Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    25 පරිච්ඡේදය - දෙවන ඊම ගැන වූ මෙහෙය නිදර්ශනයෙන්

    බැමිවලින් බැඳ තිබු කණ්ඩායම් කීපයක් මම දුටිමි. මෙම කණ්ඩායම්වල වූ බොහෝ දෙනා සිටියේ පුර්ණ අඳුරකය. ඔවුන්ගේ නෙත් යොමු කරවා තිබුනේ භුමිය දෙසටය. ඔවුන් සිටියේ යේසුස්වහන්සේ සමග කිසිම සම්බන්ධකමක් නැතිවය. ස්වර්ගය දෙසට ඇස් ඔසවා සිටින, මුහුණුවල ආලෝකයක්ද තිබෙන පුද්ගලයින් මෙම කණ්ඩායම්වල විසිර සිටිනා මම දුටිමි. හිරුගෙන් දිව එන රැස් දහරා වැනි ආලෝක ධාරා යේසුස්වහන්සේගෙන් ඔවුන් කරා පැමිණෙන්ට විය. ඒ දෙස සැලකිල්ලෙන් බලන ලෙස දේව දූතයෙකු මට පැවැසීය. මා බැලූ විට අන්ධකාරයේ සිටි අයව දුෂ්ට දූතයෝ වටලාගෙන සිටිනවාද ආලෝකයේ සිටි හැම කෙනෙක් ලඟම දේව දූතයෙක් සිටිනවාද මම දුටිමි. ‘දෙවියන්වහන්සේට භයව උන්වහන්සේට ගෞරව දීපල්ලා. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුනේය’ කියා කෑගසන දේව දූතයෙකුගේ හඬද මම ඇසීමි.GCSinh 51.1

    ආලෝකය පිළිගන්න අයට පැහැදීම දෙන පිණිස විස්මපත් ආලෝකයක් මෙම කණ්ඩායම් මත පැතිර තිබිණ. අඳුරේ සිටි සමහර අය එම ආලෝකය පිළිගෙන ප්‍රීති වූ අතර ඉතිරි අය ස්වර්ගයෙන් වූ එම ආලෝකය පිළිනොගෙන එය තමන්ව නොමග යවන පිණිස වූ මුළාවක් යැයි ඔවුහු පැවසූහ. ආලෝකය ඔවුන්ව පසුකර ගිය අතර ඔවුහු අඳුරෙහි ම නැවතිණ. ආලෝකය පිළිගෙන අගය කළ අයට තව තවත් ආලෝකය වැඩි විය. ඔවුන්ගේ මුහුණ ආලෝකමත් වී ශුද්ධ වූ ප්‍රීතියකින් පිනාගිය අතර මහත් උනන්දුවකින් යේසුස්වහන්සේ වෙත ඔවුන්ගේ නෙත් ඉහළට යොමු කළහ. ඔවුන්ගේ හඬද දේව දූතයාගේ හඬ සමග මුසුවී ‘දෙවියන්වහන්සේට භයව උන්වහන්සේට ගෞරව දීපල්ලා. මක්නිසාද උන්වහන්සේගේ විශ්චයේ පැය පැමුණුනේය’ කියා මහත් හඬින් පැවසූහ. මෙසේ ඔවුහු හඬ නැගු අතර අඳුරේ සිටි අය ඔවුන්ව පැත්තකින් හා උරහිසින් අහකට තල්ලු කර දමනවා මම දුටිමි. එවිට ශුද්ධ වූ ආලෝකය අගය කළ අය තමන්ව බැඳ තිබූ බැමි කඩා දමා එම කණ්ඩායම්වලින් වෙන්ව ඈත්ව සිටගත්හ. මෙසේ තව තවත් අය බැමි කඩා දමමින් පිටට යන්ට වූ අතර එහි වූ ප්‍රධානීන් චාටු වචන පවසන්ටත් භය භය ගැන්වීම් සහ බලපෑම් ඇති කරන්ටත් බැමි වඩාත් ශක්තිමත් කරන්ටත් වූහ. ඔවුන් කියා සිටියේ ‘දෙවියන්වහන්සේ අප සමගය. අප සිටින්නේ ආලෝකයේය, සත්‍යය අප සමගය’ කියාය. මේ අය කව්ද කියා මම ඇසීමි. ඒ අය දේවගැතිවරු සහ සභා ප්‍රධානින්ය. ‘ඔවුහු සත්‍යය එපා කළ අතර අනික් අයටද සත්‍යය එපා කරන්ට සලස්වති’ යි දේව දූතයා මට පැවැසීය. ආලෝකය අගය කළ අය ඉතා උනන්දුවෙන් සහ ආශාවෙන් යේසුස්වහන්සේ පැමිණ තමන්ව උන්වහන්සේ ළඟට ගන්න තුරු බලා සිටියහ. තවත් වළාකුලක් ඔවුන්ව පසුකර ගියහ. සතුටු මුහුණු දුක්බර වූහ. වළාකුල ගැන මම විමසීමි. එය තවත් බලාපොරොත්තු කඩවීමක් සංකේතවත් කළ බව ඔහු මට පැවැසීය. යේසුස්වහන්සේව බලාපොරොත්තු වූ අවස්ථාව පසු විය. නමුත් උන්වහන්සේ පැමිණියේ නැත. සිත් අධෛර්යයට පත් විය. පිළිනොගෙන සිටි අය සතුටට පත්වූහ. සාතන් සහ ඔහුගේ දූතයෝද මහත් උද්දාමයට පත් වූහ.GCSinh 51.2

    එවිට ‘බබිලෝනිය වැටුණේය’ යි කියන තවත් දේව දූතයෙකුගේ හඬ මට ඇසිණ. ආලෝකයක් බලාපොරොත්තු කඩව සිටි අය කෙරේ පහළ විය. උන්වහන්සේගේ පැමිණීමේ ආශාවෙන් නැවතත් ඔවුහු යේසුස්වහන්සේ දෙස බැලූහ. ‘බැබිලෝනිය වැටුණේය’ කියා පැවසු දේව දූතය සමග තවත් දේව දූතයන් කථාවක යෙදී සිටිනවා මම දුටිමි. දෙවන් දේව දූතය සමග අනිකුත් දේව දූතයෝද එක්ව හඬ නගමින් ‘මනමාලයා එන්නේය ඔහුගේ පෙරමගට පලයල්ලා’ යයි පැවසූහ. ගීතමය හඬක් වූ එම ශබ්දය හැම තැනම පැතිර යන්ට විය. සත්‍යය පිළිගෙන අගය කළ අය කෙරෙහි අති මහත් ආලෝකයක් දැල්වෙන්ට විය. ඔවුහු ද දේව දූතයන්ට එක්ව මනමාලයාගේ පැමිණීම ගැන පැවසූහ. මෙම අවස්ථාවේදී ද කලින් ඔවුන්ව නෙරපා දැමු අය නින්දා අපහාස කර වෛරකාරි ලෙස ඔවුන්ව එළවා දැමුහ. මෙසේ පීඩා කරනු ලැබූ අය වටා අඳුර පතුරුවන්ට සාතන් සහ ඔහුගේ දූතයන් උත්සහ දැරූ අතර දේව දූතයෝ ඔවුන් මත පියාපත් සලන්ට වූහ.GCSinh 52.1

    එපා කළාවූ එළවා දැමු අය වෙත තවත් හඬක් එනවා මට ඇසිණ. එනම්, ‘ඔවුන් අතරෙන් පිටතට ඇවිත් අපවිත්‍ර දෙයකට අත නොගසා සිටපල්ලා.’ යනුයි. මෙවිට මහත් සමුහයක් බැඳුම් කඩාගෙන එම හඬට කීකරුව අඳුරෙන් ඉවත්ව මීට ඉහත බැමි බිඳ දමා ආ අයට එකතු වී පණිවිඩය ප්‍රකාශ කළහ. අඳුරේ හෙලනු ලැබූ කණ්ඩායම්වල සිටි ටික දෙනෙකුගේ බලවත් උනන්දු යාච්ඤාවල හඬ මට ඇසිණ. මේ කණ්ඩායම්වල දේවගැතිවරුන් සහ අධිපතින් බැමි වඩ වඩා තද කරමින් සිටියහ. එම අය මීට ඉහත නිදහස්ව සතුටින් එකමුතුව සිටි අය දෙසට අත් දිගුකර උදව් ඉල්ලනවා මම දුටිමි. පිළිතුර වුයේ, ‘උනන්දු පැතුමෙන් ස්වර්ගය දෙස බලා පිටතට වරෙල්ලා’ යන්නය. පුද්ගලයින් නිදහස්වන්ට අරගලයක දී සිටිනවා මම දුටිමි. අවසානයේදී ඔවුහු බැමි කඩා දමා පිටතට පැමිණියහ. භූමියෙන් ටිකක් ඔසවනු ලැබූ විවෘත පිට්ටනියක් ලෙස පෙනෙන්ටවූ ස්ථානයක සිටි කණ්ඩායමට ඔවුහු එකතු වූහ. ඔවුහු ඉහල බලා සිටියහ. ආලෝකයකින් වේලි සිටින ආකාරයක් මෙන් පෙනිණ. ආලෝකයේ බලපෑම නිසා මේ කණ්ඩායම වෙතට පැමිණි සමහර අයද සිටියහ. නමුත් ඔවුහූ සම්පුර්ණ ලෙස කණ්ඩායමට සම්බන්ධව සිටියේ නැත. ලැබූ ආලෝකය අගය කළ අය මහත් ආශාවකින් ඉහල බලා සිටියහ. යේසුස්වහන්සේ ඔවුන්ගේ ආශාව දෙස බලා සිටිසේක. පොළොව දෙස ඔවුන් නෙත් යොමු කළේ නැත. ඔවුන් මත නැවත වරක් වළාකුලක් පැතිර තිබෙනවාද ඔවුන්ගේ බැල්ම පොළොව දෙසට යොමුව තිබෙනවාද මම දුටිමි. ‘මෙම වෙනසට හේතුව කුමක්දැයි’ මම දේව දූතයාගෙන් ඇසීමි. දේව දූතයා පැවසුවේ නැවත වරක් ඔවුන් බලාපොරොත්තු කඩවීමකට පත්වූ බවය. ‘යේසුස්වහන්සේට තවම පැමිණිය නොහැක. ඔවුහූ තවදුරටත් දුක් විඳ අමාරුකම් දරාගත යුතුය. මනුෂ්‍යයන්ගෙන් ලබාගෙන තිබෙන වැරදි දේවල් අත්හැරිය යුතුය, සම්පුර්ණ ලෙස දෙවියන්වහන්සේද සත්‍යයද වෙතට හැරෙන්නට ඕනෑය. සෝදිසි කරනු ලැබ පවිත්‍ර විය යුතුය. මේ සියල්ල විඳ දරාගන්නා අය සදාකාල ජයග්‍රහණ ලබා ගන්නෝ’ යයි පැවැසීය.GCSinh 52.2

    ලෝකය ගින්නෙන් පවිත්‍ර කිරීම ශුද්ධස්ථානය පවිත්‍ර කිරීම යයි සිතු අයගේ විශ්වාසය අනුව යේසුස්වහන්සේ පැමිණියේ නැත. අනාගතවාක්‍යය කාලයන් ගණන් කිරීමේදී ඔවුන් නිවැරදිව සිටි බව මම දුටිමි. අනාවැකි කාලය 1844 දී නිමාවට පත්විය. ඔවුන්ගේ වරදවා තිබුනේ ශුද්ධස්ථානය කුමක්ද කියාත් පවිත්‍ර කිරීමේ ස්වභාවය ගැනත් හරි අවබෝධයක් නැතිව සිටීමත්ය. අනාවැකියේ කාලය සම්පුර්ණ වූ විට ශුද්ධස්ථානය පවිත්‍ර කරන පිණිස යේසුස්වහන්සේ ස්වර්ගීය මණ්ඩපයේ අති ශුද්ධස්ථානයට ඇතුල් වූ සේක. ඔවුහු කාලවල් නැවත සොයා බැලූහ. ඒවා නිවැරදිව තිබිණ, යේසුස්වහන්සේට සිදුවූයේ කුමක්ද? උන්වහන්සේ නොපැමිණියේ මන්ද?GCSinh 52.3

    ගෝලයන්ගේ කාලය වෙතට මා ගෙනයනු ලැබීය. ඔවුන්ගේ බලාපොරොත්තු කඩවීම මම දුටිමි. ඔවුන් සොහොන් ගෙය වෙතට ආ විට උන්වහන්සේගේ ශරීරය එහි නොවීය. මරියා පැවසුවේ ‘මාගේ ස්වාමින්වහන්සේව ඔවුන් ගෙන ගොස් ඇත. කොහේ තැබුවාදැයි නොදනිමි’ කියාය. දුක් වෙමින් සිටි අයට දේව දූතයන් කියා සිටියේ උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටි බවත් ඔවුන්ට කළින් ගලීලයට යන බවත්ය. GCSinh 53.1

    බලාපොරොත්තු කඩ වී දුකෙන් සිටි අය දෙස යේසුස්වහන්සේ බලවත් අනුකම්පාවක් දැක්වූ බව මම දුටිමි. පොළව ශුද්ධස්තානය නොවන බවද උන්වහන්සේ ස්වර්ගීය මණ්ඩපයේ අති ශුද්ධස්ථානයට ඇතුල්ව ශුද්ධස්ථානය පවිත්‍ර කල යුතු බවද සෙනඟ උදෙසා සමගිකමේ මෙහෙයක් කළ යුතු බවද පියාණන් වහන්සේගෙන් රාජ්‍යය ලබාගෙන තමන් සමග සදාකාලයටම ජීවත්වන පිණිස නැවත එන බවද යන කරුණු අවබෝධ කරදෙන පිණිස මගපෙන්වීමට උන්වහන්සේ දේව දූතයන් එවූ සේක. එදා ගෝලයන් අත් දුටු දේ 1844 දී එම ඇදහිලිවන්ත කණ්ඩායමටද අත්දකින්නට සිදුවිය. එදා ජයග්‍රාහිව ගෝලයෝ යෙරුසේලමට යේසුස්වහන්සේ සමග ගමන් ගත්හ. උන්වහන්සේ රාජ්‍යය ලබාගෙන ලෝක රාජ්‍යයක් පිහිටුවන්ට යනවා යයි මහත් බලාපොරොත්තු ඇතිව සිටියහ. ගස්වල අතු කපා පාර සැරසූහ. තමන්ගේ කබායන් ගළවා පාරේ ඇතුරුහ. තවත් සමහරු ඉදිරියේ ගමන් කරමින් ‘දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නා, ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාද ලද්දේය.’ කියා කෑගසන්ට වූහ. මේ ශබ්ද ඝෝෂාව ඇසු දුටු එරිසිවරු කලබලයට පත්වූහ. සෙනඟව නිශ්ශබ්ද කරන ලෙස ඔවුහු යේසුස්වහන්සේගෙන් ඉල්ලුහ. එවිට උන්වහන්සේ පැවසුවේ ඔවුන් නිහඬ වුවොත් ගල් කෑගසනවා ඇත කියාය. සෙකරියාගේ අනාවැකිය ඉටු විය යුතුය. (සෙකරියා 9:9) නමුත් ගෝලයන් මහත් තිත්ත අත්දැකීමක් ලබන්ට යන් බව මම දුටිමි. දින කිහිපයකට පසුව ඔවුහු යේසුස්වහන්සේ පිටුපස කල්වාරි කන්ද වෙතට ගමන් කළහ. උන්වහන්සේ කුරිරු කුරුසයක් මත ලේ වැගිරී එල්ලෙමින් සිටිනවා දකින්ට වූහ. උන්වහන්සේගේ වේදනාත්මක මරණය ඔවුන් නැරඹුහ. මළ සිරුර සොහොන් ගෙයක තැන්පත් කරනවා ඔවුන් බලා සිටියහ. ඔවුන්ගේ සියලු බලාපොරොත්තු මෙසේ යේසුස්වහන්සේගේ මරණයත් සමග අභාවයට පත්විය. නමුත් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටි සේක. ගෝලයන්ට නැවත පෙනුණ සේක. ඔවුන්ගේ බලාපොරොත්තු නැවත අළුත් විය. ගැළවුම්කාරයාණන් නැති වී දැන් නැවත ලැබී ඇත. සම්භ වී ඇත.GCSinh 53.2

    1844 දී බලාපොරොත්තු කඩ වූ අයගේ තත්ත්වය එදා ගෝලයන්ගේ බලාපොරොත්තු කඩවීමට සමාන නොවන බව දුටිමි. පළමුවන හා දෙවන දූතයාගේ පණිවිඩ මගින් අනාවැකි සම්පුර්ණ විය. ඒවා නියම කාල වේලාවට දෙනු ලැබීය. දෙවියන්වහන්සේ අභිප්‍රාය කළ අන්දමට සැලැස්ම සම්පුර්ණ විය.GCSinh 53.3

    ______________________________________
    කියවන්න: දානියෙල් 8:14, ශු. මතෙව් 21: 4-1: 6, ශු. මාර්ක් 16: 6-7, ශු. ලුක් 19: 35-40, ශු යොහාන් 14: 1-3, 20: 13, 2 කොරින්ති 6:7, එළිදරව් 10: 8-11, 14: 7, 8.
    GCSinh 53.4