Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    30 පරිච්ඡේදය - ආත්මවාදය නොහොත් මළවුන්ගෙන් පණිවිඩ

    ආත්ම බන්ධන මුළාව මම දුටිමි. යේසුස්වහන්සේ තුළ සැතපී සිටින නොහොත් මරණයට පත්වූ අපගේ නෑදැයින් හා මිත්‍රයන්ගේ රූප ස්වභාවය අප ඉදිරියටම ගෙනැවිත් පෙන්වන්ට සාතන්ට බලය තිබේ. ජීවමාන ලෙස ඔවුන්ව සාතන් අප ඉදිරියේ පෙනෙන්ට සලස්වයි. අපට හුරු පුරුදු ඔවුන්ගේ කටහඬ ද ඔවුන් කථා කල වචනද අපගේ කන්වලට ඇසෙන්ට සලස්වයි. මේ සියල්ලම ලෝකයා රවටන්ටද මුළාවකට පත්කර බොරුව විශ්වාස කරන්ටද සැලැස්වීම සඳහාය.GCSinh 62.1

    ශුද්ධ ලියවිල්ලෙහි ලියා තිබෙන සත්‍යතාවය නිතරම පවත්වා ගෙන යන පිණිස ශුද්ධවන්ත සෙනඟ වර්තමාන සත්‍යය ගැන පුර්ණ අවබෝධයකින් සිටිය යුතු බව මම දුටිමි. ඔවුහු මළාවූ අයගේ තත්වය දැනගත යුතුය. මක්නිසාද තමන්ගේ නැසී ගිය නෑදැ මිත්‍රයින් යයි කියා ගනිමින් ඔවුන්ගේ රුපාකාරයෙන් යක්ෂ ආත්ම ඒනි සිට ශුද්ධ ලියවිලි ධර්මතාවයන් ලෙස යම් ප්‍රකාශයන් කරනවා ඇත. ප්‍රකාශ කල දේවල් සැබෑ බව ස්ථිර කිරීමට බලවත් හාස්කම්ද කර පෙන්වනවා ඇත. දෙවියන්වහන්සේගේ සෙනඟ මෙම මුලාකරන ආත්මයන්ට විරුද්ධව සිටින පිණිස මළාවූ අය කිසිවක් නොදන්නා බව උගන්වන බයිබල් සත්‍යතාවන් දැනගෙන සිටිය යුතුය.GCSinh 62.2

    අපගේ බලාපොරොත්තුවේ අත්තිවාරම අප හොඳින් පරික්ෂා කර බැලිය යුතු බව මම දුටිමි. මක්නිසාද අප ඊට හේතු ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වා දෙන්ට යුතු වෙනවාය. මේ මුළාව පැතිරී යන්නේය. ඊට විරුද්ධව මුහුණට මුහුණ ලා ක්රියාකරන්ට අපට සිදු වන්නේය. අප සුදානම්ව නොසිටියොත් එම මුළාව අපද බිලිගන්නවා ඇත. අප ඉදිරියේ තිබෙන මේ ගැටුමට මුහුණ දෙන්ට හැකිවන ලෙස අපි අපේ කොටස හරි හැටි ඉටු කළහොත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කොටස ඉටුකර උන්වහන්සේගේ බලවත් හස්තයෙන් අපව ආරක්ෂා කරන සේක. උන්වහන්සේ ඉක්මනින් ස්වර්ගයේ සිටින සෑම දේව දූතයෙකුවම එවා විශ්වාසවන්ත අය වටා ආරක්ෂක වැටක් මෙන් තබා සාතන්ගේ මුළාකිරීමේ පුදුම ක්‍රියා මගින් අහකට ගෙනයන්ට නොදී තබාගන්නවා ඇත.GCSinh 62.3

    මෙම මුළාව පැතිරී යන වේගය මම දුටිමි. පෙට්ටි කීපයක් ඇදගෙන විදුලිය මෙන් ගමන් කරන දුම්රියක් මම දුටිමි. සැලකිල්ලෙන් එදෙස බලන්ට දේව දූතයා මට කීවේය. ඒ දුම්රිය දෙස මම මාගේ නෙත් රඳවා ගෙන සිටියෙමි. මට පෙනුණේ මුළු ලෝකයේම සෙනඟ එම දුම්රියේ සිටිනවා වගේය. එවිට දේව දූතයා මට එය මෙහෙයවන්නාව පෙන්වීය. දුම්රියේ ගමන් කරන හැමදෙනාගේම ගෞරවයට පාත්‍ර වූ පැහැපත් පෙනුමක් ඇති කෙනෙකු ලෙස මම ඔහුව දුටිමි. මට පටලැවිල්ලක් ඇති විය. ඔහු කවුද කියා මම මගපෙන්වූ දේව දූතයාගෙන් ඇසීමි. ඒ සාතන් යයි ඔහු මට පැවැසීය. ආලෝකයේ දූතයෙකු මෙන් පෙනී සියල්ල මෙහෙය වන පුද්ගලයා ඔහුය. ඔහු මුළු ලොවම තම ග්‍රහණයට ගෙන ඇත. විනාශයට පත්කරන පිණිස බොරුව විශ්වාස කිරීමේ මුළාවකට ඔවුහු සාතන්ට භාරවී ඇත. ඔහු ලඟින්ම සිටින ඔහුගේ නියෝජිතයා කාර්මික නිලධාරියා ය. තවත් නොයෙක් අය ඔහු තමන්ගේ අවශ්‍යතාවන්ට අනුව බලධාරීන් ලෙස පත්කරගෙන ඇත. මේ හැමදෙනාම සාතන් සමග විදුලි වේගයෙන් විනාශය වෙතට යමින් ඇත. ‘කිසිවෙක් මෙම මුළාවෙන් මිදී නැත්ද’යි මම දේව දූතයාගෙන් ඇසීමි. අනිත් පැත්ත බලන ලෙස දේව දූතයා මට කීයෙන් මම එදෙස බැලීමි. පටු මගක් ඔස්සේ ගමන් කරන කුඩා කණ්ඩායමක් දුටිමි. ඔවුහු සත්‍යතාවයෙන් බැඳී ස්ථිරව එකමුතුව සිටියහ. මෙම කුඩා කණ්ඩායම බොහෝ ගැටුම් සහ අමාරුකම් අතරින් ගොස් විදාවන්ට පත්වූවන් සේ පෙනිණ. ඔවුන්ට පිටුපසින් වළාකුල් අතරින් විහිදී ආ හිරු රැස් ඔවුන්ගේ මුහුණු ආලෝකමත් කර ජයග්‍රාහී බවකට පත් කළාක් මෙන්ද දිස් විය.GCSinh 62.4

    මෙම මුළාව හඳුනාගැනීමට ලෝකයාට දෙඉයන්වහන්සේ ඉඩ ප්‍රස්තාවන් දී තිබූ බව මම දුටුවෙමි. වෙන සාක්ෂි නොතිබුනත් මෙම එක සාක්ෂිය ක්‍රිස්තියානි අයට ප්‍රමාණවත්ය. ලෝකයේ උසස් පහත් සැමදෙනාම මෙම මුළාව පිළිගෙන සාතන්ගේ දුම්රියේ ගමන් කරති. කුඩා කණ්ඩායම පමණක් ඉන් මිදී ඇත.GCSinh 63.1

    මෙම මුළාව නම් ‘මනුෂ්‍යයාට නොමැරෙන ආත්මයක් ඇත. එය මරණ මොහොතේදී ශරීරයෙන් පිටව ගොස් යම් තැනක සදාකාලයටම ජීවත් වේ. එම ආත්මයට සියලු මනුෂ්‍ය හන්ගීම්, ආශාවන් සහ කල්පනාවන් ඇත.’ යනුයි.GCSinh 63.2

    තෝමස් පේන් නමැත්ත මරණයට පත්ව ඔහුගේ ශරීරය දුවිල්ලට හැරී බොහෝ කල්ය. දහස් වසර අවසානයේදී අධර්මිෂ්ටයන් මළවුන්ගෙන් නැගිටින විට මළවුන්ගෙන් නැගිට පාපයේ දඬුවම ලබන්ට සිටින ඔහු දැන් ස්වර්ගයේ සිටින බවත්හ් ඔහුව උසස් තත්ත්වයකට පත්කර සිටින බවත් සාතන් පවසා ඇත. තෝමස් පේන් ජීවත් වූ කාලයේදී සාතන් ඔහුව තමාගේ මුලාවේ ක්‍රියාවන් සඳහා යොදාගෙන තිබිණ. සාතන් තමාගේ මුලාවේ ක්‍රියාවන් මගින් සමහර අයට බයිබලයේ ඉගැන්වීම් ගැන සැක පහල කිරීමටද සලස්වා ඇත.GCSinh 63.3

    බොරුවේ පියා වන සාතන් තම දූතයන් යවමින් ලෝකයා රවටා සිත් අන්ධ කර ශුද්ධාත්මයාණන් වහන්සේගේ පෙලඹවීමෙන් ලියා ඇති සත්‍යයට වෙනස් වූ දේ උගන්වා නමින් පමණක් ක්‍රිස්තියානින් ලෙස සිටින අයව මුළාවට අල්ලා ගෙන බයිබලයේ ලිය ඇති සත්‍යය වූ දේ සුළු කරන තැනට ගෙන ඒමටද සමත් වී ඇත.GCSinh 63.4

    සාතන් ඔහුගේ දූතයන් හැමදෙනාටම එකිනෙකාගේ සේවා කොටස් භාර දෙනවාය. කූට උපක්‍රමික ලෙස ක්‍රියා කල යුතු බව ඔවුන්ට පවසා ඇත. සාහර දූතයන්ට අපොස්තුළුවරුන් මෙන් පෙනී සිට කථා කරන්ටද තවත් අයට අදේව දෘෂ්ටිකයන් ලෙස සහ දෙවියන්වහන්සේට ශාප කර මළාවූ දුෂ්ටයන්ව දැන් ආගමික අය ලෙස පෙන්වන්ටද දනුමිතිකම් දී ඇත. තමාගේ අභිප්‍රාය ඉටු වෙනවා නම් කා ලවා මොනවා කථා කලත් සාතන්ට කම් නැත. තෝමස් පේන් ජීවත්ව සිටියදී සාතන් ඔහුගේ ළඟම මිත්‍රයා ලෙස ක්‍රියා කළේය. ඔහු කථා කළ වචනම දැන් සාතන්ට කථා කල හැක. ඔහු ලියූ ලිපි බොහොමයක් සාතන් කියන විට ලියූ ඒවාය. ඒ නිසා ඔහුගේ දූතයන් ලවා දැන් ඒවා කථා කරවන්ට ඔහුට පිළිවන. සාතන්ගේ බලවත්ම මුළාව මෙයය.GCSinh 63.5

    සාතන්ගේ අඳුරු අභිරහස්මය ක්‍රියා වටහා ගන්න පිණිස වැස්ම ඉවත් කිරීමට මෙය පමණක් වුවත් ප්‍රමාණවත්ය. දෙවියන්වහන්සේට සම්පුර්ණ ලෙස වෛර කල තෝමස් පේන් නමැත්තාට සාතන් බොහෝ ප්‍රේම කොට දැන් ඔහු අපොස්තුලුවරුන්ද දේව දූතය්න්ද සමග මහිමයට පත්ව ස්වර්ගයෙහි සිටින ආකාරයක් පෙන්වා දෙන්නේ නම් සාතන් ලෝකයාට හඟවන්නේ ඔබ අදේව දෘෂ්ටිකයෙක් වුවාට කම් නැත. බයිබලය විශ්වාස නොකළාට කම් නැත. ඔබ කොතරම් දුෂ්ට මනුෂ්‍යයෙක් වුවටත් කම් නැත. දෙවියන්වහන්සේව විශ්වාස නොකළාට කම් නැත. ස්වර්ගය නුඹලාගේ නිවාසයය. තෝමස් පේන් ස්වර්ගයෙහි සිටිනවා. ඔහු උසස් කරනු ලැබූ තත්ත්වයක සිටිනවා. ඔහු ස්වර්ගයෙහි සිටිනවා නම් තව කෙනෙක් කොතරම් පව් කලත් ඔහු ස්වර්ගයට යනවාමයි. මෙය භයානක කියමනකි. සාතන් දැන් කරමින් සිටින්නේ ඔහුගේ වැටීමත් සමග ඔහු කරන්ට උත්සහ කල කලක් තෝමස් පේන් ලවා කළාවූ දේමය. ඔහු ඔහුගේ බලයද මුළා කිරීමේ හාස්කම්ද කරණකොටගෙන ක්‍රිස්තියානිකාරයෙකුගේ බලාපොරොත්තුවේ අත්තිවාරම බිඳ දමා ස්වර්ගයට යන පටු පාරෙන් ඔවුන්ව පසෙකට තල්ලු කර දැමීමටය. ඔහු ලෝකයට පෙන්වා දෙන්ට හදන්නේ බයිබලය ශුද්ධාත්ම පෙලඹවීමෙන් ලියූ පොතක් නොව සාමාන්‍ය කතාන්තර පොතකට වඩා වෙනසක් එහි නැති බවය. බයිබලයට වඩා හොඳ පොතක් ලෙස සාතන් ඉදිරිඅත් කරන්නේ ‘ස්පිරිචුවල් මැනිෆෙස්ටේෂන්’ නොහොත් ‘මළාවූ අයගේ අත්මවල ක්‍රියාකාරකම්’ යන පොතක්ය.GCSinh 63.6

    මෙය සාතන් තමාගේ බලය යටතේ තබාගෙන තමා කැමති ලෙස ලෝකයාගේ විශ්වාසය මෙහෙය වන මාර්ගයන්ය. ලෝකයාගේ ගැළවුම්කාරයාණන්ගේ සොහොන රැකවල් කල රෝම හේවායන් බොරුවක් පැවසු ලෙස මේ පොතද මිදුම්කාරයාණන්ගේ උපත්, මරණය සහ මළවුන්ගෙන් නැගිටිමද පසෙකට, අඳුරකට දමා ආත්මයන් දක්වන පුදුම හාස්කම් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධ දේවල්වලට වඩා බලවත් බව පෙන්වන්ට උත්සහ කර ඇත. මෙලෙස ලෝකයාව උගුලකට හසුකරගෙන නළවමින් තබාගෙන සිටින්ට උත්සහ කරන්නේ වසංගත හත ලොවට වගුරුවන තෙක්ය. ලෝකයා උගුලට හසු වී සිටින අතර සාතන් තමාගේ සැලැස්ම සඵල වෙනවා දකිමින් සිනාසී සතුටට පත්වේ. GCSinh 63.7

    ______________________________________
    බලන්න: හිතෝපදේශ 9: 5; ශු. යොහාන් 11: 1-45; 2 තෙසලෝනික 2: 9-12; එළිදරව් 13: 3-14
    GCSinh 63.8

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents