Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    40 පරිච්ඡේදය - දෙවන මළවුන්ගෙන් නැගිටීම

    යේසුස්වහන්සේද දේව දූත සේනාවන් සියල්ලෝ සහ මිදීම ලත් සියලුම ශුද්ධවන්තයෝද ශුද්ධ නුවරින් පිටත්ව ආවෝය. යේසුස්වහන්සේව පිරිවරාගත් දේව දූතයන් පස්සේ ශුද්ධවන්තයන්ද පැමිණියහ. මහත් භයානක තේජවන්ත හඬකින් යේසුස්වහන්සේ කථා කල සේක. එවිට මාරි සිටින දුෂ්ට මනුෂ්‍යයෝ මැරෙන විට ජීවත්ව සිටි ආකාරයෙන්ම නැගිට ආහ. එය මහත් පුදුම දර්ශනයකි. පළමුවන නැවත නැගිටීමේදී නැගිටි අය අමරණීය නොදිරන භාවයේ අලංකාරයෙන් නැගිට ආහ. නමුත් දෙවන නැගිටීමේදී නැගිට ආ අය ශාපයේ ලකුණු ඇතිව නැගිට ආහ. එඬේරු ස්වාමිවරු සහ පහත දුර්වල අයද නුගත් උගත් ඒ හැම පොළොවෙහි සිටි ආකාරයෙන්ම වූහ. යේසුස්වහන්සේට නින්දා අපහාස කළාවූ අයද උන්වහන්සේගේ හිසේ කටු ඔටුන්නක් තබා බට දණ්ඩකින් තැලු අයද තේජාන්විත රාජකීයත්වයෙන් යුතු උන්වහන්සේ දෙස බැලූහ. උන්වහන්සේගේ මුහුණට කෙළ ගැසූ අය උන්වහන්සේගේ දිලිසෙන ඇස්ද තේජසින් බබළන මුහුණද බලන්ට නොහැකිව ඇස් ඉවත හරවා ගත්හ. උන්වහන්සේගේ අත්පා ඇණවලින් සිදුරු කළ අයද හෙල්ලයකින් උන්වහන්සේගේ ළපැත්ත සිදුරු කළ අයද උන්වහන්සේගේ එම තුවාල කැළැල් දැක උන්වහන්සේගේ ශරීරයට ඔවුන් කළ කුරිරුකම් දැකගත්හ. තමන්ගේ ක්රුරකම්වලට භාජනයව කුරුසිය මත මරණයට පත්වුයේ මේ තැනැන්වහන්සේම බව ඔවුහු හඳුනා ගත්හ. රජවරුන්ගේ රජද ස්වාමිවරුන්ගේ ස්වාමිද වන උන්වහන්සේ වෙතින් පළා යන අතර ඔවුන්ගේ මහා විලාප හඬ ඇසෙන්නට විය.GCSinh 79.1

    තමන් විසින් තුවාල කල තැනැන්වහන්සේගේ අති මහත් තේජස ඉදිරියේ සැඟවී යන්නට ඔවුහු සියල්ලෝම කඳුවල හා ගුහාවල ආරක්ෂාව සෙවූහ. උන්වහන්සේගේ උතුම්කමද, අති මහත් තේජසද දැක භීතියටත් වේදනාවටත් පත්ව සිටි නමුත් සියල්ලෝම එක හඬින් කෑගසා ‘ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැන්වහන්සේ ආශීර්වාද ලද්දේ’ යයි කීවේය.GCSinh 79.2

    යේසුස්වහන්සේද දේව දූතයන්ද සමග ශුද්ධවන්ත සෙනඟ නැවත වරක් නගරයට ඇතුල් වූහ. විනාශයට ලක්ව සිටින දුෂ්ට සෙනඟගේ විලාප හඬ සුළඟට එක්ව තිබිණ. එවිට සාතන් නැවත තමාගේ සේවය ඇරඹු බව මම දුටිමි. ඔහු තමාගේ ජනතාව අතර එහා මෙහා යමින් දුර්වල බෙලහීන අයව ශක්තිමත් කරමින් තමාද තමාගේ දූතයන්ද බලවත්ව සිටින බව පැවැසීය. මළවුන්ගෙන් නැගිටුවනු ලැබ සිටින ගණන් කළ නොහැකි බලවන්ත සෙනඟව පෙන්වූහ. රජවරු රජයවල් යටත් කරගත් සේනාධිපතීන් බලවත් යෝධයන් සහ සටනෙහි කිසිදා පරාජයට පත්නොවූ අය ඔහු සමග වූහ. රාජ්‍යයන් යටත් කරගන්නට ලංවෙන විට බලවතුන් වෙවුලීමකට පත් කළාවූ අහංකාර නැපෝලියන්ද ඒ අය අතර වූහ. මේ අය මළවුන්ගෙන් නැගිට්ටේ ඔවුන් මරණයට පත්වූ අවස්ථාවේ තිබු හැඟීම් සම්භාරයත් සමගය. රාජ්‍යයන් යටත් කරගැනීමේ පිපාසය ඔවුන් තුළ විය. සාතන් තම දූතයන් සමගද ඉන්පසු රජවරුන් සමගද සටන්කාමීන්ද බලවත් මිනිසුන්ද සමග කථාබහක යෙදිණි. ඉන්පසු ඔහු තමාගේ අති විශාල සේනාවන් දෙස බලා කියා සිටින්නේ නගරය තුළ සිටින්නේ දුර්වලයන් බවත් ස්වල්ප දෙනෙක් බවත්ය. තම සේනාවන්ට නගරය යටත් කරගත හැකි බවත් එහි වැසියන් පිටත දමා එහි ඇති සියලු සම්පත් හා ඉසුර තමන්ට අත්පත් කරගත හැකි බවත්ය.GCSinh 79.3

    ඔවුන්ව මුළා කරගැනීමට සාතන් සමත් විය. සැමදෙනාම සටනට සුදානම් වීම ඇරඹුහ. ඔවුහු ආයුධ තනන්ට පටන් ගත්හ. එම විශාල හමුදාවේ යුද්ධායුධ තැනීමේ දක්ෂ අය වූහ. ඉන්පසු සාතන්ගේ මුලිකත්වය ඇතිව ඔවුහු ගමන් ඇරඹුහ. කණ්ඩායම් වශයෙන් ඔවුහු ඔහු පස්සේ ගමන් කළහ. සෑම කණ්ඩායමකටම මුලිකයෙක් විය. ක්‍රමානුකුලව ඔවුහු ශුද්ධ නගරය දෙසට ගමන් කළේ කැඩුම් බිඳුම් ඇතිව තිබු භුමිය මතය. යේසුස්වහන්සේ ශුද්ධ නගරයේ දොරටු වසා දු සේක මේ මහත් සේනාවන් පැමිණ නගරය වටලා යුද්ධ පිලිවෙලින් සිටගත්හ. නොයෙක් මාදිලියේ යුද්ධායුධ ඔවුන් සාදාගෙන තිබිණ. බලවත් ගැටීමක් ඔවුහු බලාපොරොත්තුව සිටියහ. නගරය වටා සන්නද්ධව සිටියහ. යේසුස්වහන්සේ සහ සියලුම දේව දූතයෝ තම හිස් මත දිලිසෙන ඔටුනු ඇතිව සහ සියලුම ශුද්ධවන්තයන් තම හිස් මත බබළන ඔටුනු ඇතිව නගරයේ තාප්ප මතට පැමිණියහ. යේසුස්වහන්සේ බලයෙන් යුක්තව කථා කරමින් දුෂ්ට අයට ‘ධර්මිෂ්ටයන්ගේ විපාකය දෙස බලාපල්ලා’ යයි කියාද, ධර්මිෂ්ට අයට ‘දුෂ්ටයන්ගේ දඬුවම බලාපල්ලා’ යයි දා කීසේක. ඒ මහත් සමූහයා තාප්පය මත සිටින තේජස් සම්පන්න අය අලංකාරව දිලිසෙන ඔටුනු පැළඳ සිටිනවා දුටුවහුය. යේසුස්වහන්සේගේ චරිත ස්වභාවයද ඔවුන්ගේ මුහුණුවල පෙනෙන්නට වූහ. සියල්ලන්ට වඩා තේජස් සම්පන්න රජවරුන්ගේ රජ වුද ස්වාමිවරුන්ගේ ස්වාමියාණන් වූද යේසුස්වහන්සේගේ මහිමය දුටු දුෂ්ට සේනාවන්ගේ ධෛර්යය දියවී යන්නට විය. තැනට අහිමිවූ මහිමය හා සම්පත් ගැන හැගීම් බලවත් ලෙස දන්නන්ටද පාපයේ කුලිය මරණය බව සිහිවන්ටද වූහ. තමන් විසින් අපහාසයට ලක් කරනු ලැබූ අය දැන් මහිමයෙන් පළඳවනු ලැබ අමරණභාවය ගෞරවය, සදාකාල ජීවනය ලබා සිටි අතර තමන් දැන් ශුද්ධ නගරයෙන් පිටත අපවිත්‍ර, එපා කරනු ලැබූ අයව සිටින බව ඔවුන්ට හැඟී යන්ට වූහ. GCSinh 79.4

    ______________________________________
    බලන්න: ශු. මතෙව් 23: 29; එළිදරව් 6: 15-16; 20: 7-9; 22: 12-15.
    GCSinh 79.5

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents