Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    වචන ලැයිස්තුව

    යේසුස් ක්‍රිස්තුස් - දේවත්වයේ සඳහන් වන පුද්ගලයින් තුන්දෙනාගෙන් කෙනෙක් ලෝකයේ සහ විශ්වයේ සියලු දේ මැවූ සේක. එතුමා වසර 2000 කට පෙර මනුෂ්‍යයෙක් ලෙස උපත ලැබීය. වසර 33 දි කුරුසියක ඇණ ගස අරනයට පත් කෙරිණ. මළවුන්ගෙන් නැගිටවනු ලබා අපේ මිදීම පිණිස දැන් ස්වර්ගයෙහි සේවය කරමින් සිටින සේක. නැවත ඉක්මනින් පැමිණ රාජ්‍ය බලය ලබාගෙන සදාකාලයටම රජකම් කරන සේක. GCSinh .0

    සාතන් - සියලු දුෂ්ටකමේ පියාය. ඉතාම උතුම් අලංකාර සම්පුර්ණ දේව දූතයෙකු ලෙස මවන ලද්දෙකි. නමුත් ඔහු කැරලි ගැසීමට තීරණය කළේය. ඔහු දුෂ්ටකම් කරමින් සිටි. අවසානයේදී ඔහුව විනාශ කරනු ලබන්නේය.GCSinh .0

    ස්වාමීන්වහන්සේ - යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේ GCSinh .0

    මම දුටිමිGCSinh .0

    මට පෙන්වීය - කතෘ තැන - එලන් වයිට් දර්ශනය දුටු විට දෙවදූතයෙක් ඇය සමග සිටිමින් දර්ශන පෙන්වමින් කාරණා විස්තර කර දෙන්ට විය. ඇය තමාගේම ඇස්වලින් දුටු දේ ලියා තැබුවාය. GCSinh .0

    දෙවි පියාණන් - පියා, පුත්‍රයා, ශුද්ධාත්මයාණන් යන තුන්දෙනාම එක දෙවියන්වහන්සේය.GCSinh .0

    දේව පුත්‍රයාණන් - යේසුස් ක්‍රිස්තුස්GCSinh .0

    දේව වචනය - 1. දෙවිඳුන් පවසන දේ 2. බයිබලය GCSinh .0

    මුදා ගැනීම - මුලින්ම මනුෂ්‍යයා දෙවියන්වහන්සේ සතු විය. අප ආදී මුතුන් මිත්තන් පව් කළ නිසා අප හැම කෙනෙක්ම සාතන්ට අයත් විය. යේසුස්වහන්සේ අපව සාතන්ගෙන් මුදා ගනී.GCSinh .0

    දේව දූතයා - එලන් වයිට් මහත්මිය දර්ශනය දකින විට මගපෙන්වන්ට එවනු ලැබූ දේව දූතයා GCSinh .0

    දෙවෙනි ඊම - යේසුස්වහන්සේ නිල වශයෙන් මෙලොවට පැමිණියේ වසර 2000 කට පමණ පෙරය. දෙවන වර පැමිණීම ඉතා ඉක්මනින් සිදුවේ.GCSinh .0

    දෙවිඳුන්ගේ බැටළු පැටවා - යේසුස් ක්‍රිස්තුස්වහන්සේ GCSinh .0

    යොහාන් බව්තීස්ත - අනාගත වක්ත්රුවරයෙක්, යේසුතුමාගේ ඥාති සොහොයුරෙක්. පසුතැවීමටද, බව්තීස්මයටද ජනතාව පෙළඹ වූහ. GCSinh .0

    බව්තීස්මය - කිතුණුවෙකු ලෙස පිළිගැනීම සඳහා කෙනෙක්ව සම්පුර්ණ ලෙස ජලයේ ගිල්ව නැගිටුවීම.GCSinh .0

    එලියා - අනාගතවක්තෘවරයෙකි. මරණයට පත් නොවී ස්වර්ගයට ගෙන යනු ලැබීය.GCSinh .0

    පූජාව - දෙවියන්වහන්සේට සත්වයන් පූජා කරනු ලැබීම, ක්‍රිස්තුස් වහන්සේ පූජා වීම.GCSinh .0

    දෙවිඳුන්ගේ සෙනග - 1. පුරාණ කාලයේ ඊශ්‍රායෙල් හා යුදා සෙනඟ 2. මෙකල ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් සැමදෙනා GCSinh .0

    දෙවිඳුන්ගේ පොත - 1. ස්වර්ගයේ තිබෙන ජීවන පොත. ගැලවෙන හැමදෙනාගේ නම් එහි ලියා ඇත. 2. බයිබලය GCSinh .0

    මිඛායෙල් - ස්වර්ගීය දේව දූතයාගේ ප්‍රධානියා GCSinh .0

    රූ - මැදපෙරදිග වැඩෙන ගසක්. බෙහෙත් සඳහා යොදා ගනී GCSinh .0

    සහෝදර, සහෝදරි - දෙවිඳුන් විශ්වාස කරන එතුමන්ගේ කැමැත්ත කරන හැමදෙනා GCSinh .0

    හෝසන්නා - දෙවිඳුන්ට ප්‍රශංසාව GCSinh .0

    සබත් දිනය - සිකුරාදා හිරු බැස යාමෙන් සබත් දිනය ආරම්භ වී සෙනසුරාදා හිරු බැස යෑමත් සමග හමාර වන සම්පුර්ණ දවස. උත්පත්ති 2:2, 3 GCSinh .0

    පණිවිඩය - දෙවිඳුන්ගෙන් පැමිණෙන පණිවිඩයයි. එය පැතිරවීමේ වැඩ පිළිවෙල GCSinh .0

    ස්වර්ගාරෝහණය - ස්වර්ගයට නැගී යාම.GCSinh .0

    අපෝස්තුළු - ශුභාරංචි පණිවිඩය ප්‍රකාශ කිරීමට සම්පුර්ණ කාලය කැපකර සිටින ඇය විශේෂයෙන් එකල සිටි ගෝලයන් GCSinh .0

    මනුෂ්‍ය පුත්‍රයා - යේසුස් ක්‍රිස්තුස්වහන්සේ GCSinh .0

    අන්‍ය ජාතීන් - යුදා සෙනඟට අයත් නැති අනෙකුත් සෙනඟ GCSinh .0

    පාවුල් - හැරීමට පෙර ඔහුගේ නම වූයේ සාවුල්ය. ක්‍රියා 13:9 GCSinh .0

    1843-1844 - යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවේය කියා මෙම වසර දෙකේදීම බලාපොරොත්තු විය. දානියෙල් 9:14 අනාවැකිය සම්බන්ධ කාලය 1844 දී නිමාවට පත් විය.GCSinh .0

    බැටළු එඬේරා - 1. සභාවේ ප්‍රධානීන්, දේවගැතිවරුන් 2. යේසුස් ක්‍රිස්තුස්වහන්සේGCSinh .0

    ශුද්ධවන්තයෝ - මුළු හදවතින්ම දෙවියන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ කැමැත්ත කරන මනුෂ්‍යයන්.GCSinh .0

    ශුද්ධස්ථානය - අපගේ ගැළවීම සඳහා යේසුස්වහන්සේ දැන් ස්වර්ගයේ සේවය කරමින් සිටින ස්ථානයය. එය ශුද්ධස්ථානය සහ අති ශුද්ධස්ථානය යන කොටස් දෙකකින් යුක්තය. පුරාණ කාලයේ මෝසෙස් මෝසෙස් විසින් සාදා තිබුණේ ස්වර්ගීය ශුද්ධස්ථානයේ ආදර්ශයට අනුවය. GCSinh .0

    සමගි කිරීම - යේසුස්වහන්සේ තමන්ගේම රුධිරය පූජාකිරීම මගින් මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේව සමගි කරන සේක.GCSinh .0

    සියොන් - 1. ස්වර්ගයේ දැන් තිබෙන නගරයේ නමකි. 2. දෙවිඳුන් අනුව යන අයගේ නමය.GCSinh .0

    අලුත් යෙරුසෙලම - ස්වර්ගයේ තිබෙන නගරයේ නාමයය. දෙවිඳුන්ගේ ද දෙඅ දූතයන්ගේ ද මධ්‍යස්ථානයය. මෙම නගරය ලෝකයට ගෙනැවිත් සදාකාලයටම මෙහි තිබෙන්ට යන වගය.GCSinh .0

    කෙරුබි - උසස් පදවියක සිටින දේවදූතයන් GCSinh .0

    මැදහත්කාර මෙහෙය - යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ සහ පව්කාර මනුෂ්‍යයන් අතරේ සිටිමින් ගැළවීම සඳහා කරන මෙහෙය GCSinh .0

    මෘගයා - දෙවියන්වහන්සේට විරුද්ධව ක්‍රියා කරති. ඇති විශාල ජන කණ්ඩායමකට දී තිබෙන නාමය එළිදරව් 13.GCSinh .0

    යොහෝව - දෙවියන්වහන්සේගේ එක් නාමයකි.GCSinh .0

    කානාන් දේශය - ඊශ්‍රායෙල්වරුන්ට පොරොන්දු වී තිබු දේශය. එය ස්වර්ග රාජ්‍යයද නියෝජනය කරයි. උත්පත්ති 12:5 GCSinh .0

    පෙන්තකොස්ත දවස - ඊශ්‍රායෙල්වරුන්ට දෙනු ලැබූ එක් මංගල්‍යයකි. ලෙවී 23:5-16 සහ ක්‍රියා 2වන පරිච්ඡේදයි.GCSinh .0

    ඇඩිවෙන්ටිස්ත - යෙසුස්වහන්සේ දෙවන වර පැමිණෙන බව විශ්වාස කරන සෙනඟ සහ සභාවේ නම GCSinh .0

    ලවෝදික - එළිදරව් පොතේ සඳහන් සභා හතේ අන්තිම සභාව එළිදරව් 2 සහ 3 මෙම කණ්ඩායම ඉතා ධනවත් යැයි සිතන නමුත් ආත්මිකව ඉතා දිළිඳු අඩියක සිටියි.GCSinh .0

    අන්තිම වර්ෂාව - යේසුස්වහන්සේගේ පැමිණීම ඉතා ලංව තිබෙන විට ඒ සඳහා සෙනඟව සූදානම් කිරීමට බලවත් ලෙස ශුද්ධාත්ම බලය සෙනඟ වෙත වැගිරවීම, යෝවෙල් 2:23 සහ ක්‍රියා 3:19 ද බලන්න.GCSinh .0

    ජුබිලිය - නිදහස් වීමේ වසර 50 කට වරක් ඊශ්‍රායෙල්වරු ඔවුන් ගෙන තිබු සියල්ලම ආපසු මුල් අයිතිකරුවන්ට දීම. මෙම අවුරුද්දේ දී කිසිම ගොවිතැන් කිරීමක් නොකරන ලදී.GCSinh .0

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents