Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    24 පරිච්ඡේදය - දෙවන දූතයාගේ පණිවිඩය

    පළමුවැනි දේව දූතයාගේ පණිවිඩය පිළිගැනීමට සභාවල් පසුබට වූහ. ස්වර්ගයෙන් එවන ලද ආලෝකය පිළිනොගැනීම නිසා එඅ සභාවල් දිව්‍ය අභිමුඛය අහිමි කරගත්හ. ඔවුහු තමුන්ගේ ශක්තියෙහි පිහිට සිට පළමුවන දේව දූතයාගේ පණිවිඩයට විරුද්ධව සිටි නිසා දෙවන දූතයාගේ පණිවිඩය පිළිගැනීමට නොහැකි තත්ත්වයකට තමන්ව පත්කර ගත්හ. ප්‍රේමලත් විශ්වාසවන්ත කණ්ඩායම පීඩාවන්ට භාජනය වී සිටි නමුත් ‘බබිලෝනිය වැටුනේය’ යන දෙවන පණිවිඩයට ප්‍රතිචාරය දක්වෛන් ඇදහිල්ලෙන් වැටී ගිය සභාවලින් පිටව ගියහ.GCSinh 50.1

    දෙවන දේව දූතයාගේ පණිවිඩය අවසාන වන්ට ලංව තිබු අතර දෙවියන්වහන්සේගේ සෙනඟ මත මහත් ආලෝකයක් පතිතව තිබෙනවා මම දුටිමි. මෙම ආලෝකයේ රශ්මි සුර්යයා මෙන් බබලන්ට විය. ‘බලව මනමාලයා පැමිණෙනවාය එතුමා හමුවන්ට පලයල්ලා’ යයි ශබ්ද කරන දේව දූතයන්ගේ හඬක් මට ඇසුණේය.GCSinh 50.2

    මධ්‍යම රාත්‍රියේ හඬ පැතිරුනේ දෙවන දේව දූතයාගේ පණිවිඩයට බලය දෙන පිණිසය. දුබල බවට පත්ව සිටි අයට දිරිය දෙන්ටද ඉදිරියේ තිබෙන මහත් සේවයට ඔවුන්ව සුදානම් කරන්ටද දෙවියන්වහන්සේ දේව දූතයන් එවූ සේක. පළමුව මෙම පණිවිඩය ලැබුවේ තලෙන්ත වැඩියෙන් තිබු පුද්ගලයන් නොවේ. කැපවී සිටි යටහත් පහත් අය වෙතට දේව දූතයන් යවා ‘මනමාලයා එන සේක. උන්වහන්සේ හමුවන්ට පලයල්ලා’ යන හඬ නගන්ට බලපෑම් ඇති කල සේක. පණිවිඩය ලබා සිටි අය ඉක්මන් කර ගොස් ශුද්ධාත්ම බලයෙන් ශබ්ද නගා පණිවිඩය පතුරුවාලුහ. අධෛර්යයට පත්ව සිටි සහෝදරයන් පිබිදවූහා. හඬ නැගී සිටියේ මනුෂ්‍ය ප්‍රඥාවෙන් හෝ උගත්කමෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙන්ය. පණිවිඩය ඇසු දේව සෙනඟට ඊට විරුද්ධව සිටින්ට නොහැකි වූහ. පණිවිඩයට මුලින්ම එකතු වූයේ වඩාත්ම ආත්මිකව සිටි අයය. පළමුව මෙම සේවයට අත දී සිටි අය පසුව එකතු වී හඬ නැගීම බලවත් කරන්ට උදව් වූහ.GCSinh 50.3

    දේශයේ සෑම පළාතකම දෙවන දේව දූතයාගේ පණිවිඩයේ ආලෝකය බෙදා දුන් අතර දහස් ගණන් අය එය පිළිගන්ට වූහ. එය නගරයෙන් නගරයටත් ගමෙන් ගමටත් ගමන් කෙරිණි. දේව සෙනඟ සම්පුර්ණයෙන් පිබිදෙන තුරු එම හඬ නොනැවතිණි. සමහර අය මෙම පණිවිඩය සභාවලට ඇතුල්වීම වලක්වන ලෙස ක්‍රියා කළහ. නමුත් තමන් තුළ ජීවන සාක්ෂිය ඇතිව සිටි අය වැටී ගිය සභාවල් අතහැර පිටතට පැමිණියහ. මධ්‍යම රාත්‍රියේ හඬ මහත් සේවයක් ඉටු කළාය. පණිවිඩය සිත් සෝදිසි කරන පණිවිඩයක් විය. එය ඇදහිලිවන්තයන්ට ජීවමාන අත්දැකීමක් ලබන්ට මගපෙන්වීය.GCSinh 50.4

    ශුද්ධවන්ත සෙනඟ නිරාහාරයෙන් හා යාච්ඤාවෙන් යුතුව ස්වාමින් වහන්සේගේ පැමිණීම බලා සිටියහ. පව්කරුවෝද භයෙන් යුතුව පැමිණීම බලා සිටියහ. වැඩිදෙනා පණිවිඩයට එරෙහිව සිටිමින් සාතන්ගේ ආත්මය ප්‍රදර්ශනය කළහ. ඔවුහු අපහාස කරමින් සමච්චල් කරමින් ‘කිසි මනුෂ්‍යයෙක් දවසවත් පැයවත් දන්නේ නැහැ’යි පවසමින් කෑගැසූහ. සාතන් සහ ඔහුගේ දූතයෝ ඔවුන් ළඟ සිට උද්දාම වූහ. තවත් සිත් තදකරගන්ටද, ලැබෙන හැම ආලෝකයක්ම එපා කරන්ටද, එමගින් මුලාවෙහි තද වෙන්ටම සැලැස්වූහ. තවත් බොහෝ දෙනෙක් මෙම මධ්‍යම රාත්‍රියේ හඬ පැතිරවීමේ කිසිම කොටසක් නොදරා පැමිණීම පමණක් බලා සිටියහ. ඔවුන් දුටුවා වූ දිව්‍ය මහිමය, සුදානම්ව සිටි අයගේ කැපවීම සහ යටහත් පහත්කම සහ නොයෙකුත් සාක්ෂි, සාධක, සත්‍යය පිළිගැනීමට හේතු වූහ. නමුත් ඔවුන් හැරී සිටියේ නැත. ජීවිත වෙනස් කරගෙන තිබුණේ නැත. ඔවුහු සුදානම්ව සිටියේ නැත. ශුද්ධවන්ත සැමදෙනා අතර උනන්දු ගාම්භීර යාච්ඤාවේ ආත්මයක් ක්‍රියාකාරිව තිබිණ. දේවදූතයෝ මහත් උනන්දු සැලකිල්ලකින් ප්‍රතිඵල දකින්ට බලා සිටියහ. ගැළවීමේ ස්වර්ගීය උල්පත් වෙතට ඔවුන්ව යොමු කරමින් භූමික දේවල්වලින් මිදෙන්ට ඔවුන්ට උදව් කළහ. දෙවියන්වහන්සේ ඔවුන්ව පිළිගත් සේක. යේසුස්වහන්සේ ඉතා සතුටින් ඔවුන් දෙස බැලුසේක. තම ස්වරූපය ඔවුන් තුළ දුටු සේක. ඔවුහු සම්පුර්ණ කැපවීමක් කර තිබිණ. මිදීම සඳහා ඔවුන් බලා සිටි කාලවේලාව පසු විය. ඔවුන් තවමත් සිටියේ පොළොවෙහිය. බලා සිටියේ ස්වර්ගයට යාමටය. අමරණීය මිදීමේ රසය ඔවුන්ට හැඟී දැනී තිබිණ. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වුයේ නැත. නැවත වරක් බලාපොරොත්තු කඩවීමේ දුකකට ඔවුන්ව පත්කිරීමට සැලසුම් කර තිබිණ.GCSinh 50.5

    බොහෝ දෙනෙකුගේ සිත් තුළට වැදගෙන තිබූ භය එකවිටම පහව ගියේ නැත. නැවතත් බලාපොරොත්තු කඩවූවන් කෙරෙහි ජයග්‍රාහී බවක් දැක්වූයේ නැත. නමුත් පෙනෙන ලෙස ඔවුන් දේව උදහසකට පාත්‍ර නොවූයෙන් ඇතුව සිටි භය දැන් ඔවුන්ගෙන් පහව යන්ට විය. නැවතත් ඔවුහු උසුළු විසුළු කිරීම් අපහාස කිරීම පටන් ගත්හ. දෙවියන්වහන්සේගේ සෙනඟව සෝදිසියකට, අමාරුවකට භාජන විය. යේසුස්වහන්සේ පැමිණ මළවුන් නැගිටුවා ජීවතුන් අන් වෙනසකට හරවා රාජ්‍යය ලබාගෙන සදාකාලයටම රජකම් කරනවාය යන හැඟීම එදා ගෝලයන්ගේ සිත් වල ඇතිවූ සේම මොවුන් තුළද ඇතිව සිටියහ. ස්වාමින්වහන්සේගේ සිරුර ඔවුන් ගෙන ගොස් කොහේ තැබුවාදෝ නොදනිමියි යන කියමන මොවුන් ගැනද කිව හැක.GCSinh 50.6

    ______________________________________
    කියවන්න: ශු මතෙව් 24:36:25:6, ශු යොහාන් 20:13, එළිදරව් 14:8
    GCSinh 50.7