Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    39 පරිච්ඡේදය - පොළොව පාළු විය

    මම එවිට පොළොව දුටිමි. දුෂ්ටයන් මැරිලාය. ඔවුන්ගේ මළ සිරුරු පොළොව මත හැමතැනම විසිර තිබිණ. ඔවුහු දේව උදහසේ වසංගත හතේ පීඩාවන්ට ගොදුරු වූහ. ඔවුහු දෙවියන්වහන්සේට ශාප කර තම දිවි නසාගත්හ. ව්‍යාජ එඬේරු දෙවියන්වහන්සේගේ උදහසට ඍජුවම අසුවූහ. ඔවුන් දෙපයින් සිටගෙන සිටිද්දීම ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ක්ෂය විය. ඔවුන්ගේ දිව්ද ඔවුන්ගේ කටවල්වලම ක්ෂය වූහ. දෙවියන්වහන්සේ තමන්ගේ හඬ පවත්වා තමන්ගේ සෙනඟව මුදාගත් පසු දුෂ්ටයන්ගේ කෝපය එකිනෙකා කෙරෙහි ඇවිලී සටන් වැදුණි. පොළොව පෙනුණේ ජල ගැලීමක් ලෙස ලෙයින් පිරි තිබෙන ආකාරයය. මළ සිරුරු පොළොවේ එක කෙළවරක සිට අනික කෙලවර දක්වා විසිර තිබිණ.GCSinh 78.1

    පොළොව ඉතාම පාලු ස්වභාවයකින් පෙනිණ. මහා භුමි කම්පාවෙන් නගරවල සහ ගම්වල ගොඩනැගිලිවල සුන්බුන් තැන් තැන්වල ගොඩවල් වශයෙන් විය. කඳු උදුරා දමනු ලැබ ඒවා තිබු තැන්වල කුහර පෙනෙන්නට තිබිණ. මුහුදේ පිපිරීම්වලින් ගොඩට විසිවූ පර්වත කැබලිද ගොඩබිම පුපුරා විසිවූ පර්වත කැබලිද හැමතැන විසිර තිබිණ. මුළු පොළොවම පාලු කාන්තාරයක් ලෙසට දිස් විය. විශාල ගස් උදුරා දමනු ලැබ හැමතැනම විසිර ඇත. වසර ගණනාවක් මුළුල්ලේම සාතන්ගේ නිවාසය වන්නට යන්නේ මෙම පොළොවය. මෙම වසර දහස තුළ සාතන් සහ ඔහුගේ දූතයන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව ගෙන ගිය සටනේ විපාක දෙස බලමින් තෘප්තියක් ලබති. දැන් ඔහුව මෙම පාළුකරයට සීමා කර ඇත. වෙනත් ලෝකවල ජීවත්වන පාපයට නොවැටුණ අයගේ සිත් රිදවන්ට යාමට ඔහුට දැන් අවසර නැත. මෙම කාලය තුළ සාතන් තද ලෙස වේදනා විඳියි. දැන් ඔහුගේ බලය සීමා කරනු ලබා තමා පව් කළදා සිට මේ දක්වා කළ සියලු අධර්මිෂ්ටකම් ගැන සිතා බලන්ට ඔහුට කාලය ලැබී තිබෙන අතර අනාගතයේ තමාගේ ඉරණම නොහොත් මනුෂ්‍යයන් ලවා කරවූ පාප අපරාධ සියල්ල ගැන අත්වෙන්ට තිබෙන දුක් වේදනාද මරණයද ඉදිරියේ භයෙන් තැති ගනී.GCSinh 78.2

    දේව දූතයන්ගේ මිදීම ලත් අයගේද ජයග්‍රහණයේ ප්‍රීති ඝෝෂා හඬ මම ඇසීමි. එය දස දහසක් සංගීතා භාණ්ඩවල මිහිරි නාදයක් සේ විය. මක්නිසාද තවදුරටත් තමන්ගේ සිත් පාරන්ට හෝ පරික්ෂා කරන්ට සාතන්ට නොහැකි වන නිසාය. අනිකුත් ලෝකවල වාසය කරන්නෝද සාතන්ගෙන් පැමිණෙන කරදර පරික්ෂා අදින් දැන් නිදහස ලැබූහ.GCSinh 78.3

    තවද මම සිංහාසන දුටිමි. යේසුස්වහන්සේද මිදීම ලැබූ අයද ඒවායෙහි හිඳගත්හා. ඔවුහු දෙවියන්වහන්සේගේ රජවරුන්ද පූජකයන්ද ලෙස රජකම් කළෝය. පොත්වල ලියා තිබෙන දේ අනුවද දේව වචනය අනුවද මළා වූ දුෂ්ට අය විනිශ්චය කරනු ලැබුවෝය. යේසුස්වහන්සේද සමග ඔවුහු විනිශ්චයේ දී දුෂ්ටයන්ට දිය යුතු දඬුවම්වල ප්‍රමාණයන් තීරණය කළහ. පොත්වල ලියා තිබු සටහන් අනුව එකිනෙකා ශරීරයේදී කළ ක්‍රියා අනුව තීන්දුව දුන්හ. සාතන්ව සහ ඔහුගේ දූතයන්වද විනිශ්චය කළේ යේසුස්වාහන්සේද මිදීම ලත් ශුද්ධවන්තයෝද එකතු වෙලාය. සාතන්ගේ දඬුවම ඔහු විසින් මුලාකරනු ලැබූ අනික් අයගේ දඬුවමට වඩා අතිශයින් දරුණු විය. ඔහු අනික් අයට වඩා දිගු කලක් දඬුවම් විඳින්ට යුතුව තිබිණ.GCSinh 78.4

    මළාවූ අයගේ මෙම විනිශ්චය හමාරවූ පසු එනම් අවුරුදු දහස (1000) කෙලවර වූ විට යේසුස්වහන්සේ නගරයෙන් පිටත්ව ගියසේක. දේවදූත සේනාවන්ද මුදාගනු ලැබූ අයද උන්වහන්සේ සමග ගියහ. යේසුස්වහන්සේ පහතට බැස අවේ අතිමහත් කඳු මුදුනක් මතටය. උන්වහන්සේගේ පාද එම කන්දට ස්පර්ශ වූ විගසම එය මැදින් දෙකඩව දෙපැත්තට ගොස් විශාල තැනිතලාවක් බවට පත්විය. එවිට අපි ඉහල බැලිමුව. අති විශාල අලංකාර නගරය දුටිමුව. එහි දොරටු එක පැත්තක තුන බැගින් දොරටු දොළොසක් වූහ. හැම දොරටුවක් ළඟම දේව දූතයෙක් විය. ‘අන්න නගරය, අති විශාල නගරය දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනවා’ යයි කියා අපි කෑගැසිමු. දිලිසෙන මහත් අලංකාරයෙන් යුතුව එය පැමිණ යේසුස්වහන්සේ සුදානම් කර තිබු තැනිතලාව මත පිහිටා නතර විය.GCSinh 78.5

    ______________________________________
    බලන්න: සෙකරියා 14: 4-12; එළිදරව් 20: 2-6 20: 12; එළිදරව් 21: 10-27.
    GCSinh 78.6