Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    9 පරිච්ඡේදය - ක්‍රිස්තුස් වහන්සේව කුරුසියෙහි ඇණ ගැසීම

    දේව පුත්‍රයාණන් කුරුසියෙහි ඇණ ගැසීමට මිනිසුන්ට භාරදෙන ලදී. ඔවුහු උන්වහන්සේව ගෙන ගියහ. කසවලින් තැලීමෙන් හා උන්වහන්සේට දුක් වේදනා නිසා මහත් සේ දුර්වලව සිටි නමුත් උන්වහන්සේව ඇණ ගසන්ට වූ බර කුරුසිය උන්වහන්සේගේ කර මත තැබුහ. තුන්වරක්ම උන්වහන්සේ සිහි මුර්ජා වී ඇද වටිනා. එවිට ඔවුහු උන්වහන්සේගේ අනුගාමිකයෙකු පිට කුරුසිය තැබුහ. ඔහු එය මාරක ස්ථානය වෙත ගෙන යන්ට විය. මේ තැනැත්තා යේසුස්වහන්සේගේ රහසිගත ගොලයෙකුව සිටි කෙනෙකි. යේසුස්වහන්සේගේ ගෝලයන් කිහිප දෙනෙක් දුකෙන් වැලපෙමින් උන්වහන්සේ පසුපස ගමන් කළහ. ඉහත දිනක තාලපත්‍ර අත්වල ඇතිව තම වටිනා වස්ත්‍ර පාරේ එලමින් ‘හෝසන්නා’ කියා කෑගසමින් ජයාන්විත ලෙස යේසුස්වහන්සේ සමග යෙරුසේලමට ගමන් කළ ආකාරය ඔවුන්ට මතක් විය. එම අවස්ථාවෙහි ඔවුන්ගේ සිත් තුළ වුයේ උන්වහන්සේ රාජ්‍යය ලබාගෙන ඊශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම් කරනවා ඇත කියාය. කිනම් වෙනසක්ද, කුමන බලාපොරොත්තු කඩවීමක්ද! පහත් කරනු ලැබුවාවූ අගෞරවයට පත්කරනු ලැබුවාවූ මරණයට පත්කරනු ලබන්ට යන උන්වහන්සේ පසුපස ඔවුහූ ගමන් කළහ.GCSinh 18.1

    යේසුස්වහන්සේගේ මවද ඒ අතර වූවාය. දයාබර මවකගේ සිතක ඇතිවිය හැකි දුක්බර වේදනා ඇගේ සිත වෙලාගෙන තිබිණ. තම පුත්‍රයා යම් පුදුම ක්‍රියාවක් මගින් සතුරන්ගෙන් ගැලවේය යන බලාපොරොත්තුවක් ඇගේ සිතෙහි විය. උන්වහන්සේ තමාව කුරුසියෙහි ඇණ ගසීමට් ඉඩ හරීද යන සිතුවිල්ල ඇයට දරාගත නොහැකි විය. නමුත් සියල්ල සුදානම් කර හමාරය. උන්වහන්සේව කුරුසිය මත දිගා කෙරිණ. ඇණ සහ මිටියද ගෙනෙන්ට යෙදිණ. ගෝලයන්ගේ සිතොවුන් තුළ ක්ලාන්ත විය. කුරුසිය පිට අත් පා ඇණ ගැසීමට සුදානම් වන විට ඒ දෙස බලන්ට ඒ හඬ ඇසෙන්ට ඉඩ නොතබන පිණිස උන්වහන්සේගේ මෑණියන්ව අතට ඔසවා ගෙන ගියහ. ඇණ ගසන විට යේසුස්වහන්සේ දොස් කීවේ නැත. වේදනාවෙන් කෙඳිරි ගෑ සේක. උන්වහන්සේගේ මුහුණ සුදුමැලි විය. නළල මත මහත් දහදිය බිංදු මතුව පෙනෙන්ට විය. දේව පුත්‍රයාට අත්දකින්ට වූ මහත් දුක් වේදනා ගැන සාතන් මහත් සතුටට පත්විය. එහෙත් රාජ්‍යය තමාට අහිමි වන නිසාද මරණය තමාටද අත්වන්ට යන නිසාද ඔහු භයට පත්විය.GCSinh 19.1

    උන්වහන්සේව කුරුසියට තබා ඇණ ගැසූ පසු කුරුසිය ඔසවා ඔවුහු එය සඳහා සුදානම් කර තිබු වලට මහත් තදින් හෙලූහ. එම කම්පනයෙන් උන්වහන්සේගේ මාංශය ඉරී යමින් ඉවසිය නොහැකි මහත් වේදනා ඇති කෙරිණ. උන්වහන්සේගේ මරණය ඔවුහු හැකි තරම් නින්දා සහගත බවට පත් කළහ. සොරුන් දෙදෙනෙකුද කුරුසිවල ඇණ ගසා දෙපැත්තේ සිට වූහ. සොරුන්ව ඇණ ගැසුවේ ඔවුන්ගේ මහත් විරුද්ධකම් මෙල්ල කරමින්ය. නමුත් යේසුස්වහන්සේ යටහත්ව පහත්ව සිටිමින් ඊට ඉඩ දුන්සේක. සොරු ශාප කරමින් බන වැදුනා අතර ඇණ, ‘පියාණෙනි මොවුන් නොදැන කරන දේට සමාවුව මැනව’ කියා වේදනා දරාගනිමින් ඔවුන් උදෙසා යාච්ඥා කළසේක. ලෝකවාසී සියල්ලන්ගේ පාප උන්වහන්සේ දරා සිටිසේක.GCSinh 19.2

    ක්‍රිස්තුවහන්සේ කුරුසියේ එල්ලී සිටි අතර ඒ ළඟින් ගිය සමහර අය හිස් වනමින් රජෙකුට මෙන් බොරුවට ආචාර කරමින් දේව මාලිගාව කඩා තුන්දවසකින් ගොඩ නගන බව කිවූ නුඹව ගළවා ගනින් යයි කීහ. ‘නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැසපන්’ යයි කීහ. පූජකයන් හා ලියන්නෝද ‘ඔහු අනුන් ගැලෙව්වේය. නමුත් තමාම ගලවාගන්ට නොහැකි’ යයි පැවසුහ. ‘නුඹ ඊශ්‍රායෙල්වරුන්ගේ රජු නම් දැන් කුරුසියෙන් බැසපන්න. එවිට අප විශ්වාස කරන්නෙමු’ යයි ඔවුහු කියන්ට වූහ. කුරුසියට ඉහල අහසේ සිට සිදුව සියල්ල අසමින් බලමින් සිටි දේව දූතයෝ උන්වහන්සේව ගළවා ගන්ට කැමති වූහ. නමුත් ඊට අවසර නොලැබූහ. උන්වහන්සේ කරන්ට ආ මෙහෙය සම්පුර්ණ කරමින් සිටිසේක. උන්වහන්සේ තම මව්තුමියව අමතක කළේ නැත. මේ වනවිට ඇය කුරුසිය ළඟට පැමිණ සිටියාය. හද පුපුරන වේදනාවෙන් සිටි ඇය දෙස මහත් දයාවෙන් උන්වහන්සේ බැලූ සේක. යොහන් ගෝලයා දෙස ද බලා මවට කථා කොට ‘ස්ත්‍රිය, මේ නුඹේ පුත්‍රයා යයිද යොහන් ගෝලයාට කථා කොට මේ නුඹේ මව’ යයි කීසේක. ඒ පැයේ සිට යොහන් තුමා අයව තමාගේ නිවසට භාරගත්තේය.GCSinh 19.3

    යේසුස්වහන්සේට පිපාස විය. ඔවුහු උන්වහන්සේට තවත් අවමන් කරමින් කාඩි සහ විනාකිරි බොන්ට දුන්හ. තම ස්වාමින්වහන්සේට කරන නින්දා අපහාස දෙස තවදුරටත් බලා සිටිය නොහැකිවූ දේව දූතයන් තම අත්වලින් මුහුණු වසා ගත්හ. සුර්යයාද මෙම දර්ශනය බලන්ට නොකැමැති විය. උන්වහන්සේට වධ හිංසා කළ මිනීමරුවන් බිය උපදවන මහත් හඬකින් යේසුස්වහන්සේ ‘ඉතින් නිමයි’ කියා හඬ නැගුසේක. දේව මාලිගාවේ තිරය උදා සිට පහලට දෙකඩව ඉරුණේය. පොළව කම්පා විය. පර්වත පැළුනේය. භුමිය මතුපිට මහත් අන්ධකාරයක් විය. යේසුස්වහන්සේ මැරුණ විට ගෝලයන් තුළ වූ අවසාන බලාපොරොත්තුවද අහෝසි විය. උන්වහන්සේගේ අනුගාමිකයන් බොහෝ දෙනෙක් මෙම සිදුවීම් සියල්ල බලා සිටි අතර ඔවුන්ගේ දුක් දැරීමේ කුසලාන පිරි ඉතිරි තිබිණ.GCSinh 20.1

    ඉහතදී කළාක් මෙන් දැන් සාතන් සතුටු වූයේ නැත. ගැළවීමේ සැලැස්ම කඩා බිඳ දැමීමට සාතන් බලාපොරොත්තු වූ නමුත් සඵල වූයේ නැත. එය ඉතාම ගැඹුරු ලෙස සැලසුම් කර තිබිණ. තම මරණයට පත්වන බවත් යේසුස්වහන්සේට රාජ්‍යය භාරදෙනු ලබන බවත් සාතන් තේරුම් ගන්ට විය. ඔහු තමන්ගේ දූතයන් සමග රැස්වීමක් පැවැත්වූහ. දේව පුත්‍රයාණන්ට විරුද්ධව කළ අරගලය නිෂ්ප්‍රභා විය. දැන් ඔවුන්ගේ උත්සාහයන් බොහෝ සෙයින් වැඩි කරගෙන බලය සහ කපටිකම් ඇතිව උන්වහන්සේගේ ගෝලයන් වෙතට අරගලය දියත් කළ යුතුය. යේසුස්වහන්සේ මෙතරම් මිලයක් ගෙවා ලබා ගත ගැළවීම ලබා ගැනීමෙන් ඔවුන්ව වළක්වා ලිය යුතුය. මෙසේ කිරීමෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය පාලනයට විරුද්ධව සාතන්ට තවදුරටත් ක්‍රියා කළ හැකිය. හැකි පමණ දෙනෙක්ව යේසුවහන්සේගෙන් වෙන්කර තබාගැනීම තමාට වාසිදායක වනවාය. යේසුස්වහන්සේගේ ලේ කරණකොටගෙන ගළවනු ලැබූ අයගේ පාප අවසානයේදී පාපයේ නිෂ්පාදකයා වන තමා වෙතට හරවනු ලබන අතර උන්වහන්සේගේ ගැළවීම ලබා නොගත් ඇයට ඔවුන්ගේ පාපවල දඬුවම ඔවුන්ටම විඳින්ට සිදු වෙනවාය.GCSinh 20.2

    යේසුස්වහන්සේගේ ජීවිතය සුඛෝපභෝගී ප්‍රදර්ශනයෙන් හා ලෞකික අභිමානයෙන් තොර වූ ජීවිතයකි. උන්වහන්සේගේ නිහතමානි පරාර්ථකාමී ජීවිතය පූජකයන්ගේ ද පාලකයන්ගේ ද ජීවිත වලට සම්පුර්ණයෙන්ම ප්‍රති විරුද්ධව තිබු අතර සැප පහසුවට සහ ලෝකයාගෙන් ගෞරවය ලබන්ට බලා සිටි ඔවුන් හට යේසුස්වහන්සේගේ නිර්මල ජීවිතය ඔවුන්ගේ පාප නිරන්තර දක්වාලීමක් විය. උන්වහන්සේට අවමන් කළ ඔවුහු යම් දිනක පියාණන්වහන්සේගේ මහිමයෙන් හා අභිමානයෙන් යුක්තවූ උන්වහන්සේව දකින්ට යෙදෙනවා ඇත. විනිශ්චය ශාලාවේදී සතුරෝ උන්වහන්සේව වටලා ගෙන සිටියහ. ලේ පිපාසයෙන් සිටි ඔවුහු ‘ඔහුගේ ලේ අප පිටත්, අපගේ දරුවන් පිටත් වේවා’ කියා කෑගැසූහ. ගෞරව කරනු ලබන රජ කෙනෙක් ලෙස ඔවුහු උන්වහන්සේව නැවත දකිනවා ඇත. ස්වර්ගීය පිරිවර සමග උන්වහන්සේ නැවත බලයෙන් මහිමයෙන් දේව දූතයන්ගේ ගේ නාද ඇතුව වඩිනවා ඇත. මල නමුත් මරණය ජයගත් තැනැන්වහන්සේ ලෙස වඩිනවා ඔවුහු දකිනවා ඇත. දිළිඳු, දුර්වල මනුෂ්‍යයෝ කෘර මනුෂ්‍යයන්ගේ ජයඝෝෂා මධ්‍යයේ නින්දා අපහාස කරමින් මහිමවත් රජතුමාගේ මුහුණට කෙල ගැසූහ. ස්වර්ගීයයන් ආශාවෙන් නරඹන ඒ මුහුණ ඔවුහු නැවත දකින්ට යෙදෙනවා ඇත. දහවල් සුර්යාලෝකය මෙන් බබලන ඒ මුහුණ ඉදිරියෙන් පළාගොස් සැඟවෙන්ට ඔවුන් සොයනවා ඇත. විලාප කියනවා ඇත. උන්වහන්සේ ඇණ ගසනු ලැබූ අත්වල ලකුණු පෙන්වනවා ඇත. එම ලකුණු සදාකාලයටම පවතිනවාය. අපගේ ගැළවීම සඳහා ගෙවූ, තක්සේරු කල නොහැකි මිලයේ කථාන්තරය අපට කියනවා ඇත. උන්වහන්සේගේ ඇලයට ඇන්නා වූ හෙල්ල පහරේ කැළල ඔවුහු දකිනවා ඇත. හිසට ඉහලින් කුරුසිය මත වූ ‘යුදාවරුන්ගේ රජ’ යන ලියවිල්ල එදා දුටු විට උන්වහන්සේට අපහාස කළ අය, රාජකීය තත්වයෙන් ගෞරවයට පත්කරනු ලබා සිටිනවා ඔවුහු නැවත දකිනවා ඇත. මහිමාලංකාරයෙන් වැඩ සිටින උන්වහන්සේට ‘ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේ’ යයි කියා පවසන්ට එදින ඔවුන්ගේ සිත් බලකරනවා ඇත GCSinh 21.1

    භුමිය කම්පාවීම, පර්වත පුපුරා යාම, දේශය මත පැවති අඳුර, ‘ඉතින් නිමයි’ කියා උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු බලවත් හඬ, සතුරන්ව කරදරයට පත් කළහ. මිනිමරුවන්ගේ ඇඟපත වෙව්ලන්නට සැලැස්වූහ. උන්වහන්සේගේ ගෝලයන් මේ සිද්ධීන් දැක පුදුමයට පත්වූ නමුත්, ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී තිබිණ. තමන්ටද මරණය අත්වේ යයි ඔවුහු භයට පත්ව සිටියහ. දේව පුත්‍රයාණන්ට විරුද්ධව ඔවුන් තුළ වූ වෛරය එතනින් නතර නොවේ යයි ඔවුහු සිතූහ. මහත් බලාපොරොත්තු කඩවීමකට පත්ව සිටි ඔවුහු දුක් වේදනාවෙන් වැළපෙමින් යේසුස්වහන්සේ ඇත්තටම මෙසියස්වහන්සේද නැතහොත් පවා රැවටූ කෙනෙක්ද කියා සක කරන්ටද වූහ. උන්වහන්සේගේ මවද වැලපෙමින් සිටි අතර ඇගේ විශ්වාසයද සෙලවීමකට භාජන වූවාය.GCSinh 21.2

    ගෝලයන්ගේ ඇදහිල්ලෙහි වැටීමක් සහ සැකයක් ඇතිවූ නමුත් උන්වහන්සේට ඔවුහු ආදරය කළහ. ගෞරවණීය භුමදානයක් කිරීමට් අදහස් කළා. නමුත් මෘත දේහය ලබා ගනී කෙසේදැයි දැන සිටියේ නැහැ. අර්මේතියාවේ යෝශේප් නමැත්ත ගෞරවයෙන් සලකනු ලැබූ කෙනෙකි. පාලකයන්ගේ හොඳ හිත දිනාගෙන සිටි අතර යේසුස්වහන්සේගේ සැබෑ ගොලයෙක්ව සිටි කෙනෙකි. ඔහු රහසිගතව පිලාත් වෙතට ගොස් යේසුස්වහන්සේගේ ශරීරය ලබාගන්ට යෙදිණ. ඔහු ප්‍රසිද්ධියේ යන්ට නොකැමැති වූයේ යේසුස්වහන්සේට ගෞරවයෙන් යුතු භුමදානයක් දීමට යුදාවරු විරුද්ධව ක්‍රියා කරාවි යන භයෙන්ය. පිලාත් කුරුසියෙන් ශරීරය පහතට ගන්ට ඔහුට අවසර දුණි. ශරීරය බිමට් ගත අතර ගෝලයන්ගේ දුක් වේදනා අතිශයින් වැඩි වන්ට විය. ශරීරය රෙදිවලින් ඔතා යෝශේප් තමාගේම සොහොන් ගෙයිහි එය තැන්පත් කළේය. උන්වහන්සේගේ නිහතමානී අනුගාමිකයන්ව සිටි ස්ත්‍රීහු උන්වහන්සේගේ ශරීරය සොහොන් ගෙයක තබා එය ගලකින් වසන තුරු උන්වහන්සේ වෙතින් අහක්ව ගියේ නැත. සතුරෝ ඇවිත් ශරීරය ගෙනයාවි යයි බියක්ද ඔවුන් තුළ තිබිණ. භයවන්නට හේතුවක් වූයේ නැත. මක්නිසාද කිව නොහැකි උනන්දුවකින් දේව දූත සේනාවන් ශරීරය තබා තිබු ස්ථානය රැකවල් කරමින් සිටි බව මම දුටිමි. මහිමයේ රජතුමාව සිරමදිරියක් වැනි සොහොන් ගෙයින් මුදාගැනීමට අණ ලැබෙන තුරු ඔවුහු බලා සිටියහ.GCSinh 21.3

    ක්රිස්තුස්වාහන්සේව මරා දැමූ ඝාතකයෝද යම් විධියකින් උන්වහන්සේ නැවත ජීවිතය ලබා ගැලවී යාවි යන බියෙන් පසුවූහ. තුන්වන දින දක්වා සොහොන් ගෙය ආරක්ෂා කිරීමට භටයන් යොදවන ලෙස ඔවුහු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ. ගෝලයෝ රාත්‍රියේ ඇවිත් ඇවිත් ශරීරය සොරාගෙන ගොස් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ටේ යයි ප්‍රකාශ නූකරන පිණිස සොහොන් ගෙයි කටට මහත් ගලක් මුද්‍රා කර තැබූහ. GCSinh 21.4

    ______________________________________
    කියවන්න: මතෙව් 21: 1-11, 27: 32-66, ශු. මාර්ක් 15: 21-47, ශු ලූක් 23: 26-6: ශු යොහන් 19: 17-42, එළිදරව් 19: 11-16
    GCSinh 21.5