Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    12 පරිච්ඡේදය - යේසුස්වහන්සේගේ ගෝලයෝ

    කුරුසියෙහි ඇණ ගසනු ලැබූ මළවුන්ගෙන් නැගිටි යේසුස්වහන්සේ ගැන ගෝලයෝ මහත් බලයෙන් යුතුව දේශනා කළෝය. ඔවුහු රෝගීන් සුව කළහ. සැමදා කොරව සිට සම්පුර්ණ සුවය ලැබූ මනුෂ්‍යයෙක් ඇවිදිමින්, පැන නගිමින්, ප්‍රශංසා කරමින් ගෝලයන් සමග දේව මාළිගාවට ඇතුල් විය. ආරංචිය පැතිර ගොස් බොහෝ සෙනඟ ගෝලයන් අවට රැස්වන්නට වූහ. බොහෝ දෙනා දුවවිත් ලබාදී තිබු සුවය ගැන මහත් සේ විමතියට පත්වූහ.GCSinh 27.1

    යේසුස්වහන්සේ මැරුණයින් පසු ප්‍රාතිහාර්යය නවතීවි, උනන්දු නැති වී, කැළඹීම් මැරී යාවි, සෙනඟද පරම්පරාගත නියෝග වෙතට නොහොත් පෙර තිබු තත්ත්වයට හැරී ඒවි යයි පූජකයන්ගේ කල්පනාව විය. නමුත් බලව දැන් ඔවුන් මධ්‍යයේම ගෝලයෝ හාස්කම් කරති. ජනතාව පුදුමයෙනුත් විශ්මයෙනුත් පිරි ගෝලයන් දෙස බලා සිටිති. ගෝල පිරිස මෙම බලය ලබා තිබෙන්නේ කොහෙන්ද? යේසුස්වහන්සේ ජීවත්ව සිටියදී උන්වහන්සේ ඔවුන්ට බලය ලබා දුන් බව පූජකයෝ විශ්වාස කළහ. දැන් යේසුස්වහන්සේ මැරිලාය. හාස්කම් නවතී යයි ඔවුහු බලාපොරොත්තු වූහ. සෙනඟ ව්‍යාකූලව සිටි බව දැනගත් පේත්‍රස්තුමා කථා කරමින් ‘ඊශ්‍රායෙල්වරුනි, නුඹලා පුදුමව අප දෙස බලා සිටින්නේ මක් නිසාද? අපගේ ශුද්ධවන්තකමෙන් හෝ බලයෙන් මේ මනුෂ්‍යයාට ඇවිදින්ට අප සැලැස්වූ යයි සිතන නිසාද? ආබ්‍රහම්ගේද, ඊසාක්ගේද, යාකොබ්ගේද දෙවිවූ අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ තමන් මෙහෙකරු වූ යේසුස්වහන්සේව ගෞරවයට පැමිණෙවූ සේක. නුඹලා උන්වහන්සේව පාවාදී, පිලාත් උන්වහන්සේව නිදහස් කරන්ට තීන්දු කරගෙන සිටි කළ ඔහු ඉදිරියේදී උන්වහන්සේව එපා කොට මිනිමරුවෙකුව නුඹලාට දෙන පිණිස ඉල්ලා ජීවනයේ අශිපතියාව මැරුවාහුය. දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවූ සේක. අප ඊට සාක්ෂිකාරයෝය. උන්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල නිසා නුඹලා දන්නාවූ හඳුනන්නාවූ මේ මනුෂ්‍යයා සම්පුර්ණ සුවය ලැබුවේය’ යි පේත්‍රස් තුමා ඔවුන් ඉදිරියේ පැවැසීය.GCSinh 27.2

    පූජකයන්ට හා වැඩි මහල්ලන්ට මෙය දරාගත නොහැකිව ගෝලයන්ව අල්ලා සිරගෙට දැමූහ. නමුත් ගෝලයන්ගෙන් එක් දේශනාවක් ඇසු ජනයන් අතරෙන් යේසුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම හා ස්වර්ගයට යාම විශ්වාස කළ දහස් ගණනක් උන්වහන්සේව පිළිගත්හ. යේසුස්වහන්සේ වෙතට සෙනඟ ඇදී යන නිසා උන්වහන්සේව මරා දැමුහ. නමුත් දැන් තත්ත්වය ඊට වඩා බරපතල වී ඇත. යේසුස්වහන්සේව මරා දැමීම ගැන ගෝලයෝ දැන් ප්‍රසිද්ධියේම තමුන්ට දොස් පවරා ඇත. මෙම තත්ත්වය කොතරම් දුරට වර්ධනය වේවිද, සෙනඟ තමන් ගැන කුමක් සිතාවිද කියා ඔවුන්ට එසේ සිතාගත නොහැකි විය. ගෝලයන්ව මරා දමීමට් ඔවුන්ට පුළුවන්කම තිබිණ. නමුත් ඔවුන් එසේ කළහොත් සෙනඟ ඔවුන්ට ගල් ගසනවා ඇත. ගෝලයන්ව මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන්වූහ. ධර්මිෂ්ටයාණන්ගේ ලේ වගුරුවන්ට ඉල්ලු අය එහි වූහ. යේසුස්වහන්සේව නාඳුනන බව කීව වූ පේත්‍රස්ගේ බියගුලුකමගන ඔවුහු අසා තිබිණ. පේත්‍රස්ව තර්ජනය කර බිය ගන්වා සේවය නතර කරවන්ට ඔවුහු සිතූහ. නමුත් පේත්‍රස් දැන් හැරුණාවූ ගෝලයෙක්ය. වරක් ඔහු උන්වහන්සේව නොහඳුනන බව දිවුරමින් කියා සිටියේය. දැන් ඔහු තමාට කළ වරද හරිගස්සා ගැනීමට අවස්ථාව පැමිණ ඇත. ශුද්ධාත්මයාණන් කරණ කොටගෙන ශුද්ධ වූ නිර්භීතකමකින් කථා කර පේත්‍රස් මෙසේ පැවැසීය. ‘නුඹලා විසින් කුරුසියේ ඇණ ගසා මරා දැමුවා වූ දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවා වදාළ නාසරෙත්හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලා ඉදිරියෙහි සිටින මේ මනුෂ්‍යයා සුවපත්ව සිටි යයිද, ගෙවල් සාදන්නන් වන නුඹලා විසින් එපා කල ගල දෙවියන්වහන්සේ විසින් කොනේ ප්‍රධාන ගල කරනු ලැබූ බවද, අපේ ගැළවීම පිණිස අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය’ යිද කිවේය.GCSinh 28.1

    පේත්‍රස්ගේද, යෝහන්ගේද නිර්භීතකම ගැන එහි සිටි අය පුදුමයට පත්වූහ ඔවුන් යේසුස්වහන්සේ සමග සිටි බව ඔවුන් හැඳින ගත්තෝය. යේසුස්වහන්සේ මිනීමරුවන් ඉදිරියේ හැසිරුණු ආකාරයට ගෝලයන් හැසිරෙන ආකාරය සමාන බව ඔවුහු දුටුවෝය. යේසුස්වහන්සේ එදා එක අනුකම්පාවෙ බැල්මකින් පේත්‍රස්ගේ හැගීම් වෙනස් කළසේක. දැන් ඔහු යේසුස්වහන්සේ තම ස්වාමින්වහන්සේ ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එවිට ස්වාමීන්වහන්සේ පේත්‍රස්ව පිළිගෙන ආශීර්වාද කළසේක. එහි ප්‍රතිඵලයක් ලෙස පේත්‍රස් ශුද්ධාත්මයාණන්ගෙන් පුර්ණ විය.GCSinh 28.2

    නායක පූජකයෝ තමන් තුළ වූ ක්‍රෝධය පෙනෙන්ට ඉඩ හරින්ට භය වූහ. ටික වෙලාවකට මන්ත්‍රණ සභාවෙන් පිටවෙන්ට ඔවුන්ට අණ කළහ. පසුව ඔවුහු ‘මේ මනුෂ්‍යයන්ට කුමක් කරමුද? ඔවුන් කරණ කොටගෙන මහත් හාස්කමක් සිදු වී තිබෙන බව යෙරුසෙලමේ වසන හැමදෙනාම දැනගෙන ඇත. අපට එය නැතැයි කිව නොහැක. මෙය තව දුරටත් පැතිරෙන්නට ඉඩ දිය නොහැක. එසේ වුවහොත් අපට බලය අහිමි වී යනවා පමණක් නොව, යේසුස්වහන්සේව මරා දැමු මිනීමරුවන් ලෙස අප දෙස ඔවුන් බලනවා ඇත.’ යනුවෙන් සාකච්ඡා කොට නැවත ගෝලයන්ව මන්ත්‍රණ සභාව වෙත ගෙන්වා මේ නාමයෙන් තවදුරටත් කථා නොකරන ලෙස ඔවුන්ට තර්ජනය කළහ. නමුත් පේත්‍රස් භය නැතිව කථා කොට ‘අප ඇසු දුටු දේ ගැන කථා නොකර සිටින්ට අපට නොහැකිය’ යි පැවැසීය. GCSinh 28.3

    තමන් වෙතට ගෙනෙනු ලැබූ නොයෙක් රෝගීන් ගෝලයෝ යේසුස්වහන්සේගේ නාමයෙන් සුවපත් කළහ. නායක පූජකයන් සහ වැඩිමහල්ලන්ද ඔවුන්ට සම්බන්ධව සිටි තවත් අයද භයට පත්වූහ. දිනපතා සිය ගණන් ජනයා මළවුන්ගෙන් නැගිටි, ස්වර්ගයට වැඩම කළ යේසුස්වහන්සේගේ ධජය යටතට පැමිණෙන්ට පටන් ගත්හ. ඔවුහු ගෝලයන්ව සිරගත කර ඔවුන්ගේ උනන්දුව නැතිවේ යයි බලා සිටියහ. සාතන් ජයග්‍රාහී බවට පත්විය. ඔහුගේ දූතයන් ප්‍රමෝදයට පත්වූහ. නමුත් දෙවියන්වහන්සේ තම දූතයන් එවා සිරගෙයින් ඔවුහු මුදවාගෙන නැවත දේව මාලිගාවට ගොස් මේ ජීවනයේ වචන ප්‍රකාශ කරන්ට ගෝලයන්ට පැවසු සේක. පසුවදා උදේ මන්ත්‍රණ සභාව රැස්ව සිරකරුවන් ගෙන එන්ට සේවකයන් යැවුහ. ඔවුහු දොරවල් හැර බැලූ විට එහි කිසිවෙක් සම්භ නොවීය. ඔවුහු ආපසු ඇවිත් තමන් යැවූ අයට දැන්වූයේ සිරගෙදර දොරවල් ප්‍රවේසම් සහිතව වසා තිබු බවත් මුරකරුවන් දොරවල් ළඟ රැකවල් කරමින් සිටි බවත් නමුත් සිරගෙය තුළ කිසිවෙක් නොවූ බවත්ය. එවිටම තවත් කෙනෙක් පැමිණ ‘බලාපල්ලා නුඹලා සිරගෙදර දැමු අය දේව මාලිගාවෙහි සෙනඟට උගන්වමින් සිටිති’ යි කිවේය. GCSinh 28.4

    මෙම අධිපතියා සේවකයන් සමග ගොස් බලහත්කාර නොකර ඔවුන් ගෙනාවෝය. මක්නිසාද සෙනඟ ගල් ගසතියි ඔවුහු භය වුවෝය. උත්තම පූජකයා කථා කොට, ‘මේ නාමයෙන් නුගන්වන්ට නුඹලාට තදින් අණ කළෙමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසේලම පුරවා, ඒ මනුෂ්‍යයාගේ ලේ අප පිට පමුණුවන්ට හදනවා’ යයි ඔවුන්ට කිවේය. ඔවුහු එදා තදින් කෑගසමින් ‘ඔහුගේ ලේ අප පිටත් අපගේ දරුවන් පිටත් වේවා’ යයි ඉල්ලා සිටි නමුත් දැන් උන්වහන්සේගේ ලේ තමන් පිටට පැමිණෙනවාට කැමති වූයේ නැත. ඔවුහු වංචාකාරයෝය. දෙවියන්වහන්සේට ප්‍රේම කරනවාට වඩා මනුෂ්‍යයාගේ ප්‍රශංසාව ලබන්ට කැමතිව සිටි අයවලුන්ය.GCSinh 28.5

    අපොස්තුළුවරු භය නැතිව ප්‍රකාශ කළේ ඔවුන් විසින් මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට කීකරු විය යුතු බවය. අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නුඹලා විසින් කුරුසියක එල්ලා මැරූ යේසුස්වහන්සේව නැගිටුවා වදාළ සේක. උන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට පසුතැවිල්ලත් පව් කමාවත් ලබාදෙන පිණිස අධිපතියෙක්ද ගැලවුම්කාරයෙක්ද කොට දෙවියන්වහන්සේ දකුණතින් ඔසවා තැබූ සේක. අප මේ දේවල් ගැන උන්වහන්සේගේ සාක්ෂිකාරයෝය. තමන්ට කීකරු වන අයට දෙවියන්වහන්සේ දුන්නාවූ ශුද්ධාත්මයාණන් වහන්සේද සාක්ෂිකාරයෙක්යැයි ඔවුහු කීවෝය. මේ වචනවලට සවන් දුන් මිනීමරුවෝ කොපාවිෂ්ට වූහ. ඔවුන්ගේ අත් අපොස්තුළුවරුන්ගේ ලෙයින් තවරාගන්ට සිතුහ. මොවුන් ඒ දේ කරන්ට සැලසුම් කල අතර ගමාලියෙල් නැමැත්තා වෙතට දෙවියන්වහන්සේ දූතයෙක් යැවූ සේක. පූජකයන්ට අවවාද කරන පිණිස දේව දූතයා ගමාලියෙල්ගේ හිත මෙහෙයවන්ට විය. ගමාලියෙල් කථා කර, ‘ඊශ්‍රයෙල්වරුනි නුඹලා මේ මනුෂ්‍යයන්ට කරන්නට යන කාරණාවල් ගැන ප්‍රවේශම් වෙයල්ලා...’ මක්නිසාද මේ මන්ත්‍රණය හෝ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, එක පෙරළා දමනු ලබන්නේය. නමුත් ඒක දෙවියන්වහන්සේගෙන් වී නම්, ඔවුන් පරාජය කරන්ට නුඹලාට බැරිය; එසේ උත්සහ කළහොත් සමහර විට නුඹලා දෙවියන්වහන්සේට විරුද්ධව පවා යුද්ධ කරන්නහු වන්ට පුළුවනැ’යි කීවේය. මෙසේ අපොස්තුළුවරුන් වෙනුවෙන් හඬක් නගන්නට ගමාලියෙල් තුලින් දෙවියන්වහන්සේ ක්‍රියා කළසේක. GCSinh 29.1

    අපොස්තුළුවරුන් තමන් ඇසු දුටු දේ ගැන යේසුස්වහන්සේගේ නාමයෙන් සාක්ෂි දරණ පිණිස රජවරුන් ඉදිරියට පමුණුවනු ලැබිය යුතුව තිබිණ. පූජකයෝ අපොස්තුළුවරුන්ට තළා, යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන ලෙස අණ කොට යන්ට හැරියෝය. යේසුස්වහන්සේගේ නාමය නිසා දුක්විදින්ට සිදුවීම ගැන ඔවුහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝය. ඔවුහු දේව මාළිගාවෙහිදී ද, තමන්ව කැඳවනු ලැබූ නිවෙස්වලද දේශනා කළෝය. දේව වචනය වර්ධනය වෙමින් බලවත් විය. සාතන් යේසුස්වහන්සේගේ මළවුන්ගෙන් උත්ථාන වීම සඟවන්ට උත්සහ කළ නමුත් ඊට තුඩු දෙන සාක්ෂි ඔවුන් අවට බොහෝ සෙයින් පෙනෙන්ට විය. ගෝලයෝ භය නැතිව එය ප්‍රකාශ කළ අතර බලවත් හාස්කම්ද යේසුස්වහන්සේගේ නාමයෙන් සිදු කළහ.GCSinh 29.2

    සෑම පරම්පරාවක්ම ඔස්සේ ශුද්ධ වූ වැදගත් සත්‍යතාවයන්, නැංගුරමක් ලෙස දෙවියන්වහන්සේගේ ගෝලයන් උදෙසා සේවය කරන පිණිස , විශේෂ ආරක්ෂාවක් සැලකිල්ලක් දැක්වීමට දේව දූතයන්ට භාර කළ බව මම දුටිමි.GCSinh 29.3

    ඊශ්‍රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව සඳහා යේසුස්වහන්සේ සාක්ෂි දරණ, උන්වහන්සේගේ කුරුසපත් වීම, මළවුන්ගෙන් නැගිටීම සහ ස්වර්ගයට යාම වැනි වැදගත් සත්‍යතාවයන් උගන්වන අපොස්තුළුවරුන් කෙරෙහි විශේෂයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ පහළ වූ සේක. සියලු දෙනාම තමන්ගේ එකම බලාපොරොත්තුව ලෙස ගැලවුම්කාරයාණන් දෙස බලා තමන් මරණය කරණ කොටගෙන විවෘත කළාවූ මාර්ගයෙහි ගමන් කරමින් දෙවියන්වහන්සේගේ ආඥාවන් අනුව ජීවත් විය යුතුය. යුදාවරු, යේසුස්වහන්සේට වෛර කරන්ට හා මරන්ට හේතුව වූ උන්වහන්සේ ඉටු කළ සේවය් ඉටු කිරීමට ගෝලයන්ට පැවරීමේ තිබෙන ප්‍රග්නවන්තකම හා යහපත්කම මම දුටිමි. සාතන්ගේ ක්‍රියා විනාශ කරන පිණිස උන්වහන්සේ ඔවුන්ට බලය දුන් සේක. නින්දා අපහාස කරනු ලැබූ දුෂ්ට අත්වලින් මරණයට පත් කළ විට සහ මළවුන්ගෙන් නැගිටි විට උන්වහන්සේගේ හිස වටා ආලෝක රශ්මි කවයක් දිස් වූයේ උන්වහන්සේ ලෝකයේ ගැලවුම්කාරයාණන් වහන්සේය යන සත්‍යතාව අමරණීය බවට පත්කිරීමටය. GCSinh 29.4

    ______________________________________
    ක්‍රියා 3, 4, 5 පරිච්ඡේද කියවා බලන්න.
    GCSinh 29.5