Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    16 පරිච්ඡේදය - පාවුල් නැවත යෙරුසෙලමට පැමිණෙයි

    පාවුල් තම හැරීමෙන් ස්වල්ප කලකට පසු යෙරුසෙලමට පැමිණියේය. යේසුස්වහන්සේගේ පුදුමාකාර අනුග්‍රහය ගැන ඔහු එහිදී දේශනා කළේය. තමාගේ ප්‍රාතිහාර්යමය හැරීම ගැන ඔහු දේශනා කළ විට පූජකයෝ ක්‍රෝධයෙන් දිලිහි ඔහුව මරන්ට සෙවූහ. ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන පිණිස යේසුස්වහන්සේ නැවත ඔහුට දර්ශනය වී ‘ඉක්මනින් යෙරුසෙලමෙන් පිටව යන්න. මක්නිසාද ඔවුහු මා ගැන නුඹේ සාක්ෂිය පිළිගන්නේ නැතැ’ යි කීසේක. පාවුල් සිතුවේ ඊට වෙනස් ආකාරයකින්ය. තමා ක්‍රිස්තියානි සභාවට විරුද්ධව ගෙන ගිය පීඩාකාරී ක්‍රියාවන්, ස්තේපන් ගෝලයාව ගල් ගසා මැරීමේදී ඊට එකඟව තමා දුන් සහයෝගය ආදී සිදුවීම් දන්නාවූ පූජකයන් හා සෙනඟ තමාගේ ප්‍රාතිහාර්යමය හැරීම ගැන පුදුමයට පත්වී ක්‍රිස්තුස්වහන්සේව පිළිගනීවි යයි ඔහුගේ අදහස විය. නමුත් යේසුස්වහන්සේ කථාකොට, ‘පිටවයන්ට මම නුඹව මෙයින් ඈතට, අන්‍ය ජාතීන් වෙතට යවන්නෙමි’යි කීසේක.GCSinh 34.1

    පාවුල් යෙරුසෙලමෙන් පිටව ගිය පසු තමාගේ පුදුම හැරීම සහ අත්දැකීම ගැන සමහර ස්ථානවල සිටි අයට ලියුම් යැව්වේය. නමුත් සමහර අය එම ලිපිවල බලවත් සාක්ෂි දැරීම නැති කර දැමීමට ක්‍රියා කළෝය.GCSinh 34.2

    පාවුල් තුමා උගතෙකුව සිටි බවද ඔහුගේ ප්‍රඥාව සහ කථා විලාශයට සෙනඟ වශී වූ බවද මම දුටිමි. උගත් ඇය ඔහුගේ දැනුම ගැන සතුටට පත්වූ අතර බොහෝ දෙනෙක් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහා ගත්හ. රජවරුන් හා මහත් සමුහයන් ඉදිරියේදී කල කථාවන් මගින් අසා සිටි අයව වසඟ කරගැනීමේ බලයක් ඔහු තුළ තිබිණ. කාරණා පැහැදිලි කරදීමේදී ඉතා උසස් අන්දමේ සිතුවිලි ඉදිරිපත් කර දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ වටිනාකම් සහ ක්‍රිස්තුස්වහන්සේගේ විශ්මපත් ප්‍රේමය පෙන්වා දීමට් ඔහු සමත් විය. ඒ වගේම සාමාන්‍ය ජනතාවට වැටහෙන සරල ආකාරයකින් ඉතාම් බලවත් ලෙස තමාගේ අත්දැකීම් ඉදිරිපත් කර ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වීමට තද ආශාවක් ඔවුන් තුළ ඇතිකිරීමට ඔහුට පුළුවන් විය. පූජකයන්ගේද, පාලකයන්ගේද වෛරය ඔහුට විරුද්ධව උත්සන්න වීමට මෙය හේතුවක් විය.GCSinh 34.3

    තමන්වහන්සේගේ නාමය නිසා බඳිනු ලබන්ටත් දුක් විඳින්ටත් නැවත යෙරුසෙලමට යා යුතුව තිබෙන බව මෙසියස්වහන්සේ පාවුල්ට එළිදරව් කළසේක. බොහෝ කාලයක් යනතුරු සිරකරුවෙක්ව සිටින්ට යන නමුත් ඔහුගේ බැඳුම් කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේගේ දැනගැන්ම ගැන පතුරුවාලන්ට යෙදෙන සැටිත් දෙවියන්වහන්සේ ගෞරවය ලබන්ට යන බවත් පාවුල්ට දන්වා දුන්සේක. මෙසේ පාවුල් විනිශ්චය කරනු ලබන පිණිස නගරයෙන් නගරයට යවනු ලැබ රජවරුන් හා අන්දුකාරයන් ඉදිරියේ පෙනී යේසුස්වහන්සේ ගැන සාක්ෂි දැරීමත්, තමාගේ හැරීම ගැනවූ ප්‍රාතිහාර්යමයසිදුවීම් ගැන ප්‍රකාශ කිරීමත් ඔවුන්ගේ දැනගැන්ම පිණිස ඕනෑ විය. දහස් ගණන් යේසුස්වහන්සේ කෙරෙහි අදහාගෙන උන්වහන්සේගේ නාමය ගැන ප්‍රීති සන්තෝෂ වූහ. නැවක ගමන් කළ සෙනඟක් විසින් දෙවියන්වහන්සේගේ බලය දැක අදහාගන්න පිණිසද, අන්‍ය ජාතීන් විසින් යේසුස්වහන්සේගේ නාමය අසා අදහාගන්න පිණිසද, පාවුල් මුහුදේ යාත්‍රා කිරීම දෙවියන්වහන්සේගේ විශේෂ අභිප්‍රායක් සම්පුර්ණ වීම සඳහා වූ බව මම දුටිමි. පාවුල්ගේ ඉගැන්වීම් සහ ප්‍රාතිහාර්ය කරණකොටගෙන බොහෝ දෙනෙකුගේ හැරීම සිදුවිය. පාවුල් කථා කරමින් කාරණා ඉදිරිපත් කල ආකාරය නිසාද ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම අත්ව යේසුස්වහන්සේව ඉදිරිපත් කරමින් තමාගේ හැරීම ගැන වූ සිත් කාවදින සිදුවීම් ගැනද කථා කළ විට රජවරුන්ගේ සිත්වල කැළඹීම් ඇතිවන්ට යෙදිණි. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට ඔවුන්ට හැඟී යන්ට විය. පාවුල්ගේ සාක්ෂිය නිසා විශ්මයට පත්වූ එක රජ කෙනෙක් ‘නුඹ වැඩි පෙළඹීමක් නැතිව මාව ක්රිස්තියානිකාරයෙක් කරන්ට සිතනවා’ යයි පාවුල්ට පැවැසීය. මතු දවසකදී ඒ ගැන සලකා බලන බව සමහර අය ප්‍රකාශ කළහ. ප්‍රමාද කිරීම සාතන්ගේ වාසිය පිණිස විය ඒ සිත් උණුසුම් වූ අවස්ථාවය. එම ඉඩ ප්‍රස්ථාව පහර හැරීම හෝ කල් දැමීම සිත් තදවීමට හේතු වේ.GCSinh 34.4

    යේසුස්වහන්සේව තම ගැලවුම්කාරයාණන් ලෙස පිලිගනීමට් නොහැකි වන ලෙස යුදාවරුන්ව අන්ධභාවයකට පත්කිරීම සාතන්ගේ පළමුවන උපක්‍රමය බව මට පෙන්වනු ලැබීය. දෙවනුව, උන්වහන්සේගේ බලවත් ක්‍රියාවන් දැක ඊර්ෂ්‍යයා කරමින් උන්වහන්සේගේ ජීවිතය නැති කරන්ට සෙවූහ. උන්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙකු මුළාකරගෙන උන්වහන්සේව සතුරන්ගේ අත් වලට පාවා දුන් අතර ඔවුහු ජීවනයේ අධිපතියාණන්ව කුරුසියේ ඇණ ගැසූහ. උන්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු එම සත්‍යතාවය වසං කිරීම සඳහා හේවායින්ට මුදල් දී බොරුවක් පතුරන්ට සලස්වා ඔවුහු පාපයට එකතු කරගත්හ. නමුත් යේසුස්වහන්සේ සමග මළවුන්ගෙන් නැගිටි සමුහයක් උන්වහන්සේගේ නැගිටීම ගැන සාක්ෂි දරා බලවත් ලෙස එම සත්‍යය තහවුරු කළහ. උන්වහන්සේද දවස් ගණනක් ගෝලයන්ට ප්‍රකාශ වූ සේක. ඉන්පසු උන්වහන්සේ එකවර පන්සියයකට වඩා වැඩි දෙනෙකුට ප්‍රකාශ වූසේක.GCSinh 35.1

    පුත්‍රයාණන් වහන්සේව එපා කරවමින් දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගසීමට් සාතන් යුදාවරුන්ව මෙහෙයවීය. උන්වහන්සේව කුරුසියේ ඇණ ගසන්ට සලස්වමින් තමන්ගේ සිත් කිළුටු කරගත්හ. යේසුස්වහන්සේ දේව පුත්‍රයාණන්වහන්සේ බවටත් ලෝකයේ ගලවුම්කාරයාණන් වහන්සේ බවටත් කොතරම් ප්‍රබල සාක්ෂි දෙනු ලැබ තිබුණත් ඔවුහු උන්වහන්සේව කුරුසියෙහි ඇණ ගැසුහ. උන්වහන්සේ සඳහා වූ කිසිම සාක්ෂියක් පිළිගැනීමට ඔවුන්ට නොහැකි විය. ඔවුන්ගේ සැනසිල්ලේ එකම බලාපොරොත්තුව වූයේ සාතන්ට ඔහුගේ වැටීමෙන් පසුව සිදුවූ ලෙසම, ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධව නැගී සිටීමය. ඔවුහු ගෝලයන්ව මරා දමමින් කැරැල්ල ඉදිරියට ගෙන ගියහ. තමන්ගේ කන්වලට යේසුස්වහන්සේගේ නම ඇසෙනවාට තරම් ඔවුහු අන් කිසිවකට වෛර කළේ නැත. ස්තේපන් ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන යේසුස්වහන්සේ දේව පුත්‍රයාණන් බවටබලවත් වූ සාක්ෂි දුන් විට නොඇසී නොහැරෙන ලෙස ඔවුහු ඔහුට මැරෙන තුරු ගල් ගැසූහ. යේසුස්වහන්සේව මැරූ මිනීමරුවන්ව සාතන් තදින් තමන්ගේ ග්‍රහණයේ තබා ගැනිණ. දුෂ්ටකම් කිරීම කරණකොටගෙන ඔවුහු ඔහුගේ කැමැත්ත කරන අය බවට පත්වූහ. සාතන් ඔවුන් මගින් යේසුස්වහන්සේගේ සෙනඟව කරදරවලට පත් කළහ. සාතන් යුදා සෙනඟ ලවා අන්‍යජාතින්ව යේසුස්වහන්සේගේ නාමයට විරුද්ධව සහ උන්වහන්සේගේ ඇදහිලිවන්ත අයට විරුද්ධව පොළඹවා ගත්තේය. නමුත්, දෙවියන්වහන්සේ තම දූතයන් ඒවා සේවකයන්ව ශක්තිමත් කළ අතර ඔවුහු නොනැමී සිටිමින් තම ජීවිතය පූජා කර සාක්ෂිය මුද්‍රා කළහ.GCSinh 35.2

    තමාගේ දැලෙහි යුදා ජාතිය සුරක්ෂිතව සිටීම ගැන සාතන් ප්‍රමෝදයට පවිය. යුදා සෙනඟ තවදුරටත් තමාගේ නිෂ්ඵල පුද පූජා සහ චාරිත්‍ර වාරිත්‍රවල නියැලී සිටියහ. යේසුස්වහන්සේ කුරුසිය මතදී ‘ඉතින් නිමයි’ යන වචන පැවසු විට දේව මාලිගාවේ තිරය ඉහල සිට පහලට දෙකඩව ඉරී ගියේය. මෙයින් දෙවියන්වහන්සේ සන්කෙත්වවත් කළේ තවදුරටත් පුද පූජාවල් අවශ්‍ය නොවන බවය. යුදාවරුන් සහ අන්‍යජාතීන් අතර වූ වෙන්කිරීමේ බිත්තිය බිඳ දැමු බවය. යේසුස්වහන්සේ මෙම කණ්ඩායම් දෙකම සඳහා එක පූජාවක් ඔප්පු කළසේක. ගැළවීම ලබන්ට නම්, තම පව් සඳහා වූ එකම පූජාව ක්‍රිස්තුස්වහන්සේ බව විශ්වාස කරන්ටත්, උන්වහන්සේ ලොව සියලුම දෙනාගේ ගැලවුම්කාරයාණන් බව පිළිගන්ටත් උවමනාය.GCSinh 35.3

    යේසුස්වහන්සේ කුරුසිය මත එල්ලී සිටියදී හේවායෝ තම අත වූ හෙල්ලයෙන් ඇන උන්වහන්සේගේ ළපැත්ත සිදුරු කළේය. එවිට රුධිරය හා වතුර එම තුවාලය වෙතින් ධාරා දෙකක් ලෙස වෙන් වෙන්ව ගලා ආවේය. රුධිරය උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නාවූ අයගේ පාප සෝදා හැරීම පිණිසය. වතුර සංකේතවත් කළේ ඇදහිලිවන්තයාට ජීවනය ලබාදෙන යේසුස්වහන්සේගෙන් ලබාගත හැකි ජීවනදායක වතුරය.GCSinh 35.4

    ______________________________________
    කියවා බලන්න: ශු. මතෙව් 27: 51, ශු. යොහාන් 19:34, ක්‍රියා පොතේ 24 සහ 28 පරිච්ඡේදයන්.
    GCSinh 35.5