Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    17 පරිච්ඡේදය - ඇදහිලෙන් වැටී යාම

    අන්‍යජාතී රූප වඳින්නන් විසින් ක්‍රිස්තියානින්ට වධ හිංසා කර කෘර ලෙස මරා දැමු කාලය වෙතට මා පමුණුවනු ලැබීය. උගත් අයව, ගෞරව ලබා සිටි අයව සහ සාමාන්‍ය ජනයන්ව අනුකම්පා විරහිතව මරා දමන්ට යෙදිණි. ධනවත්ව සිටි අය තම ආගම අත්හරින්ට කැමති නොවූ නිසා අන්ත දුගී බවට පත්කරන ලදී. දුක්පීඩා කෙතෙක් විඳින්ට සිදුවුවත් තම ඇදහිල්ලේ තත්ත්වය බාල කරන්ට නොකැමැති වුහ. ඔවුහු තම ඇදහිල්ලේ පවිත්‍රතාව රැකගත්හ. දේව ජනතාව විඳි දුක් වේදනාවල්ද සාතන් සතුටු වූ හැටිද මම දුටිමි. තමන් දුක් ඉසිලුවාවූ ජීවිතය පූජා කළ අයට දෙවියන්වහන්සේ බොහෝ ප්‍රේම කළ අතර ඔවුන් දෙස අනුකම්පාවෙන් බැලූ සේක. ඔවුන් දරාගත් වේදනා අනුව ඔවුන්ගේ ප්‍රතිඵලද වැඩි විය. ශුද්ධවන්තයන්ගේ දුක් විඳීම ගැන සාතන් සතුටට පත් වූ නමුත් ඔහු එයින් සෑහීමකට පැමිණියේ නැත. ඔව්හුට ඔවුන්ගේ මනසවල් පාලනය කිරීමටද වුවමනා විය. ක්‍රිස්තියානින් වින්දා වූ වේදනා ඉසුලුවාවූ දුක් ඔවුන්ව දෙවියන්වහන්සේ වෙතට තවත් ලං කළ අතරම, එකිනෙකාටද සමීප වන්ට සැලැස්වීය. ඊටත් වඩා ස්වාමීන්වහන්සේගේ සිත රිදවන්ට ඔවුහු භය වූහ.GCSinh 36.1

    ඔවුන් ලවා ස්වාමින්වහන්සේව අප්‍රසන්න කරවන්ට සාතන් කැමති විය. දහස් ගණන් මරනු ලැබූ නමුත් හිස්වූ ස්ථාන පුරවන්ට වෙනත් අය එකතු වූහ. සෙනඟ තමාගේ ග්‍රහණයෙන් ගැලවී යනවා සාතන්ට පෙනිණි. සෙනගද දුක් වින්ද මරණයට පවා පත්වුවත්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඔවුන් අයිති වන බව වටහා ගෙන වෙනත් ආකාරයකින් දෙවියන්වහන්සේගේ පාලනයට විරුද්ධව සටන් කොට සභාව බිඳ දැමීමට සාතන්ට උවමනා විය. ඔහු රුඋප වන්දනික සෙනඟව ක්‍රිස්තියානි ඇදහිල්ලේ කොටසක් වැළඳගැන්මට මගපෙන්වීය. ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසපත් වීම හා මාවුන්ගෙන් නැගිටීම පිළිගෙන, සිත්වල වෙනස්වීම් නැතිව, ක්‍රිස්තු අනුගාමිකයන් සමග කතු වීමට යෝජනා කළහ. අහෝ! සභාවේ තැති ගන්වන අතරතුර : එය මානසික වේදනාවෙන්යුතු අවස්ථාවක් විය. සමහර අය සිතුවේ, කොටසක් වැළඳගත් අය පසුව සම්පුර්ණ ලෙස හැරෙවිය කියාය. සාතන්ගේ උත්සාහයන් වුයේ බයිබල් ධර්මතාවන් දූෂණය කිරීමය. ආත්මික තත්වය පහත වැටී රූප වන්දනාව ක්‍රිස්තු ඇදහිල්ල සමග එක්ව තිබෙනවා මම දුටිමි. ඔවුහු ක්‍රිස්තු භාක්ත්කයන් යැයි කියාගත් නමුත් රූප වන්දනාවද ඔවුහු තමන් සමග සභාව තුළට ගෙන ආහ. ඔවුහු තමුන්ගේ රූප පෙනුමෙන් හා නම්වලින් ශුද්ධවන්තයන්ගේ පමණක් නොව, ක්‍රිස්තුස්වහන්සේගේද, මරිය තුමියගේද රූප වලට මාරු කරගත්හ. ක්‍රිස්තියානි අය ක්‍රම ක්‍රමයෙන් ඔවුන් සමග එක්වූහ. ක්‍රිස්තියානි ආගම දූෂණය විය. සභාව ඇගේ පවිත්‍රතාවද බලයද නැති කරගත්හ. තවත් සමහර අය ඔවුන් සමග එකතු වීම ප්‍රතික්ෂේප කර ඇදහිල්ලේ පවිත්‍රතාව රැකගනිමින් දෙවියන්වහන්සේට පමණක් නමස්කාර කළහ. ඔවුහු උදා අහසෙහිවත් පාත පොළොවෙහිවත් තිබෙන කිසිම රූපයකට නමස්කාර නොකළහ.GCSinh 36.2

    බොහෝ දෙනෙකුගේ වැටීම ගැන සාතන් ප්‍රීතියට පත්ව්ය. තවමත් ඇදහිල්ලේ පවිත්‍රතාවය පවත්වාගෙන යන අයව රූප නමස්කාරයට සහ බාහිර චාරිත්‍රවලට හැරී එන ලෙස බල කරන්ටද, එසේ නොහැරෙන අයව මරා දමන්ටද සාතන් ඇදහිල්ලෙන් වැටී ගියාවූ සභාව පොළඹවන්ට විය. සත්‍යවූ සභාවට එරෙහිව පීඩා නැමැති ගින්නට ඇවිලෙන්නට විය. අනුකම්පා නැතිව ලක්ෂ සංඛ්‍යාත ගණන් ඝාතනය කරන ලදී.GCSinh 36.3

    පහත සන්ධාන ආකාරයෙන් එම දර්ශන මට පෙන්වාදුණි. ඉර සඳ සහ තාරකාවන්ගේ රූප ඇති කළු පාට කොඩියක් ඔසවා ගත රූප වන්දනාකාර කණ්ඩායමකි. ඔවුහු කෝපයෙන් සහ බිහිසුණු පෙනුමෙන් යුක්ත විය. ඊළඟට තවත් කණ්ඩායමක් පවිත්‍ර සුදු පාට නොදී ඔසවා ගෙන සිටියහ. ‘ස්වාමින්වහන්සේ පවිත්‍රය ශුද්ධය.’ කියා කොඩියේ ලියා තිබිණ. ඒ අයගේ මුහුණුවල සන්සුන්භාවය සහ ස්වර්ගීය ආලෝකය පැතිරී තිබිණ. අන්‍යජාතික රූප වඳින්නන් ඉදිරියට එනවාද මහා සටනක් ඇවිලී යනවාද මම දුටිමි. මහත් ජීවිත විනාශයක් ඇති විය. ක්‍රිස්තියානි අයගේ ගණන අඩු වී තිබෙන නමුත් ඔවුහු සමීපව එකමුතුව සිටියහ. කොඩිය ඔසවාගෙනම සිටියහ. බොහෝ දෙනෙක් වැටී ගිය අතර හිස්තැන් පිරවීමට වෙනත් අය නැගී ආහ. GCSinh 36.4

    රූප වන්දනාකාර කන්දයාට ක්‍රිස්තියානි කණ්ඩායම යටත් කරගැනීමට නොහැකි විය. ඔවුහු නැවත සාකච්ඡාවක දී සිටිනවා මම දුටිමි. ඉන්පසු ඔවුහු කොඩිය පත්කර, ක්‍රිස්තියානි කණ්ඩායම වෙතට පැමිණ යම් යෝජනාවක් ඉදිරිපත් කළහ. එවේලෙහි යෝජනාව ප්‍රතික්ෂේප කෙරිණි. ඉන්පසු ක්‍රිස්තියානි කණ්ඩායම ‘අපි කොඩිය පහත කරමු. යෝජනා පිලිගනිමි. දිවි බේරාගනිමු. පසුව ශක්තිය ලබාගෙන ඔවුන් අතරේ අපේ කොඩිය ඔසවන්ට පුළුවන් වේවි’ කියාය. නමුත් අනික් අය ඊට කැමතිව මරණය දක්වා කොඩිය ඔසවා ගෙන සිටින්ට තීරණ කළහ. මෙසේ කොටසක කොඩිය පහත් කර රූප වන්දනා කණ්ඩායමට එකතු වූ අතර ක්‍රිස්තියානි කණ්ඩායම ස්ථිරව සිටිමින් තම කොඩිය ඉහලටම ඔසවා ගත්හ. ක්‍රිස්තියානි කංදායෙංඑන් අනික් කණ්ඩායමට පුද්ගලයින් නොකඩවා ඇදී යනවා මම දුටිමි. ඔවුහු කළු කොඩියේ අය සමග එකතු වූහ. ඔවුහු සුදු කොඩිය යටතේ සිටි අයට පීඩා කිරීමට සම්බන්ධ වූහ. බොහෝ අයව ඝාතනය කළහ. නමුත් සුදු කොඩිය එසවී තිබු අතර එය වටා රොක්වන්ට තවත් අයව කන්දවන්ට යෙදිණ.GCSinh 36.5

    විනිශ්චය ශාලාවේදී පිලාත් යේසුස්වහන්සේව වරදට පත්කරන්ට නොකැමැති වූ විට යුදාවරු කෑගසා, ‘ඔහුගේ ලේ අප පිටත්, අපගේ දරුවන් පිටත් වේවා’ යයි කීහ. තම හිස් පිටට ඉල්ලා සිටි මෙම භයානක ශාපයේ ප්‍රතිඵල යුදා ජාතිය කෙරෙහි පතිත විය. ‘අන්‍යජාතින්’ හා ‘ක්‍රිස්තියානින්’ යයි කියාගත් අය ඔවුන්ගේ තුරන් වූහ. ක්‍රිස්තුස්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසීම යුදාවරුන්ගේ ඉල්ලීම නිසා සිදුවූ බැවින් යුදාවරුන්ට වඩ වඩා දුක් පැමිණවීමෙන් දෙවියන්වහන්සේව සතුටු කළ හැකියැයි කියා යුදාවරු බොහෝ දෙනෙකු මරා දැමූහ. ඉතිරි අයව තැනින් තැනට පළවා හරිමින් හැකි සෑම අන්දමකින්ම ඔවුන්ට දඬුවම් කළහ.GCSinh 36.6

    යේසුස්වහන්සේගේත්, ගොලයන්ගේත් ලේ වල වන්දිය ඔවුන් පිටට භයානක අන්දමින් පැමිණියහ. ක්‍රිස්තියානින් මෙන්ම අන්‍යජාතීන්ද ඔවුන්ට ද්වේශ කළහ. ඔවුන්ව අප්‍රිය කරනු ලැබ තුච්ඡ කරනු ලැබීය. නමුත් ස්වාමින්වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය නැතිවන්ට ඉඩ නොදී පුදුම ලෙසින් ජාතීන් අතර විසුරුවා හැර ආරක්ෂා කළසේක. එසේ කළේ දෙවියන්වහන්සේගේ ශාපය විශේෂයෙන් ඔවුන් පිටට පැමිණුනු බව පෙන්වනු පිණිසය. ජාතියක් ලෙස දෙවියන්වහන්සේ යුදා සෙනඟ එකතු කළ බව මම දුටිමි. නමුත් තමුන්ගේ සිත්වල වූ වැස්ම ඉරා දමන්ට නොහැකි වූ අය ඔවුන් අතර ඇත. තමන් ගැනවූ අනාගතවාක්‍ය ඉටුවූ බව තේරුම් ගෙන යේසුස්වහන්සේ ලෝකයාගේ ගැළවුම්කාරයාණන් ලෙස පිලිගන්නාවූ ඔවුහු ව එපා කර කුරුසියේ ඇණ ගැසීමෙන් තම ජාතිය කළමහත් පාපය තේරුම් ගති. ජාතියක් ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ව එපා කළසේක. නමුත් ඔවුන් අටහ්රෙන් සමහර අය හැරී ඇවිත් ගැලවෙනවා ඇත.GCSinh 36.7