Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    දිවි පෙවෙතේ සටහන්

    එලන් ජී වයිට් තුමිය 1827-1915

    යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක් ලෙස කැපව සිටියාවූ එලන් මහත්මිය වයස අවුරුදු 17 දක්වා ජීවත් වූයේ මෙතෝදිස්ත සභාවේ සාමාජිකාවක් ලෙසය. 1843 දී යෙසුස්වහන්සේ නැවත වර පැමිණෙන බව විශ්වාස කළ නිසාද ඒ ගැන අන් අයට කථා කළ නිසාද ඇයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන ලදී. ලෝකයට ප්‍රකාශ කරන පිණිස දෙවියන් වහන්සේ ඇයට දර්ශනද පණිවිඩයක්ද දුන්සේක. මීට පෙර උන්වහන්සේ වෙන දෙදෙනෙකුට වගකීම දෙන්ට උත්සහ කළ නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. සෞඛ්‍ය පණිවිඩය ලැබුවායින් පසුව එම පණිවිඩය ඉදිරියට ගෙන යාමේ ප්‍රමුඛයෙක් ලෙස ඇය ක්‍රියා කරන්නට වූවාය. ඒදන් උයනේදී දෙනු ලැබූ ආහාර ක්‍රමයට ආපසු හැරී එන ලෙසද සියල්ලේදී පමණ දැන ක්‍රියාකරන ලෙසද සෞඛ්‍යයට අහිතකර සියල්ලෙන් වැලකී සිටින ලෙසද ඇය ජනතාව කැඳවූවාය.GCSinh .0

    වයිට් මහත්මිය කිසිදිනක තමා අනාගතවක්තෘවරියක් යයි කියා නොගත්තාය. බොහෝ අය ඇය එනමින් පිලිගත්තෝය. නමුත් ඇය කියා සිටියේ තමා දෙවියන්වහන්සේගේ පණිවිඩකාය බවය. එම පිළිතුර අනුව ඇය නිරතව සිටියේ සෞඛ්‍ය සාධනය, පව් ගැන පසුතැවීමට ජනයා කැඳවීම, ක්‍රිස්තියානි ඇදහිල්ලේ සිදුවී ඇති කැඩුම් බිඳුම් අලුත් වැඩියා කිරීම සඳහා වන කාර්යයන්හි පුරෝගාමියෙකු ලෙස ක්‍රියාකිරීම ආදී වශයෙන් අනාගතවක්තෘවරයෙකුගේ කාර්යයන්ට වඩා පුළුල් සේවයක් වෙනුවෙනි. ඇයට ඉටු කිරීමට තිබෙන පුළුල් සේවයෙන් ඇය දේව නමස්කාරය සඳහා පොත් පත් කීපයක් සම්පාදනය කළාය. ක්‍රිස්තියානි පඩි පෙළ නොහොත් (අලුත් නව පිරිපුන් මග) ජනප්‍රිය වූ පොත් අතරින් එකකි. නමුත් ඇය සිතා ගත්තේ ‘ක්‍රිස්තුස්වහන්සේද උන්වහන්සේගේ දූතයන් සහ සාතන්ද ඔහුගේ දූතයන්ද අතර පවතින මහා අරගලය නැමැති පොත ඉතාමත් වැදගත් පොත ලෙසය.GCSinh .0

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents