Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    33 පරිච්ඡේදය - බබිලෝනියේ පාපයන්

    සභාවල් වල වැටී යාම ගැන දෙවන දූතයා ප්‍රකාශ කල පසු නොයෙක් සභාවල්වල තත්ත්වයන් මම දුටිමි. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් යයි කියාගත් නමුත් ඔවුන් වඩ වඩා දූෂණය වෙමින් සිටියහ. ඔවුන්ව ලෝකයාගෙන් වෙන්කර හඳුනාගත නොහැක. ඔවුන්ගේ දේවගැතිවරු බයිබල් පාඨ ගෙන හැරපා දේශනා කරන්නේ සුමුදු දේවල්ය. ස්වභාවික සිත මේවාට විරුද්ධ නැත. මාංසික සිත වෛර කරන්නේ සත්‍යය ආත්මික බලය සහ ක්‍රිස්තුස්වහන්සේගේ ගැළවීම යන මේවාටය. සාතන්ගේ කෝපය අවුස්සන පව්කාරයන් තැති ගන්වන, ඉක්මනින්ම පැමිණෙන විනිශ්චය ගැන හදවතට කථා කරන සැබෑ වූ දේවල්, ජනප්‍රියව තිබෙන දේව සේවයේ පෙනෙන්නට නැත. දේව භක්තියෙන් තොරව පිටස්තර වතාවත්වලින් පිරුණු ක්‍රමවලට පව්කාරයන් සතුටු වෙති. එවන් ආගමික සේවාවන්ට ඔවුහු උපකාර කරති. සහාය දෙති. අන්ධකාරයේ බලවේග මැඩපවත්වා ජයගෙන ජයමග ගමන් කරන්නට ධර්මිෂ්ටකමේ සම්පුර්ණ යුධ ඇඳුම් කට්ටලයම නැතිව නුපුළුවන. සාතන් සියලුම සභාවල් තම අයිතිය යටතට ගෙන ඇත. පාපය කපා කොටා වෙන්කරන දේව වචනය වෙනුවට මිනිසුන් කියන දේ කරන දේ විශ්වාස කරති. ලෝකයේ ආත්මය සහ මිත්‍රකම දෙවියන්වහන්සේට එකඟ නැත. සත්‍යය එහි ශක්තිය සහ සරල බවෙන් යේසුස්වහන්සේ තුළ ඇති ආකාරයට ඉදිරිපත් කරන විට පීඩා කිරීමේ තමය අවදි කරනු ලබනවාය. බොහෝ අය, ක්‍රිස්තියානින් යයි කියාගන්නාවූ බොහෝ දෙන, දෙවියන්වහන්සේ සමග සතුරුකමක පවතී. ඔවුහු ‘ක්‍රිස්තියානි’ යන නම පවරාගෙන සිටින නමුත් සාතන්ගේ සේවකයන්ව ජීවත් වෙති.GCSinh 67.1

    යේසුස්වහන්සේ ස්වර්ගීය මණ්ඩපයේ ශුද්ධස්ඨාන කොටස වසා දමා තිරයෙන් එහා කොටසට ඇතුල් වුණායින් පසු යුදාවරුන්ගේ කාලයේ දේව මාලිගය පාලුවට හැර දැමුවා හා සමානව සභාවල් අපවිත්‍රතාවලින් පිරි යනවා මම දුටිමි. සභාවල්වල මහත් දුෂ්ටකම්ද අශීලචාරකම්ද මම දුටිමි. ඔවුන්ගේ ආගමිකත්වය දෙවියන්වහ්ස්නේ ඉදිරියේ පිළිකුලක්ව තිබිණ. ‘ඔවුන්ගේ රැස්වීම්වල දෙවියන්වහන්සේට සුවඳ දැනෙන්නේ නැත’ කියා දේව දූතයා පැවැසීය. ආත්මාර්ථකාමී බව, ප්‍රෝඩාව රැවටිල්ල ආදිය හැඟීමෙන් තොරව ක්‍රියාත්මක වේ. මේ සියල්ල ආගම නැමැති කබායෙන් වසාගෙන ඇත. නාමික ක්‍රිස්තියානි සභාවල අහංකාරය මට පෙන්වූ සේක. ඔවුහු තමන් ගැන සිතනවා මිස ඔවුන්ගේ සිතිවිලිවල දෙවියන්වහන්සේ නොසිටි සේක. ඔවුහු තමුන්ගේ සිරුරු සරසාගෙන ආශාවෙනුත් තෘප්තියෙනුත් එදෙස බලති. ඔවුන්ගේ පාප ද අහංකාරයද ස්වර්ගය වෙතට පැමිණ ඇත. ඔවුන්ගේ කොටස සුදානම්ය. සාධාරණයද, දඬුවමද ඉක්මනින් පිබිද එනවා ඇත. ‘පළිගැනීම මාගේය, මම ප්‍රතිඵල දෙන්නෙමි’යි ස්වාමින්වහන්සේ කියන සේක. තුන්වන දූතයාගේ ඉල්ලීම් භයානකය. ඔවුහු දෙවියන්වහන්සේගේ උදහස පානය කරනවා ඇත. ගණන් කළ නොහැකි දුෂ්ට ආත්ම සංඛ්‍යාවක් දේශය පුර විසිර සිටිති. සභාවල් සහ ආගමික කණ්ඩායම් ඔවුන්ගෙන් පිරි ඇත. ඔවුන් මහත් උද්දාමයකින් ආගමික කණ්ඩායම් දෙස බලති. ඒ මහත්ම අපරාධ සහ පාප ක්‍රිස්තියානි නැමැති කබායෙන් වසා ඇති නිසාය.GCSinh 67.2

    දෙවියන්වහන්සේගේ කර්මාන්තය වන මනුෂ්‍යයන්ව අශීලාචාරකම්වල පහතටම හෙළා මනුෂ්‍යයන් විසින්ම තමන්ව මෘගයන්ගේ මට්ටමට ගෙන ඒම ගැන ස්වර්ගයම වේදනාත්මක තරහකින් බලා සිටිති. මනුෂ්‍යයන්ගේ දුක් වේදනා දැක දයාවෙන් හා අනුකම්පාවෙන් ඔවුන්ට සේවය කර සුවය සනීපය උන්වහන්සේ උදා කර දුන්සේක. එතුඅන්ගේ අනුගාමිකයන් යයි කියාගන්නාවූ අය මනුෂ්‍යයන්ට කරන වධහිංසා කොතෙක්ද දේව දූතයන් ඒවා සටහන් කර තබා ඇත. පොත්වල ලියා ඇත. පියවරුන්ගේ මව්වරුන්ගේ සහෝදර සහෝදරියන්ගේ සහ දූවරුන්ගේ කඳුළු බෝතල්වල රැස්කර ස්වර්ගයෙහි තබා ඇත. වහලුන් ලෙස මිනිසුන් ගැහැණුන් මිලදී ගෙන හෝ විකුණා ඇත. ඔවුන්ගේ අදෝනා තැනින් තැනට ගෙන ගොස් ඇත. දෙවියන්වහන්සේ තම උදහස නවතා ගෙන සිටින්නේ තව ස්වල්ප කලකටය. මේ අයට විරුද්ධව උන්වහන්සේගේ කෝපය දැවෙමින් ඇත. විශේෂයෙන් මෙවන් දේවල යෙදී සිටින ආගමික කණ්ඩායම්වලට විරුද්ධව උන්වහන්සේගේ උදහස ඇවිලෙමින් ඇත. මෙවන් රිදවීම්, මෙවන් අසාධාරණ මෙවන් අපරාධ කරමින් කිසි භයක් නැතිව දෙවියන්වහන්සේටද නමස්කාර කරති. මේවා භයානක සමච්චල්ය. සාතන් උදම් වී යෙසුස්වාහන්සේටත් දේව දූතයන්ටත් මෙවන් දේ දක්වා නින්දා අපහාස කරති. මේ දේවල් කරන අය ක්‍රිස්තු අනුගාමිකයෝද!GCSinh 68.1

    මෙම ක්‍රිස්තියානි අය වේද සාක්ශිකයන් වින්දා වූ දුක් වේදනා ගැන කියවන අතර ඔවුන්ගේ කම්මුල් දිගේ කඳුළු ගලා යති. මිනිසුන්ට මේ වගේ කුරිරු හදවත් තිබිය හැකිද කියා ඔවුහු සිතති. ඒ අතරම මනුෂ්‍යයන්ව ඔවුහු වහලුන් මෙන් තබාගෙන සිටිති. අමානුෂික ලෙස මනුෂ්‍යයන්ට වධ වේදනා පමුණුවති. ක්‍රිස්තුස්වහන්සේගේ සෙනඟට මිථ්‍යාදෘෂ්ටිකයන් හා පාප්වරුන්ගේ අනුගාමිකයන් කළාක් මෙන් මොවුහුත් කරති. මොවුන්ට දේව දඬුවම් ඔවුන්ට වඩා බරපතල වනවා ඇත. පීඩා කරනු ලබන අයගේ වේදනා සහ අදෝනා ස්වර්ගය වෙතට පැමිණ ඇත. දෙවියන්වහන්සේගේ සමානත්වයට මවන ලද මනුෂ්‍යයන් විසින් දයාවත් අනුකම්පාවත් නැතිව කුරිරුකමින් දේව සමානකමට මවන ලද තවත් අයට වධ හිංසා ගැන දේව දූතයෝ විශ්මයට පත්වෙති. දේව දූතයා මෙසේ පැවසීය. ‘මෙවන් අයගේ නම් ලේ වලින් ලියා ඇත. ඒ මත ඉරි ඇඳ ඇත, අදෝනා කියන අයගේ කඳුළුවලින් තෙමි ඇත. ආලෝකයේ දේශය දේව උදහසේ කුසලානෙන් බී එය හිස් කරන තුරු උන්වහන්සේගේ කෝපය සංසිඳෙන්නේ නැත. බබිලෝනියට දෙගුණයක් දීපල්ලා, ඇගේ ක්‍රියා ලෙසට ඇයට දෙගුණයක් දීපල්ලා.’ වහලාගේ ස්වාමියා විසින් වහලාගේ ජීවිතය ගැනද ඔහුව අඳුරේ නොහොත් නොදන්නාකමේ තබාගැනීම ගැන සහ ඔහුගේ පව් ගැනද වගකිව යුතුය. මේ කාරණා ගැන දෙවියන්වහන්සේගේ විනිශ්චය ඔහු වෙතට පැමිණෙනවාය. දෙවියන්වහන්සේ ගැන දැනුමක් නැතිව සහ බයිබලය ඉගෙන ගෙන නැතිව, අන් කිසිවකට වඩා තම ස්වාමියාගේ කසයට භයෙන් ජීවත්වන ස්වාමියාගේ සතුන් සිවුපාවුන්ට වඩා වටිනාකමකින් නැතිව චරිතයෙන් හීනව සිටින වහලාව ස්වර්ගයට ගන්ට දෙවියන්වහන්සේට නුපුළුවන. අනුකම්පාවෙන් පිරි සිටින උන්වහන්සේට කළ හැකි හොඳම දෙය උන්වහන්සේ ඔහුට කරන සේක. ඔහු නොසිටියාක් මෙන් වන්නට හරින සේක. නමුත් ඔහුගේ ස්වාමියා වසංගත හතේ වේදනාවන් අත්දකින්ටද ඉන්පසු දෙවන මළවුන්ගෙන් නැගිටීමේදී ඉතාම භයානක මරණය වන දෙවන මරණය විඳින්ටද සිදු වෙනවාය. ඉන්පසු දෙවියන්වහන්සේගේ උදහස සංසිඳෙන්නේය.GCSinh 68.2

    ______________________________________
    බලන්න: ආමොස් 5: 21; රෝම 12: 19; එළිදරව් 14: 9-10; 18: 6
    GCSinh 68.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents