ්වලිතයෙන් පිරි මහජනතාව අතරට ආලෝකය ගෙන ගියේය. සභාවෙහි ප්‍රංශ ප්‍රභූ බලධාරියකු වූ මේයෝහි බිෂොප්වරයාද මෙම ප්‍රතිසංස්කාරකයන් දෙදෙනා සමග අත්වැල් බැඳ ගත්තේය. තමන්ගේ හැකියාවන් සහ උගත්කම පිළිබඳව ඉහළ තනතුරු දැරූ ප්‍රභූවරුද ශුභාරංචිය පතුරුවා හැරීමේ කර්තව්‍යයට එකතු වූහ. කම්කරුවන් මෙන්ම ගොවි වැසියන්ද, රදළවරුන් මෙන්ම රජ මැඳුරේ අයද ශුභාරංචිය පිළිගත් අය අතර වූහ. ඔටුන්න හෙබ වූ I වැනි ප්‍රැන්සිස් රජුගේ සොහොයුරිය ද ප්‍රතිසංස්කරණයේ ඇදහිල්ල වැළඳ ගත්තාය. රජතුමා සහ මව් බිසවද ඒ දහම් කෙරහි කලක් ප්‍රසාදය දැක්වූහ. මහත් බලාපොරොත්තු ඇතිව සිටි ප්‍රතිසංස්කාරකයෝ මුළු ප්‍රංශයම ශුභාරංචිය වෙත දිනාගෙන එනු ලබන කාලය ප්‍රීතියෙන් අපේක්ෂා කළහ.GrHSin 235.2

    එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු නොවන බව පෙනී යන්නට විය. ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ට එරෙහිව නඩු විභාග සහ හිංසා පීඩා සූදානම් කොට තිබුණේය. සමයේ කාලයක් උදා වී තිබුණේය. කුණාටුවට මුහුණ දීම සඳහා ශක්තිමත්ව සිටීමට ඒ කාලය ඔවුන්ට ලබා දී තිබුණේය. ඒ අතර ප්‍රතිසංස්කරණය ශීඝ්‍ර‍යෙන් වර්ධනය වන්නට විය. මේයෝහි බිෂොප්වරයාද ඉමහත් උනන්දුකින් යුක්තව තම බල ප්‍ර දේශය තුළ ක්‍රියාත්මක වෙමින් පැවිදි පක්ෂය හා අනෙක් ජනතාව අතර ප්‍රතිසංස්කරණයේ දහම් කියා දුන්නේය. දැනුමක් නොතිබූ පූජකවරුද දුරාචාරයෙහි යෙදෙන්නාවූ පූජකවරුද ඉවත් කරනු ලැබූහ. ඔවුන් වෙනුවෙන් උගත්, ශ්‍රද්ධාව ඇති පුද්ගලයන් යොදවා ගනු ලැබිණි. දේව වචනය පුද්ගලිකව කියවීමේ වරප්‍රසාදය ජනතාවට ලබාදිමට බිෂොප්වරයා තුළ මහත් ආශාවක් විය. එම අභිලාෂය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය. ලෙෆෙවර් අලුත් ගිවිසුම පරිවර්තනය කිරීමේ කාර්යය භාර ගත්තේය. ලූතර්ගේ ජර්මානු බයිබලය විටන්බර්ග් මුද්‍රණාලයෙන් පිටවෙනවාත් සමගම මේයෝහිදී ප්‍රංශ අලුත් තෙස්තමේන්තුව ප්‍රකාශනයට පත්විය. තම බල ප්‍රදේශයෙහි සිටි බැතිමතුන් අතර ප්‍රංහ බයිබලය බෙදා හැරීමට බිෂොප්වරයා තම ශ්‍රමය සහ මුදල් වැය කිරීමට මැළි වූයේ නැත. වැඩි දවසක් ගත වීමට පෙර ශුද්ධ ලියවිල්ල මේයෝහි ගොවීන් අතර පත් විය.GrHSin 236.1

    පිපාසයෙන් පෙලෙන්නාවූ මගීන්, ගලා යන්නා වූ දිය උල්පතක් දැකීමෙන් මහත් ප්‍රීති ප්‍රමෝදයට පත් වන්නා වූ ආකාරයකින් දේව වචනය ගැන පිපාසාවෙන් සිටි මේයෝහි දුගී ජනතාව එම පොත් සගයෙන් ලැබූ ජීවන පැන් ලෙස පිළිගත්තෝය. කෙතෙහි වැඩ කළ ගොවියාත්, කම්මලෙහි සේවය කළ කාර්මිකයාත් වැඩෙහි යෙදී සිටි අතරේදී බයිබලයෙහි සේවය කළ කාර්මිකයාත් වැඩෙහි යෙදී සිටි අතරේදී බයිබලයෙහි අන්තර්ගත සත්‍යතාවන් ගැන කථා බහ කර ගනිමින් මෙහෙස සමනය කර ගත්තෝය. දෛනික වැඩ කටයුතු හමාර වී මුද්‍රික පානය සඳහා බීම සැල් වෙත නොගොස් තම තමන්ගේ ගෙවල් කරා පා නැගූ කම්කරු ජනතාව දෙවියන්වහන්සේගේ වචනය කියවමින්, යාච්ඤාවේ යෙදෙමින්ද, පසස් ගී ගයමින්ද එක්ව ක්‍රියාකළෝය. මෙම ප්‍රජාවන් අතර මහත් වූ වෙනස්කම් දැකගැනීමට හැකි විය. වැඩි උගත්කමක් නොතිබූ, වෙහෙස මහන්සිව වැඩ කළ මෙම දලී ජනතාවගේ ජීවිත තුළ දිව්‍ය කරුණා-අනුග්‍රහයේ වෙනස් කිරීමේ සහ නඟාලීමේ බලය විද්‍යමාන විය. නිහතමානී ආදරයෙන් යුතු ශුද්ධ ජීවිත ගත කළ මෙම ජනතාව, අවංකව ශුභාරංචිය ඔවුන්ගේ ජීවිත තුළට පිළිගත් විට ඇතිවන ගුණාත්මක වෙනස්වීම ගැන ප්‍රබල සාක්ෂිකරුවන් ලෙස නැගී සිටියෝය.GrHSin 236.2

    මේයෝහි දල්වන ලද ආලෝකය ඈත එපිට ගම් දනව් කරාද පැතිර ගියේය. සත්‍යයට සංවර්තනය වන්නා වූ (හැරෙන්නාවූ) අය දිනපතාම ගණනින් වැඩි වන්නට විය. පාප් සභාවේ බලධරයන්ගේ දැඩි උදහස රජතුමා විසින් කලකට බෙලහීන කර තිබුණේය. තමන්ගේම මනසෙහි එල්බ සිටින්නා වූ පටු අවිචාර බුද්ධියෙන් යුත් පූජකයන්ගේ ක්‍රියාකලාපය රජුගේ මනාපයට හේතු නොවීය. පූජකයන් දැඩි ක්‍රියා මාර්ගයකට නොපැමිණියේ මේ හේතුව නිසාය. එහෙත් අවසානයේදී පාප් බල අධිකාරීහු ක්‍රියාත්මක වන්නට වූහ. ගිනි පූජා සඳහා මිනිසුන් බැඳ දැමීමට කණු සිටුවන ලදී. මේයෝහි බිෂොප් තුමාට ගිනිබත් වීම හෝ උගන්වන ලද ඇදහිලි ක්‍රමවේදයන් අත්හැරීම අතර තෝරා ගැනීමක් කිරීමට අධිකරණ නියමයක් විය. බිෂොප් තුමා පහසු මාර්ගය තෝරා ගත්තේය. නායකයාගේ ඇද වැටීමක් සිදුවුවද, ඔශුගේ රැළ නොසැලී සිටියේය. තමන් අවට ගිනි දැල් පැවති විට පවා බොහෝ අය සත්‍යතාව වෙනුවෙන් සාක්ෂි දැරූහ. ගිනි මැළය මැද සිටියදී ඔවුන් දැක්වූ දිරිමත්කම සහ පක්ෂපාතීකම හඬ නගා කීවේ සත්‍යය පාවා දෙන්නේ නැති බවට ගත් තීරණයයි. ගින්නට ගොදුරු කරනු ලැබීමේදී ඔවුන් දැක්වූ විශ්වාසවන්තකම මගින්, සාමයේ දවස්වලදී ඔවුන්ගේ සාක්ෂිය නොඇසූ දහස් ගණන් ජන සමූහයකට ඔව්හු ශුභාරංචි සත්‍යතාව අවධාරණය කළෝය.GrHSin 237.1

    නින්දාවන් හා හිංසා පීඩා මධ්‍යයේ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සාක්ෂි දැරීමට අභීතව ඉදිරිපත් වූවෝ යටහත් පහත් දුගී අය පමණක් නොවීය. වංශාධිපතීන් හා රාජකීය ප්‍රභූන් වාසය කළ රජ මාළිගාවෙහි සහ බලකොටුවෙහි සිටි සමහර අය තම වස්තුවට හෝ තනතුරට හෝ ජීවිතයට හෝ වැඩියෙන් සත්‍යතාව අගය කළෝය. ලෝගුව දහ පාදර්ශක මකුටය පැළඳ සිටි බිෂොප් තුමාගෙන් ප්‍රදර්ශනය වූ නිර්භීතභාවයට වඩා උදාර වූ ද නොසැලෙන්නාවූ ද ආත්මයක් රාජකීය යුද්ධ හැට්ටය වසාගෙන සිටියේය. ලුවී බර්කුවීන් නමැත්තා ප්‍රභූ පෙළපතකින් පැවත එන්නෙක් විය. රජුගේ ආරක්ෂක මුළාදෑනියෙක් වූ නිර්භීත අයෙක් විය. ඔහු ඉගෙනීමට ලැදියාවක් දැක්වූ, ඉතා ශිෂ්ට සම්පන්නවූ, නොකැළැල් චරිතයක් තිබූ කුලවතෙක් විය. ඒක්තරා ලේඛකයෙක් ඔහු පිළිබඳව මෙවන් සටහනක් තබා ඇත. “පාප් අධිකාරී ව්‍යවස්ථාවන් අනුගමනය කිරීමට මහත් ලැදියාවක් දැක්වූ මෙම යුද්ධ නිලධාරීයා සත් ප්‍රසාද පූජාවනට සහභාගී වීමටත් ආගමික දේශනවලට සවන් දීමටත් උපන් පුද්ගලයෙක් විය. ඔහු ලූතරන් වාදය කෙරෙහි දැක්වූයේ මහත් පිළිකුල්තාවකි. තවත් බොහෝ අය මෙන් ශුද්ධ බයිබලය වෙත දේවානුභාවයෙන් මග පෙන්වනු ලැබීමත් සමගම ඔහුද විස්මයෙන් දුටුවේ බයිබලයේ ඇත්තේ රෝමානු ධර්මතාවන් නොව ලූතර්ගේ ධර්මතාවන් බවය. (Wylie, b. 13, Ch. 9). මෙතැන් පටන් හෙතෙම ශුභාරංචි ව්‍යාප්තිය සඳහා තම ජීවිතය කැප කළේය.GrHSin 237.2

    “ප්‍රංශයේ වංශාධිපතීන් අතර ඉහළම අධ්‍යාපනය ලබා සිටියා වූ පුද්ගලයා” ලෙස ලුවී බර්කුයින් ප්‍රසිද්ධිය ලබා සිටියේය. ඔහුගේ උත්කෘෂ්ට සහජ බුද්ධි ප්‍රභාව සහ ව්‍යක්ත භාවයත් ඔහුගේ යටත් ඛල නොහැකි ධෛර්යය සහ වීර වික්‍රමාන්විත උද්‍යෝගයත්, රාජ සභාව ඇතුළත ඔහුට තිබූ අනුබලයත්, රජතුමාගේ විශේෂ වරප්‍රසාදවලට හිමිකම් කිවූ තැනැත්තෙකු ලෙසත්, ඔහුට තිබූ ආශිර්වාදයන් නිසාම හෙතෙම ප්‍රංශයේ ප්‍රතිසංස්කාරක නායකයා වීමට ඉරණම් වී ඇතැයි බොහෝ අය කල්පනා කළහ. බීසා නමැති ලේඛකයා මෙසේ ලියා තිබේ. “ලූතර්ට ආදිපාද තුමාගෙන් ලැබුණු සහාය බර්කුයින්ට I වන ප්‍රැන්සිස් රජතුමාගෙන් ලැබුණේ නම් ඔහු දෙවෙනි ලූතර් කෙනෙකු වනවා ඇත.” ඔහු “ලූතර්ටත් වඩා කරදරකාර කෙනෙක් ය” යි ප්‍රංශයේ පාප් වාදීහු බර්කුයින් ගැන එක හඬින් කියා සිටියෝය. ඔවුහු බර්කුයින්ව අත් අඩංගුවට ගෙන සිරගෙයි දැම්මෝය. එහෙත් රජතුමා ඔහුව නිදහස් කළේය. වසර ගණනාවක්ම මේ අරගලය පැවතුණේය. රෝමය සහ පුනරුද ව්‍යාපාරය අතරේ ප්‍රැන්සිස් අතරමං විය. හෙතෙම එක් වාරයකදී රෝම තපස් පැවිද්දන්ට සිය අදහස් ඉටු කරගන්නට ඉඩ හැරියේය. තවත් වරෙක බර්කුයින්ට නිදහසේ තම කටයුතු කරගෙන යාමට ඉඩ හැරියේය. පාප් නිලධාරීන් විසින් බර්කුයින්ව තුන්වරක්ම සිරගෙට යවන ලදී. ඒ සෑම අවස්ථාවකදීම රජතුමා ඔහුව නිදහස් කළේය. බර්කුයින්ගේ සහජ බුද්ධි ප්‍රභාව සහ ජීවිතයෙහි නොකැළැල්කමත් අගය කළ රජතුමා ඔහුව රෝමානු නායකයන්ගේ අධිකාරී බලයට පාවා දීම ප්‍රතික්ෂේප කළේය.GrHSin 238.1

    ප්‍රංශයේදී මුහුණ පෑමට සිදුවිය හැකිවූ අනතුරු ගැන බර්කුයින්ව දැනුවත් කරන ලදී. ඔහුට එල්ල වී තිබූ මරණීය තර්ජනයද ඔහු දැන සිටියේය. සිය කැමැත්තෙන්ම ප්‍රංශයෙන් පිටවී ගොස් වෙනත් රටක රැකවරණය සෙවූ අය මෙන් ක්‍රියා කරන්නැයි ඔහුට අවවාද කළ අය බොහෝ දෙනෙක් වුහ. ඉරැස්මස් වනාහී බයාදු ගති ඇති, තත්ත්වය අනුව ක්‍රියා කළ පුද්ගලයෙක් විය ඔහු ඉතා බුද්ධිමත් ප්‍රවීණයෙක් විය. ජීවිතයට සහ ගෞරවයට වඩා සත්‍යතාව අගය කිරීමේ සුචරිතානුකූල උතුම් ගුණාංග ඔහු තුළ නොතිබුණි. ඔහු බර්කුයින්ට මෙසේ ලිපියක් යැව්වේය. “තානාපතිවරයකු වශයෙන් විදෙස් රටකට යවන්නැයි ඉල්ලන්න. ජර්මනියට ගොස් ඇවිද බලන්න. බීඩා වැනි අය ඔබ හොඳින් දන්නවා ඇති ඔහු වනාහි හිස් දහසකින් යුත් රාක්ෂයෙකි. ඔහු සෑම අතකටම විෂ රැගත් හී සැර විදින්නාවූ භූතයෙකි. දුෂ්ටයෙකි. ඔබට ඉන්නා වූ සතුරෝ අති විශාලය. ඔබ ඉටු කරන්නා වූ කාර්යභාරය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සේවයට වඩා උසස් ඒකක් වී නම් ඔබගේ සතුරන් ඔබට සහමුලින්ම විනාශ නොකර යන්නට ඉඩ හරින්නේ නැහැ. රජතුමාගේ රැකවරණය කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න ඒපා. දේව ධර්ම ශාස්ත්‍ර පීඨයට මාව ඈඳ ගන්න එපා. (Wylie, b. 13, Ch. 9).GrHSin 238.2

    අනතුරු තර්ජන වර්ධනය වෙත්ම බර්කුයින්ගේ ජ්වලිත භාවයද දියුණු විය, තව තවත් ශක්තිමත් විය. ඉරැස්මස්ගේ දූරදර්ශී සහ ස්ව ආත්මයට සේවයක් කරගැනීමේද, තම යහපතට මුල් තැන දෙමින් ක්‍රියා කිරීමේද ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැතිව, එයට වඩා දැඩි ලෙස ක්‍රියා කිරීමට ඔහු අධිෂ්ඨාන කර ගත්තේය. සත්‍යතාව රැකගැනීමට පමණක් ක්‍රියා කරන්නේ නැතිව නිර්ධය ලෙස වරදට විරුද්ධව සිටීමටද ඔහු තීරණය කර ගත්තේය. ඔහු මත වරද පැටවීම සඳහා ගොනු කළ චෝදනා පත්‍රයෙන් ඒල්ල කළ ධර්ම විරෝධී මිථ්‍යා ඉගැන්වීම් පෙරළා රෝමානුවන් වෙතටම එල්ල කිරීමට ඔහු අදිටන් කර ගත්තේය. ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූ ඉතා ප්‍රබල විරුද්ධවාදීන් වුණේ පැරිස් විශ්ව විද්‍යාලයේ දේව ධර්ම පීඨයේ මහාචාර්යවරුන් සහ පැවිදි ආචාර්යවරුන්ය. මේ විශ්ව විද්‍යාලය එම නගරයෙහි මෙන්ම මුළු රටේම ආගමික විෂයන් සම්බන්ධයෙන් ඉතා උතුම් තත්ත්වයක පැවතුණි. මෙම මහාචාර්යවරුන්ගේ ප්‍රකාශන කෙරෙන් උපුටාගත් ඉගැන්වීම් සහ මත ප්‍රකාශන දොළසක් මගින් ගොඩ නගා ගත් විරෝධතා ප්‍රකාශන පත්‍රයක් බර්කුයින් සකසා ගත්තේය. ඒම සහම් තීරණයන් ශුද්ධ බයිබලයට පටහැනි බවත් ආගම් විරෝධි බවත් ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේය. මෙම මත අරගලයේදී විනිශ්චයකරු හැටියට ක්‍රියා කරන ලෙස ඔහු රජතුමාගෙන් ඉල්ලා සිටියේය. GrHSin 239.1

    විරුද්ධවාදී වීර පාර්ශව දෙකක් අතර බලය හා දස්කම් උරගා බැලීමේ සටනක් ගැන රජතුමා වැඩි කැමැත්තක් නොදැක්වුවද, මෙම අහංකාර පැවිද්දන්ගේ උද්දාම මත බිඳ දැමීමට ලැබුණු අවස්ථාව ගැන ප්‍රීතියට පත්ව, තම ඉගැන්වීම් බයිබලය ආශ්‍රයෙන් තහවුරු කරන ලෙස ඔහු රෝමානුවන්ට ආරාධනා කළේය. මෙම ආයුධය මගින් තමාට වාසියක් නොලැබෙන බව ඔවුහු දැන සිටියහ. සිරගෙයි දැමීම, මධහිංසා පැමිණවීම, කණුවකට බැඳ ගිනි පූජාවන් කිරීම ඔවුන්ට හුරු පුරුදු ආයුධ විය. දුර්ලබ්ධි චෝදනා දැන් කණපිට පෙරලුණි. බර්කුයින්ව ඇද දැමීමට කැපූ වළෙහි දැන් තමන්ව වැටෙන්නට යන්නේ යයි බියකින් ඔවුහු වෙලී ගියෝය. විමතියට පත්ව සිටි ඔවුහු එයින් ගැළවී යාමට මාර්ගයක් සෙවූහ.GrHSin 239.2

    කරුණු මෙසේ උණුසුම්ව පැවැති අවස්ථාවේදී එක්තරා විදියක තිබු කන්‍යා මරියාගේ සුරුවමක් විනාශ කර දමනු ලැබ තිබුණි. “නගරය පුරා දැඩි අසහනකාරී තත්ත්වයක් උදා විය. විශාල ජන සමූහයක් එම ස්ථානයට එක් රොක් වූහ. ඔවුන්ගේ හැඟුම්බර මුහුණ තුළ කෝපය හා වැලපීම දැවෙමින් තිබුණේය. මෙම පුවතින් රජතුමාද කම්පාවට පත් විය. මෙම සිද්ධිය තමන්ගේ යහපතට සහ වාසියට හරවා ගැනීම උචිත යයි තීරණය කරගත් පාප්වාදීහූ එම සැලැස්ම දියුණු කරගැනීමට සාකච්ඡා කළෝය. “බර්කුයින්ගේ දහම්වල ප්‍රතිඵල මෙන්න” යයි ඔවුහු මොර දුන්හ. “ලූතර්වාදීන්ගේ මෙම කුමන්ත්‍රණය මගින් සියල්ලක්ම විනාශයට යොමු වෙනවා ඇත. එසේය ආගම, නීතිය සහ සිංහාසනය පවා ඇද වැටෙනවා නියතය.”යි ඔව්හු මොර ගැසූහ. (Wylie, b. 13, Ch. 9).GrHSin 240.1

    බර්කුයින්ව නැවත වරක් අත්අඩංගුවට ගන්නා ලදී. රජතුමා පැරිසියෙන් නික්ම ගියේය. තමා කැමති පරිදි ක්‍රියා කිරීමට රෝමානු පැවිද්දන්ට නිදහස උදා විය. නඩු විභාගයකින් පසුව බර්කුයින්ව මරා දැමීමට තීරණය විය. යම්කිසි අයුරකින් රජතුමා පැමිණිය හොත් තීන්දුව ක්‍රියාත්මක කිරීමට නොහැකි වේ යයි සිතූ රෝමානු බලධරයෝ තින්දුව දුන් දිනයේදීම බර්කුයින් මරා දැමූහ. මධ්‍යම දවාලේදී බර්කුයින්ව මරණය සිදුකරන ස්ථානය වෙත රැගෙන යන ලදී. සිද්ධිය දැක බලාගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියෝය. මරණ තීන්දුව ලැබූ තැනැත්තා දැකීමෙන් ඔවුහු තුෂ්නිම්භූත වූවෝය. ඔවුන්ගේ සිත් භීතියෙන් හා සැකයෙන් ඇලලී ගියේය. ප්‍රංශයේ සිටි ඉතා යහපත්වූ ද නිර්භීතවූ ද පවුලක සාමාජිකයෙකුට මෙවන් ඉරණමක් අත්වීම ගැන තම ඇස් අදහා ගැනීමට ඔවුන්ට නුපුළුවන් විය. විශ්මය, භීතිය, කෝපය, පරිභවය, බද්ධ වෛරය සහ මහත් පිළිකුලක් නිසා ඔවුන්ගේ මුහුණ කළු පැහැගැන්වී තිබුණේය. එහෙත් එක් මුහුණක පමණක් අඳුරු සේයා රැඳී නොතිබුණේය. මේ වේදසාක්ෂිකයා තමා අවට සිදුවන්නාවූ දැයින් කැලඹීමකට පත් නොවීය. ස්වාමීන් වහන්සේ තමා සමඟ සිටින බව ඔහු දැනගත්තේය.GrHSin 240.2

    මරණයට තීන්දු කරනු ලැබූ ඔහුව ගෙන ගිය රථය මාවත දිගේ ගමන් ගත්තාවූ අතර තමාට චෝදනා නැගූ පාක්ෂිකයන්ගේ රැවුම් ගැරවුම් ඔහු වෙත එල්ල වුවද, භයානක මරණයකට ඔහු මුහුණ දිය යුතු වුවද ඔහුගේ මානසික සාමය බිඳ හෙලීමට ඒ කිසිවක් සමත් නොවීය. ජීවත්ව සිටියාවූ ද, මරණයට පත්වූවාවූ ද, එහෙත් තවදුරටත් ජීවත්ව සිටින්නාවූ ද තැනැන්වහන්සේ තමන් සමග එතැන වැඩ සිටින බව ඔහු දැන සිටියේය. මරණයේ සහ පාතාලයේ යතුරු ඇති තැනැන්වහන්සේගේ අභිමුඛය ඔහු සැමට වඩා අගය කළේය. සගයෙන් වූ සමාදානයෙන් ඔහුගේ වත දීප්තිමත්ව බැබළෙමින් තිබුණේය. මරණය කරා පිය නැගූ හෙතෙම කඩවසම් ලෙස ඇඳ පැළඳ සිටියේය. “ඔහු විල්ලුද සැට්ටයක් හැඳ, සැටින් රෙද්දෙන් නිම කළ කොට කබායකින් සැරසී, රන් නූලෙන් ගෙත්තම් කළ දිග මේස් දෙකක්ද පැළඳ ගෙන සිටියේය. (D. Aubigne, “History of the Reformation in Europe in the time of Calvin’’ b. 2, Ch. 16). රජුන්ගේ රජ වන රාජෝත්තමයාණන් ඉදිරියෙහිද, බලා සිටින්නාවූ සකල විශ්වීය මිනිසුන් ඉදිරියෙහිද තමාගේ ඇදහිල්ල පිළිබඳව සාක්ෂි දැරීමට හෙතෙම සූදානමින් සිටියේය. ඔහුගේ ප්‍රීතිය අඳුරු කිරීමට කිසිම ආකාර හඬා වැටීමක් නොවීය.GrHSin 240.3

    සිරකරුවා රැගත් පෙරහැර සෙනඟ පෙළ ගැසී සිටි වීදි දිගේ ඉදිරියට ඇදෙත්ම ඔහුගේ මුහුණෙහි තිබූ සාමයේ හා ප්‍රීතිමත් ජයග්‍රහණයේ පෙනුමත්, ඔහුගේ සිරුර පුරා තිබූ සන්සුන් තැන්පත් දසුනත් සැමගේ විශ්මයට හේතු විය. කෙනෙක් මෙසේ කීවේය: “දේවස්ථානයක වාඩි වී ශුද්ධ වූ දේ පිළිබඳව භාවනා කරන්නාවූ අයෙකු සේ ඔහුගේ පෙනුම ශාන්තය. ” (Wylie, b. 13, Ch. 9).GrHSin 241.1

    කණුවට බැඳ දමා ගිනි දැල්වීමට පෙර සෙනඟට වචන ස්වල්පයක් පැවසීමට බර්කුයින් වෑයම් කළේය. එයින් ඇති විය හැකි ප්‍රතිඵලය භයානක විය හැකි බව දුටු පූජකයෝ ඝෝෂා කිරීමට පටන් ගත්හ; සොල්දාදුවෝ තම යුද්ධායුධ එකිනෙකට ගසන්නට පටන් ගත්හ. ඔවුන්ගේ අධික ශබ්ද කිරීම මගින් වේද සාක්ෂිකයාගේ හඬ යටපත් විය. මරණය අභියස පෝරකය පාමුල ලෑල්ල මත නැගී සිටින්නාවූ අවස්ථාවේදී අන්තිම ප්‍රකාශයක් කිරීමට අවසර නොදීමේ ජන මතය ස්ථාපිත කරන ලද්දේ 1793 දීය. ඒ සඳහා ආදර්ශයක් තබන ලද්දේ බර්කුයින්ගේ වේද සාක්ෂි මරණයත් සමඟය. ඒ අනුව 1529 දී ශිෂ්ට ප්‍රබුද්ධ පැරිසියේ උගත් ආගමික අධිකාරිය බර්කුයින්ට එම අවස්ථාව නොදීමෙන් අශිෂ්ට ආදර්ශයක් ලබා දුන්නේය. (Wylie, b. 13, Ch. 9).GrHSin 241.2

    බර්කුයින්ගේ ගෙල හිර කොට ඔහුගේ සිරුර ගිනිමැලයට දමන ලදී. ඔහුගේ මරණය පිළිබඳ පුවත ප්‍රංශය පුරා සිටි ප්‍රතිසංස්කරණයේ මිතුරන්ගේ සාතිශය සංවේගයට හේතු විය. එසේ වුවද, ඔහුගේ ආදර්ශය කිසිවෙකුට හෝ අමතක නොවීය. සත්‍යය වෙනුවෙන් සාක්ෂි දරන්නාවූ අය මෙසේ කීවෝය. “මතු පැමිණෙන්නාවූ ජීවිතය දෙස අපගේ දෑස් රඳවා තබා ගෙන සතුටින් යුතුව මරණයට මුහුණ දීමට අපත් සූදානම්” (D’ Aubigne, “History of the Reformation in Europe in the time of Calvin, b. 2, Ch. 16).GrHSin 241.3

    මේයෝ පෙදෙසෙහි පැවති හිංසා පීඩා සමයේදී ප්‍රොතැස්තන්ත දේවගැතිවරුන්ට දේශනා කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් නොවීය. එහෙයින් ඔව්හු වෙනත් ප්‍රදේශවලට ගියහ. ටික කලකට පසුව ලෙෆෙවර් ජර්මනිය බලා පිටත්ව ගියේය. ෆැරල් තමාගේ උපන් ගම පිහිටි නැගෙනහිර ප්‍රංශය වෙත පැමිණියේය. තමා ළමා කාලය ගත කළ නගරය වෙත පැමිණි හෙතෙම එහි ශුභාරංචි පතුරුවා ලීමෙහි නිරත විය. මේයෝ පෙදෙසෙහි සිදුවන්නාවූ දේ පිළිබඳව වූ පුවත් මෙහිදී පතළ වී තිබුණි. එහෙයින් ෆැරල්ගේ දේශනා ඇසීමට බොහෝ දෙනෙක් පැමිණියහ. එහෙත් මේ සහභාගිත්වය බලධරයන්ගේ උදහසට හේතු විය. දේශනාකරුවාව නිහඬ කිරීමට රෝමානුවෝ වෑයම් කළෝය. එහි ප්‍රතිඵලයක් ලෙස ෆැරල්ව එම නගරයෙන් පිටුවහල් කරන ලදී. ප්‍රසිද්ධියේ ශුභාරංචිය ඉගැන්වීමට වරම් නොතිබු හෙතෙම ගම් නියම්ගම් කරණය කරමින් පුද්ගලිකව ගෙවල් වෙත යමින් ශුභාරංචිය කියා දුන්නේය. ලාබාල වියෙහි යහළුවන් සමග සෙල්ලම් කළ වන ලැහැබ සහ කඳු අතර සැරිසරමින් ඔහු එහි වූ බිංගෙවල රාත්‍රිය ගත කළේය. වඩා මහත් පීඩාවන්ට මුහුණ දීමට දෙවියන්වහන්සේ ඔහුව සූදානම් කළසේක. ඔහු මෙසේ පැවසුවේය. “කුරුසි, හිංසා පීඩා, සහ සාතන්ගේ උපක්‍රමශීලී ක්‍රියාදාමයන් අඩුවූයේ නැහැ. මට ලැබුණු පීඩාවන්න මාගේ ශක්තියෙන් දරා ගැනීමට නොහැකි තරම් දරුණුයි. එනමුත් දෙවියන්වහන්සේ මාගේ පියාණන් වනසේක. මට උවමනා කරන්නාවූ ශක්තිය උන්වහන්සේ මට මෙතෙක් කල් ලබාදී තිබෙනවා. අනාගතයේදීත් නිතරම එසේ ශක්තිය සපයා දෙන බව මට සහතිකයි.” (D. Aubigne, b. 12, Ch. 9).GrHSin 241.4

    අපෝස්තුළුවරුන්ගේ කාලයේදී මෙන්ම, හිංසා පීඩා, වධ වේදනා මගින් සිදුවූ ශාන්තිය නම්, සෑම දෙයක්ම ශුභාරංචියේ වර්ධනයට ඉවහල් වීමය. (පිලිප්පි 1:12). පැරිසියෙන් හා මේයෝ නගරයෙන් “විසිරවනු ලැබූ ඔව්හු ගිය ගිය ස්ථානවල වචනය ප්‍රකාශ කළෝය.” (ක්‍රියා 8: 4). මෙසේ සත්‍යතාවේ ආලෝක දහරා ප්‍රංශයේ ඈත පිහිටි ගම් දනව් කරා පැතිර ගියේය.GrHSin 242.1

    තමන්වහන්සේගේ කාර්යය ව්‍යාප්ත කිරීම සඳහා දෙවියන්වහන්සේ තවදුරටත් සේවකයන් පුහුණු කරමින් සිටිසේක. පැරිසියේ එක්තරා පාසලක එක් දක්ෂ සිසුවෙක් ඉගෙනුම ලබමින් සිටියේය. ඉතා බුද්ධිමත් සිසුවෙකු වූ හෙතෙම තීක්ෂණ ඥානයක් සහ කඩිනමින් කරුණු වටහා ගැනීමේ හැකියාවක් තිබූ සමතෙක් විය. වැඩි කලබලකාරී ස්වභාවයක් නොතිබු ඔහු ඉතා ප්‍රබල මනසකින්ද ඉතා යහපත් චරිතයකින්ද සැමගේ හදවත් දිනාගත් අයෙක් විය. ඔහු ආගමට ඉතා ලැදි අයෙක් විය. ඔහුගේ සහජ බුද්ධි ප්‍රභාවත්, විෂය නිර්දේශ කිරීම සඳහා වූ ඇල්මත් නිසා හෙතෙම පාසලේ ජනප්‍රියතම ශිෂ්‍යයා බවට පත්විය. ජෝන් කැල්වින් නැමැති මේ සිසුවා අනාගතයේදී සභාවේ ප්‍රබලතම සහ ගරු කටයුතු ආරක්ෂකයෙකු වේය යනු බොහෝ දෙනෙකුගේ පුද්ගලික කල්පිතය විය. කැල්වින් වටා ගොඩ නැගී තිබු අධ්‍යාපන ක්‍රමවේදයත්, උගන්වනු ලැබූ මිථ්‍යා විශ්වාසයත් විනිවිද යාමට දිව්‍ය ආලෝක දහරාවක් ක්‍රියාත්මක විය. ප්‍රතිසංස්කරණ සමයේ පැවති අලුත් දහම් ඇසූ හෙතෙම ඒ ගැන වෙව්ලන්නට විය. මේ මිථ්‍යා දෘෂ්ටිකයන් ගිනි මැලයට දැමීම ඉතා සාධාරණ බව ඔහුගේ මතය විය. එහෙත් මේ දහම් සහ ඉගැන්වීම් සමග මුහුණට මුහුණ ලා පිරික්සුමක් කිරීමට ඔහු නොදැනුවත්වම යොමු කරනු ලැබීය. ප්‍රොතැස්තන්ත දහම් සහ ඉගැන්වීම් ගැන පරීක්ෂණයක් කර, එහි අන්තර්ගත සාවද්‍ය කරුණු අධ්‍යයනය කර රෝමානු ධර්මය මගින් ඒ ධර්මයන් යටපත් කරනු ලැබීය හැකි දැයි සෝදිසි කිරීමට ඔහු බල කරනු ලැබීය.GrHSin 242.2

    ප්‍රතිසංස්කරණයේ දහම් වැළඳ ගත් කැල්වීන්ගේ ඥාතී සොහොයුරෙක් වු ඔලිවෙටන් පැරිසියට පැමිණ සිටියේය. ක්‍රිස්තියානි රාජ්‍යය කළඹන්නාවූ කරුණු පිළිබඳව මේ ඥාතීන් දෙදෙනා සාකච්ඡා කළෝය. ප්‍රොතැස්තන්තවාදී ඔලිවෙටන් මේ ගැන මෙවන් ප්‍රකාශයක් කළේය. “ලෝකයේ ඇත්තේ ආගම් දෙකක් පමණයි. එයින් එක් ආගම් පංතියක් මනුෂ්‍යයා විසින් නිර්මාණය කර ඇත. එකී ක්‍රමවේදය අනුව මනුෂ්‍යයන්ට යහපත් ක්‍රියාවන් ඉටු කිරීමෙන් හා වත් පිළිවෙත් පැවැත්වීම මගින් ගැළවීම උපයාගත හැකිය යන්න ඉගැන්වේ. අනෙක් ආගම වන්නේ බයිබලයෙන් එළිදරව් කර ඇති ක්‍රමයයි. එහි ඇතුළත් ඉගැන්වීම අනුව මිනිසාට ගැළවීම ලැබෙන්නේ දෙවියන්වහන්සේ විසින් නොමිලයේ දෙනු ලබන කරුණා - අනුග්‍රහය කෙරෙහි විශ්වාසය රැඳවීමෙන්ය. ” (Wylie, b. 13, Ch. 7).GrHSin 243.1

    “ඔබ පවසන්නාවූ එකම අලුත් දහමක්වත් පිළිගැනීමට මම කැමැති නැහැ. මා ජීවත්වූ මුළු කාලය පුරාම මා වැරැද්දෙහි ජීවත් වූ බවද ඔබ කියන්නේ?” කියා කැල්වින් විචාළේය.GrHSin 243.2

    මෙම හමුවීම මගින් කැල්වින්ගේ සිතෙහි යම් යම් ව්‍යාකූල සිතුවිලි රෝපණය වු අතර ඒවා ඉවත ලෑමට ඔහු සමත් නොවීය. තමාගේ කුටියට වැදුණු හෙතෙම තම ඥාති සහෝදරයාගේ වදන් පිළිබඳව කල්පනා කරන්නට විය. පාපය පිළිබඳව වූ හැඟීමක් ඔහුගේ සිත වෙළා ගත්තේය. තමා විනිශ්චයාසනය ඉදිරියෙහි තනිවම සිටින්නේ මැදහත්කාරයෙකු නැතිව බව ඔහුට හැඟී ගියේය. ශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ විනිශ්චයකාරයාණන් ඉදිරියෙහි තනිවම සිටීමට සිදුවේය යන සිතුවිල්ල ඔහු තුළ භීතියක් ජනිත කළේය. සාන්තුවරයන්ගේ මැදහත්වීම්, යහපත් ක්‍රියා සහ සභාවේ පූජා විධි, මංගල්‍යයන්, පාපය උදෙසා සමගි කිරීමක් සිදුකර දීමට අපොහොසත් බව ඔහුට පෙනී ගියේය. ඔහු ඉදිරියෙහි ඇත්තේ බලාපොරොත්තු රහිත අඳුරු වලාපටලයක් පමණක් බව ඔහුට හැඟී ගියේය. ඔහුගේ තත්ත්වයෙන් ඔහුව මුදවාලීමට සභාවේ ප්‍රවීණයන් ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. පාපෝච්චාරණය හා පව්වලට දඬුවම් පමුණුවා ගැනිම් මගින් ඔහු සරණක් සහ සහනයක් සෙවූ නමුත් එයින් කිසිම වැඩදායක දෙයක් සිදු නොවීය. එම ක්‍රමවේදයන් තමාගේ ආත්මය දෙවියන්වහන්සේට සමගි කිරීමට අපොහොසත් බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය.GrHSin 243.3

    මෙබඳු ඵල රහිත චෛතසික අරගලයක නිරත වෙමින් සිටි කැල්වින්ට දිනක් ප්‍රසිද්ධ චතුරස්‍රයකට යෑමේ අවස්ථාවක් ලැබුණේය. එහදී ඔහුට දැක ගැනීමට ලැබුණේ රෝමානු විරෝධී පුද්ගලයෙකු මිසදිටුවෙකු යයි හංවඩු ගසා ගින්නට බිලි දීමය. මේ වෙද සාක්ෂිකයාගේ මුහුණෙහි තිබූ සාමයේ හැඟීම් දුටු කැල්වින් මහත් විශ්මයට පත්විය. සභාව විසින් මරණයට තීන්දු කරනු ලැබූ එම පුද්ගලයාගේ මුහුණ, මරණයේ බිය පෙන්නුම කළේ නැත. මරණ මංචකයේදී ඔහු පෙන්නුම කළ ඇදහිල්ල සහ ධෛර්යය තරුණ සිසුවාගේ සිත කැළඹීමකට පත් කළේ එය තමාගේ සිත තුළ තිබු බලාපොරොත්තු ශුන්‍යතාවයට සහ අඳුරට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්වූ නිසාය. එහෙත් ඔහු ජීවත් වුණේ සභාවේ අපේක්ෂාවනට අකුරටම කීකරු වෙමින්ය. දුර්ලබ්ධිකයන් යයි චෝදනා කරමින් මරා දැමු අය බයිබලය මත තම ඇදහිල්ල රැඳවූ බව ඔහු දැනගත්තේය. ඔවුන්ගේ ප්‍රීතියේ සහ සාමයේ රහස සොයා ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව කැල්වින් බයිබලය අධ්‍යයනය කරන්නට තීරණය කරගත්තේය. GrHSin 244.1

    බයිබලය තුළ ඔහුට ක්‍රිස්තුස්වහන්සේව හමු විය. ඔහු වේදනාවත්, ප්‍රීතියත් මිශ්‍රිත හැඟීමකින් යුතුව මෙසේ කියන්නට විය. “අනේ පියාණන්වහන්ස, ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව ඔබවහන්සේගේ උදහස සංසිඳෙව්වා; උන්වහන්සේගේ රුධිරය මාගේ සියලු අපවිත්‍රතාවන් සෝදා හැරියා; උන්වහන්සේගේ කුරුසිය මාගේ ශාපය විඳ දරා ගත්තා; උන්වහන්සේගේ මරණය මාගේ මරණය වෙනුවෙන් වන්දි ගෙව්වා; ගැළවීම ලබා ගැනීමට අපි අනේක මෝඩ ක්‍රියාවන් නිර්මාණය කරගෙන තියෙනවා, නමුත් විදුලි පන්දමක් ලෙස ඔබවහන්සේගේ වචනය මා ඉදිරියෙහි තබා තිබෙනවා. ඔබවහන්සේ මාගේ හදවත ස්පර්ශ කර තිබෙනවා. ඔබවහන්සේ එයින් බලාපොරොත්තු වන්නේ මා වෙනත් සියලු ක්‍රමවේදයන් පිළිකුල් ලෙස බැහැර කර දමා යේසුස්වහන්සේගේ ක්‍රමය අල්ලා ගැනීමයි. ” (Martyn, Vol. III, Ch. 13).GrHSin 244.2

    කැල්වින් අධ්‍යාපනය ලැබුවේ පූජකයෙකු වීමටය. කුඩා දෙව් මැදුරක පූජකවරයා ලෙස කටයුතු කිරීමට ඔහුව පත්කරන විට ඔහුගේ වයස අවුරුදු ‍දොළසක් පමණ විය. ආගමේ නිගමනයනට අනුකූලව ඔහුගේ හිස මුඩු කරන ලදී. එය බිෂොප්වරයාගේ අතින් සිදුවිය. ඔහුට කැප කිරීමකට භාජන කරනු නොලැබීය. පූජකවරයෙකුගේ යුතුකම් ඔහු ඉටු නොකළේය. එහෙත් ඔහු දේවගැතිවරුන්ගේ සංගමයේ සාමාජිකයෙක් විය. තම තනතුරේ නිල නාමය ඔහු භාවිතා කළේය. ඒ සඳහා දීමනාවක්ද ලබා ගත්තේය. GrHSin 244.3

    කවරදාකවත් පූජකයෙකු වීමට තමාට නුපුළුවන් බව හැඟී ගිය හෙතෙම නීති පාඨමාලාවක් හදාරන්නට පටන් ගත්තේය. එයද අතහැර දැමූ කැල්වින් ශුභාරංචිය උදෙසා තම ජීවිතය කැප කිරීමට තීරණය කර ගත්තේය. නමුත් ප්‍රසිද්ධියේ ඉගැන්වීමට ඔහු තුළ වැඩි මනාපයක් නොවීය. ඔහු ස්වභාවයෙන්ම බයාදු අයෙකු වූ නිසා ප්‍රසිද්ධ දේශකයෙකු වීමේ වගකීම් භාරයේ බර ඔහුට දැනෙනන්ට විය. ඉගෙනීම සඳහා කාලය යෙදවීමට ඔහු තුළ තවමත් ආශාව ක්‍රියා කරමින් තිබුණේය. මිතුරන්ගේ අවංක ඉල්ලීම් කරණකොටගෙන ඔහුගේ සිත තුළ දැවෙමින් තිබූ ගැටුමට අවසාන තීරණයක් ලැබුණේය. “ඉතා පහත් ආරම්භයක් තිබූ කෙනෙක් එතරම් උසස් ගෞරවණිය තැනකට ඔසවනු ලැබීම පුදුමාකාර සිද්ධියකි”යි ඔහු පැවසුවේය. (Wylie, b. 13, Ch. 9).GrHSin 245.1

    කැල්වින් නිශ්චලව තම සේවයට ඇතුල් විය. වියලි පොළොව ප්‍රබෝධමත් කිරීමට සගයෙන් පැමිණි පිනි බිඳු සේ ඔහුගේ වදන් මිනිස් සිත් තුළ නව ජීවනයක් උදා කළේය. ඔහු පැරිසිය හැර දමා වෙනත් ප්‍රාදේශීය නගරයකට ගියේය. එහිදී ඔහු ශුභාරංචියට ඇලුම් කළ මාග්‍රට් කුමරියගේ ආරක්ෂාව යටතට පත් විය. ශුභාරංචිය දේශනා කළ ගොලයන්ට ඇය විසින් සැපයූ ආරක්ෂාව දේව මගපෙන්වීමකින් සිදු වූවකි. මුදු මොළොක් අව්‍යාජ සම්පන්න පෙනුමැති තරුණයෙකුට සිටි කැල්වින් තම දේව සේවය ආරම්භ කළේ ගෙයින් ගෙට යමින්ය. ගෘහයෙහි සාමාජිකයන් තමා වටා සිටියදී ඔහු ශුද්ධ බයිබලය ඔවුන්ට විවෘත කර දුන්නේය. මෙම පණිවිඩය ඇසූ අය සුපුවත තවත් අයට කියා දුන්නෝය. වැඩි කාලයක් යාමට පෙර ගුරුතුමා නගරයට ඔබ්බෙන් පිහිටි මන්දිර සහ පැල්පත් කරා පා නගනවා දැකගත හැකි විය. සෑම තැනකදීම ඔහුට දොරටු විවෘත විය. මෙසේ තැනින් තැන යන්නා වූ හෙතෙම සභාවන් සඳහා අත්තිවාරම් දැමීමේ පුරෝගාමියා විය. එම සභාවන් තුළ සත්‍යතාව වෙනුවෙන් අභීත සාක්ෂිකරුවෝ බිහි වූහ.GrHSin 245.2

    මාස කිහිපයක් ගත විය. ඔහු නැවත වරක් පැරිස් නගරයට පැමිණියේය. උගතුන් වියතුන් සහ ප්‍රවීනයන්ගේ කවය තුළ කලබලයක් නිර්මාණය වී තිබුණේය. පුරාණ භාෂා අධ්‍යයනයෙහි යෙදුණු පණ්ඩිතයන්ගේ අවධානය ශුද්ධ බයිබලයෙහි භාෂාව වෙතට යොමු විය. එහි ඇතුළත් සත්‍යතාවන්ට විවෘත නොවී සිටියාවූ අය බයිබලයෙහි අන්තර්ගතය ගැන සාකච්ඡා කරන්නට වූහ. ඔවුන්ගෙන් සමහරෙක් රෝමානු ආගමික දේව ධර්මාචාර්ය වරුන් සමග වාග් සටන්වලටද නිරත වූහ. වාද විවාද පැවැත්වූහ. දේව ධර්ම මත ගැටුම්වලට පැටලීමේ හැකියක් තිබූ නමුත්, කැල්වින් මෙම ඝෝෂාකාරී පණ්ඩිතයන්ගේ වාද වලට හවුල් නොවී සිටියේය. එයට වඩා උසස් කාර්ය භාරයක් ඉටුකිරීම ඔහුගේ බලාපොරොත්තුව විය. මිනිසුන්ගේ මනස් කළඹවනු ලැබ තිබුණේය. ඔවුන්ව සත්‍යතාවට යොමු කිරීමට සුදුසු වාතාරණයක් උදා වී තිබුණේය. දේව ධර්ම වාද විවාද තරග ඝෝෂාවන්ගෙන් විශ්ව විද්‍යාල ශාලා පිරී ගිය අතර කැල්වින් ගෙයින් ගෙට යමින් එහි සාමාජිකයන්ට බයිබලය විවෘත කර දෙමින් කුරුසිපත් කරනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව ඔවුන්ට කියා දෙන්නට විය.GrHSin 245.3

    දෙවියන්වහන්සේගේ මග පෙන්වීම යටතේ පැරිසියේ ජනතාවට ශුභාරංචිය පිළිගැනීමේ තවත් අවස්ථාවක් උදාකර දෙන ලදී. ලෙෆවර්ගේ සහ ෆැරල්ගේ කැඳවීම් පැරිසියේ වැසියෝ ප්‍රතික්ෂේප කළෝය. එම ප්‍රසිද්ධ අගනුවර වාසී සෑම පංතියකම අය හට ශුභාරංචි ඇරයුම නැවත වරක් පැමිණියේයඅ. දේශපාලනික තත්ත්වයේ බලපෑම් අතරේ රජතුමා තවදුරටත් ප්‍රතිසංස්කරණයට එරෙහිව රෝමානුවන්ගේ පක්ෂෙයහි ගැතිවරෙයක් වී නොසිටියේය. ප්‍රොතැස්තන්ත දැනුම ප්‍රංශයේ ජයගන්නවා ඇතැයි මාග්‍රට් කුමරිය තවමත් බලාපොරොත්තුවෙන් සිටියාය. ඒ දහම ප්‍රංශයේ දේශනා කිරීමට ඕ තොමෝ ප්‍රොතැස්තන්ත පූජකෙයකුට විධාන කළාය. මෙවැන්නක් යථාර්ථයක් බවට පත්වීමට රෝමානු බලධරයෝ අවසර නුදුන්නෝය. මෙය දැනගත් මාග්‍රට් කුමරිය රජ මාළිගාව ඇතුළත කොටසක් දෙව් මැදුරක් ලෙස භාවිතය සඳහා සකස් කළාය. සෑම දවසකම එක්තරා නිශ්චිත පැයකදී ඒම මැදුරේ දේශනාවක් කරනු ලබන බවට නිවේදනයක් ඇයගේ අතින් නිකුත් විය. සෑම තරාතිරමකම පුද්ගලයන්ට ඒ දේශනාවට සවන් දීමට පැමිණෙන්නැයි ඇරයුමක්ද නිකුත් විය. ශ්‍රාවකයෝ රංචු පිටින් දේශනාවන්ට සහභාගී වූහ. දෙව් මැදුරක් උදෙසා වෙන් කළ ශාලාව පමණක් නොව, අවට පිහිටි කාමරද වෙනත් ශාලාවන්ද ජනයාගෙන් පිරී ගියේය. දිනපතාම දහස් ගණන් ජනතාවක් ශුභාරංචි පණිවිඩය ඇසීමට පැමිණියෝය. වංශාධිපති කුලීනයෝ, රාජ්‍ය පාලකයෝ, නීති වේදීහු, වෙළඳ සිටුවරයෝ, සහ කාර්මික ශිල්පීහූ වැල නොකැඩී රජ මාළිගා දෙව් මැදුරට එක් රොක් වූහ. මෙම රැස්වීම් තහනම් කිරීම වෙනුවට රජතුමා නියම කළේ පැරිස් නගරයේ දෙව් මැදුරු දෙකක් නැවත විවෘත කිරීමටය. මෙම නගරය මෙයට පෙර කිසිම අවස්ථාවක හෝ දේව වචනයෙන් මෙවන් කලබැගෑනියකට මුහුණදී තිබුණේ නැත. සගයෙන් නික්ම ආ ජීවනයේ ආත්මය මිනිසුන් මත පතිත වී ඇති ආකාරය දැකගත හැකි විය. බීමත්කම, අනාචාරෙයහි හැසිරීම, ගැටුම් සහ අලස ජීවිත වෙනුවට අමද්‍යපය, සාරධර්ම අනුව ජීවත්වීම, සාමකාමී ලෙස දිවි පැවැත්ම සහ කර්මාන්තයක යෙදීම සමාජයේ පැවැත්ම විය.GrHSin 246.1

    මේ අතර රෝමානු සභා නායක මණ්ඩලයද නිශ්ශබ්දව නොසිටියේය. දේශනා කිරීම් නවතා දැමීමට රජතුමාව එකඟ කරගැනීමට බලමණ්ඩලය වෑයම් කළ නමුත් රජතුමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එවිට ඔවුහු මහජනතාව වෙතට හැරුණේය. වඩා උගත්කමක් නැති, මිථ්‍යා ඇදහිලි ක්‍රමයනට ගැති වු පොදු ජනාතවගේ භීතිය, අවිචාරක හැඟීම්, සහ ආගම් උමතුව ප්‍රයෝජනයට ගෙන ජනතාව අවුස්සා කලබල ඇති කිරීමට බලමණ්ඩල සාමාජිකයෝ හැකි සෑම ක්‍රමවේදයක්ම ප්‍රයෝජනයට ගත්හ. තමන්ගේ ව්‍යාජ ගුරුවරුන්ගේ බස්වලට රැවටුණු පැරිස් ජනතාව තමන්ගේ ඉරණම තීරණය වන්නාවූ දවස ගැන හෝ ඇයගේ සාමයට ආධාර විය හැකි දේවල් ගැන හෝ නොදැන සිටියෝය. කලකට පෙර යෙරුසලමෙහිදී සිදුවූවාක් මෙන් මෙදා පැරිසියේදී ද එම ආකාරයෙන්ම කරුණු සිදු විය. වසර දෙකක් පුරා අගනුවර තුළ දෙවියන්වහන්සේගේ වචනය දේශනා කරනු ලැබීය. බොහෝ අය ශුභාරංචිය පිළිගත් අතර බහුතරයක් එය ප්‍රතික්ෂේප කළෝය. ශුභාරංචිය පතළ කර හැරීමට ප්‍රැන්සින් ඉඩ දුන්නේ ඔහුගේ පුද්ගලික වාසිය උදෙසාය. පාප් වාදීහූ නැවත වරක් බලය තහවුරු කර ගත්තෝය. දේවස්ථාන වසා දැමුණු අතර මිනිස් පූජා කණු නැවත ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය.GrHSin 247.1

    තමාගේ අනාගත වැඩ පිළිවෙල සකස් කරගැනීම සඳහා ද ආලෝකය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ද සූදානම් වෙමින් කැල්වින් පැරිසියෙහි තම කාලය ගතකළේ ඉගෙනීමෙහි යෙදෙමින්, භාවනාවෙහි යෙදෙමින් හා යාච්ඥා කිරීමෙහි යෙදෙමින්ය. අන්තිමේදී ඔහුට විරුද්ධව සැක පහළ විය. ඔහුව ගින්නට බිලි දීමට රෝමානු බලධරයෝ තීරණය කර ගත්තෝය. තමා රැඳී සිටි හුදෙකලා ස්ථානයෙහි ප්‍රමාණවත් ආරක්ෂාවක් ඇතැයි ඔහු සිතුවේය. එම නිසා තමාට අනතුරක් සිදුවේ යයි ඔහු කිසිසේත්ම සිතුවේ නැත. ඒ අතර ඔහුගේ මිතුරෝ හදිසියේම ඔහුගේ කාමරය වෙත පැමිණ ඔහුව අත්අඩංගුවට ගැනිමට නිලධාරීන් පැමිණෙමින් සිටින බව ඔහුට අත්අඩංගුවට ගැනිමට නිලධාරීන් පැමිණෙමින් සිටින බව ඔහුට දක්වා සිටියෝය. පිටත දොරටුවට තදින් ගසන හඬක් දෝංකාර දෙමින් පැතිර ගියේය. අපතේ හැරීමට කිසිම කාලයක් ඉතුරු වී තිබුණේ නැත. ප්‍රධාන දොර වෙත පැමිණි මිතුරන් සමහරෙක් නිලධාරීන් සමග කථාවෙහි යෙදුණෝය. තවත් මිතුරන් සමහරෙක් පුනරුදවාදීයාට ජනේලයකින් බැස ගෙයින් පිටතට යාමට උපකාර කළෝය. කැල්වින්ද සීඝ්‍රෙයන් නගරයෙන් පිටතට පැමිණියේය. පුනරුදයට හිතවාදී කම්කරුවෙකුගේ නිවහනකට පැමිණි හෙතෙම ගෙවැසියාගේ ඇඳුමින් සැරසී, වෙස් වළාගෙන නගුල් පෝරුවක් කර තබාගෙන ගමනට පිටත් විය. දකුණු පෙදෙස බලාගිය හෙතෙම මාග්‍රට් කුමරියගේ රාජ්‍යය තුළ නැවත වරක් රැකවරණය ලැබුවේය.GrHSin 247.2

    බලගතු මිතුරන්ගේ ආරක්ෂාව යටතේ කැල්වින් තවත් මාස කිහිපයක් තම ඉගෙනීමේ කටයුතු ඉදිරියට කරගෙන ගියේය. නමුත් ප්‍රංශය පුරා ශුභාරංචිය දේශනා කිරීම ඔහුගේ මූලික අරමුණ වී තිබුණේය. එම නිසා බොහෝ කලක් අක්‍රියව සිටීම ඔහුට වධයක් විය. කුණාටුව තරමක් සංසිඳී ගිය පසු, අලුතින් සේවාවක් ඇරඹීමේ අදහසින් ඔහු පොයිටියර් වෙත පැමිණියේය. එහි තිබූ විශ්ව විද්‍යාලයෙහි සිටි පිරිස අතර ප්‍රතිසංස්කරණය ගැන පැහැදීමක් එවිටද පැවතුණි. සෑම තරාතිරකම පුද්ගලයෝ ශුභාරංචි පණිවිඩයට සතුටින් සවන් දුන්හ. ප්‍රසිද්ධ දහම් ප්‍රචාරක රැස්වීම් නොපැවැත්විණ. එහෙත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිවසෙහිදී ද, කැල්වින් නැවතී සිටි නිවෙස්වලදී ද, සමහර අවස්ථාවන්හිදී ප්‍රසිද්ධ උද්‍යානවලදීද හෙතෙම ජනතාව ඇමතීය. සදාතන ජීවිතයෙහි වදන් ඇසීමට මනාපයක් දැක්වූ අය ඔහු වටා රොක් වූහ. ටික කලක් ගෙවී යත්ම ශ්‍රාවක ජනතාව ගණනින් වර්ධනය වූයෙන්, නගරයෙන් පිටත රැස්වීම් පැවැත්වීම උචිත යයි තීරණය විය. එම තීරණය ආරක්ෂාව සඳහා වඩාත් යහපත් විය. කඳු අතර පිහිටි ඉතා ගැඹුරුවූ ද පටුවූ ද, දුර්ග මාර්ගයක එක් පසෙකින් පිහිටි බිං ගෙයක් රැස්වීම් පැවැත්වීමෙහි ස්ථානය ලෙස තෝරා ගන්නා ලදී. එම ස්ථානයට ලෙහෙසියෙන් පැමිණිය නොහැකි නිසාත්, ගස්වැල් සහ තවත් පර්වතවලින් එය ආවරණය වී තිබීම නිසාත් එම බිංගෙය ඉතා සුරක්ෂිත ස්ථානයක් විය. විවිධ මාර්ගයන් ඔස්සේ පැමිණි කුඩා කණ්ඩායම් එම ආරක්ෂිත ස්ථානය වෙත පැමිණියෝය. මෙම හුදෙකලා ස්ථානයේදී බයිබලය කියවා පැහැදිලි කරදෙන ලද්දේය. ප්‍රංශයේ සිටි ප්‍රොතැස්තන්ත බැතිමත්හූ පළමු වතාවට මෙහිදී රාත්‍රී භෝජනය සැමරීමේ සත්ප්‍රසාද මෙහෙයට සහභාගී වූහ. මෙම කුඩා දෙව් මැදුරේ සිට විශ්වාසවන්ත දහම් ප්‍රචාරකයන් කිහිප දෙනෙක් සුපුවත පැතිරවීමට නික්ම ගියෝය.GrHSin 248.1

    කැල්වින් නැවත වරක් පැරිස් නගරයට පැමිණියේය. ප්‍රංශය සමස්ථයක් වශයෙන් ප්‍රතිසංස්කාරක දහම පිළිගන්නවා ඇතැයි යන බලාපොරොත්තුව ඔහුගේ සිතෙන් තවමත් පහව ගොස් තිබුණේ නැත. නමුත් ශුභාරංචියට විවෘත විය හැකි සෑම දොරටුවක්ම වැසී තිබුණේය. ශුභාරංචිය ඉගැන්වීම ජීවිත බිලි පූජාවකට පාර කැපීමක් බඳු යයි ඔහුට පෙනී ගියේය. මෙහි සේවය කිරීමට දොරටු වැසී තිබිම නිසා ඔහු තම සේවය සඳහා ජර්මනියට ගියේය. ඔහු ප්‍රංශයෙන් ඉවත්ව යාමත් සමගම ප්‍රොතැස්තන්ත සමයවාදීන්ට විරුද්ධව කුණාටුවක් නිර්මාණය විය. එම අවස්ථාවේදී ඔහු ප්‍රංශයේ සිටියේ නම්, එහිදී සිදුවූ විනාශයට ඔහුව, අනිවාර්යයෙන්ම සම්බන්ධ කරනු ලැබීම අරුමයක් නොවනවා ඇත.GrHSin 248.2

    ජර්මනිය සහ ස්විස්ටර්ලන්තය මෙන්ම තමන්ගේ රටද අලුත් ධර්මතාවන් තුළ වර්ධනය වෙනවා දැකිමට ආශා කළ ප්‍රංශ ප්‍රතිසංස්කාරකයෝ මිථ්‍යා විශ්වාසයන්හි ඇලී ගැලී සිටි රෝමානු සමයට එරෙහිව ප්‍රබල ප්‍රභාරයක් දියත් කිරීමට තීරණය කර ගත්තෝය. එයින් මුළු මහත් ජාතියම පිබිදවීම ඔවුන්ගේ අදහස විය. සත්ප්‍රසාද පූජාවට විරුද්ධව විශාල දැන්වීම් පත්‍ර එක් රැයකදී ප්‍රංශය පුරාම ප්‍රදර්ශනය විය. සමහර ජ්වලිතවාදීන් මෙම විරෝධතා දැක්වීම, ප්‍රතිසංස්කරණයේ වර්ධනයට ආධාරයක් නොවීය. මෙම අදූරදර්ශී ක්‍රියාදාමය ප්‍රතිසංස්කරණයේ ව්‍යාපාරයට විනාශයක් අත්කර දුන්නේය. එය ප්‍රතිසංස්කරණයේ ප්‍රචාරකයන්ට මෙන්ම ප්‍රංශය පුරා සිටි ඔවුන්ගේ හිතකාමීන්ටද එක සේ බලපෑවේය. සිංහාසනයේ ස්ථිර පැවැත්මටත්, ජාතියේ සාමයටත්, ඔවුන් අනතුරුදායක බව රෝමානුවාදීන් නිරතුරුවම එල්ල කළ ප්‍රධාන චෝදනාවක් විය. ඔවුන් වනාහි ජාතිය කළඹන, සිංහාසනයට තර්ජන එල්ල කරන ජන කොටසක් නිසා ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීම යුතු යයි ඉල්ලා සිටීමට රෝමානුවනට මෙය කදිම අවස්ථාවක් විය. එයින් උපරිම ප්‍රයෝජන නෙළා ගැනීමට ඔවුහු උත්සුක වූහ.GrHSin 248.3

    යම්කිසි අදිසි හස්තයක් මගින් යටකී දැන්වීම් පත්‍රයක් රජතුමාගේ පුද්ගලික කාමරයේ දොර මත අලවා තිබුණේය. මෙය අවිචාර මිතුරෙකු විසින් කරන ලද්දක්ද නැතහොත් සතුරෙකු විසින් හිතාමතාම කරන ලද්දක්ද, කියා තේරුම් ගැනිමට කිසිවෙකුට හෝ නොහැකි විය. මෙම දැන්වීම දැකීමෙන් රජතුමා තැති ගත්තේය. සංත්‍රාසයට පත්විය. යුගයන් ගණනාවක් පුරා බැතිමතුන්ගේ මහත් භක්තියට පාත්‍ර වූ යම් යම් මිථ්‍යා විශ්වාසයන් එමගින් නිර්දය ලෙස ගැරහීමට භාජනය කර තිබුණි. පෙර නොවූ විරූ ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීම බියක් සැකක් නැතිව රජතුමා ඉදිරියට පවා රැගෙන යාමට වූ නිර්භීත ක්‍රියාදාමය රජතුමාගේ උදහසට හේතු විය. තුෂ්නිම්භූත වු රජතුමා බියෙන් ගැහෙමින් කථා කිසිත් නැතිව ටික වේලාවක් ගල් ගැසී බලා සිටියේය. ඉක්බිති ඔහුගේ කෝපය භයානක වචන මගින් මුවින් පිට විය. “ලූතර් දහම් පිළිගන්නා සෑම දෙනෙක්ම සිරභාරයට ගන්න. ඔවුන් සියලු දෙනාම මරා දැමීය යුතුයි. ” (D. Aubigne, b. 4, Ch. 10). ඉරණම තීන්දු විය. රෝම පාර්ශ්වය සමග සම්පූර්ණ වශයෙන් කටයුතු කිරීමට රජතුමා තීරණය කර ගත්තේය.GrHSin 249.1

    පැරිසියේ සිටින්නාවූ සෑම ලූතර්වාදියෙකුම අත්අඩංගුවට ගන්නා ලෙස ආඥාව නිකුත් විය. ප්‍රතිසංස්කරණයේ අනුගාමිකයෙකු වූ එක්තරා දුගී කාර්මිකයෙකු සිර භාරයට ගන්නා ලදී. ප්‍රතිසංස්කාරකයන්ගේ රහසිගත රැස්වීම් සඳහා එකී බැතිමතුන් කැඳවීමට මෙම බැතිමතා පුරුදුව සිටියේය. නගරයේ සිටින්නාවූ සෑම ප්‍රොතැස්තන්ත තැනැත්තෙකුගේම ගෙවල් තිබෙන තැන් පාප් සමයවාදී නියෝජිතයාට පෙන්වන ලෙස ඔහුට නියම විය. එසේ නොකරන්නේ නම් ඔහුව එතැනදීම මරා දමන බවට තර්ජනයක්ද විය. මෙම නීච යෝජනාව නිසා කාර්මිකයා මහත් බියකට පත් විය. එහෙත් ගිනි දැල්වල දැවීමේ භීතිය නිසා තම සහෝදරයන් පාවා දීමට ඔහු අකමැත්තෙන් වුවද එකඟ විය. සත් ප්‍රසාද පූප පෙරටු කොටගත් පෙරහැර සෙමින් සෙමින් වීදි දිගේ ඉදිරියට ඇදෙන්නට විය. පූප පසුපස පූජකයෝ, සුවඳ ද්‍රව්‍ය රැගත් මංජුසා දරන්නෝ, තාපසවරු, සහ සොල්දාදුවෝද පෙරහැරට එකතු වී සිටියෝය. ඔවුන් පසුපස මොරීන් නම් රාජකීය පරීක්ෂකයා සමග පාවා දෙන්නා ගමන් ගත්තේය. විරුද්ධවාදීන් විසින් සත් ප්‍රසාද පූජාව නිග්‍රහයට භාජනය කරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබුණේය. ඔවුන් කළ ඒ නිග්‍රහය මකා දමන පිණිස මෙම පෙරහැර සංවිධානය විය. “ශුද්ධ වූ සත්ප්‍රසාද” මෙහෙයට ගරු කරන පිණිස පෙරහැර ගමන් ගත්තේය. මෙම පෙරහැර පසුපස මරණීය අරමුණක් ගැබ්ව තිබුණේය. ලූතර්වාදී පුද්ගලයෙකුගේ නිවසක් ඉදිරියට පැමිණි අවස්ථාවේදී පාවා දෙන්නා සංඥාවක් කළේය. එහෙත් කිසිම වචනයක් හෝ කථාවක් කෙරුණේ නැත. පෙරහැර නැවතුණේය. එම ගෙදර සෝදිසියට ලක් විය. ගෙවැසියන් ගෙයින් පිටතට ඇදගෙනැවිත් දෑත්වලට මාංචු දමන ලදී. ඉක්බිතිව තවත් බිල්ලක් සොයමින් ඔවුහු නැවතත් ගමන් ආරම්භ කළෝය. “කුඩා වේවා, විශාල වේවා ඔවුහු කිසිම ගෙයක් සෝදිසි කිරීම අත්හැරියේ නැත. ඔවුහු පැරිසියේ විශ්ව විද්‍යාල පවා සෝදිසියට ලක් කළහ. මුළු නගරයම කම්පාවකට භාජනය කිරීමට මොරින් සමත් විය. එය, භීෂණය රජ කළ යුගයේ ආරම්භය විය. (D. Aubigne, History of the Reformation in the time of Calvin,’’ b. 4, Ch. 10).GrHSin 249.2

    කුරිරු වධ හිංසා පැමිණවීමෙන් පසුව, අල්ලා ගත් වරදකරුවන්ව ගින්නට දමනු ලැබීය. වේදනාවේ කාලය දීර්ඝ කිරීම පිණිස ගින්නේ සැර බාල කරන ලෙස ඉහළින් අණ ලැබී තිබුණේය. එහෙත් ඔව්හු ජයග්‍රාහකයන් ලෙස මරණයට මුහුණ දුන්නෝය. ඔවුන්ගේ ස්ථාවරය බිඳක් හෝ සලිත නොවීය. ඔවුන්ගේ සාමය බිඳ වැටුණේ නැත. ඔවුන්ගේ නොසැලෙන ස්ථාවරය සෙලවීමට නොහැකිවූ වද දෙන්නන් (වධකයන්) පරාජයට පත්වූ බවක් පැහැදිලි විය. ´පීඩා කරන ලද්දන්ගේ ශරීර බැඳ තබන්නාවූ පෝරක ගස් පැරිසියේ බොහෝ තැන්වල ඉදිකර තිබුණේය. දවස්පතා මිනිස් බිලි පූජාවක් සිදුවිය. බිලි පූඩා කරන්නාවූ දවස් දිග්ගැස්සීමෙන් වධකයන්ගේ අභිප්‍රාය වූණේ භීතියට රජකම් කිරීමට තවත් කාලයක් සපයා දීමය. මෙහි වාසිය අන්තිමේදී හිමි වුණේ ශුභාරංචියටය. අලුත් ඉගැන්වීම කරණකොටගෙන බිහිවන්නාවූ පුද්ගලයන්ගේ නියම ස්වභාවය කිනම් ආකරදැයි දැකගැනීමට සියලු පැරිසි පුරවැසියනට අවස්ථාවක් ලැබුණේය. වේදසාක්ෂිකයෙකුගේ ගිනි ගොඩට වඩා වැඩදායක වූ ප්‍රබල දේශනා කූඩුවක් තවත් නැත. මරණයට තීන්දු වු මොව්හු තමා මරා දමනු ලබන ස්ථාන කරා පියවර මනින්නාවූ අතරේදී ඔවුන්ගේ මුහුණුවල දකින්නට තිබූ සාමකාමී ප්‍රභාව සැමගේ සිත් තුළ සලිත වීමක් ඇති කළාට සැකයක් නැත. ගිනි දැල් දසත නැගෙද්දී ඔවුන් විරයන් මෙන් නිර්භීතව මරණයට මුහුණ දීම, තමන්ට කරන ලද තුවාල ගැන සමාව දීම, යන දේ දැකීමෙන් හා ඇසීමෙන් බොහෝ අයගේ සිත් උදහසින් අනුකම්පාවටත්, වෛරයෙන් ප්‍රේමයටත් වෙනස් විය. ඔවුහු මෙසේ ශුභාරංචිය වෙනුවෙන් හඬ නැගීමට යෙදුණාහ.” (Wylie, b. 13, Ch. 20).GrHSin 250.1

    ජනතා උදහස ඉහළ තලයක රඳවා තබාගැනීම උදෙසා පූජකවරු ප්‍රොතැස්තන්ත බැතිමතුන්ට විරුද්ධව ඉතා භයානක අද්භූත චෝදනා රැසක් ඉදිරිපත් කළොය්. කතෝලිකයන් සමූලඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, රජය පෙරළා දැමීම සහ රජතුමා මරා දැමීම එම චෝදනා අතර මුල් තැන ගත්තේය. මේ එකම චෝදනාවක් හෝ සනාථ කිරීමට කිසිම ආකාරයක සාක්ෂි ඉදිරිපත් කිරීමට නුපුළුවන් විය. එහෙත් මෙම නපුරෙහි අනාවැකි ඉදිරි දවසක ඉටුවන්නට තිබුණි. එහෙත් එය වෙනස් සිදුවීම් මාලාවක් යටතේය. මෙයට ඉඳුරාම වෙනස් වූ පරිසරයක් තුළ මේ අනාවැකි ඉටුවීම් සිදුවිය. කතෝලිකයන් විසින් අහිංසක ප්‍රොතැස්තන්ත බැතිමතුන්ට සිදුකළ කුරිරුකම්වලට විපාකය සහ ශාපය ගොඩ නැගෙමින් තිබුණේය. පැමිණෙනවා යයි කියූ ඉරණම ශත වර්ෂ කිහිබයකට පසුව යථාර්ථයක් බවට පත්විය. එය ඉටු කරන ලද්දේ දෙව් ශක්තියක් නැති මිසදිටුවන් සහ පාප්වාදීන්ම විසින්ය. වසර තුන්සීයයකට පසුව ප්‍රංශය මත භයානක විපත් සහ විනාශය ඇති කළේය. රෝමානු ව්‍යාපාරය විසින් ප්‍රොතැස්තන්ත ව්‍යාපාරය විනාශ කිරීමට කළ කුමන්ත්‍රණය කරණකොටගෙනය.GrHSin 251.1

    සමාජයේ සෑම අංශයකම, පැවතියේ සැකය, අවිශ්වාසය සහ භීතියයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල උසස් ස්ථාන දරුවාවූ අයගේ මනස් තුළ ලූතර්වරුන්ගේ ඉගැන්වීම් කෙරෙහි විශාල ගැති භාවයක් තිබූ බව දැකගැනීට හැකි විය. හදිසියේම, එම තානාන්තරයන් හිස් වුණි. කාර්මිකකරුවන්, මුද්‍රණ ශිල්පීන්, පඬිවරුන්, විශ්ව විද්‍යාලයන්හි ආචාර්යවරුන්, ගත්කතුවරුන් සහ රාජ්‍ය සේවකයන් පවා අතුරුදහන් වූහ. තමන්ගේම කැමැත්තෙන් පැරිස් රටෙන් ඉවත්ව ගිය අය දහස් ගණනක් විය. බොහෝ අවස්ථාවන්හිදී එයින් පැහැදිලි වූයේ බොහෝ දෙනෙක් ප්‍රතිසංස්කරණයට කැමැත්තක් දැක්වූ බවය. රෝම සභාවේ ධර්මයන්ගෙන් ඈත්වූ මෙතරම් විශාල සංඛ්‍යාවක් තමන්ගේ රටෙහි ජීවත් වූ අතර, ඔවුන් හඳුනාගත නොහැකි වීම ගැනද, ඔවුන්ට රට තුළ ජීවත්වීමට ඉඩ දීම ගැනද රෝමානුවාදීහූ විශ්මිත වූහ. තමන්ගේ බලය යටතේ සිටි විශාල ගණනින් වූ අසරණ ගොදුර මත තමන්ගේ වියරු කෝපය සංසිඳුවා ගැනිමට ඔවුහු පසුබට නොවූහ. සිර ගෙවල් පිරී ඉතිරී ගියේය. ශුභාරංචිය කෙරෙහි තම විශ්වාසය රැඳවූ අය උදෙසා අවුලන ලද ගිනි මැලවලින් නිකුත්වූ දුමාරයෙන් මුළු නගරයම අඳුරෙන් වැසී ගිය බවක් පෙනෙන්නට විය.GrHSin 251.2

    දහසය වැනි සියවසේ මුල් කාලයේදීම ප්‍රංශයේ අධ්‍යාපනය පිළිබඳව පැවිත පිබිදීමේ ගෞරවය තමාට හිමිවන්නේ යයි I වන ප්‍රැන්සිස් රජතුමා ප්‍රීති විය. විවිධ රටවල සිටි උගත් පඬිවරුන් තම මාළිගාවට රැස්කරවා ගැනීම ඔහුට මහත් ආස්වාදයක් ලබාදුන් දෙයක් විය. අධ්‍යාපනය ලැබීමට ඔහු තුළ තිබූ ආශාවත් රෝමානු තාපස පූජකයන්ගේ නූගත්කම සහ මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි ක්‍රමවේදයන් ගැන ඔහු තුළ තිබූ අවඥාවත් නිසා රජතුමාගේ පාලන තන්ත්‍රය යටතේ යම් ප්‍රමාණයක ආගමික නිදහසක් පැවැතියේය. නමුත් සෑම ආකාරයකම දූර්ලබ්ධික ඉගැන්වීම් මුලිනුපුටා දැමීමට වූ උනන්දුව අනුව මේ අධ්‍යාපනික අනුග්‍රාහකයා වූ රජතුමා ප්‍රංශයෙහි තිබු ප්‍රකාශන ආයතනයන්හි මුද්‍රණය කිරීම් තහනම් කරමින් ආඥාවක් නිකුත් කළේය. බුද්ධිය සංස්කෘතියවනාහි ආගමික උපේක්ෂාව හෙවත් සෑම ආගමකටම, සහනශීලීත්වයට, හෝ හිංසා පීඩාවන්ට එරෙහිව වැට කඩොලූ බැඳීමක් නොවන බව I වන ප්‍රැන්සිස් රජතුමාගේ ආදර්ශයෙන් සහ තවත් බොහෝ පාලකයන්ගේ ක්‍රියාවේදයන්ගෙන් මනාව පැහැදිලි වේ.GrHSin 252.1

    ප්‍රොතැස්තන්තවාදිය විනාශ කරදැමීමට සියලු පියවර ගන්නා බවට ප්‍රංශය ගාම්භීර ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේය. දිව්‍ය පූජාවට ප්‍රසිද්ධියේ නින්දා කරමින් සගය වෙත යොමු කළ අවඥා සහගත ක්‍රියාවට ලේවලින් වන්දි ගෙවිය යුතු යයි රෝමානු පූජක සංසදය බලකර සිටියේය. මෙම බිහිසුණු තීරණය ක්‍රියාවට නැංවීමට ජනතාව වෙනුවෙන් රජතුමා තම අනුමැතිය ප්‍රසිද්ධියේ ලබා දිය යුතු යයි රෝමානුවෝ ඉල්ලා සිටියෝය.GrHSin 252.2

    මෙම බිහිසුණු චාරිත්‍රානුකූල උත්සවය සඳහා 1535 ජනවාරි 21 වන දින නියම කර තිබුණේය. ප්‍රොතැස්තන්ත දහම් පිළිබඳව ජනතාව තුළ වූ අවිචාරාත්මක බුද්ධියට පණ පොවමින්ද, එය වැළඳ ගැනීම සගයට කරන නින්දාවකැයි කියමින්ද ජන මතය හැසිරවූ රෝමානුවෝ ඔවුන්ට විරුද්ධව ජනතාව පෙළඔවූහ. ප්‍රංශයේ විවිධ පෙදෙස්වලින් පැරිසිය කරා පැමිණි විශාල ජන සමූහයාගෙන් එහි වීදි පිරී ඉතිරී ගියේය. මෙම ඓතිහාසික සංසිද්ධිය සැමරීම සඳහා මවිතය උපදවන ආනුභාව සම්පන්න පෙරහැරක් සංවිධානය කර තිබුණේය. පෙරහැර ගමන් කරන්නාවූ මාර්ගය දෙපස ඇති ගෙවල ‍ශෝකය පෙන්වන තිර යොදා තිබුණේය. තැනින් තැන අල්තාරද ඉදිකර තිබුණේය. ගෘහයෙහි ප්‍රධාන දොරටුවෙහි උළුවස්සට ඉහළින් දැල්වෙන පන්දමක් සවිකර තිබුණේය. දේව ප්‍රසාද නිධානය හෙවත් ශුද්ධවූ සක්‍රමේන්තුවට ගෞරවය කිරීම උදෙසා එකී පන්දම යොදා තිබුණේය. ළහිරු රැසින් පොළොව උණුසුම් වත්ම රජමාළිගය ඉදිරිපිට මෙම පෙරහැර සංවිධානය වන්නට විය. එක් එක් දේවස්ථානයට අයිති වු ධජ පතාක සහ කුරුසි රැගත් බැතිමතුන් පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් ගැනීම සැලසුම් විය. ඔවුන් පසුපස පන්දම් රැගත් නගරවාසීහූ දෙදෙනා දෙදෙනා බැගින් පෙළ ගැසී සිටියෝය. තාපස නිකා හතරකට අයිති යතිවරයෝ තමන්ගේ ආවේනික අඳුමින් සැරසී සිටියෝය. ඔවුන් පසුපස ධාතු සහ පූජා භාණ්ඩ රැගත් විශාල ජන කොටසක් වූහ. පෙරහැරෙහි අන්තිම කොටස අලංකාර කළේ රත්නිල් සහ ලෝහිත වර්ණ ලෝගුවලින් සැරසී ගත් රෝමානු පූජකයෝය. ඔවුනගේ මැණික් ගල් ඇල්ලූ වස්ත්‍ර දිළිසෙමින් පෙරහැර අලංකාර කළේය.GrHSin 252.3

    “සත් ප්‍රසාද රොටී රැගත් භාජනය පැරීසියේ රදගුරු තුමන් විසින් රැගෙන යන ලදී. අලංකාර උඩු වියනක් යට රදගුරු ගමන් ගත්තේය. උඩුවියන අල්ලා ගෙන උසස් කුමාරවරුන් සතර දෙනෙක් ගමන් ගත්තෝය. රදගුරු පිටුපසින් රජතුමා පෙරහැරට එක්වී සිටියේය. I වන ප්‍රැන්සිස් රජතුමා එදින ඔටුන්න පැළඳ සිටියේ නැත. රාජකීය ලෝගුව පැළඳ සිටියේද නැත. ඔහු හිස් වැස්මක් පැළඳ සිටියේ නැත. ඔහුගේ දෑස් පොළොව දෙසට යොමුව තිබුණේය. දැවෙන්නාවූ, ක්‍රමයෙන් හීන් වන්නාවූ ඉටි පන්දමක් ඔහු අතෙහි විය.” ප්‍රංශයේ රජතුමාගේ පෙනුම පසුතැවිලි වෙන්නාවූ අයෙකුගේ චරිතයක් පෙන්නුම් කළේය. සුරුවමක් රැගත් සෑම අල්තාරයක් ඉදිරියෙහි ඔහු බැගෑපත් ලෙස නමස්කාර කළේය. ඔහු එසේ නමස්කාරය පුද කළේ තමාගේ ආත්මය විසින් කරන ලද දූෂිත ක්‍රියාදාමයන් නිසා නොව, ඔහුගේ දෑත් කැළැල් කළ අහිංසකයින්ගේ ලේ නිසා නොව. දිව්‍ය පූජාව අපහාසයට ලක් කරමින් ඔහුගේ යටත්වැසියන් සමහරෙකු සිදුකළ මරණීය අපරාධ උදෙසාය. ඔහු පසුපස රජ බිසවද, රාජ්‍යයේ ප්‍රභූවරුන්ද ගමන් ගත්හ. ප්‍රභූවරුන් දෙදෙනා දෙදෙනා බැගින් පෙරහැරට එක්වී සිටි අතර, ඔවුන් රකිනෙක්කෙනා අතද දැල්වෙන පන්දමක් විය.GrHSin 253.1

    එම දවස සඳහා සැලසුම් කර තිබූ අංගයක් වශයෙන් රජතුමා රදගුරුගේ මාළිගාවෙහි පවත්වනු ලැබූ රැස්වීමේදී රජයේ ඉහළ නිලදරුවන් අමතා කථා කළේය. ඉතා දුක්බර මුහුණින් යුතුව නිලධාරීන් ඉදිරියේ පෙනී සිටි රජතුමා දුක්මුසු අඳෝනාවක්, විලාපයක් කියන්නට විය. ජාතිය මුහුණදී ඇති “අපරාධය, දේව අපහාසය, දුක් ශෝකයේ සහ අපකීර්තියේ දවස” ගැන ඔහු පවසා සිටියේය. වසංගතයක් බඳුවූ මෙකී මිසදිටු දහම් නිසා ප්‍රංශය ගරා වැටී විනාශ වීමේ තර්ජනයකට මුහුණදී ඇති බැවින් මෙම ව්‍යසනය අතුගා දැමීමට රජතුමා සැම පක්ෂපාතී පුරවැසියෙකුගේම උදව් උපකාර ඉල්ලා සිටියේ. ” ඔබත් නියම මහත්මියෙක් නම් රජතුමා ලෙස මම කරන්නට යන දේ ඔබත් කරන්න. මාගේ අවයවයන් මෙම දුගඳ හමන තුවාලයෙන් ආසාදනය වී තිබෙනවා නම් එම අවයවය කපා දැමීමට මම ඔබතුමන්ට අවසර දෙනවා ... මාගේ දරුවෙක් මෙම විනාශකාරී විපත්තියට ගොදුරු වී සිටිනවා නම් මම ඔහුව මරා දමන්නට ඉඩ හරිනවා. එම දරුවාව බේරා ගන්න මම ඉදිරිපත් වන්නේ නැහැ ... මාගේ දරුවාට මමම භාරදී එම දරුවාව දෙවියන්වහන්සේට පූජාවක් ලෙස ඔප්පු කරනවා.” හැඟුම්බර කථාව පවත්වන අතරේදී ඔහුගේ උගුර හිරවෙන්නට විය. රැස්ව සිටි සැමගේ නෙත් කඳුළින් තෙත් විය. “කතෝලික සභාව උදෙසා අපි ජීවත් වෙනවා. කතෝලකි සභාව උදෙසා අපි පූජා කරනවා.” යයි සියල්ලෝම එක හඬින් පැවසූහ. (D. Aubigne, b. Ch. 12 ).GrHSin 253.2

    සත්‍යතාවෙහි ආලෝකය එපා කළ ජාතිය අන්ධකාරයේ ගිලී යාම භයානක විපතක් විය. “ගැළවීම ළඟා කර දෙන්නාවූ කරුණා අනුග්‍රහය” උදා වී තිබුණේය. එය දැක දැකත්, එහි බලය සහ ශුද්ධතාවය දැක දැකත්, එහි දිව්‍ය අලංකාරය මඟින් දහස් ගණන් බැතිමතුන් පිරිසක් එයට ආකර්ෂණය වී සිටියත්, එහි ප්‍රභාවෙන් නගර සහ ගෙවල් ආලෝකමත් කරනු ලැබ තිබියදීත් ප්‍රංශය, ආලෝකය වෙනුවට අඳුර තෝරා ගෙන දිව්‍ය ප්‍රභාවයෙන් ඉවතට හැරී ගමන් ගත්තාය. ස්වර්ගීය තෑග්ග ඔවුන්ට පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී ඔවුහු එය ඉවත දැමුවෝය. ඔවුහු නපුරට යහපත යයි කීවෝය. සත්‍යතාව නපුරක් යයි කීවෝය. එසේ කරමින් අන්තිමේදී ඔවුහු ස්වආත්ම රැවටීමකට ගොදුරු වූහ. දෙවියන්වහන්සේගේ සත්‍යය පිළිගත් දරුවන්ට හිංසා පීඩා කිරීමෙන් තමන් උන්වහන්සේට සේවයක් කරනවා යිය ඔවුහු කල්පනා කළෝය. ඔවුන් අවංකව එසේ සිතූ නමුත් ඔවුන් නිවැරදිකරුවන් වන්නේ නැත. මුළාවෙන් ඔවුන්ව ගළවා ගැනිමටද ඔවුනගේ ආත්මවලින් ලේ පැල්ලම් ඉවත්කර තැබීමටද පුළුවන්කමක් තිබූ ආලෝකය ඔවුහු කැමැත්තෙන්ම එපා කළෝය, එය නිෂ්ප්‍රභා කළෝය.GrHSin 254.1

    ප්‍රතිසංස්කරණයේ දහම් මුලිනුපුටා දැමීමට දෙව් මැදුරේ පැවති එම රැස්වීමේදී එක්තරා ප්‍රතිඥාවක් සපථ කර ගන්නා ලදී. වසර තුන්සීයයකට පමණ පසුව එම ජාතිය “විචාර බුද්ධියේ දෙව්දුව” සිංහසනාරූඪ කළෝය. ඔවුහු ජීවමාන දෙවියන්වහන්සේව අමතක කළෝය. පෙරහැර නැවත වරක් වීදි ගත විය. තමන් ප්‍රතිඥා දුන් කාර්ය භාරය ඉටු කිරීමට ප්‍රංශ නියෝජිතයෝ ඉදිරියට ඇදුණෝය. දරමිටි ගොඩ ගසා ඒ මැද මිනිසෙකුට බැඳ තැබිම සඳහා කණුවක්ද සහිතව ඝාතන ස්ථාන තැනින් තැන ඉදිකර තිබුණේය. පෙරහැර එම ස්ථාන කරා යන විට යම්කිසි රෙපරමාදු කරුවෙකු එම කණුවලට තබා බැඳ තැබිමට නියම වී තිබුණේය. රජතුමා ඒ ස්ථානය පසුකරත්ම දරමිටි වලට ගිනි අවුලන ලදී. එම දසුන දැක බලාගැනීම සඳහා පෙරහැර එම ස්ථානවල නැවතීම නිර්දේශ විය. (Wylie, b. 13, Ch. 21). ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවන්ට දෙන ලද වධහිංසා පිළිබඳ තොරතුරු විස්තර වශයෙන් වාර්තා කිරීම අතිශයින් සිත් රිදවන සුළුය. කෙසේ වුවද, මරණයට පාත්‍ර වූ තැනැත්තන් තම ඇදහිල්ල අත්හැරීමට එකඟ වන්නැයි කීවිට එක් බැතිමතෙක් මෙවන් ප්‍රකාශයක් කර ඇත. “දිවැසිවරුන් සහ අපෝස්තුළුවරුන් ඉගැන්වූ මූලධර්ම කෙරෙහි පමණක් මම විශ්වාසය රඳවමි. ශුද්ධවන්ත සමූහයාද මෙම දේවල්ම විශ්වාස කළෝය. නිරයේ සමස්ථ බලවේගයන්ට විරුද්ධව නැගී සිටිය හැකි දෙවියන්වහන්සේ තුළ රැඳවූ ඇදහිල්ලක් මට තිබේ.” (D. Aubigne, b. 4, Ch. 12).GrHSin 254.2

    ප්‍රොතැස්තන්තකරුවන්ට වධහිංසා පමුණුවා ඔවුන් ගින්නට බිලි දෙන්නාවූ ස්ථානවලදී පෙරහැර කඩින් කඩ නැවතුණේය. ගමන ඇරඹු ස්ථානයේ සිට වටරවුමක් ගොස් ආපසු රජ මාළිගාව වෙත පෙරහැර පැමිණියේය. සෙනඟ විසිර ගියහ. දවසේ වැඩකටයුතු සාර්ථකව ඉටු වී යයි සතුටින් යුතුව රජතුමා සහ නායක දේවගැතිවරු තම වාසභවන් කරා පිටත්ව ගියෝය. තමන් ආරම්භ කළ කර්තව්‍යය අනුව මිසිදිටු දහම් විශ්වාස කරන සැවෝම ඝාතනය කරන තෙක් එය ඉදිරියට කරගෙන යාමට ප්‍රතිඥා දෙමින් ඔවුහු එකිනෙකාට ශුභපතා ගත්තෝය.GrHSin 255.1

    ප්‍රංශය ප්‍රතික්ෂේප කළ සමායේ භුභාරංචිය ඇත්ත වශයෙන්ම මුලිනුපුටා දැමුව හොත් එයින් අත්වන ඉරණම අති භයානකය. ප්‍රොතැස්තන්තකරුවන් සමූලඝාතනය කිරීමට ප්‍රංශය තීරණය කරගැනීමෙන් අවුරුදු දෙසීය පනස් අටකට පසුව එවැනිම දවසක එනම් 1793 ජනවාරි 21 වන දින තවත් පෙරහැරක් ප්‍රංශයේ වීදි පුරා යාම සඳහා පෙළගැසී සිටියේය. එම පෙරහැරෙහි අරමුණ වෙනස් ආකාර විය. “මෙම පෙරහැරෙහි ප්‍රධාන අමුත්තා වුණේද රජතුමාය. සෙනඟ කලහකාරී ලෙස හැසිරෙන්නටද, කෑගසන්නටද වූහ. බිලි දීම සඳහා තවත් අය සොයමින් වූ කෑගැසීම් දසත ඇසෙන්නට විය. කළු පාටින් නිම වූ බිලි පූජා කණුද ඉදිකර තිබුණේය. මෙදිනද වැඩකටයුතු නිම වුණේ මහත් පිළිකුල් උපදවන මිනිස් ඝාතනත් සමඟය. XVI වැනි ලුවී රජතුමා පෙරහැරෙහි ගමන්ගත් බන්ධනාගාර නිලධාරීන් සහ නිල ඝාතකයන් සමඟ පොර බඳිමින් සිටියේය. රජතුමාව බලෙන් ඇදගෙන ගිය නිලධාරීහූ ඔහුගේ හිස වධක මැස්ස මත තබා තදකරගෙන සිටියෝය. වධකයාගේ කඩුව ක්‍රියාත්මක විය. රජතුමාගේ හිස එතැනින් බිමට වැටුණේය.” (Wylie, b. 13, Ch. 21). මරාදමනු ලැබුවේ රජතුමා පමණක් නොවේ. එම ස්ථානයේදීම සහ අසල තවත් තැන්හි මිනිසුන් දෙදහස් අටසිය දෙනෙක් හිස් ගසා දමන යන්ත්‍රයේ පහස වින්දෝය. චණ්ඩ බිහිසුණු දාමරිකත්වය රජ කළ මේ යුගයේදී වීදි දිගේ ලේ ගලා යාම සුලබ දසුනක් විය.GrHSin 255.2

    විවෘත ශුද්ධ බයිබලයක් ලෝකයාට ලබාදීමට ප්‍රතිසංස්කරණය ක්‍රියා කළේය, එමගින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රතිපත්ති ඔවුන් ඉදිරිපිට විවෘත කරනු ලැබුවේය. දේව ව්‍යවස්ථාවේ ඉල්ලීම් ජනතාවගේ හෘද සාක්ෂියට අවධාරණය කරන ලදී. සගයේ ප්‍රඥප්ති සහ අණ පණත් මිනිසා ඉදිරියෙහි විවෘතව තැබීමට අසීමිත ආදරය වෙහෙසක් දැරුවේය. මෙම දේව අපේකෂා ඉටුකිරීමට දේව භයහ ඇති මිනිසා බැඳී සිටී. මේ පිළිබඳව දෙවියන්වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත. “දෙවිවූ ස්වාමීන්වහන්සේ .... අණ කළ පණත් ද විනිශ්චයන්ද .... පවත්වමින් (ක්‍රියා) කරන්න. මක්නිසාද මෙය මනුෂ්‍ය වර්ගයන් ඉදිරියෙහි නුඹලාගේ ප්‍රඥාවත් නුඹලාගේ නැණවත්කමත්ය. ඔවුන් මේ සියලු පණත් අසා: සැබවින්ම මේ මහත් ජාතිය ප්‍රඥාවන්ත වූ නුවණ ඇත්තාවූ සෙනඟක් යයි කියනවා ඇත.” (ද්වීතීය කථාව 4:5,6). ප්‍රංශය විසින් සගයේ දීමනාව ප්‍රතික්ෂේප කළ කල්හි ඇය ප්‍රචණ්ඩකාරීත්වයේ සහ විනාශයේ බීජ වැපිරෙව්වාය. එහි හේතු ඵල වේදය වූයේ විප්ලවයක් සහ භීතියෙහි රජකිරීමක් ඇතිවීමය. GrHSin 256.1

    රෝමානු වේදයෙහි මිථ්‍යා ඉගැන්වීම් පිළිබඳව විශාල පින්තූර ප්‍රදර්ශනය වන්නට පෙර නිර්භීත සහ ප්‍රබල බැතිමතෙකු වූ ෆැරල්ට තම උපන් බිම අතහැර පලායාමට සිදුවිය. හෙතෙම ස්විට්සර්ලන්තයට පලා ගියේය. එහිදී ස්වින්ග්ලිගේ වැඩ තවදුරටත් වර්ධනය කළ ඔහු ප්‍රතිසංස්කරණය වෙත ජනතා රැල්ල නම්මවා ගැනීමට දායක වුණේය. ඔහුගේ ඉතිරි කාලය ස්විට්සර්ලන්තයේම ගත කළද ප්‍රංශයේ ප්‍රතිසංස්කරණ කර්ත්‍යයෙහි සඵලත්වයට විශාල බලපෑමක් හෙතෙම එල්ල කළේය. රටින් පිටව සිටි මුල් වසර කිහිපය තුළදී තම නිජ භූමියෙහි ශුභාරංචිය පතුරුවා ලීමෙහි කටයුතුවලට ඔහු අත්වැල සැපයුවේය. ඔහු මායිම් ගම්මානවලට යමින් තමාගේ ජාතියේ ජනතාවට ශුභාරංචිය දේශනා කළේය. තම රට තුළ වර්ධනය වෙමින් පැවිත රෝමානු - ප්‍රොතැස්තන්ත අරගලය පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ හෙතෙම තම ජනතාවට වචනයෙන් සහ අනුශාසනයෙන් දිරිය ගෙන දුන්නේය. තම රටෙන් පිටව ආ තවත් බැතිමතුන් සමඟ එක්වූ ෆැරල් ජර්මන් ප්‍රතිසංස්කාරකයන්ගේ කෘති ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළේය. මේ පොත් සමගම ප්‍රංශ බසින් වූ ශුද්ධ බයිබලයේ පිටපත් විශාල ප්‍රමාණයක් මුද්‍රණද්වාරයෙන් එලි බැස්සේය. ගෙයින් ගෙට යමින් ආගමික පතපොත අලෙවි කරන්නන්ගේ මාර්ගයෙන් මෙම ප්‍රකාශන ප්‍රංශය පුරා සිටි ජනතාවගේ අතට පත්විය. ඉතා අඩු මුදලකට මෙම ප්‍රකාශන ලබාගත් අලෙවි නියෝජිතයෝ තමා ලැබූ මුදල් මගින් මෙම සේවාව අඛණ්ඩව කරගෙන යාමට පුළුවන්කම ලබාගත්හ.GrHSin 256.2

    ස්විට්සර්ලන්තයට පැමිණි ෆැරල් ගුරුවරයෙකු වශයෙන් රැකියාවක යෙදෙමින් දෙවියන්වහන්සේට වූ සේවාව කරගෙන යාමට සමත් විය. හුදෙකලා දේවස්ථාන වසමක සේවය ආරම්භ කළ ඔහු ළමයින්ට ගුරුහරුකම් දීම ආරම්භ කළේය. අධ්‍යාපන විෂය මාලාවේ පාඩම් වලට අමරතරව ඔහු දැඩි සැලකිල්ලකින් යුතුව බයිබල් සත්‍යතාවන් කියා දීමේ යෙදුණේය. දරුවන් තුළින් දෙමාපියන් වෙත ළඟා වීම ඔහුගේ අරමුණ විය. මේ අය අතරෙන් කිහිප දෙනෙක්ම ප්‍රතිසංස්කරණයේ ඉගැන්වීම් පිළිගත්තෝය. මේ අතර මෙම මෙහෙවරය නවතා දැමීමට රෝමානු පූජකවරු ක්‍රියාත්මක වූහ. මිථ්‍යා ඉගැන්වීම් විශ්වාස කළ ගම්බද ජනතාව පොළඹවා ගත් පූජකයෝ ප්‍රතිසංස්කාරකයන්ට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ජනතාව පෙළඹවූවෝය. “මෙම ඉගැන්වීම් ක්‍රිස්තුස්වහන්සේගේ භුභාරංචිය වන්නට බැහැ; ඔවුන්ගේ දේශනා මගින් ඇති වන්නේ සාමය නොවේ. යුද්ධය” යි සමහර පූජකවරු පැවසූහ. (Wylie, b. 14, Ch. 3). මුල්කාලීන ගෝලයන් මෙන්, එක් නගරයකදී වධ හිංසා පැමිණි විට ඔහුද වෙනත් නගරයක් කරා පිය නැගීය. ඔහු ගමින් ගමකටද නගරයකින් තවත් නගරයකද පයින්ම ගමන් කළේය. බඩගින්නේ පෙලෙමින්, ශීතලය විඳ දරා ගනිමින්, දැඩි තෙහෙට්ටුවෙන් පීඩිතව, සෑම මොහොතකම මරණීය තර්ජනවලට මුහුණ දීමේ අවදානමින් යුතුව ඔහු කඩ මණ්ඩියේදී දේශනා කළේය, දෙව් මැදුරුවලදීද ශුභාරංචිය බෙදා දුන්නේය. සමහර අවස්ථාවන්හිදී ඔහුට ඇහුම්කන් දීමට කිසිවෙක් හෝ පැමිණ සිටියේ නැත. සමහර අවස්ථාවන්හිදී ඔහු දේශනා කරන විට කෑගැසීම් සහ සමච්චල් කිරීම්වලින් බාධා පැමිණියේය. නැවත වරක් ඔහුව ධර්මාසනයෙන් ඉවතට ඇද දමනු ලැබීය. කිහිප වතාවක්ම ඔහු වෙත කඩා වැදුණු පූජකයෝ මැරෙන තරමට ඔහුට පහර දුන්නෝය. එහෙත් ඔහුගේ ඉදිරි ගමන නවතාලීමට මෙවන් බාධක සමත් නොවීය. බොහෝ තැන්වලින් ඔහුව පන්නා දමනු ලැබූ නමුත් ඔහු නැවත නැවතත් එම ස්ථාන වෙත පැමිණ ශුභාරංචිය දේශනා කළේය. පාප්ගේ බන්ධනයට හසුව තිබු ගම් සහ නගර ක්‍රම ක්‍රමයෙන් ශුභාරංචිය සඳහා දොරටු විවෘත කරනවා දැකීම ඔහුගේ ඉමහත් ප්‍රීතියට හේතු විය. ඔහුගේ මුල් දෙසුම ඇසූ කුඩා දේවස්ථානයේ බැතිමත්හු දැන් ප්‍රතිසංස්කරණයේ ඇදහිල්ල පිළිගත්හ. මොරා සහ නුවාටෙල් යන ස්ථානවල නගරවාසීහුද වැඩි කලක් යාමට පෙර රෝමානු වතාවත් සහ නමස්කාර ක්‍රම ඉවතලා තමන්ගේ දේවස්ථානවලින් සුරුවම් සහ පිළිම ඉවත් කළෝය.GrHSin 256.3

    ප්‍රොතැස්තන්ත ධජය ජිනීවාහි ඔසවා තැබීමට ෆැරල් තුළ දැඩි අභිලාෂයක් විය. මෙම නගරය දිනා ගැනිමට හැකිවන්නේ නම් එය ප්‍රංශයේ, ස්විට්සර්ලන්තයේ සහ ඉතාලියෙහි ප්‍රතිසංස්කාරක සේවයෙහි මධ්‍යස්ථානයක් සේ සැලකීමට හැකිවන්නේය. මෙම අරමුණ පෙරදැරිව ඔහු ක්‍රියා කළ අතර ජිනීවා නුවර වටා පිහිටි වෙනත් නගර සහ ගම්මානයන් ප්‍රතිසංස්කරණයේ ඇදහිල්ලට දිනාගනු ලැබූහ. ඉක්බිතිව තවත් එක් සගයෙකු සමග ඔහු ජිනීවා නුවරට ඇතුළු විය. එහෙත් දේශනා කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුණේ දෙවතාවක් පමණකි. ඔහුට වරදකරුවෙකු සේ තීරණය කරමින් සිවිල් බලධරයන්ගේ විනිශ්චයක් ලබාගැනීමට ගත් උත්සාහය නිෂ්ඵල වූ බැවින් රෝමානු පූජකයෝ ආගමික විනිශ්චය සමුළුවක් ඉදිරියේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කළහ. පූජකයෝ තමන් ලෝගු යට මිනීමරු ආයුධ සඟවා ගෙන එහි පැමිණියෝය. රැස්වීම් ශාලාව තුළදීම ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණේය. කඩු මුගුරු රැගත් කෝපාවිශ්ට කලහකාරී පිරිසක් ශාලාවෙන් පිටත රැස්ව සිටියහ. යම්කිසි අයුරකින් රැස්වීමෙන් පිටතට පැමිණීමට ඔහු සමත් වීනම්, ඔහුව ඝාතනය කර දැමීමට මෙම ප්‍රචණ්ඩ කාණ්ඩය සූදානම්ව සිටියේය. එහෙත් මහේස්ත්‍රාත්වරුද අවි රැගත් හමුදා භටයන්ද ශාලාවට පැමිණ ෆැරල්ව නිරුපද්‍රිතව පිටතට ගෙන යෑමෙන් ඔහුගේ ජීවිතය බේරුණේය. පසුදින හිමිදිරියේම ඔහුවද ඔහුගේ සහායකයාද වැවෙන් එගොඩ ආරක්ෂිත ස්ථානයක් කරා ගෙනයනු ලැබුවෝය. ජනීවා නගරයේ ශුභාරංචිය පතල කිරීමට වූ ඔහුගේ මුල්ම වෑයම මෙසේ නිම විය.GrHSin 257.1

    ජිනීවාවට ශුභාරංචිය ඇතුළු කිරීමේ දෙවැනි අවස්ථාවේදී දෙවියන්වහන්සේ තෝරා ගත්තේ වෙනස් ආකාර පුද්ගලයෙකි, නිතමානී තරුණයෙකි. ඔහුට පුනරුදවාදී මිතුරන්ගෙන් පවා ලැබුණේ ඉතා ඇල් මැරුණු ප්‍රතිචාරයකි. ෆැරල් වැනි අයෙකුව ප්‍රතික්ෂේප කරනු ලැබූ ස්ථානයක මෙවැන්නෙකුට කළ හැක්කේ කුමක්ද? අඩු ප්‍රමාණයක ධෛර්යයක් සහ අඩු ප්‍රමාණයක අත්දැකීමක් ඇති තරුණයෙකුට ඉතා ශක්තිමත්වූ ද, නිර්භීතවූ ද අය පවා බියෙන් පලා ගිය අතර පැවිද්දන්ගේ වියරුව ඉදිරියෙහි මේ තරුණයාට ඉටු කළ හැකි මෙහෙවරය කුමක්ද? “බලයෙන්වත්, ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් යයි සේනාවල ස්වාමින්වහන්සේ කියන සේක” (සෙකරියා 4: 6). “නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත් සේක. දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත් සේක.” “මක්නිසාද දෙවියන්වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවියන්වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යන්ට වඩා බලවත්ය.” (1 කොරන්ති 1: 27, 25).GrHSin 258.1

    ෆ්‍රෝමෙන්ට් නමැති මේ තැනැත්තා තම ජීවන වෘත්තිය ආරම්භ කළේ පාසල් ගුරුවරයෙකු වශයෙන්ය. ඔහු විසින් දරුවන්ට පාසලේදී ඉගැන්වූ සත්‍යතාවන් දරුවන් විසින් තම දෙමාපියන්ට පවසන ලදී.‍ බයිබලය පැහැදිලි කරදෙනවා ඇසීමට සමහර දෙමාපියෝ පාසල් කාමරය කරා ඇදී ආවෝය. වැඩි දවසක් ගතවීමට පෙර උනන්දුවෙන් සවන් දෙන්නා වූ අයගෙන් පංති කාමරය පිරී ඉතිරී ගියේය. අලුත් තෙස්තමේන්තු පිටපත් සහ පත්‍රිකා නොමිලේ බෙදා දෙනු ලැබීය. අලුත් දහම් ඇසීමට ප්‍රසිද්ධියේ පැමිණීමට මැළි වූ අයට මෙසේ ශුභාරංචියේ පහස ලැබිමට මං සැලසුණේය. වැඩි කලක් ගතවීමට පෙර ඔහුටද එම නගරයෙන් පිටව යන්නැයි අණ නිකුත් විය. එහෙත් ඔහු ඉගැන්වූ සත්‍යතාවන් ජනතාවගේ මනස් තුළ මනා ලෙස තැන්පත්ව තිබුණේය. ප්‍රතිසංස්කරණය රෝපණය වී තිබුණේය. එය කාලයත් සමග ශක්තිමත්ව වැඩෙමින් ව්‍යාප්ත වන්නට විය. දේශනාකරුවෝ නැවත නැවතත් ජිනීවා නගරයට පැමිණියෝය. අවසානයේදී ප්‍රොතැස්තන්ත නමස්කාරය ජිනීවාහි ස්ථාපිත කරන ලද්දේය.GrHSin 258.2

    විවිධ පෙදෙස්හි සැරිසරමින්ද, විවිධ අත්දැකීම්වලට මුහුණ දෙමින්ද සිටි කැල්වින් ජිනීවා වෙත පැමිණෙන විට එම නගරය ප්‍රතිංස්කාරක දහම පිළිගෙන තිබුණේය. ඔහු මෙවර ජිනීවා නගරයට පැමිණියේ තම උපන් බිම වෙත ගොස් බේසල් වෙත යන වාරයේදීය. ගම රට සිට බේසල් කරා යන සෘජු මාර්ගය සම්පූර්ණයෙන්ම V වන චාර්ල්ස්ගේ හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ නිසා ඔහුට ජිනීවා නගරය හරහා ගමන් කිරීමට සිදුවිය.GrHSin 259.1

    කැල්වින් නැවත වරක් ජිනීවා නගරයට පැමිණීම දෙවියන්වහන්සේගේ ශ්‍රී හස්තයේ ක්‍රියාකාරිත්වයක් බව ෆැරල්ට අවබෝධ කරගත හැකි විය. ජිනීවාහි ජනතාව ප්‍රතිසංස්කරණයේ ඇදහිල්ල පිළිගෙන තිබුණ නමුත් එහි තවත් විශාල වැඩ කොටසක් කිරීමට ඉතිරිව තිබුණේය. මිනිසුන් දෙවියන්වහන්සේව පිළිගෙන උන්වහන්සේ වෙතට පැමිණිය යුත්තේ පුද්ගලයන් වශයෙන් මිස සමූහ කණ්ඩායම් වශයෙන් නොවේ. ප්‍රතිසංස්කරණයේ ක්‍රියාදාමය හදවත තුළ ක්‍රියාකාරී වීම අනිවාර්ය වන්නේය. එය හෘදය සාක්ෂියෙහි ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය මඟින් පුනරුත්ථාපනය විය යුතුය. එය සම්මේලන ආඥාවන් මගින් ඵල දැරිය නොහැකිය. ජිනීවාහි ජනතාව රෝම අධිකාරී බලය ඉවත දමා තිබු නමුත්, ඇය යටතේ සමෘද්ධිමත්ව තිබූ දූෂණ අතහැර දැමීමට සූදානම්ව නොසිටියහ. ශුභාරංචියෙහි පිරිසිදු ප්‍රඥප්ති තුළ ජනතාව ස්තාපිත කිරීමත්, දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් කැඳවීම අනුව ක්‍රියා කිරීමට ඔවුන් සූදානම් කිරීමත් පහසු කාර්යයක් නොවීය. GrHSin 259.2

    මෙම කර්තව්‍යය ඉටුකිරීම සඳහා කැල්වින්ගේ දායකත්වය මහත් සේ ඉවහල් වේ යැයි ෆැරල් කල්පනා කළේය. මෙම තරුණ දහම් ප්‍රචාරකයාට ජිනීවාහි නැවතී සිට සේවය කරන්නැයි ෆැරල් දෙවියන්වහන්සේගේ නාමයෙන් කැල්වින්ගෙන් ඉල්ලා සිටියේය. විශ්මයට පත් කැල්වින් එසේ කිරීමට පසුබට විය. බයාදු ගති පැවතුම් ඇති, සාමයට ඇලුම් කළ කැල්වින්, සමහර අවස්ථාවලදී, එඩිතරව නිදහසේ ක්‍රියා කළ, සැහැසි ආත්මයක් ඇති ජිනීවාහි ජනතාව සමඟ කටයුතු කිරීමෙන් වැළිකී සිටීමට ආශා කළේය. සෞඛ්‍ය තත්ත්වය දුර්වලව පැවති නිසාද අධ්‍යාපනයට වැඩි කාලයක් ගතකිරීමට වූ පුරුද්ද නිසාද ඒ ඉල්ලීම ඉටු කිරීමෙන් නිදහස් වීමට ඔහු කැමති විය. ප්‍රතිසංස්කරණයේ කටයුතු වැඩි ප්‍රවණතාවයකින් යුතුව පෑනෙන් කළ හැකි බවට ඔහු තුළ පැවැති විශ්වාසය නිසා ඉගෙනීමට සුදුසු නිසොල්මන් ස්ථානයක් කරා යෑම ඔහුගේ අභිලාෂය විය. එහි සිට රචනා කරන්නාවූ ලිපි කරණකොටගෙන සභාවන් ගොඩ නගන්නටත්, සභිකයන් දැනුවත් කරන්නටත්, ඔහු කැමති විය. එසේ වුවද, දේව සේවයෙහි නිරත වීමට වූ ෆැරල්ගේ කැඳවීම ඔහුට සගයෙන් පැමිණි කැඳවීමක් බඳු වූයෙන් එය එපා කිරීමට ඔහු පසුබට විය. “දෙවියන්වහන්සේගේ ශ්‍රී හස්තය සගයේ සිට තමා වෙතට යොමු වී ඇති බව ඔහුට දැනුණේය. එය ඔහුට අල්ලා ගත්තේය. ඉක්මණින් ඉවත්වී යාමට උවමනා වී තිබුණ ස්ථානයේම රැඳී සිටීම හැර වෙනත් දැයක් ගැන සිතීමටවත් ඔහු තුළ හැකියාවක් තිබුණේ නැත.” (D. Aubigne, b. 9, Ch. 17).GrHSin 259.3

    මෙම වකවානුවේදී ප්‍රොතැස්තන්ත සෙනඟ වටා මහත් උපද්‍රවකාරී වටපිටාවක් ගොඩ නැගී තිබුණේය. ජිනීවා නගරය ශාපයට යටත් කර ඇතැයි පාප් නිවේදනයක් නිකුත් කළේය. ඒ අතර ප්‍රබල රටවල් ජිනීවා නුවර විනාශ කර දමන බවට තර්ජන එල්ල කළහ. රජවරුන් සහ අධිරාජ්‍ය පාලකයන් දණ ගැස්වූ බලවත් රෝමානු පූජක බල අධිකාරියට විරුද්ධව මේ කුඩා නගරය නැගී සිටින්නේ කෙසේද?GrHSin 260.1

    ක්‍රිස්තියානි රාජ්‍යයන් පුරාම ප්‍රොතැස්තන්ත දහමට මුහුණ පෑමට සිදුවුණේ බලවත් සතුරන්ට විරුද්ධවය. මුලදී යම් ජයග්‍රහණයක් අත් කරගත් නමුත් රෝමානුව විසින් එයින් සලිත නොවී, ඔවුන් සමූලඝාතනය කරදැමීම සඳහා අලුත් හමුදාවන් යොදවා ස්වකීය අභිමතාර්ථය ඉටු කරගැනීමට ක්‍රියා කළේය. මේ අවධියේදී ජෙසුයිට් සංගමය (Jesuits) නැමැති නව තාපස නිකායක් ආරම්භ විය. මෙම නිකාය රෝමානු සභාවෙහි ඉතා බලසම්පන්නවූ කොටසක් විය. සභාව රැක ගැනීමට වීරයන් ලෙස ක්‍රියා කළ මොවුහු ඉතා කුරිරුවූ ද, දුෂ්ටවූ ද, කිසිම ප්‍රතිපත්තියක් ගරු නොකළාවූද කතෝලික බැතිමතුන් පිරිසක් වූහ. භූමික සබැඳියාවන් සියල්ල බිඳ දමා, මිනිසුන් උදෙසා ඇති සියලු සැලකිලි සිඳ දමා, ස්වභාවික සෙනහසෙහි ඉල්ලීම් ගැන කිසිම ආකාරයකින් හෝ තෙත් ගතියක් නැතිව, යුක්ති සහගත හේතු හා තම හෘදය සාක්ෂිය නිහඬ කළ ඔවුහු, කිසිම නීතියකට අවනත නොවූ අතර කිසිම බැඳීමක්ද ඇති කර නොගත්හ. ස්වකීය තාපස නිකායෙහි ප්‍රතිපත්ති පමණක් හිස් මුදුනෙන් පිළිගත් ඔවුහු තමන්ගේ ඒකායන අරමුණ තමන්ගේ බලය ව්‍යාප්ත කිරීම පමණක් බවට ප්‍රතිඥා දුන්නෝය. “Concerning Jesuits”, p. 6). අනතුරට මුහුණ පාමින් දුක් විඳීම් විඳ දරා ගැනීමටද ශීතල හා බඩගින්න, දරා ගනිමින් ඉතා මහන්සි වී ශ්‍රමිකයෙකු ලෙස වැඩ කිරීමට සහ දරිද්‍රතාවෙන් පීඩාවිඳීම, වධකාගාරය, පොළොව යට ඇඳිරී ගෙවල සිරිකර තැබීම, කණුවලට බැඳ ගිනි බත් කිරීම යන ආපදාවලට ගොදුරු වීමෙහිදී තම භක්තිය සහ විශ්වාසය වෙනුවෙන් එම කුරිරුකම් වලට මුහුණ දෙමින් විඳ දරා ගැනීමටද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය එහි සත්‍යතාවේ ධජය උපරිම ඉහළ තලයේ ඔසවා තැබීම කිතුණුවාගෙන් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන සේක. සත්‍යතාවේ බලවේගයන්ට මුහුණ දීම සඳහා සංවිධානය වූ “ජෙසුයිට්” යන තාපය නිකාය තම ශ්‍රාවකයන්ව ආගමික උමතුවක් කරා මෙහෙය වූහ. අවශ්‍ය වුවහොත් යට කී ආපදාවන් විඳ දරාගැනීමට වුවද ඔවුන් එඩිතර විය යුතු යයිද ඔවුන් උනන්දු කරන ලදී. සත්‍යතාවට විරුද්ධව ක්‍රියාත්මක කළ හැකි සෑම ආකාර මුළාවන් සහ රැවටීම් ක්‍රම භාවිතයට තම ශ්‍රාවකයන් දැනුවත් කිරීමට ඔවුන් පසුබට වුණේ නැත. සත්‍යතාව මැඩලීමට වූ කවර ආකාරයේ අපරාධයක් වුවද කම් නැත, කෙතරම් නීච මුළා කිරීමක් වුවද මහත් අරුමයක් නොවේ, කුමන ආකාර හෝ වෙස් මාරු කිරීමක් වුවද, එයින් සෙතක් සිදු වේ නම් එය කෙතරම් අසංවර වුවද එයට අවකාශ දිය යුතුය යන්න ඔවුන්ගේ අදහස විය. නීති පවත්නා දුගීකමත්, යටහත් පහත්කමත් රැකීමට ප්‍රතිඥා දුන්නද, ඔවුනගේ උපාය මාර්ගය වුණේ ප්‍රොතැස්තන්තවාදීන් විනාශ කිරීම සඳහා උපරිමයෙන් ධන සම්පත් හා බලය අත්පත් කරගැනීමයි. පාප් අධිකාරී බලයට මුල් තැන ලබාදීම ඔවුන්ගේ පරමාර්ථය විය.GrHSin 260.2

    සාමාජික කණ්ඩායමක් වශයෙන් ජෙයුයිට් තාපසයෝ සමාජය ඉදිරියෙහි පෙනී සිටියේ ශුද්ධවන්ත ජන කොටසක් හැටියටය. යේසුස් වහන්සේ මෙලොව දිවි ගෙවූ සමයේදී උන්වහන්සේ යහපත් ක්‍රියා කරමින් සැරි සැරූ බව බයිබලය පවසයි. ඒ ආකාරයෙන්ම ජෙසුයිට් වරුද සිරගෙවල් හා රෝහල් වෙත යමින් එහි සිටියාවූ පීඩිතයන් බැහැ දැක්කෝය. ඔවුහු රෝගී වු අයට සහ දූගී ජනතාවට පිහිට වූහ. ලෝකයේ සියලු සම්පත් අත්හැර දමන බවට ප්‍රතිඥා දෙමින් ඔවුහු යේසුස්වහන්සේගේ ශුද්ධ වූ නාමය දරාගන්නාවූ අය වූහ. ඔවුනගේ බාහිරය වරදක් නැති බව පෙන්නුම් කළද, අභ්‍යන්තරයෙහි අන්තර්ගතය වුණේ ඉතා දුෂ්ට වූ අපරාධ කිරීමේ, මිනිසුන් ඝාතනය කිරීමේ පරමාර්ථයයි. ඔවුන්ගේ එක්තරා ප්‍රඥප්තියකින් කියැවුණේ අවසන් ප්‍රතිඵලය යහපත් නම් එය උදාකර ගැනීමෙහි ක්‍රියාවේදය කුමක් වුවද, කම් නැතැයි කියාය. මෙම න්‍යාය අනුව බොරුකීම, සොරකම් කිරීම, බොරුවට දිවිරීම, මිනිස් ඝාතන යනාදියෙන් සභාවට යහපතක් වේ නම් එවන් ක්‍රියාවන්ට සමාව ලැබෙනවා පමණක් නොව, ඒවා පැසසුම් ලැබීමටද භාජනය විය හැකි යයි ඔවුන්ට දක්වන ලදී. විවිධාකාර සුදුසුකම් ඉදිරිපත් කරමින් ජෙසුයිට්වරු රජයේ පරිපාලන ව්‍යුහයේ උසස් කොට්ඨාශ කරා යැමට සමත් වූහ. රජතුමාගේ පුරෝහිත මඬුල්ලේ නියෝජිතයන් වීමටත් ජාතියේ ප්‍රතිපත්ති සැකසීමේ කමිටුවල තනතුරු දැරීමටත් ඔවුහු සමත් වූහ. තමන්ගේ ස්වාමිවරුන් වෙනුවෙන් ඔත්තුකාරයන් වශයෙන් සේවයෙහි යෙදීමටද ඔවුහු ක්‍රියාශීලී වූහ. ඔව්හු කුමාරවරුන්ගේ සහ ප්‍රභූවරුන්ගේ දරුවන් උදෙසා උසස් විද්‍යාල ආරම්භ කරමින් සාමාන්‍ය ජනතාව උදෙසාද පාසල් විවෘත කළෝය. ප්‍රොතැස්තන්ත දෙමව්පියන්ගේ දරුවන්ව රෝමානු දහමේ වතාවත් ඉටුකිරීමට යොමු කරනු ලැබීය. සිසුන්ගේ මනස් වියවුල් කිරීමට රෝමානු නමස්කාර වේදයෙහි පවත්නා මහත් අලංකාරයෙන් යුත් බාහිර උදාරම් පෙනුමට ඉහළ තැනක් ලැබුණේය. ප්‍රතිසංස්කරණයේ දරුවන්ගේ සිතුවිලි විවිධ පොරොන්දු මගින් මුළාකර ඔවුන්ව බැඳ තැබීමට පාසැල් ගුරුවරු මහත් වෑයමක් දැරූහ. දෙමාපියන් විසින් මහත් වෑයමක් දරා, ලේ පවා හලමින් ලබාගත් නිදහස දරුවන් විසින් පාවා දෙනු ලැබිණි. ජෙසුයිට් නිකාය යුරෝපය පුරා ව්‍යාප්ත විය. ඔවුන් ස්ථාපිත වූ සෑම තැනකම පාප් සමයට නව පණක් ලැබුණේය.GrHSin 261.1

    එම තපස් නාකියට වැඩි බලතල ලබාදීම සඳහා ධර්මාධිකරණය නැවත වරක් ස්ථාපිත කිරීමට පාප්ගේ නියෝග පත්‍රයක් නිකුත් විය. ජනතාවගේ ඉමහත් පිළිකුලට භාජනය වු මේ දඬුවම් පැමිණවීමේ ක්‍රමය වූ, මෙම ත්‍රී පුද්ගල අධිකරණ සභාව කතෝලික රටවලද අප්‍රසාදයට පත්ව තිබුණේය. දහවල් කාලයේදී එලිපිට කරන්නට පවා නොහැකි වූ කෘරතර වධ දීම් අඳරු බිංගෙවල් තුළ ක්‍රියාත්මක විය. බොහෝ රටවල, ජාතියේ වීරයන් දහස් ගණනින් ඝාතනය කරන ලදී. නැතහොත් බොහෝ දෙනෙකුට තම නිජ භූමියෙන් පලායාමට සිදු විය. ඔවුන් අතර ඉතා පිරිසුවූ, ජනතා උපහාරයට ලක්වූ රදළයන්ද, බුද්ධිමතුන් හා උසස් අධ්‍යාපන ප්‍රවීනයන්ද, භක්තිමත් කැපවීමකින් යුතු වූ දේවගැතිවරුන්ද, කඩිසර වෘත්තීය වේදීන් සහ ජාති මාමකයින්ද, අති දක්ෂ පඬිවරුන්, ප්‍රතිභා පූර්ණ චිත්‍ර ශිල්පීන් හා ප්‍රවීණ නිර්මාණ ශිල්පීන්ද කතෝලික නොවූ නිසාම මරා දමන ලදී. දඬුවම් විඳීමට නොකැමිතිව තවත් අය විවිධ රටවල් කරා පලා ගියෝය.GrHSin 262.1

    ප්‍රතිසංස්කරණයේ දීප්තිමත් ආලෝකය නිවා දැමීමට රෝමය ක්‍රියාත්මක කළ සංහාරය මෙයාකාර විය. ජනතාව බයිබලයෙන් ඈත් කර තබා අඳුරු යුගයේ පැවැති ආකාරයට බයිබල් දැනුමක් නැතිකිරීම සහ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි ක්‍රම නැවතත් පිහිටුවා ලීම රෝමනුවේ අරමුණ විය. එහෙත් දෙවියන්වහන්සේගේ ආශිර්වාද යටතේ, ලූතර්ට පසුව උන්වහන්සේ නැගිටවූ උදාර මිනිසුන්ගේ සේවය නිසා ප්‍රොතැස්තන්ත සමය නැතිකර දැමීමට හැකියාවක් නොවීය. ප්‍රොතැස්තන්ත ආගමේ ශක්තිය හිමිවන්නේ කුමාරවරුන්ගේ අනුග්‍රහයට හෝ ඔවුන්ගේ හමුදාවන්ට හෝ නොවන්නේය. කුඩා රටවල් සහ නිහතමානී වූ හා බලසම්පන්න නොවූ ජාතීන් එහි බලකොටු විය. ඇයගේ විනාශය සිදුකිරීමට යත්න දරමින් සිටි ජිනීවාව එවන් බලකොටුවක් විය. ස්පාඤ්ඤයේ ක්‍රෑර පාලනයට එරෙහිව සටන් වැදි සිටි උතුරු මුහුද අසල වූ ඕලන්දය තවත් බලකොටුවක් විය. එය එකල පැවති රාජ්‍යයන් අතර ඉතාමත්ම බලවත්වූ ද, ඉතාමත්ම ධනවත්වූ ද රාජ්‍යයක් වූ ස්පාඤ්ඤයේ දරුණු ක්‍රියාකාරකම් සමග පොරබදමින් සිටියේය. නීරසවූ ද, නිස්සාරවූ ද, ස්වීඩනයද ප්‍රොතැස්තන්ත ව්‍යාපාරය වෙනුවෙන් ජයග්‍රහණය හිමි කරගත් රාජ්‍යයකි.GrHSin 263.1

    වසර තිහක් පමණ කාලයක් පුරා කැල්වින් ජිනීවාහි දේව සේවයෙහි යෙදුණේය. බයිබලය උගන්වන්නාවූ සාරධර්ම පිළිපදින්නාවූ සදාචාරාත්මක සභාවක් එහි ස්ථාපිත කිරීම ඔහුගේ මුල් වෑයම විය. ඔහුගේ අනෙක් සිහිනය වූයේ මුළු යුරෝපය පුරාම ප්‍රතිසංස්කරණය ව්‍යාප්ත කිරීමය. ප්‍රජා නායකයෙකු වශයෙන් ඔහු අනුගමනය කළ ක්‍රමවේදය වරද රහිත නොවීය. ඒ අතරම ඔහු ඉගැන්වූ ධර්මතාවන්ද වරදින් තොර නොවීය. එහෙත් කාලෝචිත දහම් ව්‍යාප්ත කිරීමෙහි ලා ඔහුගෙන් ඉටු වූ සේවය ඉමහත්ය. පාප් අධිකාරී බලයෙහි එන්නාවූ භීෂණ රැල්ලට එරෙහිව රෙපරමාදු ප්‍රඥප්ති පවත්වා ගෙන යැමට ඔහු මනුෂ්‍යයන්ට මගපෙන්නුවේය. ඒ අතරම ප්‍රොතැස්තන්ත දෙව් මැදුරුවල සරල ජීවිත රටවක් සහ ජීවිතයේ පවිත්‍රතාවක් පිළිබඳව බැතිමතුන් දැනුවත් කරමින්, එවැන්නකට ඔවුන් පෙළඹවීම ගැන ඔහු උනන්දු විය. රෝමානු ඉගැන්වීම යටතේ ඉගැන්වුණු ජීවිත රටාව අහංකාරයෙන් යුතුවූ ද , දූෂිතවූ ද එකක් වූ අතර ඔහු පවිත්‍ර ජීවිත රටාවකට යොමුවීමට මනුෂ්‍යයන්ට මගපෙන්වූ වැදගත් සත්‍යයන් ඉදිරිපත් කළේය. GrHSin 263.2

    ප්‍රොතැස්තන්ත දහම් ප්‍රචාරය කිරීම පිණිස ජිනීවාහි සිට මුද්‍රිත ප්‍රකාශන සහ දහම් ගුරුවන්, දෙස් විදෙස් කරා යවනු ලැබීය. දැනමුතුකම් ලැබීම, අනුශාසනා සහ දිරිගැන්වීම් ලබාගැනීම උදෙසා හිංසා පීඩාවට පත් වු අය ජිනීවාව දෙස නෙත් යොමා සිටියෝය. ප්‍රොතැස්තන්තවාසීන් සොයමින් රෝමානුව දියත් කළ දඩයමේදී, ඔවුන්ට ආරක්ෂා සහිත ස්ථානයක් බවට කැල්වින්ගේ නගරය ප්‍රසිද්ධියට පත් විය. බටහිර යුරෝපයේ ප්‍රොතැස්තන්ත වූ කවරෙකු හට වුවද සතුරු උවදුරුවලින් පලා ගොස් ජිනීවාහි රැකවරණය ලබාගැනීමට හැකියාව උදා වී තිබුණේය. බඩගින්නෙන් පීඩා විඳිමින්, තුවාල වලින් වේදනා විඳිමින්, ගෙවල් දොරවල් සහ නෑදෑයින් නැතුව අසරණයන් ලෙසින් ජිනීවාවට පැමිණි මෙම අයව ආදරයෙන් පිළිගනිමින්, සෙනෙහසින් යුතුව ඔවුන් රැක බලා ගනිමින්, කරුණාවෙන් යුතුව සහනය සලස්වමින් ඔවුන්ට මෙහිදී ඉදුම් හිටුම් සහ ආහාරපානචද සපයනු ලැබීය. තමන්ට රැකවරණය ලබාදෙමින් ජීවත්වීමට තැනක් ලබාදීම වෙනුවෙන් එයට කළගුණ සැලකීමක් වශයෙන් ඔවුහු තමන්ගේ කුසලතා, අධ්‍යාපනය සහ ඔවුන්ගේ ශ්‍රද්ධා භක්තිය තමන් හදා වඩා ගත් රටට ලබා දුන්නෝය. මෙම නගරයෙහි රැකවරණය ලබාගත් අය ටික කලකට පසුව ආපසු තමන්ගේ ගම් රටවල් බලා ගියේය. රෝමයේ ක්‍රෑර ක්‍රියා කලාපයට එරෙහිව නැගී සිටීමටය. ජිනීවාහි සිට මොවුහු තම නිජ භූමි කරා සත්‍යතාවේ ආලෝකයට රැගෙන ගියෝය. මොවුන් අතර වීර ස්කොට්ලන්ත ප්‍රතිසංස්කාරකයෙක් වූ ජෝන නොක්සද, එංගලන්ත ජාතික අති පාරිශුද්ධවාදීන් කිහිපදෙනෙක්ද, ඕලන්දයේ ප්‍රොතැස්තන්තවාදීන් කිහිපදෙනෙක්ද ප්‍රංශයේ හියුගනෝවරුද ජිනීවාහි සිට තමන්ගේ රටවල් කරා ගියේ ඒවායේ පැවති අන්ධකාරය ආලෝකමත් කරන පිණිස සත්‍යයේ ආලෝක ධාරාව අතැතිවය.GrHSin 263.3