Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    19 පරිච්ඡේදය - මරණය සදාකාලික දුකෙහි ජීවත්වීම නොවේය

    සාතන් මුළා කිරීම ඇරඹුයේ ඒදන් උයනෙහිදීය. ‘නුඹලා ඇත්තටම නසින්නේ නැත’යි ඒවට ඔහු කීවේය. ආත්මය නොමැරෙන බව ඉගැන්වූ පළමුවෙනි පාඩම එය විය. එතැන් සිට මෙම මුළා කිරීම අද දක්වාම ඉදිරියට ගෙනැවිත් ඇති අතර යේසුස්වහන්සේගේ දෙවෙනි ඊම දක්වාම ගෙන යනු ඇත. මගේ නෙත් ඒදන් උයනෙහි වූ ආදම් හා ඒව වෙතට යොමු කරවන ලදී. ආදම් සහ ඒව තහනම් ගසෙහි ගෙඩි අනුභව කළහ. පසුව ඔවුන් ජීවන ගසෙහි ගෙඩි අනුභව කර පව්කාරයන් ලෙස සදාකාලයටම ජීවත් නොවන පිණිස ඒදන් උයනෙන් පිටතට යවා ජීවන ගහ වටේ කරකවන ගිනි කඩුවක් තැබීය. ජීවන ගහ දෙනු ලැබුවේ ජීවිතය නොනැවතී පවත්වාගනු පිණිසය. ආදම් සහ ඒවගෙන් පවත එන යම් කෙනෙක් මෙම ගිනි කඩුව පසුකරගෙන ගොස් ජීවන ගසෙන් කෑවේදයි දේව දූතයෙක් ප්‍රශ්න කළේය. තවත් දේව දූතයෙක් ‘නැත’ කියා උත්තර දෙනවා මම ඇසීමි. එබැවින් සදාකාල ජීවනය තිබෙන පව්කාරයන් කිසිවෙක් නොමැත. පව්කරන ආත්මය සදාකාල මරණයට පත්වේ. එම මරණය නැවත නැගිටීමේ බලාපොරොත්තුවක් නැති මරණයකි දේව උදහස ඉන් නිමාවට පත්වේ. GCSinh 40.1

    දෙවියන්වහන්සේ වදාළ ‘පව්කරන ආත්මය නසින්නේය’ ය වාක්‍යය, ‘පව්කරන ආත්මය නසින්නේ නැත’ කියා ‘සදාකාලයටම නිරයෙහි දුක් විඳින්නේය’ කියාද විශ්වාස කරන්ට ඉගැන්වීමේදී සාතන් ලබා ඇති සඵලත්වය මට මහත් පුදුමයට හේතුවක් විය. වේදනාවේ ජීවිතය වේවා ප්‍රීතියේ ජීවිතය වේවා දෙකේම අර්ථය ජීවත් වීමකි. ‘මරණයේදී වේදනාව නැත. ප්‍රීතිය නැත. වෛරයද නැත.’ යනුවෙන් දේව දූතයා පැවැසීය.GCSinh 40.2

    ‘නුඹලා ඇත්තටම නසින්නේ නැත’ කියා ඒවව මුළා කළ බොරුව නැවත නැවත කියා දෙමින් එය ලොව පුරා පතුරුවන්නට විශේෂ උත්සහයක් දරණ ලෙස සාතන් තම දූතයන්ව උනන්දු කළේය. මෙම මුලාවේ බොරුව මිනිසුන් පිළිගත් පසු සාතන් තවත් ඉදිරියට යමින් පව්කරන ආත්ම සදාකාලයටම දුක් වේදනා විඳින්ට යන බවද මිනිසුන්ට විශ්වාස කරන්ට සැලැස්වීය. දැන් සාතන්ට දෙවියන්වහන්සේ ගැන බලවත්ම බොරුව තම නියෝජිතයන් මගින් පතුරුවන්ට මාර්ගය සුදානම්ය එනම්, ‘දෙවියන්වහන්සේ කෘර අධිපතියෙක්ය. තමන්වහන්සේ සතුටු නොකරන අයව සදාකාල නිරාගින්නට හෙළා කිව නොහැකි දුක් වේදනා විඳින්ට සලස්වමින් තෘප්තියට පත්වන මනුෂ්‍යයයෝ ගිනි දැල්වල ඇඹරෙන මිනිසුන් දෙස බලා සතුටට පත්වන කෙනෙක්ය’ යන බොරුවය. මනුෂ්‍යයෝ මෙය විශ්වාස කළහොත් බොහෝ දෙනෙක් දෙවියන්වහන්සේට බිය වන්ටත් වෛර කරන්ටත් වන බව සාතන් විශ්වාස කෙරිණි. සාතන් තවත් අන්තයකට සෙනඟව මෙහෙයවනවා ඇත. එනම් දෙවියන්වහන්සේ ඉතා අනුකම්පාවෙන් බරවූ කෙනෙක්ය. කිසිවෙකුව විනාශ කරන්නේ නැත. ශුද්ධවන්තයන් සහ පව්කරුවන් යන දෙකොටසම ගළවා ගෙන අන්තිමේදී රාජ්‍යයට අනුල් කරගන්නා සේක.GCSinh 40.3

    තවත් කණ්ඩායමක් සාතන් මුළා කරන්නේ දෙවි කෙනෙක් නැත කියා විශ්වාස කිරීමටය. බයිබලයේ පෙන්වන දෙවියන්ගේ ඒකීයභාවයක් නැත, සෙනගෙන් එක කොටසකට භයානක වධහිංසා පමුණුවනවා නම් එම විශ්වාසය අපට පිළිගැනීමට නොහැක. අප විශ්වාස කරන්නේ මරණය සදාකාල නින්දක්ය කියාය.GCSinh 41.1

    සාතන් තවත් මෝඩ බියගුළු කණ්ඩායමකට පව්කරන්ට සලස්වා, ඔවුන් ඉදිරියේ තමන්ගේ පාපයේ කුලිය මරණය නොව, භයානක වේදනාවක් ඇතුව සදාකාල ජීවනය එනම්, ඉවරයක් නැති සදාතනයේ දුක් වේදනා දරා ගැනීමක්ය. මෙසේ ඔහු තමාගේ ඉඩ ප්‍රස්ථා දියුණු කරගනිමින් දුර්වල මිනිසුන්ගේ මනසවල් තමාගේ පාලනය යටතට ගනී. ඔවුන්ට සිතා බැලීමේ ශක්තියද අහිමි වේ. මෙලෙස සාතන් සහ ඔහුගේ දූතයෝ ප්‍රීතියෙන් උද්දාම වන අතර අදේව දෘෂ්ටිකයෝද මිථ්‍යාදෘෂ්ටිකයෝද ඔහුට එකතු වී ක්‍රිස්තු භක්තිය අපහාසයට ලක් කරති.GCSinh 41.2

    සාතන්ගේ මෙම එඩිතර ක්‍රියාවන් ගැන ස්වර්ගීය සේනාවන් මහත් උදහසින් සිටිනවා මම දුටිමි. ‘සාතන්ගේ දූතයන්ට වඩා දෙවියන්වහන්සේගේ දූතයන් බලවත් බැවින් ඔවුන්ට අවසර දුනහොත් මෙවන් සිදුවීම් නවතන්ට හැකිව තිබියදී එසේ නොකරන්නේ මක්නිසාද’යි මම ඇසුවෙමි.සාතන් මනුෂ්‍යයන් විනාශ කර දැමීමට තමාගේ සෑම උපායක්ම යොදාගන්නා බව දෙවියන්වහන්සේ දැන සිටි සේක. සතුරාගේ බලය පහසුවෙන් බිඳ දැමීමට දෙවියන්වහන්සේට පුළුවන. නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය ලියා තබන්ට සැලැස්වූ සේක. උන්වහන්සේ බුද්ධියෙන් දුර්වලයාට පවා වටහාගත හැකි සේ ඒවා පැහැදිලිව ලියවා තැබූ සේක. දේව වචනය නැතිව යන්ට නොදී ආරක්ෂා කළසේක. අනිකුත් කුමන පොතක් නැතිව ගියත් මෙම ශුද්ධවූ පොත අමරණීයව පැවතිය යුතු විය. ලෝකයේ අවසාන කාලය ලං වන විට සාතන්ගේ මුලාකිරීම් වැඩි වන නිසා හැම කෙනෙකුටම ඒවාට මුහුණ දෙන්ට හැකි වන සේ දැනුවත් වීමට බයිබල් පිටපත්ද අතිශයින් වැඩි විය යුතුය.GCSinh 41.3

    දෙවියන්වහන්සේ විශේෂ ආකාරයකින් බයිබලය ආරක්ෂා කළසේක. නමුත් පිටපත් ස්වල්පයක්ව තිබු කාලයේ උගත් අය සමහර වගන්ති වඩාත් පැහැදිලි කර දක්වන පිණිස වචන වෙනස් කර ඇත. නමුත් බයිබලය ඒකීය ආකාර සම්පුර්ණ පොතකි. එය දම්වැලක් සේ එක ලියවිල්ලක් තවත් ලියවිල්ලක් තේරුම් කරදෙන ආකාරයෙන් ලියැවී ඇත. සත්‍යවාදී ලෙස සත්‍යය සොයන්නන්ට වරදින්නේ නැත. ජීවනයේ මාර්ගය ගැන සරලව පැහැදිලිව උගන්වනවා පමණක් නොව දේව වචනයෙහි දක්වා තිබෙන ජීවන මාර්ගය සොයන අයට එය තේරුම් ගැනීම පිණිස මගපෙන්වීමට ශුද්ධාත්මයාණන් වහන්සේවද දෙන්ට පොරොන්දු වී ඇත.GCSinh 41.4

    දේව දූතයන් විසින් මනුෂ්‍යයන්ගේ මනසවල් පාලනය නොකළ යුතු බව මම දුටිමි. මනුෂ්‍යයන් ඉදිරියේ උන්වහන්සේ ජීවිතයත් මරණයත් තබා ඇත. කැමති දේ ඔහුට තෝරාගත හැක. බොහෝ දෙනෙක් ජීවනය ලබන්ට කැමතිය. නමුත් ගමන් කරන්නේ පළල් මාර්ගයෙහි. මක්නිසාද ඔවුහු ජීවනය තෝරාගෙන නැත.GCSinh 41.5

    පව්කාර මනුෂ්‍යයන් උදෙසා තම පුත්‍රයාණන් දීමේ දෙවියන්වහන්සේගේ දයාව සහ අනුකම්පාව මම දුටිමි. මෙතරම් උසස් මිලයක් ගෙවා සැලසුම් කරදුන් ගැළවීම පිළිනොගත් අයට දඬුවම් කළ යුතුය. දෙවියන්වහන්සේ විසින් මවනු ලැබූ අයවලුන් උන්වහන්සේගේ පාලනයට විරුද්ධව කැරලි ගැසීමට තෝරාගෙන ඇත. නමුත් උන්වහන්සේ ඔවුන්ව සදාකාලයටම දුක් වේදනා විඳින පිණිස නිරයට හෙළා එය වසා දැමුවේ නැත. උන්වහන්සේ ඒ අයව ස්වර්ගයට ගෙන යන්නේද නැත. මක්නිසාද පවිත්‍ර වූ ශුද්ධවූ කණ්ඩායමක් අතරට ඔවුන්ව ගෙන ගියහොත් ඔවුන්ට එය ඉවසිය නොහැකි දුක්ඛිත අත්දැකීමක් වනවා ඇත. මෙසේ ඔවුන් ස්වර්ගයට හෝ නිරයට හෝ නොයවා ඔවුන් කවදාකවත් නොසිටියාක් මෙන් වන පිණිස සම්පුර්ණ ලෙස විනාශ කර දමන සේක. මෙසේ දෙවියන්වහන්සේගේ සාධාරණත්වය ඉටු වේ. දෙවියන්වහන්සේ මනුෂ්‍යයාව පොළොවේ දුවිල්ලෙන් නිර්මාණය කළසේක. අකීකරු, අශුද්ධ අයව ගින්නෙන් දවා දැමීම මගින් නැවත දුවිල්ල සමග එක වේ. දෙවියන්වහන්සේගේ ත්‍යාගවන්තභාවය හා දයානුකම්පාවද උන්වහන්සේගේ යාපත් වචනයද අගය කොට උන්වහන්සේට හිස් නමා වන්දනාමාන කල යුතු මම දුටිමි. සියලු ස්වර්ගීය සේනාවන් ‘ආමෙන්’ යයි කියනවා ඇසීමි.GCSinh 41.6

    ක්‍රිස්තුස්වහන්සේගේ නාමය පටබැඳ ගත් නමුත් තමන්ගේ සුක්ෂ්ම මුළාවන්ට සම්බන්ධ වී අසුවී සිටි සියල්ලන් දෙස අධික තෘප්තියෙන් යුතුව සාතන් බැලීය. ඔහුගේ වැඩය වී තිබුණේ හැකි තරම් මුළාවන් නිෂ්පාදනය කිරීමය. ඔහුගේ බලය වැඩි වී, ඔහුගේ ක්‍රම අලුත් වී, ඔහු තමාගේ නියෝජිතයන් වන පාප්වරුන් සහ පූජකයන් මෙහෙය වුයේ තමන්වම උත්තමයන් සේ උසස් කරගෙන සෙනඟ පොළඹවා දෙවියන්වහන්සේට ප්‍රේම කල අයට තද ලෙස පීඩා කරවීමටය. ඒවාට නොනැමෙන අයව නොහොත් ක්රිතුස්වාහන්සේට කැපව සිටින අයව මරා දැමීමටය. අහෝ! දෙවියන්වහන්සේට ප්‍රියව සිටි අයට මොනතරම් දුක් වේදනා දරන්ට ඔවුහු සැලස්වීද. දේව දූතයෝ ඒවා ගැන විශ්වාස ලෙස සටහන් තබා ඇත. නමුත් සාතන් සහ ඔහුගේ දූතයෝ මහත් උද්දාමයකින් කථා කරමින් දුක් වේදනාවල සිටි අයට උපස්ථාන කරමින් සහ ශක්තිඅත් කරමින් සිටි දේව දූතයන්ට කීවේ ඔවුන් ඒ අයව මරා දමන බවය. මෙසේ සැබෑ වූ ක්‍රිස්තියානිකාරයින් ලොවේ නොසිටින්ට සලස්වන බවය. ඒ කාලයේදී දෙවියන්වහන්සේගේ සභාව පවිත්‍රව තිබෙන බව මම දුටිමි.දූෂිත සිත්වලින් යුත් අය සභාවට ඇතුල් වීමේ අනතුරද එකල නොතිබිණ. මක්නිසාද තමාගේ ඇදහිල්ල නොබියව ප්‍රකාශ කරන්ට කැමති වූ තැනැත්තා ඉදිරියේ වුයේ භයානක ලෙස වධ හිංසා කරමින් මරණයට පත්කිරීමේ අනතුරය.GCSinh 41.7

    ______________________________________
    කියවන්න: උත්පත්ති 3 වන පරිච්ඡේදය; දේශනාකාරයා 9: 5: 12: 7: ශු. ලූක් 2:33 ශු. යොහන් 3:16 තිමෝති 3:16 එළිදරව් 20: 14-15 එළිදරව් 21:1:22: 12-19
    GCSinh 41.8

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents