Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    18 පරිච්ඡේදය - පාපයේ අභිරහස

    මුල සිටම සාතන්ගේ සැලැස්මව තිබුනේ මිනිසාගේ මනස යේසුස්වහන්සේ වෙතින් ඉවත් කොට මිනිසා වෙතටම හරවා පුද්ගලික වගකීම් විනාශ කර දැමීමටය. දේව පුත්‍රයාණන්ව පරික්ෂා කිරීමේදී සාතන් පරාජයට පත්විය. පවට වැටුන මනුෂ්‍යයා වෙතට ආ විට එය හොඳින් සඵල විය. ක්‍රිස්තියානි ධර්මතආවන් දූෂණයට ලක් විය. පාප්වරු හා පූජකවරු උසස් පදවියක් දරාගෙන තමුන්ගේ පාපවලට කමාව ලබාගන්නා පිණිස ක්‍රිස්තුස්වහන්සේ දෙස බලනවා වෙනුවට තමුන් දෙස බලන මෙන් ජනතාවට ඉගැන්වූහ. ඔවුන්ව වරදට පත්කරන සත්‍යතාවන් වසං කරන පිණිස බයිබලය ජනතාවට නොදී සිටියහ.GCSinh 37.1

    සම්පුර්ණයෙන්ම ජනතාව රැවටූහ. සාතන්ගේ නියෝජිතයන්ව සිටි පාප්වරු සහ පූජකයන් තමන් යේසුස්වහන්සේගේ නියෝජිතයන් යයි ජනතාවට ඉගැන්වුහ. ජනතාව පූජකයන්ට වන්දනා කරන විට ඔවුන් වන්දනා කළේ සාතන්ටය. ජනතාව මයිබලය ඉල්ලුහ. දේව වචනය කියවන්ට ඔවුන්ට ඉඩ දීම අනතුරුදායක බව එනම් සැබෑ ආලෝකය ලැබී තමන්ගේ පව් ජනතාව දැනගනීවි කියා භය වූහ. මෙම රැවටිලිකාරයෝ ජනතාවට ඉගැන්වූයේ දේව මුඛයෙන් වචනය ලබාගන්නවා යයි සිතාගෙන තමන්ගෙන් සෑම වචනයක්ම ලබාගන්නා ලෙසය. ඔවුහු මිනිස් මනස කෙරෙහි බලය පැවැත්වූහ. දෙවියන්වහන්සේට පමණ අයිති විය යුතු මෙම බලය ඔවුහු තමන් හට පවරා ගත්හ. තම හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන්නට යමෙක් දිරිඅත් වුවහොත් සාතන් සහ යුදා සෙනඟ යේසුස්වහන්සේට විරුද්ධව ක්‍රියා කළාවූ ක්‍රෝධය ඔහුට විරුද්ධව ඇවිලී ක්‍රියාත්මක වේ. තම ආගමික සත්‍යතාවන් පවිත්‍රව තබාගත් ක්‍රිස්තියානින් සමූහ වශයෙන් භයානක අන්දමින් මරා දැමු නිසා සාතන් විශේෂයෙන් ප්‍රීතියට පත්වූ කාලයක් මට පෙන්වනු ලැබීය.GCSinh 37.2

    බයිබලයට වෛර කරනු ලැබූ දේව වචනය විනාශ කර දැමීමට ඔවුහු උත්සහ කළෝය. බයිබලය කියවීම මරණ දඬුවම ලබීමට සුදුසු වරදක් වූ අතර සොයාගත හැකිවූ ශුද්ධ පිටපත් සියල්ල පුළුස්සා දැමීය. නමුත් දේව වචනය කෙරෙහි දෙවියන්වහන්සේ විශේෂ සැලකිල්ලක් දැක්වූ බව මම දුටිමි. සමහර යුගවල බයිබල් පිටපත් තිබුනේ ඉතා ස්වල්පයක්ය. දෙවියන්වහන්සේ බයිබලය ආරක්ෂා කළසේක. එය නැතිවී යන්ට නොදුන් සේක. අන්තිම කාලයේදී බයිබල් පිටපත් වැඩි වී සෑම පවුලකටම එය ල්ලබාගනීමට අවස්ථාව සලසා ඇත. බයිබල් හිඟව තිබු කාලයේ පීඩාවන්ට ගොදුරු වූ අයට දේව වචනය ඉතා අනර්ඝ වූ සැනසිලිදායක දෙයක්ව තිබු බව මම දුටිමි. බයිබලය කියවුයේ ඉතාම රහසිගතවය. මෙම උතුම් ඉඩ ප්‍රස්ථාව ලැබූ අයට හැඟී ගියේ තම දෙවියන්වහන්සේ සමගද, යේසුස්වහන්සේ සහ අපොස්තුළුවරුන් සමගද සම්මුඛ සාකච්ඡා පැවැත්වූ පුද්ගලයන් ලෙසය. මෙම ආශීර්වාද ලත් ඉඩ ප්‍රස්ථාව ලද ඇය අතරින් බොහෝ දෙනෙකුට තම ජීවිත් අහිමි වූහ. බයිබලය කියවන බව දැනගත හොත් එතනින් ඔවුන්ව ගෙන යනු ලැබුවේ ගෙල සිඳ දමනු ලබන තැනටය. නැතහොත් ගිනි ටැඹ වෙතටය. එසේත් නැතහොත් කුසගින්නේ නසින්ට වන අඳුරු බිංගෙය තුළටය.GCSinh 37.3

    ගැළවීමේ සැලැස්ම බිඳ දමන්ට සාතන්ට නොහැකි විය. යේසුස්වහන්සේ කුරුසියේ මළ නුත් තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටි සේක. සාතන් තම දූතයන්ට කියා සිටියේ කුරුසපත්වීම හා මළවුන්ගෙන් නැගිටීමද තමාගේ ප්‍රයෝජනයට යොදා ගන්නා බවයි. ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සංකේතවත් කළ පුද පූජා ඇතුළු ව්‍යවස්ථා උන්වහන්සේගේ කුරුසපත් වීමත් සමාගම අහෝසි වූ බව කිතුණුවන් විශ්වාස කිරීම ගැන ඔහු කැමති විය. තවදුරටත් කිතුණුවන්ව ඉදිරියට ගෙන යමින් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයත් සමග දස ආඥා පනතද කුරුසියෙහි ඇණ ගසනු ලැබ මරණයට පත් කළ බව විශ්වාස කරවන්ට සාතන්ට උවමනා විය.GCSinh 38.1

    සාතන්ගේ මෙම මුළාව බොහෝ දෙනෙක් කැමැත්තෙන්ම පිළිගත් බව මම දුටිමි. දෙවියන්වහන්සේගේ ශුද්ධ ව්‍යවස්ථාව මෙසේ පාගා දමනවා දුටු ස්වර්ගීයයන් මහත් කම්පාවට පත්වූහ. යේසුස්වහන්සේ ඇතුළු ස්වර්ගීය සේනාවන් මෙම ව්‍යවස්ථාවේ ස්වභාවය ගැන තේරුම් ඇතුව සිටියහ. දෙවියන්වහන්සේ එය වෙනස් කරන්නේවත්, අවලංගු කරන්නේවත් නැති බව ඒ අය දැන සිටියහ. බලාපොරොත්තුවක් නොමැති තත්ත්වයකට මනුෂ්‍යයන් වැටීම ගැන ඔවුහු මහත් දුකකට පත්වූහ. යේසුස්වහන්සේ තම ජීවිතය පූජා කරන්නට කැමති වුයේ ව්‍යවස්ථාව කඩ කරන අයව සදාකාල මරණයෙන් මුදාගන්නා අදහසින්ය. ව්‍යවස්ථාව අවලංගු කළ හැකිව තිබුණා නම්, යේසුස්වහන්සේගේ ජීවිත පූජාව නැතිව මනුෂ්‍යයන්ව ගළවා ගනු ලබනවා ඇත. යේසුස්වහන්සේ තමන්ගේ මරණය මගින් ව්‍යවස්ථාව විනාශ කලා නොව, තම පියාණන් වහන්සේගේ ව්‍යවස්ථාව ගෞරවයටත්, මහිමයටත් පත් කළසේක. සෑම ආඥාවක්ම පවත්වන්ට අණ කළසේක. සභාව පවිත්‍රව, ස්ථිරව සිටියා නම් දේව ව්‍යවස්ථාව පාගා දමන ලෙස සාමාජිකයන්ව මුළා කරන්ට සාතන්ට නොහැකි වනවා ඇත. ව්‍යවස්ථාව අවලංගු කළාය යන ඉගැන්වීම මගින් සාතන් කෙලින්ම පහර දෙන්නේ ස්වර්ගයෙහිද, පොළොවෙහිද වන දෙවියන්වහන්සේගේ පාලන අධිකාරියේ අත්තිවාරමටය. කැරලි ගැසීම ඔවුන්ව ස්වර්ගයෙන් නෙරපා දැමීමට හේතු විය. කැරලි ගැසීමෙන් පසු තමාවම බේරාගැනීමපිණිස දෙවියන්වහන්සේ ව්‍යවස්ථාව වෙනස් කරනවාට සාතන් කැමති විය. දේවදූත සේනාවන් ඉදිරියේ දෙවියන්වහන්සේ සාතන්ට පෙන්වා දුන්නේ තම ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකි බවය. සාතන් දන්නවා යම් කෙනෙක් ව්‍යවස්ථාවේ එක ආඥාවක් හෝ කඩ කළහොත් ඔහුව තමාට අයිති වන බව. ආඥා කඩ කරන හැමකෙනෙක්ම නසින්ට ඕනෑය. සාතන් තවත් ටිකක් ඔබ්බට යමින් තම දූතයන්ට මෙසේ පැවැසීය. ‘මේ දැලට හසුකරගන්නට නොහැකි තවත් කණ්ඩායමක් සිටිනවා. දස පනත ගැන ජ්වලිතයක් ඔවුන් තුළ තිබෙනවා. එය අවලංගු නොකරන බව විශ්වාස කරනවා. ඒ නිසා හතරවන ආඥාව දූෂණයට ලක් කළ යුතුය. අහසත් පොළොවත් මැවූ සැබෑවූ එකම දෙවියන්වහන්සේව ප්‍රකාශයට පත්කරන සබත් දවස වෙනස් කිරීමට උත්සහයක් කරන ලෙසට සාතන් තම නියෝජිතයන්ට මග පෙන්වීය. යේසුස්වහන්සේ තමන් මහිමවත් මළවුන්ගෙන් නැගිටීම මගින් සබත් දවස වන සෙනසුරාදා වෙනුවට මළවුන්ගෙන් නැගිටි දිනය වන ඉරිදා පිහිටවූ බව ඔවුන්ට පෙන්වා දුන්නේය. මෙසේ සතියේ සත්වන දවස වන සෙනසුරාදාට තිබු සබත් නිවාඩුව සතියේ පළමුවන දිනය වන ඉරිදාට මාරු කළහ.GCSinh 38.2

    මෙසේ මළවුන්ගෙන් නැගිටීම පවා සාතන් තම අභිප්‍රාය ඉටුකරගැනීමේ මගක් කරගත්තේය. තමන් සුදානම් කළ වැරදි ඉගැන්වීම් ක්‍රිස්තුස්වහන්සේගේ මිතුරන් යයි කියාගත් අය ඉතා සතුටින් පිල්ගනීම ගැන සාතන් සහ ඔහුගේ දූතයෝ මහත් ප්‍රීතියට පත්වූහ. කෙනෙක් ආගමික තැති ගැන්මකින් දකින දේ තව කෙනෙක් සතුටින් පිළිගනී. වැරදි දේවල් පිළිගෙන ඒවා ජ්වලිත ලෙස ආරක්ෂා කරයි. දේව කැමැත්ත ලෙස දේව වචනයෙහි පැහැදිලි ලෙස එළිදරව් කර ඇති දේ වසා තබා, වැරදි ඉගැන්වීම් හා පරම්පරාගත නියෝග දෙවියන්වහන්සේගේ ආඥාවන් ලෙස පිළිගෙන උගන්වති. මෙවන් මුළාවන් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි ඊම දක්වා කරගෙන යාමට ඉඩදී තිබෙන නමුත් මෙම කාලය තුළ සැබෑ ආකාරයෙන් විශ්වාසවන්ත ලෙස දෙවියන්වහන්සේට නමස්කාර කරන දෙවියන්වහන්සේගේ සියලුම ආඥා පවත්වන අය ජීවත් වෙමින් සාක්ෂි දැරූහ.GCSinh 39.1

    දේවදූතයෝ මහිමයේ රජතුමාගේ දුක්විඳීම සහ මරණයට පත්වීම දෙස විශ්මයෙන් බලා සිටින හැටි මම දුටිමි. ජීවනයේ අධිපතියාණන් වූ ස්වර්ගයම ප්‍රීතියෙන්ද අලංකාරයෙන්ද පිරවූ තැනැන්වහන්සේ මරණයේ බැමි බිඳ දමා හිරගෙය නැමැති සොහොන තුළින් ජයග්‍රාහී ලෙස පිටතට පැමිණීම දේව දූතයන් පුදුමයට පත්කිරීමේ හේතුවක් නොවූ බවද මම දුටිමි. මෙම සිදුවීම් දෙකෙන් එකක් හෝ සැමරීමට දවසක් වෙන් කරවා ගන්නට වූවා නම් ඒ දවස කුරුස පත්වීමේ දවස විය යුතය. මේ සිදුවීම් දෙකෙන් එකක්වත් දේව ව්‍යවස්ථාව වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට සැලසුම් කර නොතිබූ බව මම දුටිමි. නමුත් එම සිදුවීම් දෙකම ව්‍යවස්ථාවේ වෙනස් නොවන සුළු භාවය තහවුරු කළහ.GCSinh 39.2

    මෙම සිදුවීම් දෙකටම (කුරුසියේ පූජාව සහ මළවුන්ගෙන් නැගිටීම) ඒවාටම අනුරූප වූ සැමරීම් පිළිවෙත් ඇත. ස්වාමින්වහන්සේගේ මරණ සිහි කරන සත්කර්මය වන රාත්‍රී භෝජන මෙහෙය පවත්වන අතර කඩන ලද රොටියද මිදී යුෂද ගැනීමෙන් ක්‍රිස්තුස්වහන්සේ දෙවෙනි වර එන තුරු අප සමරන්නේ උන්වහන්සේගේ මරණයය. මෙම ශුද්ධ සත්කර්මයේදීය ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමේ දර්ශන හා වේදනාත්මක මරණය අපට නැවත සිහි ගන්වනවාය. මළවුන්ගෙන් නැගිටීම සමරන්නේ බව්තීස්ම මෙහෙයන් පැවැත්වීමේදීය. ක්‍රිස්තුස්වහන්සේව භූමදාන කළාක් මෙන් බව්තීස්ම වන අය ක්‍රිස්තුස්වහන්සේ සමග වතුර නැමැති සොහොනේ තැන්පත් කිරීමත් ජීවිතයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස උන්වහන්සේ සමග නැවත නැගිට සිටීමත් බව්තීස්මය මගින් සංකේතවත් වේ.GCSinh 39.3

    දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සදාකාලයටම අලුත් පොළොවේදී ද තිබෙන්ටයන බව මට පෙන්වීය. මැවීමේදී පොළවේ අත්තිවාරම දැමු විට දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් අගය කරමින් දේව පුත්‍රයෝ බලා සිටි අතර ස්වර්ගීය සේනාවෝද ප්‍රීති නාද පැවැත්වුහ. සබත් දවසේ අත්තිවාරම දැමුවේද එම අවස්ථාවේදීය. මැවීමේ දින හය අවසන් වී තමන්වහන්සේ කළ සියලු වැඩවලින් උන්වහන්සේ නිවාඩු ගත් සබත් දවසට ආශීර්වාද කර එය විශුද්ධ කළසේක. තමන් කල සියලු වැඩවලින් උන්වහන්සේ නිවාඩු ගත් බැවින්එසේ කළසේක. සබත් දවස ස්ථාපිත කළේ පාපය ඇතිවන්ට පෙර ආදම් සහ ඒවද සියලුම ස්වර්ගීය සේනාවන්ද ඇතිවය. සබත සදාකාලයටම පවතින බවද, මිදීම ලත් ශුද්ධවන්තයන් හා දේව දූතයන් මැවුම්කාරයාණන්ගේ ගෞරවය සඳහා සදාකාලයටම පවත්වනු ලබන බවද මම දුටිමි.GCSinh 39.4

    ______________________________________
    බලන්න: දානියෙල් 7 පරිච්ඡේදය සහ 2 තෙසලෝනික
    GCSinh 39.5