Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    21 පරිච්ඡේදය - සභාව සහ ලෝකය එකට එක්වේ

    සාතන් සහ ඔහුගේ දූතයෝ එකතු වී සාකච්ඡාවක් පැවැත්වුහ. ඔවුහු තමන්ගේ වැඩවල ප්‍රගතිය සොයා බැලූහ. බයාදු ගති ඇති ටික දෙනෙකු ඇදහිල්ල පිළිගැනීමෙන් වළක්වා ගත බව ඇත්තකි. ඒ මරණ භය නිසාය. නමුත් බයාදු ගති ඇති බොහෝ දෙනෙක්ද සත්‍යය වැළඳ ගත්හ. ඒ සමගම ඔවුන් තුළ වූ බයාදු ගති නැතිවූහ. සහෝදරයන් මරණයට මුහුණ දුන් විට ඔවුන්ගේ ස්ථිර භාවය සහ ඉවසිල්ල දැක දෙවියන්වහන්සේ සහ දේව දූතයන් එවැනි දුක් වේදනා දරාගන්ට ඔවුන්ට උදව් දුන් බව දැනගත්හ. ඔවුහුද එයින් දිරිමත් වූහ. පසුකලෙක ඔවුන්ටද දිවි පුදන්නට කැඳවනු ලැබූ විට ඔවුන් ඊට මුහුණ දුන් ආකාරය දුටු අය වෙව්ලන්නට විය. කිතුණුවන් නසා දැමීමට තව වඩාත් සඵලවත් ක්‍රමයක් ගැන සාතන් සහ ඔහුගේ දූතයන් සිතන්ට වූහ. ක්‍රිස්තියානි අය කොතෙක් දුක් වේදනාවලට භාජන කළත් ඔවුන් තුළ වූ ස්ථිරත්වය හා පැහැදිලි බලාපොරොත්තුව නිසා වධහිංසා සහ ගිනිමැලය ඉදිරියේ පවා ඔවුහු භය නැතිව සිටිනට් යෙදිණ. යේසුස්වහන්සේ මිනීමරුවන්ට මුහුණ දී ගෞරවණීය ලෙස සියල්ල දරාගත් ආකාරය ඔවුහුද අනුගමනය කළහ. දෙවියන්වහන්සේගේ මහිමයේ ආලෝකයක් ඔවුන් මත රැඳී තිබූ බව බලාගෙන සිටි අය දුටුවහුය. වඩා මෘදු ක්‍රමයකින් ක්‍රියා කිරීමට සාතන් අදහස් කෙරිණ. කෝටි ගණන් ජනතාව විනාශ වන අන්දමට විකෘති කරන ලද බයිබල් ධර්මතාවයන්ද, පරම්පරාගත නියෝගද මිනිසුන්ගේ සිත් තුළ ගැඹුරට මුල්බැසගෙන තිබිණ. සාතන් තම වෛරය මැඩපවත්වාගෙන පීඩා කිරීම් නවතා දමා සභාව වෙනතකට ගෙන යන්ට විය. ශුද්ධවන්තයන්ට මුලදී දෙන ලද ශුද්ධවන්තයන්ට මුලදී දෙන ලද ශුද්ධ ඇදහිල්ල උදෙසා පොර බදනවා වෙනුවට ලෝකයාගේ උදව් උපකාර හා ගෞරව සම්මාන ලබාගැනීමෙන් මහත් ලාභ ප්‍රයෝජන ලබාගත හැකි මාවතකට සභාව යොමු කෙරිණි. මෙසේ සභාවට දෙවියන්වහන්සේ ඉදිරියේ තිබු ගෞරවය අහිමි කෙරිණි. ක්‍රම ක්‍රමයෙන් සභාව බයෙන් පිරිහී ගියාය. මෙසේ සභාව සත්‍යතාවන්ගෙන් බැහැරවූ අතර සැප සෙල්ලම්වලට ආශා කරන ලෝකය සමග ආදරයෙන් බැඳුණාය. GCSinh 44.1

    සභාව ලෝකයෙන් වෙන්ව විශේෂ අමුතු සෙනඟක්ව පෙනී සිටියේ බොහෝ සෙයින් පීඩා ඇතිවූ කාලයන්හිදීය. රත්රන්වල දිලිසීම අඩු වුයේ කෙසේද? ඉතා හොඳ රත්රන් වෙනස් වූයේ කෙසේද? සභාව ඈ සතුව තිබු ශුද්ධවූ විශේෂ තත්ත්වය දිගටම පවත්වාගෙන ආවා නම් අපෝස්තුළුවරුන්ට දෙනු ලැබුවාවූ ශුද්ධාත්මයාණන් වහන්සේ සභාව සමග ඉදිරියේදීත් සිටින බව මම දුටිමි. රෝග සුවවීම්, අශුද්ධාත්මයාණන්ට තරවටු කර පළවා හැරීම් ඇතිව සභාව බලයෙන් යුක්ත වන අතර සතුරන්ට භීතිය ගෙනෙනවා ඇත.GCSinh 44.2

    අති විශාල සෙනඟක් ක්‍රිස්තුස්වහන්සේගේ නම පටබැඳගෙන සිටි නමුත් දෙවියන්වහන්සේ ඔවුන්ව තමන්වහන්සේගේ අය ලෙස පිළිනොගත් බව මම දුටිමි. ඔවුන්ට උන්වහන්සේ ප්‍රසන්න නැත. සාතන් ආගමික චරිතයක් මවාගත් අතර සෙනඟ ද තමන් ක්‍රිස්තියානින් යයි කියාගන්නවාට ඔහු කැමති විය. ජනතාව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවාට කුරුසපත්වීම් සහ මළවුන්ගෙන් නැගිටීම පිළිගන්නවාට සාතන් බොහෝ සේ කැමතිය. සාතන් සහ ඔහුගේ දූතයන් මේ දේවල් පිළිගන්න නමුත් ඔවුහු භයෙන් වෙවුලති. මෙම විශ්වාසයන් යහපත් ක්‍රියාවන්ට පොළඹවන්නේ නැත්නම්, තමකම ත්‍යාග කළ ක්‍රිස්තුස්වහන්සේ මෙන් වන්නට උත්සහයක් දක්වන්නේ නැත්නම් සාතන් කලබල වන්නේ නැත. මක්නිසාද නම පමණක් ලබාගෙන සිතේ වෙනසක් සිදු නොවී මාංසිකව සිටින අයව තමාගේ සේවයෙහි හොඳින් යොදා ගන්ට පුළුවන් බව සාතන් දන්නා නිසාය. ක්‍රිස්තියානි නම තුළ ඔවුහු තම අවගුණ සඟවා ගනිති. තම දුෂ්ට ආශාවන් යටපත් කරගෙන පවිත්‍ර කරනු නොලැබූ ස්වභාවය ඇතිව ඔවුහු එහා මෙහා යති. මෙවන් අය නිසා ක්‍රිස්තුස්වහන්සේටත්, පවිත්‍ර ඇදහිල්ල පවත්වා ගෙන යමින් සිටින අයටත් නොඇදහිලිකාරයන් ඉදිරියේ ලැජ්ජාවටත්, සිත් වේදනාවටත් පත්වන්ටද සිදුවන අතර ශුද්ධ ඇදහිල්ලද අපහාසයට ලක් වේ.GCSinh 44.3

    දේවගැතිවරු මෙවන් මාංසික අයට ඔවුන් ආශාවෙන් සුමුදු දේශනා පවත්වති. සාතන් කැමති වන්නේ එවන් දේශනා කරනවාටය. යේසුස්වහන්සේව දේශනා කරන්ටත් වැරදි දක්වන දේශනා කරන්ටත් බයිබල් සත්‍යතාවයන් ඉදිරිපත් කරන්ටත් ඔවුහු භයපත් වෙති. සාමාජිකයන් අතර බොහෝ ධනවත් අය ද සිටිති. සාතන්ට සහ ඔහුගේ දූතයන්ට සභාව තුළ සිටින්ට සුදුසුකමක් නැතුවාක් මෙන් මොවුන්ටද සුදුසුකමක් නැති නමුත් මේ අයව සභාවේ රඳවාගෙන ඇත. ලෝකයා ඉදිරියේ සභාව ජනප්‍රියවන්ට සහ ගෞරවය ලබන්ට ගෙනැවිත් ඇත. මෙම ඉගැන්වීමේ කිතු දහමේ ඉගැන්වීම්වලට බොහෝ සෙයින් දුරස්ථව ඇත. ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළ අය ලෝකය ත්‍යාග කරන්ට වූහ. මෙම සුමුදු ඉගැන්වීමේ ආරම්භ වුයේ සාතන්ගෙන් සහ ඔහුගේ දූතයන්ගෙන්ය. ඔවුහු සැලැස්ම සෑදුහ. නාමික කිතුණුවන් ඒවා අනුව ගියහ. මෙසේ වංචාකාරයෝද පව්කාරයෝද සභාවෙන් පිටත තබනවා ඇත. ක්‍රිස්තියානි අයත් ලෝකයත් අතර වැඩි වෙනසක් නැත. පිටත් වැස්ම ගළවා බලන්ට පුළුවන් නම් ඔවුන්ගේ ජීවිතවල දුෂ්ටකම්, දූෂිත අපවිත්‍රකම් දකින ළමයෙක් වුවත් කියනවා ඇති මේ අය යක්ෂයාගේ දරුවන්ය යන වග. මක්නිසාද ඔවුන් කරන්නේ ඔවුන්ගේ පියාගේ ක්‍රියාය. යේසුස්වහන්සේද ස්වර්ගීයයන්ද ඔවුන් දෙස බලන්නේ ඉතා පිළිකුල් ආකාරයටය. සභාවට දීමට දෙවියන්වහන්සේ සමග පණිවුඩයක් ඇත. එය ශුද්ධය. ඉතා වැදගත්ය. එය පිළිගතහොත් සභාවේ සම්පුර්ණ ප්‍රතිසංස්කරණයක් ඇතිකර ජීවමාන සාක්ෂියක් දරන්ට සලස්වා වංචාකාරයෝද පව්කාරයෝද පහකර් දමා සභාව නැවත වරක් දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලැබෙන තැනට ගෙන එනවා ඇත.GCSinh 44.4

    ______________________________________
    යෙසායා 30: 8-21, යාකොබ් 2:19, එළිදරව් 3 වෙනි පරිච්ඡේදය කියවන්න.
    GCSinh 44.5

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents