Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    32 පරිච්ඡේදය - සොලවනු ලැබීම

    බලවත් ඇදහිල්ලකිනුත් වේදනාවල හඬින් සමහර අය දෙවියන්වහන්සේට කන්නලව් කරනවා මම දුටිමි. ඔවුන්ගේ සිත් තුළ වූ අරගලය තරම සුදුමැලිව තිබු මුහුණුවලින් පෙනෙන්ට තිබිණ. ස්ථිරමය හා තද උනන්දු භාවය ඔවුන්ගේ මුහුණුවල මතුවී වැටුන මහත් දහදිය බිනුවලින් පෙනිණ. දෙවිඳුන්ගේ පිළිගැනීම නිසා ඉඳහිට මුහුණුවල දිස්වූ ආලෝකයද ඊට පසු නැවත ඉහත පෙනුණ වේදනාවල ලකුණුද පෙනෙන්ට වූහ. GCSinh 65.1

    දෙවියන්වහන්සේව සැක කර, කොඳුරන්ට සලස්වන පිණිස ඔවුන්ගේ දර්ශන පථයෙන් යේසුස්වහන්සේව ආවරණය කර දුෂ්ට දූතයෝ ඔවුන්ව වට කරගෙන අන්ධකාරය ඔවුන් දෙසට තෙරපා යවමින් සිටියහ. ඔවුන්ට එකම ආරක්ෂාව වුයේ ඔවුන්ගේ ඇස් ඉහළට ඔසවා ගෙන සිටීම විය. දේව දරුවන්ව ආරක්ෂා කිරීමට දේව දූතයන්ව යොදවා තිබිණ. සාතන්ගේ විෂ සහිත වාතාවරණය තුළ හිරවී සිටින අයට පහසුව ලබාදෙන පිණිස ඔවුනට ඉහලින් දේව දූතයෝ තටු සලමින් අඳුර තුනීකර දැමූහ.GCSinh 65.2

    වේදනාත්මකව කරන යදුම්වලට සමගර අය සහභාගී නොවන බව මම දුටිමි. උවමනාවක් නොමැති නොසැලකිලි තත්වයක ඔවුන් පසුවුහ. ඔවුහු තමන් අවට වූ අඳුරට විරුද්ධ නොවූ නිසා අඳුර තදව වළාකුලක් ලෙස ඔවුන්ව වසා ගන්ට යෙදිණි. දේව දූතයෝ ඔවුන්ව හැර දමා හඬන වැළපෙන අය වෙතට ගියහ. දුෂ්ට දූතයන්ට විරුද්ධව තමන්ගේ මුළු ශක්තිය යොදා අරගලයක දී සිටින අයට උදව් කිරීමට ඉක්මනින් එතැනට යනවා මම දුටිමි. උත්සහයක් නොදැරූ අය වෙතින් දේව දූතයෝ පිටව ගියහ. මටද ඉන්පසු ඔවුන්ව පෙනුණේ නැත. GCSinh 65.3

    යාච්ඤා කරමින් සිටි අය නොකඩවා උනන්දු ඉල්ලීම් ඔප්පු කරද්දී යම් අවස්ථාවල යේසුස්වහන්සේ වෙතින් ආලෝක රශ්මියක් පැමිණ ඔවුන්ව දිරිමත් කළහ. ඔවුන්ගේ මුහුණේ පෙනුමද ආලෝකමත් විය.GCSinh 65.4

    මා දුටු ‘සෙලවීමේ අර්ථය කිමෙක්ද’යි දේව දූතයාගෙන් මම ඇසීමි. එවිට මට පෙන්වන්ට යෙදුණේ සැබෑ වූ සාක්ෂිකාරයාණෝ ලවොදිකයන්ට ඩි තිබෙන අනුශාසනාව මගින් ඉල්ලා සිටින ඍජු සාක්ෂිය කරණ කොටගෙන සෙලවීම සිදුවන බවය. සාක්ෂිය ලබන්නාගේ සිතෙහි එය ක්‍රියාත්මක වී ඔහු සත්‍යය පවසන්ටද තත්ත්වය උසස් කරන්ටද පෙළඹේ. මෙම සාක්ෂිය දරන්ට සමහර අය කැමති නොවේ. එයට එරෙහිව ඔවුහු නැගී සිටිති. දේව සෙනඟ අතරේ සෙලවීම මේ හේතුවෙන් සිදුවේ.GCSinh 65.5

    සැබෑ සාක්ෂිකාරයාණන්ගේ සාක්ෂිය අඩක්වත් පිළිගෙන නැති බව මම දුටිමි. සභාවේ ඉරණම රඳා තිබෙන මෙම ගාම්භීර සාක්ෂිය ගණන් ගෙන තිබෙන්නේ ඉතා සැහැල්ලු ලෙසය. නැතහොත් මුළුමනින්ම එය නොසලකා හැරලාය. මෙම සාක්ෂිය ගැඹුරු පසුතැවිල්ලක් ඇති කරන්ට ඕනෑය. එය පිළිගන්නා අය ඊට කීකරු වී පවිත්‍ර වනවා ඇත.GCSinh 65.6

    ‘සවන් දෙන්න’ දේව දූතයා පැවැසීය. සංගීත භාණ්ඩ බොහොමයකින් නිකුත් වූ ඒකාකාරව හඬ නැගුහ. මිහිරි ශබ්දයක් මට ඇසිණ. මා මෙතෙක් අසා තිබු ගී හන්දවලට වඩා එය උසස්ය. එය දයාව අනුකම්පාව උසස් කිරීම හා ශුද්ධ වූ ප්‍රීතිය ඇති කරන ආකාරයකින් විය. මගේ ශරීරය පුරා එයින් වින්දනයක් දැනිණ. දේව දූතයා ‘බලන්න’යි කීය. මීට පෙර මා දැක තිබු කණ්ඩායම වෙත මාගේ අවධානය යොමු කෙරිණ. ඔවුන්ව බලවත් ලෙස සොලවා තිබිණ. මීට පෙර හඬමින් වැලපෙමින් ආත්ම වේදනාවල සිටි අයව දුටිමි. ආරක්ෂක දූතයන් දෙගුණ කර තිබෙනවා මම දුටිමි. ඔවුන් හිස සිට දෙපා දක්වා යුද්ධ ඇඳුමින් සරසි සිටියහ. ඔවුහු සොල්දාදුවන් මෙන් නියම පිළිවෙලකට ගමන් කළහ. ඔවුන් මුහුණ පෑ මහත් අරගලයේදී දරාගත් දුක් වේදනාවලද ලකුණු ඔවුන්ගේ මුහුණුවල සටහන්ව තිබිණ. නමුත් දැන් ඔවුන්ගේ පෙනුම ස්වර්ගීය ප්‍රීතිය හා මහිමයෙන් අලෝකමත් විය. ඔවුහු ජයග්‍රහණය ලබා තිබිණ. ස්තුති දීමේ ශුද්ධ වූ ප්‍රීතිය ඔවුන් තුළ විය.GCSinh 65.7

    මෙම කණ්ඩායමේ ගණන් අඩු වී තිබිණ. සමහර අය සොලවනු ලැබ මාර්ගයේදී වැටී ගොස්ය. උනන්දු නොවූ, නොසැලකිලිමත් වූ, ගැලවෙන්ට ජය ලබන්ට ප්‍රමාණවත් ලෙස පොර නොබැදු, නොහැඬු, නොවැළපුණු අය එය ලබා නොගත්හ. මාර්ගයෙහිදී ඔවුන් වැටී ගිය අතර ඔවුන්ගේ තැන ගන්ට වෙන අය සත්යාය් පිළිගෙන පැමිණියහ. දුෂ්ට දූතයෝ ඔවුන්ව ලුහුබැඳ ආ නමුත් එයින් ප්‍රයෝජනයක් නොවීය.GCSinh 66.1

    යුද්ධ ඇඳුමින් සරසි සිටි අය මහත් බලයෙන් යුක්තව සත්‍යය කථා කරනවා මම දුටිමි. එය ඵලගැන්විණි. පුරුෂයන්ට භයේ සිටි භාර්යාවන්, දෙමාපියන්ට භයේ සිටි දරුවන් මම දුටිමි. සත්‍යය පිළිගැනීමෙන් වලක්වනු ලබා සිටි අවංක අය දැන් සත්‍යය මහත් ආශාවෙන් පිළිගත්හ. භය දැන් ඔවුන්ගෙන් පහව ගොස්ය. සත්‍යය දැන් ඔවුන්ට ජීවිතයට වඩා වටිනවාය. ඔවුන් සත්‍යය සඳහා සාපිපාසාවෙන් සිටි අයය. මෙවන් මහත් වෙනසක් සිදුකළේ කුමක්දැයි මම දේව දූතයාගෙන් ඇසීමි. ‘ඒ අන්තිම වර්ෂාවය, ස්වාමින්වහන්සේ ඉදිරියෙන් පැමිණෙන සහනයය, තුන්වන දූතයාගේ මහත් හඬ’ යැයි දූතයා පැවැසීය.GCSinh 66.2

    තෝරාගනු ලැබූ අය මහත් බලය ඇතිව සිටියහ. දුෂ්ට නොඇදහිලිකාරයන් වෙතට මාගේ අවධානය යොමු කෙරිණි. ඔවුන් ඇවිස්සී සිටියහ. දෙවියන්වහන්සේගේ සෙනඟ කෙරෙහිවූ මුද්‍රාව සහ බලය ඔවුන්ව කෝපයට පත් කළහ. හැම පැත්තකම වුයේ වයාකුලත්වයය. දෙවියන්වහන්සේගේ බලය සහ ආලෝකය ඇතිව සිටි අයට විරුද්ධව යම් පියවරවල් ගන්නවා මම දුටිමි. ඔවුන් වටා අඳුර තවත් ඝන විය. නමුත් ඔවුන් සිටියේ දෙවියන්වහන්සේගේ පිළිගත් අනුමතය ඇතිවය. නමුත් ඔවුන් කර කියාගත හැකි කිසිවක් නැතිව සිටියහ. ඊළඟට මට ඇසුණේ ඔවුන් මහත් ආයාසයෙන් දෙවියන්වහන්සේට යාච්ඤා කරන හඬය. රෑ දාවල් දෙකේම ඔවුන්ගේ ඉල්ලීම් නැවතුනේ නැත. වචන මට ඇසුණා. ‘ ඔබගේ කැමැත්ත ස්වාමිනි, ඔබගේ කැමැත්ත වේවා, එය ඔබගේ ගෞරවය සඳහා වේ නම් එසේ වේවා, ඔබගේ සෙනඟට ගැළවීමේ මාර්ගයක් සාදා දුන මැනව’ කියා ඔවුහු පැවසූහ. ‘අප වටලාගෙන සිටින මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් අපව මුදාගත මැනව. ඔවුහු අපව මරන්ට නියම කරගෙන ඇත. නමුත් ඔබගේ හස්තයෙන් ගැළවීම ගෙන දිය හැක. මට මතකයට ගෙන ආ හැක්කේ මේ වචන පමණය. ඔවුහු තමන්ගේ නොවටිනාකම ගැඹුරු ලෙස වටහාගෙන දේව කැමැත්තට සම්පුර්ණ ලෙස යටත්ව සිටිමින් හැමදෙනා යාකොබ් මෙන් මිදීම ඉල්ලා පොර බදන්නට වූහ.GCSinh 66.3

    ඔවුන් මෙසේ කන්නලව් කරමින් සිටියදී දේව දූතයෝ අනුකම්පාවෙන් යුතුව ඔවුන්ව මුදා ගන්නට යන්ට ඉඩ තිබිණ. නමුත් උසැති අණ දෙන දේව දූතයෙක් එසේ කරන්ට ඉඩ දුන්නේ නැත. ඔහු කථා කොට, දේව කැමැත්ත තවම ඉටුවී නැත. ඔවුහු කුසලාන පානය කළ යුතුය. ඔවුහු බව්තීස්මයෙන් බව්තීස්ම විය යුතු යයි පැවැසීය.GCSinh 66.4

    එවිටම අහසත් පොළොවත් කම්පා කල දෙවියන්වහන්සේගේ හඬ ශබ්දය මට ඇසිණ. එවිට මහා බලවත් භූමිකම්පාවක් විය. ගොඩනැගිලි කඩා වැටී හැමතැනම විසිරිණ. එවිට මම ජයඝෝෂා හඬක් ඇසීමි. එය පැහැදිලි සංගීතමය වූ හඬක්ය. ටික වෙලාවකට පෙර මහත් කරදරවලට පත්ව සිටි කණ්ඩායම දෙස මං බැලීමි. ඔවුහු වහල් බවෙන් මිදිලාය. තේජාන්විත ආලෝකයක් ඔවුන් මත පතිතව ඇත. ඔවුන් කොපමණ අලංකාරද, විඩා ගතියද අසරණකමේ ලකුණුද පහව ගොස් ඇත. සනීපයද අලංකාරයද පෙනෙන්ට විය. ඔවුන්ගේ සතුරෝ මළවුන් මෙන් ඇද වැටීණ. ශුද්ධවන්තයන් කෙරෙහි බැබලුන ආලෝකය ඔවුන්ට දරන්ට බැරි විය. මෙම ආලෝකය යේසුස්වහන්සේ ස්වරයෙන් පැමිණෙන තුරු ඔවුන් මත බැබලෙමින් තිබිණ. මොහොතකින් ඇසිපිය හෙලන ක්ෂණයකින් ඔවුන් මහිමයෙන් මහිමයට පත්වූහ. සොහොන් ගෙවල් විවර වූහ. අමරණ භාවයෙන් යුතුව මළාවූ අය පිටත්ව ආහ. ජීවත්ව සිටි ශුද්ධවන්තයන් සමග තම ස්වාමින්වහන්සේ සම්මුඛ වන පිණිස අහසට ඇදගනු ලැබූහ. සෑම අමරණීය තොල්වලින්ම මහිමයේ සහ ජයග්‍රහණයේ ගීතමය ශබ්ද ඇසෙන්ට විය.GCSinh 66.5

    ______________________________________
    බලන්න: ගීතිකා 86; හොෂෙයා 65: 3; භග්ගයි 2: 21-23; ශු. මතෙව් 10: 35-39; ශු. මතෙව් 10: 35-39; ශු. මතෙව් 20: 23; එපීස 6: 10-18; 1 තෙසලෝනික 4: 14-18; එළිදරව් 3: 14-22.
    GCSinh 66.6

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents