Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    7 පරිච්ඡේදය - ක්‍රිස්තුස්වහන්සේව පාවා දීම

    යේසුස්වහන්සේ තම ගෝලයන් සමග පාස්කු භෝජනය අනුභව කළ කාලය වෙතට දේවානුභාවයෙන් මාව පමුණුවනු ලැබීය. සාතන් යුදස් ඉස්කාරියොත් රවටා තමා යේසුස්වහන්සේගේ සැබෑ ගෝලයෙක් යයි සිතන්ට සලස්වා තිබිණ. නමුත් ඔහුගේ සිත නිතරම වූයේ මංසික මට්ටමකය. මුල සිටම යේසුස්වහන්සේ සමග සිටි ඔහු උන්වහන්සේගේ පුදුම ක්‍රියා දුටු අතර සැබවින්ම යේසුස්වහන්සේ මෙසියස්වහන්සේ බව හැඟීම්බරව දැන සිටින්ට විය. නමුත් ඔහු සිටියේ තෘෂ්ණාධික කමින් තම මනස වසාගෙනය. මුදලට ඔහු ආශා විය. යේසුස්වහන්සේගේ ශරීරය මත සුවඳ තෙල් වත් කළ අවස්ථාවේ ඔහු ඊට එරෙහිව පැමිණිලි කළේය. මරිය යේසුස්වහන්සේට ප්‍රේම කළාය. උන්වහන්සේ බොහෝ වූ ඇයගේ පාපයට කමා කර තිබිණ. ඇය බොහෝ සේ ප්‍රේම කළ අයගේ සහෝදරයාව උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා තිබිණ. ඒ නිසා යේසුස්වහන්සේට පුදන කිසිවක් අධික මිලයක් ලෙස ඇය සැලකුවේ නැත. යුදස් තම වස්තු තණ්හාව සඟවා ගෙන නිදහසට හේතුවක් දක්වමින් එම ආලේප තෛලය විකුණා දිළිඳුන්ට දෙන්ට තිබුණා නොවේද කියා පැවැසීය. නමුත් ඔහු එසේ පැවසුවේ දිළිඳුන් කෙරෙහි සැලකිල්ල දැක්වූ නිසා නොව දිළිඳුන්ට උපකාර කිරීම උදෙසා ඔහුට දෙනු ලැබ තිබු මුදලින් කොටසක් තමාගේ ප්‍රයෝජනයට වැය කළ නිසාය. යුදස් යේසුස්වහන්සේගේ අවශ්‍යතාවයන් ගැන හෝ පහසුව ගැන සැලකුවේ නැත. ඔහු බොහෝ විට දිළිඳුන් ගැන කථා කළේය. මරියාගේ නොමසුරු දීමනාව යුදස්ට තම මසුරුකම කෙරෙහි වැදුණු මාරු පහරක් සේ දැනිණි. සාතන්ට යුදස්ගේ මනසට ඇතුළුවීමට පහසු මාර්ගයක් විවෘතව තිබිණි.GCSinh 13.1

    යුදා ප්‍රධානීහු යේසුස්වහන්සේ වෛර වූහ. නමුත් සමූහයෝ උන්වහන්සේ වෙතට රැස්වූයේ ප්‍රඥාවෙන් වූ වචන අසන පිණිසත් උන්වහන්සේ කල ආශ්චර්යමත් ක්‍රියා දකින පිණිසත්ය. සෙනඟගේ අවධානය නායක පූජකයන් සහ වැඩිමහල්ලන් වෙතින් යේසුස්වහන්සේ වෙතට ඇදී එන්ට විය. බොහෝ ප්‍රධානීන්ද යේසුස්වහන්සේ කෙරෙහි අදහාගත්හ. නමුත් ඒ බව ප්‍රසිද්ධියේ කියන්ට මැලි වූයේ සිනගෝගවලින් ඉවත් කරාවි යන බිය නිසාය. ජනතාවගේ අවධානය ආපසු තමන් වෙත හරවා ගන්නා පිණිස යමක් කළ යුතුයයි නායක පූජකයෝ තීරණය කළහ. සියල්ලන් උන්වහන්සේ කෙරෙහි අදහා ගනු ඇතැයි ඔවුහු බියට පත්වූහ. තමන් හට ආරක්ෂාවක් නැති බව දැනිණ. තම තත්ත්වය රැක ගන්නට යේසුස්වහන්සේව මරා දැමිය යුතුයි. එපමණක් නොව යේසුස්වහන්සේ විසින් මරණයෙන් නැගිටවූ ලාසරුස්ව දැකගැනීමට ජනතාව ඇදී එන්ට වූයෙන් ඔහුවද මරා දැමීමට ඔවුහු තීරණය කළහ. නැගී එන ජන මතය මෙලෙස මැඩපැවැත්වීම, ජනතාවගේ සිත් නැවත පරම්පරා නියෝග වෙතට සහ දසභාගය, සුවඳතලාය, සතපුෂ්පය, සුදුදුරුය යන මනුෂ්‍යය ඉගැන්වීම් වෙතට හරවා ගෙන බලපෑම් ඇති කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය.GCSinh 13.2

    සමූහයන් අතර සිටින යේසුස්වහන්සේව අල්ලා ගැනීමට උත්සහ කළහොත් සෙනඟ ගල් ගැස්විය යන බිය නිසා තනිව සිටින විටකදී අල්ලා ගැනීමට ඔවුහු එකඟ වූහ.GCSinh 13.3

    යේසුස්වහන්සේව අල්ලා ගනීමට් පූජකයන් තද උනන්දුවකින් සිටින බව දැනගත් යුදස් උන්වහන්සේව පාවා දීමට කැමැත්ත දැක්වීය. මුදලට ආශා කළ ඔහු රිදී කාසි කිහිපයකට තම ස්වාමින්වහන්සේව උන්වහන්සේගේ බලවත් සතුරන් අතට පාවා දීමට් එකඟ විය. සාතන් යුදස්ව මෙහෙයවන්ට විය. පාස්කු භෝජනය වළඳන ඒ ආගමික මෙහෙය කෙරීගෙන යන් විට යුදස් සිතමින් සිටියේ යේසුස්වහන්සේව පාවාදෙන ක්‍රමය ගැනය. එදා රාත්‍රියේ ගෝලයන් සියලු දෙනාම තමන් නිසා බාධාවට පැමිණෙන බව දුක්ඛිත ස්වරයෙන් යේසුස්වහන්සේ පැවසු අතර කවරෙක් බාධාවට පැමිණියත් උන්වහන්සේව අත් නොහරින බව පේත්‍රස්තුමා පැවැසීය. සාතන් ඔහුව ගොධුම මෙන් පොලන්ට ඉල්ලු බව පේත්‍රස්ට පවසා ‘මම නුඹගේ ඇදහිල්ල නැති නොවන සේ යාඥා කළෙමි’ යි දන්වා ‘නුඹ හැරුණයින් පසු නුඹේ සහෝදරයින් ශක්තිමත් කරන්නැයි’ යේසුස්වහන්සේ පේත්‍රස්ට පැවසු සේක.GCSinh 13.4

    ඉන්පසු යේසුස්වහන්සේ ගෝලයන් සමග ගෙත්සෙමන උයනෙහි සිටිනවා මම දර්ශනයෙන් දුටිමි. පරීක්ෂාවන් පැමිණෙන විට ගෝලයන්ගේ අදහුල්ල බිඳී යාමද, බලාපොරොත්තු කඩවීමද සිදුවිය හැකි බව දුටු යේසුස්වහන්සේ ආරක්ෂාව හා ශක්තිය ලබාගන්නා පිණිස අවදිව සිටිමින් උනන්දුවෙන් යාච්ඤා කරන මෙන් තම ගෝලයන්ගෙන් ඉල්ලු සේක. යේසුස්වහන්සේද මහත් හැඩීමකින් යුතුව පියාණෙනි, මේං දුක් පත්‍රය ඔබ කැමති නම් පහ කල මැනව. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත ලෙස වේවා’යි කියමින් යාච්ඤා කළසේක. දේව පුත්‍රයාණන් වේදනාවෙන් යාච්ඤා කළසේක. ලේ පැහැයෙන් දාඩිය බිඳු උන්වහන්සේගේ සිරුරෙන් බිමට පතිත විය. උන්වහන්සේව මෙම වේදනාවෙන් මුදාගැනීමට දේව දූතයන් ආශාවෙන් සිටි නමුත් අණ දෙන දේව දූතයා එක දේව දූතයෙකුට පමණක් ලඟට ගොස් උන්වහන්සේව ශක්තිමත් කරන්ට අවසර දෙන්ට යෙදිණි. දූත සේනාවෝ නිහඬව උන්වහන්සේගේ දුක් විඳීම දෙස බලා සිටියහ. පාවා දීමෙන් මුදවා ගන්ට දේව දූතයන් උත්සහ කළහොත් දේව කැමැත්ත ඉටු නොවන්නේය. සැලැස්ම පිළියෙළ කර තිබිණ. එය සම්පුර්ණ ලෙස ඉටු විය යුතුය.GCSinh 14.1

    යාච්ඤා කිරීමෙන් පසුව යේසුස්වහන්සේ තම ගෝලයන් වෙතට පැමිණි සේක. මෙම අතිමහත් වේදනාත්මක අවස්ථාවේ යේසුස්වහන්සේට තම ගෝලයන්ගෙන් සහය හෝ පහසුව ලැබුණේ නැත. ඔවුන් සිටියේ නිදාගෙනය. යේසුස්වහන්සේ උදෙසා හිරගෙට වුවත් යන්ට කැමති බව පැවසූ පේත්‍රස් තුමාද තද නින්දේය. “පේත්‍රස් නුඹට මා සමග එක පැයක්වත් අවදිව සිටින්ට නොහැකි වූවාදයි අසමින් උන්වහන්සේ ඔහුට, ඔහු දුන් පොරොන්දුව මතක් කර දුන්සේක. යේසුස්වහන්සේ තුන්වරක්ම වේදනාවෙන් යාච්ඤා කළසේක. යුදස් තම කණ්ඩායම සමග පැමිණියේය. පුරුදු පරිදි උන්වහන්සේට ආචාර දැක්වීය. කණ්ඩායම යේසුස්වහන්සේ වටකර ගත්හ. ‘නුඹලා සොයන්නේ කාවද? ඒ මමය’ යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කල විට දේව මහිමය උන්වහන්සේ වෙතින් නිකුත් විය. එවිට ඔවුහු පසුපසට ගොස් බිම ඇද වැටිණ. යේසුස්වහන්සේ මෙසේ පැවසුවේ උන්වහන්සේගේ බලය ඔවුන්ට ප්‍රකාශ වන පිණිසත් උවමනා වූවා නම් ඔවුන්ගෙන් මිදී යන්ට උන්වහන්සේට බලය තිබෙන බවට සාක්ෂියක් දක්වන පිණිසත්ය. GCSinh 14.2

    ඔවුහු නැවත නැගිට යේසුස්වහන්සේව වටලා ගත විට පේත්‍රස් තමා අත වූ කඩුවෙන් ගසා කෙනෙකුගේ කණ කපා දැමීය. කඩුව කොපුවේ දමන ලෙස අණ කල උන්වහන්සේ ඔහුට මෙසේ පැවසු සේක. ‘මාගේ පියාණන් වහන්සේට කථා කොට දේව දූත සේනා දොළසක් මේ දැන් ගෙන්වා ගන්ට බැරිය කියා නුඹ සිතනවාද?’ මේ වචන ඇසු දේව දූතයන්ගේ මුහුණුවල අමුතු එළියක් මම දුටිමි. ඔවුහු උන්වහන්සේව මුදා ගන්ට සැරසෙත්ම ඊළඟට උන්වහන්සේගේ මුවින් පිට වූ වදන් ‘එසේ වුවහොත් ශුද්ධ ලියවිලිවල ලියා තිබෙන දේ සම්පුර්ණ වන්නේ කෙසේද?’ යන වදන් ඇසු විට දේව දූතයන්ගේ මුහුණු කණගාටුදායක ස්වරූපයකින් දිස්විණි. යේසුස්වහන්සේ සතුරන් අතට භාර වෙනවා දුටු ගෝලයන්ගේ සිත් මහත් දුකකට සහ බලාපොරොත්තු කඩවීමකට පත්වූහ.GCSinh 14.3

    තමන්ගේ ජීවිත ගැන භයට පත්වූ ගෝල පිරිස යේසුස්වහන්සේව තනිවන්ට හැර දමා ඒ මේ අත විසිර ගියහ. අහෝ! දේව දූතයන් හට කවර නම් දුකක්ද? සාතන්ට ජයග්‍රහණයේ මොනතරම් සතුටක්ද? අණ දෙන දේව දූතයන් ඇතුළු දේව දූත කණ්ඩායම් බොහොමයක් මෙම සිදුවීම් දැක බලාගන්ට එවනු ලැබ සිටියහ. දේව පුත්‍රයාණන්ට විරුද්ධව කල සෑම ක්‍රියාවක්ම සෑම කෘරකමක්ම, සෑම අපහාසයක්ම උන්වහන්සේට විඳින්ට වූ සෑම වේදනාවක්ම ඒ අය විසින් සටහන් කර තැබිය යුතු විය. ඒ දේවල් කළාවූ ඇය ඉදිරියේ යම් දිනක ජීවමාන චරිතාකාරයෙන් ඒවා මුණ ගැසෙන්ට යන්නේය. GCSinh 14.4

    ______________________________________
    ශු. මතෙව් 26: 1-56 ශු. මාර්ක් 14: 1-52, ශු. ලූක් 22 1-46, ශු. යොහාන් 11 පරිච්ඡේදය, 12: 1-11 සහ 18: 1:12 කියවා බලන්න.
    GCSinh 14.5