Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    13 පරිච්ඡේදය - ස්තේපන්ගේ මරණය

    ගෝලයන්ගේ ගණන යෙරුසෙලමෙහි අතිශයින් වැඩි විය. දේව වචනය බොහෝ සේ වර්ධනය වී පූජකයෝ බොහෝ දෙනෙක්ද ඇදහිල්ලට කීකරු වූහ. ස්තේපන් ශුද්ධාත්මයාණන්ගෙන් පුර්ණව මනුෂ්‍යයන් අතරේ පුදුමද, හාස්කම්ද කරන්ට විය. බොහෝ අය ක්‍රෝධයට පත්වූයේ පූජකයෝ පරම්පරාගත ඉගැන්වීම්ද, පුද පූජාද අත්හැර දමා උතුම් ම පූජාව වූ යේසුස්වහන්සේව පිළිගත් නිසාය. ස්තේපන් ගෝලයා ස්වර්ගයෙන් ලැබූ බලය කරණකොටගෙන පූජකයන්ගේද, වැඩිමහල්ලන්ගේද වැරදි පෙන්වා දෙමින් යෙසුස්වාහන්සේව ඔසවා තබන්නට විය. ස්තේපන්ගේ ප්‍රඥාවද ඔහු කථා කළ දේව වචනයද ඉදිරියේ සිටින්ට ඔවුන්ට නොහැකිවූ නිසා මෝසෙස්ටද, දෙවියන්වහන්සේටද ඔහු අපහාස කරනවා යයි ඔහුට විරුද්ධව බොරුවෙන් දිවුරන්ට මිනිසුන් පොළඹවා ගත්හ. ඔවුහු ජනතාව පොළඹවා ස්තේපන්ව අල්ලා ගෙන ගොස් දේව මාළිගාවටද, ව්‍යවස්ථාවටද විරුද්ධව කථා කරනවා ඇසු බව කියන්ට බොරු සාක්ෂිකාරයන් කුලියට ගත්හ. නාසරීය යේසුස් දේව මාළිගාව කඩා දමන බවද මෝසෙස් දුන් චාරිත්‍ර වෙනස් කරන බවද ස්තේපන් කිවේ යයි ඔවුන් බොරුවෙන් පැවසූහ. GCSinh 30.1

    ස්තෙපන්ට විරුද්ධව විනිශ්චයෙහි යෙදී සිටි සියල්ලෝම දෙවියන්වහන්සේගේ මහිමයේ ආලෝකය ඔහුගේ මුහුණෙහි බබළනවා දුටුවෝය. දේව දූතයෙකුගේ මෙන් ඔහුගේ මුහුණෙහි ආලෝකයක් විය. ඔහු ඇදහිල්ලෙන්ද ශුද්ධාත්මයාණන්ගෙන්ද පිරී නැගිට සිට අනාගතවක්තෘවරුන්ගෙන් පටන්ගෙන යේසුස්වහන්සේගේ පැමිණීම, කුරුසපත් වීම, මළවුන්ගෙන් නැගිටීම, ස්වර්ගයට ඔසවා ගැනීම දක්වාම කරුණු කියාදී මනුෂ්‍ය අත්වලින් සාදන ලද දේව මාළිගාවල දෙවියන්වහන්සේ වාසය නොකරන බවද ඔවුන් ඉදිරියේ පැවැසීය. ඔවුහු නමස්කාර කළේ දේව මාළිගාවටය. දෙවියන්වහන්සේට විරුද්ධව නොව දේව මාලිගාවට විරුද්ධව යමෙක් කථා කළහොත් ඔවුහු මහත් සේ කෝපයට පත්වූහ. ස්තේපන් ස්වර්ගීය වේදනාවකින් පෙළඹී ඔවුන්ගේ සිත්වල අචර්මඡේදයනට හා දුෂ්ටකම් වලට එරෙහිව කෑගැසීය. ‘නුඹලා නිතරම ශුද්ධාත්මයාණන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරති’යි පැවැසීය. ඔවුහු පිටාස්තරික චාරිත්‍ර පැවැත්වූහ. ඔවුන්ගේ සිත් දූෂිතව දුෂ්ට අපවිත්‍රතාවන්ගෙන් පිරී තිබිණ. නුඹලාගේ පියවරු අනාගතවක්තෘවරුන්ට පීඩා කළාහුය. ධර්මිෂ්ටයාණන්ගේ පැමිණීම ප්‍රකාශ කළ අයව මැරුවාහුය. දැන් නුඹලා උන්වහන්සේව පාවා දෙන්නන්ද මරන්නන්ද වී සිටින්නාහු’ යයි ඔවුන්ගේ වරද පෙන්වා දුන්හ.GCSinh 30.2

    නායක පූජකයන්ද, පාලකයන්ද මේ වචන ඇසු විට ක්‍රෝධයෙන් පිරි ඔහු වෙතට දිව ආහ. ස්තේපන් වෙත ස්වර්ගීය ආලෝකයක් පතිත විය. ඔහු ස්වර්ගය දෙස බැලූ විට දෙවියන්වහන්සේගේ මහිමයේ දර්ශනයක් ඔහුට දෙන්ට යෙදිණ. දේව දූතයන් ඔහුට ඉහලින් අහසේ නැවතී බලා සිටියහ. ‘බලව, ස්වර්ගය විවෘතව තිබෙනවාත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවාත් මට පෙනේ’ යයි මහත් හඬකින් කගසීය. නමුත් ඔවුහු එම වචන නොඇසෙන සේ කන් වසාගෙන එක්සිත්ව ඔහු වෙත දුව විත්, නුවරින් පිටතට ඔහුව ඇදගෙන ගොස් ඔහුට ගල් ගැසූහ. ස්තේපන් දනින් වැටී ‘ස්වාමින්වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනව’ යි මහත් හඬින් මොර ගසා කීවේය.GCSinh 30.3

    දෙවියන්වහන්සේගේ බලවත් මනුෂ්‍යයෙක් වූ ස්තේපන්ව සභාවේ වැදගත් ස්ථානයක පුරවා පිණිස නගා සිටුවා ලද කෙනෙක් බව මම දුටිමි. ගෝලයන්ට ඔහුගේ මරණය නිසා මහත් පාඩුවක් දැනෙන්නට යන් බැවින් සාතන් මහත් සේ සන්තෝෂයට පත්විය. නමුත් එය කෙටිකාලීන සතුටක් විය. මක්නිසාද යත් ස්තේපන්ගේ මරණය දර්ශනය කරමින් කෙනෙක් එතන සිටි අතර යේසුස්වහන්සේ පුද්ගලිකව ඔහුටම දර්ශනය වන්නට බලා සිටි සේක. එම පුද්ගලයා ස්තේපන්ට ගල් නොගැසූ නමුත් ඔහුගේ මරණය ගැන සහය දුන් කෙනෙක්ය. සාවුල් දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කරමින් නිවෙස්වලින් මිනිසුන් ඇදගෙන විත් මරන්ට භාර දුන් කෙනෙකි. සාතන් ඔහුව ප්‍රයෝජනවත් ලෙස යොදා ගෙන තිබිණ. නමුත් දෙවියන්වහන්සේට සාතන්ගේ බැමි කඩා දමන්ට පිළිවන. වහලුන් සේ සිටින්නන් මුදා හරින්නට පිළිවන. සාවුල් උගත් කෙනෙක් වූ අතර සාතන් ඔහුගේ දක්ෂකම් සහන් තලෙන්ත දේව පුත්‍රයාට විරුද්ධව කැරැල්ල ගෙන යාමට තමාගේ ප්‍රයෝජනයට යොදාගෙන තිබිණ. නමුත් යේසුස්වහන්සේ තමන්ගේ නාමයෙන් දේශනා කාන්ටත්, ගෝලයන්ව ශක්ත්මත් කරන්ටත්, ස්තේපන්ගේ මරණයෙන් හිස් වූ තැන පුරවන්ටත් සාවුලවා තෝරාගත් සේක. යුදාවරු සාවුල්ව උසස් කොට සැලකුහ. ඔහුගේ උනන්දුවද උගත්කමද ගැන සතුටට පත්ව සිටියහ. ගෝලයෝ භයට පත්ව සිටියහ.GCSinh 30.4

    ______________________________________
    ක්‍රියා පොතේ 6, 7 පරිච්ඡේදයන් කියවන්න.
    GCSinh 30.5