Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    5 පරිච්ඡේදය - ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය

    සාතන් පරීක්ෂාවන් නිම කොට ටික කලකට යේසුස්වහන්සේ වෙතින් ඉවත්ව ගියේය. දේව දූතයෝ එහිදී උන්වහන්සේට ආහාර සුදානම් කරදී උන්වහන්සේව ශක්තිමත් කළහ. පියාණන්වහන්සේගේ ආශීර්වාද ද යේසුස්වහන්සේ වෙත ගලා ආහ. සාතන් තමාගේ බලවත් පරික්ෂාවන්ගෙන් පරාජය ලැබූ නමුත් ඉදිරියේදී නොයෙක් අවස්ථාවල උන්වහන්සේ සේවය කරන අතර තමාගේ ප්‍රයෝගවලට උන්වහන්සේව අල්ලා ගන්ට අදහස් කළේය. යේසුස්වහන්සේව පිලි නොගන්න, උන්වහන්සේට වෛර කරන, මරන්ට සොයන අයව කුපිත කිරීමට සාතන් බලාපොරොත්තු විය. සාතන් තම දූතයන් සමග විශේෂ රැස්වීමක් පැවැත්විය. තමන්ගේ උත්සාහයන් නිෂ්ඵල වීම ගැන ඔවුහු බලාපොරොත්තු කඩ වී කෝපයට පත්ව සිටියහ. දැන් ඔවුන් තීරණය කළේ වඩාත් ප්‍රයෝගකාරී අන්දමින් මුළු බලය යොදා යේසුස්වහන්සේ ගැළවුම්කාරයාණන් ලෙස පිලි නොගන්න පිණිස යුදා සෙනගේ සිත්වල අවිශ්වාසය ඇතිකර එමගින් යේසුස්වහන්සේව අධෛර්යයට පත් කිරීමටය. යුදාවරුන්ගේ චාරිත්‍ර විධි සහ පුද පූජා නිසි අයුරින් පවත් වුවත් ප්‍රශ්නයක් නැත. නමුත් ඔවුන් බලාපොරොත්තු වන ගැළවුම්කාරයා ලෝකයේ බලවත් පුද්ගලයෙක් යයි විශ්වාස කරන ලෙස අනාවැකි වරදවා තේරුම් කළහොත්, එවන් කෙනෙක් මතු දවසක පැමිණෙන තුරු බලා සිටින්ට සැලස්වුව හොත් අත්කර ගත හැකි යැයි ඔවුන් විශ්වාස කළහ.GCSinh 9.1

    ක්‍රිස්තුස්වහන්සේ මෙහෙයේ යෙදී සිටි කාලයේදී උන්වහන්සේව සැක කරන්ටත්, වෛර කරන්ටත් නින්ද අපහාස කරන්ටත් සාතන් සහ ඔහුගේ දූතයන් සෙන්ගාව පොළඹවමින් සිටි බව මම දුටිමි. බොහෝ විට ඔවුන්ගේ පාප පෙන්වා දෙන සත්‍ය වචන කථා කල විට ඔවුහු අතිශයින් කෝපයට පත්වූහ. උන්වහන්සේගේ ජීවිතය නසා දැමීමට සාතන් සෙනගව පෙළඹවීය. එක් අවස්ථාවක උන්වහන්සේට ගසන්ට ඔවුහු ගල් අතට ගත්හ. එම අවස්ථාවේදී ස්වර්ගීය දූතයෝ උන්වහන්සේව ආරක්ෂා ස්ථානයකට ගෙන ගියහ. නැවත වරක් සිත් කාවදින සත්‍යතාවන් උන්වහන්සේගේ මුඛයෙන් පිටවූ අවස්ථාවේදී උන්වහන්සේව අල්ලා ගෙන කඳු මුදුනෙන් තල්ලු කර දමන පිණිස කන්දට ගමන් කරද්දී උන්වහන්සේට කුමක් කළ යුතු දැයි මහින් බස්වීමක්ද ඇති විය. ඒ අතර දේව දූතයෝ සමුහයාට නොපෙනෙන ලෙස උන්වහන්සේව සඟවාගෙන වෙනත් ස්ථානයකට ගෙන ගියහ.GCSinh 9.2

    කෙසේ වෙතත් සාතන් බලාපොරොත්තු වූයේ ගැළවීමේ සැලස්ම අසාර්ථක වේය කියාය. මිනිසුන්ගේ සිත් තදවන ලෙසද යේසුස්වහන්සේව අප්‍රිය කරව පිණිසද සාතන් ඔහුට හැකි සියල්ලම කළේය. යේසුස්වහන්සේව පිළිගන්ට යන්නේ ඉතාම ස්වල්ප දෙනෙක් නිසා මෙතරම් මහත් පූජාවීමක් ස්වල්ප දෙනෙක් උදෙසා කිරීමේ තේරුමක් නැතැයි අධෛර්යට පත්වී සැලැස්ම අත්හැර දමාවි යයි සාතන් සිතීය. නමුත් උන්වහන්සේව දේව පුත්‍රයා ලෙසද තමන්ගේ ගැළවුම්කාරයාණන් ලෙසද පිළිගන්ට යන්නේ මනුෂ්‍යයන් දෙදෙනෙක් පමණක් වුවත් උන්වහන්සේ සැලැස්ම අවසානය දක්වා ක්‍රියාත්මක කරනවා මම දුටිමි.GCSinh 9.3

    දුක් විඳින්නන් කෙරෙහි වූ සාතන්ගේ බලය බිඳ දමමින් යේසුස්වහන්සේ තමන් සේවය ආරම්භ කළසේක. දුෂ්ට බලපෑම් නිසා රෝගාතුරව සිටිනවුන් උන්වහන්සේ සුවපත් කළසේක. සුව වූ කොරව සිටි අය දුව පනිමින් ප්‍රීතියෙන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ. අන්ධයින්ට පෙනීම දී සාතන්ගේ කෘර යදම්වලින් බැඳ සිටි අයව උන්වහන්සේ නිදහස් කළසේක. දුකට, වේදනාවට, අසහනයට පත්ව සිටි අයවලුන්ට අනුග්‍රහයේ වචනවලින් සහනය ගෙන දුන්සේක. මළවුන්ව නැවත ජීවත් කළසේක. දේව මහිමය ප්‍රකාශ වෙන්ට සැලැස්වූ සේක. අදහගත් අය උදෙසා බලවත් දේ කළසේක. ශරීරයට සනීපයද සිතට සතුට හා ප්‍රීතියද ගෙන දුන්සේක.GCSinh 9.4

    යේසුස්වහන්සේගේ ජීවිතය පරිත්‍යාගශීලී භාවයෙන්ද, දයානුකම්පාවෙන් සහ ප්‍රේමයෙන්ද පිරී ඉතිරි තිබිණ. තම වෙතට පැමිණි හැම කෙනකුටම සවන් දී ඔවුන්ගේ දුක්වලින් ඔවුන් මිදු සේක. සමූහයෝ උන්වහන්සේගේ දිව්‍ය බලයේ සාක්ෂි තමන්ගේ අත්දැකීම් සමග ගෙන ගියහ. නමුත් බොහෝ දෙනෙක් තමන්ගේ අවශ්‍යතාවයන් සම්පුර්ණ වූ පසු එම බලවත් ගුරුවරයාණන්ගේ යටහත් පහත තත්ත්වය ගැන ලැජ්ජා වූහ. පාලකයන් උන්වහන්සේව අදහා නොගත් නිසා උන්වහන්සේ සමග දුක් විඳින්ට ඔවුහු නොකැමති වූහ. උන්වහන්සේ දුක දන්නාවූ වේදනා ඇත්තාවූ කෙනෙක්ව සිටිසේක. එම ගුණාංග මහින් පාලනය කරනු ලබන්ට වැඩි දෙනා කැමති වූයේ නැත. ඔවුන්ගේ පැතුම වූයේ ලෝකයාගෙන් ලබන ගෞරවය සහ ලෝකයේ දේවල්ය. උන්වහන්සේ අනුව ආ අය උන්වහන්සේගේ මුවින් නික්මුණු අනුග්‍රහයේ වචන සහ දැනමිතිකම්වල රස බලා දැනගත්හ. උන්වහන්සේගේ වචන අදහස්වලින් පුර්ණව තිබු අතර ඉතාම දුර්වලයාට පවා පහසුවෙන් තේරුම්ගත හැකිවිය.GCSinh 9.5

    සාතන් සහ ඔහුගේ දූතයෝ යුදාවරුන්ගේ තේරුම් ගැනීම මොට කරමින් ඔවුන්ගේ සිත් අන්ධ කළහ. යේසුස්වහන්සේගේ ජීවිතය නැති කිරීමට සාතන් සෙනඟගේ ප්‍රධානීන්වද, පාලකයන්වද උසි ගැන්වූහ. උන්වහන්සේව අල්ලාගෙන එන්ට නිලධාරීන්ව යැවූහ උන්වහන්සේ වෙතට ලංවූ ඔවුහු මහත් විශ්මයට පත්වූහ. මිනිසුන්ගේ පීඩිත භාවය දුටු උන්වහන්සේ දයානුකම්පාවෙන් පෙළඹී සිටිනවා ඔවුන්ට පෙනුණේය. රෝගීවී දුර්වලව සිටි අයට දිරි දෙමින් කථා කළ වචන ඔවුන්ට ඇසිණි. සාතන්ගේ සිරකාරයන් බවට පත්ව සිටි අයව නිදහස් කරන පිණිස ඔහුව පළවා හරිමින් කථා කළ බලධාරිත්වයේ වචන ඔවුන්ට ඇසිණි. උන්වහන්සේගේ දෙතොලින් පිටවූ ප්‍රඥාවේ වචනවලින් ඔවුහු වසඟයට පත්වූහ. උන්වහන්සේව අල්ලන්ට ඔවුහු නොකැමති වූහ. පූජකයන් හා වැඩිමහල්ලන් වෙතට ඔවුන් ආපසු ගිය විට, නුඹලා ඔහුව නොගෙනාවේ මන්දැයි ඔවුහු ඇසුහ. ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තමන් ඇසු දුටු සියල්ල පවසා ඔවුන්ගේ සාක්ෂි දීම අවසාන කළේ ‘මෙතෙක් කල් කිසිවෙක් මේ වාගේ කථා කළේ නැත’ යනුවෙන් පවසමිනි. එවිට පූජකයෝ නුඹලාත් මුළා වෙලා යයි නිලධාරීන්ට දොස් තැබූහ. සමහරෙක් යේසුස්වහන්සේ නොගෙන ඒම ගැන ලැජ්ජා වූහ. පූජකයෝ ඔවුන්ට සරදම් කරමින් ප්‍රධානීන්ගෙන් කිසිවක් ඔහු කෙරෙහි අදහාගෙන නැතැයි කීහ. නමුත් විනිශ්චයකාරයන්ගෙන්ද, වැඩිමහල්ලන්ගෙන්ද බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත් බවද ප්‍රසිද්ධියේ එය පැවසීමෙන් සාතන් ඔවුන්ව වළක්වූ බවද මම දුටිමි. ඔවුහු දෙවියන්වහන්සේට භය වනවාට වඩා මනුෂ්‍යයන්ගෙන් පැමිණිය හැකි අපහාසයට භය වූහ.GCSinh 10.1

    මේ දක්වා සාතන්ට ඔහුගේ ප්‍රයෝග වලින්වත්, වෛරයෙන්වත් ගැලවීමේ සැලැස්ම බිඳ දමන්ට නොහැකි විය. ඉටු කරනු පිණිස යේසුස්වහන්සේ මෙලොවට පැමිණ සේවා කාලයේ ඉලක්කය ලඟා වෙමින් තිබිණ. සාතන් සහ ඔහුගේ දූතයන් සාකච්ඡා කර තීරණය කලේ උන්වහන්සේගේම ජාතිය පොළඹවා උන්වහන්සේගේ ලේ සිඳ හෙලන ලෙස ඉල්ලා කෑගස්සවන්ටත් නින්දා අපහාස කරන්නට සහ තද කෘර වේදනා උන්වහන්සේ මත ගොනු කරන්ටත්ය. මෙවන් දේ ගැන තරහෙන් උන්වහන්සේ දොස් කියාවි යයිද නිහතමානි බවද මෘදුකමද තවදුරටත් පවත්වා නොගනීවි යයිද ඔහු සිතීය.GCSinh 10.2

    සාතන් මෙවන් දේ ගැන සිතමින් සිටි අතර යේසුස්වහන්සේ තමන් විඳින්ට යන දුක් පීඩා වේදනා නින්දා අපහාස ආදී සියල්ල ගැන ගෝලයන්ට විස්තර කරමින් සිටිසේක. තමන්වහන්සේව කුරුසියක තබා ඇණ ගසන බවද තුන්වෙනිදා උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටින බවද ඔවුන්ට පැවසූ සේක. නමුත් ගෝලයන්ගේ තේරුම් ගැනීමේ හැකියාව මොටවී තිබුණෙන් උන්වහන්සේ පැවසූ දේ ඔවුන්ට අවබෝධ කරගත නොහැකි වූහ.GCSinh 10.3

    ______________________________________
    බලන්න ශු. ලූක් 4: 29: ශු. යොහාන් 7:45-48 සහ 8:59
    GCSinh 10.4