Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    29 පරිච්ඡේදය - ස්ථිර වේදිකාවක්

    කණ්ඩායමේ ස්ථාපිත ස්ථිර ඇදහිල්ල කළඹන්ට ඉඩ නොදී, තදින් සුරක්ෂිතව නැගී සිටි කණ්ඩායමක් මම දුටිමි. දෙවියන්වහන්සේ පිළිගැනීමෙන් යුතුව බලා සිටින සේක. එක, දෙක, තුන වශයෙන් පඩි තුනක් මට පෙන්වීය. ඒ පළමුවෙනි, දෙවෙනි සහ තුන්වෙනි දූතයන්ගේ පණිවිඩයන්ය. දේව දූතයා මෙසේ පැවැසීය. මෙම පණිවිඩවලින් අල්පෙනෙත්තක් පමණ දෙයක් හෝ එහා මෙහා කරන්නාට දුක් වේ. මෙම පණිවිඩ හරියාකාරව වටහා ගැනීම ඉතා වැදගත්ය. ඒවා පිළිගන්නාවූ ආකාරය මත ජීවිතවල ඉරණම රඳා ඇත. මෙම පණිවිඩ ලබාගැනීමේදී සිදුවූ දේවල් හා අත්දැකීම් මාව ආපස්සට ගෙන ගොස් පෙන්වීය. නැවත මාව ඉදිරියට ගෙනැවිත් දේව සෙනඟ මේවා ලබාගැනීමට කල කැපවීම් පෙන්වා දුන්හ. දෙවියන්වහන්සේ පියවරෙන් පියවර ගෙනැවිත් සොලවන්ට නොහැකි ශක්තිමත් වේදිකාවක් මත ඔවුන්ව පිහිටවූ සේක. පසුව පුද්ගලයන් පැමිණ වේදිකාවට නගින්නට පෙර එය සෝදිසි කරනවා මම දුටිමි. සමහර අය ඉක්මනින්ම වේදිකාවට නාග ගත්හ. තවත් සමහර අය වේදිකාව ඉදිකර තිබු අත්තිවාරමේ අඩුපාඩු සොයන්ට වූහ. අඩුපාඩු සාදා සම්පුර්ණ කළහොත් ජනතාව වඩාත්ම සතුටු වේවි යයි කීහ. ඉන්පසු තවත් අය වේදිකාවෙන් බැස වේදිකාවේ වැරදි ඇත්දැයි බලා එය වැරදියට සාදා ඇති බව කීහ. වේදිකාව මත සිටි වැඩි දෙනා ස්ථිර ලෙස නැගී සිට වේදිකාවෙන් බැස සිටි අයට කථා කොට පැමිණිලි කිරීම් නතර කරන ලෙසද, උතුම් ඉද්කිරීම්කාරයනෝ දෙවියන්වහන්සේ බවද, උන්වහන්සේට විරුද්ධව සටන් නොකරන ලෙසද ඉල්ලා සිටියහ. දෙවියන්වහන්සේ ඔවුන් පුදුමාකාර ලෙස මෙම වේදිකාවට ගෙන ආ ආකාරය ගැන කථා කරගෙන හැමදෙනාම ස්වර්ගය දෙසට හරි මහා හඬින් දෙවියන්වහන්සේට ගෞරවය දුන්හ. විවේචනය කර වේදිකාවෙන් බැස සිටි සමහර අය මෙවිට ඇතිවූ හැඟීම් නිසා යටහත් පහත පෙනුමෙන් යුතුව නැවත වේදිකාවට නාග ගත්හ. GCSinh 60.1

    යේසුස්වහන්සේගේ පළමු පැමිණීමේ කාලය වෙතට මාගේ අවධානය යොමු කරවන්ට විය. යේසුස්වහන්සේගේ පැමිණීමට මාර්ගය සුදානම් කරන පිණිස එලියාගේ අත්මයෙන්ද බලයෙන්ද යොහාන් බව්තීස්තව එවන ලදී. යොහාන්ගේ සාක්ෂිය පිළිනොගත් අයට යේසුස්වහන්සේගේ ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ලැබුණේ නැත. යේසුස්වහන්සේගේ පළමු පැමිණීම ගැනවූ ප්‍රකාශයන්ට විරුද්ධ වීම නිසා උන්වහන්සේ මෙසියස්වහන්සේ බව පිළිගැන්වීමට කොතරම් බලවත් සාක්ෂි දෙනු ලැබුවත් ඒවා ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය. යොහාන්ගේ පණිවිඩ ප්‍රතික්ෂේප කළ අයව සාතන් තවත් ඉදිරියට ගෙන ගොස් යේසුස්වහන්සේව එපා කරන්ටද කුරුසියක ඇණ ගසන්ටද මෙහෙය වූහ. මේ දේවල් කිරීමෙන් ඔවුන් තමන්වම පත්කරගත්තේ පෙන්තකොස්ත දවසෙහිදී ආශීර්වාද ලබාගත නොහැකි සහ ස්වර්ගීය ශුද්ධස්ථානයට යා හැකි මාර්ගය දැකගත නොහැකි තත්ත්වයකටය. දේව මාළිගාවේ තිරය ඉරා දැමීමෙන් පෙන්නුම් කළේ යුදාවරුන්ගේ පුද පූජා සහ සත්කර්මයන් මෙයින් පසු පිළිනොගන්නා බවය. අති මහත් පූජාව ඔප්පු කරනු ලැබීය. එය පිළිගනු ලැබූ ලෝකය වෙත වැඩම කළ ශුද්ධාත්මයාණන් වහන්සේ ගෝලයන්ගේ මනසවල් භූමික ශුද්ධස්ථානයෙන් ස්වර්ගීය ශුද්ධස්ථානයට එනම් යේසුස්වහන්සේ තමන්ගේම ලේ කරණකොටගෙන ඇතුළු වූ ස්ථානයට නොහොත් උන්වහන්සේගේ සමගිකමේ පිහිට උපකාර එව්වා වූ ස්ථානයට ගෙන ගිය සේක. යුදා සෙනන්ගාව මුලාවකද, සම්පුර්ණ අඳුරකද අත්හරිනු ලැබීය. ගැළවීමේ සැලැස්ම සම්බන්ධව ඔවුන්ට ලැබෙන්ට තිබුණාවූ ආලෝකය අහිමි කරගෙන ඔවුහු තවදුරටත් නිෂ්ප්‍රයෝජන පුද පූජා පැවැත්වූහ. ඔවුන්ට යේසුස්වහන්සේගේ මැදහත්කාර මෙහෙයේ ප්‍රතිලාභ ලබාගැනීමට නොහැකි විය. භූමික ශුද්ධස්තානයේ තැන දැන් ස්වර්ගීය ශුද්ධස්ථානයට ලැබී තිබිණ. නමුත් ඔවුන්ට එහි යන මාර්ගය ගැන දැනුම තිබුනේ නැත.GCSinh 60.2

    යුදා සෙනඟ යේසුස්වහන්සේව පිළිනොගැනීම සහ කුරුසියේ අණ ගැසීම භයානක අපරාධයක් ලෙස බොහෝ අය දකිති මෙම ලැජ්ජා සහගත ඉතිහාසය ඔවුන් කියවන විට යේසුස්වහන්සේට තමන් ආදරේ යයි සිතති. පේත්‍රස් මෙන් උන්වහන්සේව හෙළා දැක කථා කරන්නේ නැත. යුදයින් මෙන් කුරුසියේ ඇණ ගසන ලෙස ඉල්ලා කෑ ගසන්නේද නැත යයි කියති. නමුත් තම පුත්‍රයාණන් කෙරෙහි ඔවුන් තුළ වූ ප්‍රේමය දෙවියන්වහන්සේ පරීක්ෂණයට භාජන කල සේක. GCSinh 61.1

    පණිවිඩයට දෙන ප්‍රතිචාරය දෙස මුළු ස්වර්ගයම ගාම්භීර උනන්දුවකින් බලා සිටියහ. නමුත් යේසුස්වහන්සේට ප්‍රේම කරනවා යයි කියාගත් උන්වහන්සේගේ මරණය ගැන ඉතිහාසය කියවන විට කඳුළු සලන අය උන්වහන්සේගේ දෙවන ඊමේ පණිවිඩය ඇසු විට ඊට සතුට දක්වනවා වෙනුවට කෝපයට පත්ව එය මුළාවක් යයි කියමින් ඊට විරුද්ධකම් පෑහ. ඊට කැමති වූ අය සමග සහභාගිකම් පැවැත්වීම ප්‍රතික්ෂේප කොට ඔවුන්ව සභාවලින් නෙරපා දැමූහ. පළමු පණිවිඩය එපා කල අයට දෙවන පණිවිඩයෙන් ප්‍රයෝජන ලැබිය නොහැකි විය. මධ්‍යම රාත්‍රියේ හඬ අසා ඊට සම්බන්ධව ක්‍රිස්තුස්වහන්සේ සමග ඇදහිල්ලෙන් ස්වර්ගීය අතිශුද්ධස්ථානයට ඇතුල් වීමට නොහැකි විය. යුදාවරු ක්‍රිස්තුස්වහන්සේව ඇණ ගැසූ ලෙසම මෙකල වූ සභාවන් මෙම පණිවිඩ ඇණ ගසා දැමූහ. එබැවින් ස්වර්ගයේ වූ සිදුවීම් ගැන ඔවුන්ට දැනුමක් තිබුනේ නැත. අතිශුද්ධස්ථානයට යන මාර්ගයද දැනගත් නොහැකි විය. මැදහත්කාර මෙහෙයේ ප්‍රයෝජනද ඔවුන්ට ලබාගත නොහැකිය. යුදාවරු ඒ කාලයේ තවදුරටත් දේව මාළිගාව තුළ නිෂ්ඵල පුද පූජා ඔප්පු කළ ලෙස මේ කාලයේදී පළමුවැන් දෙවන පණිවිඩ එපා කළ අය යේසුස්වහන්සේ අතිශුද්ධස්ථානයට ඇතුල් වූ බවද ශුද්ධස්ථාන කොටසේ දොර වසා තිබු බවද නොදක තමන්ගේ යාච්ඤාවල්සහ නමස්කාරයන් එම හිස් වූ ස්ථානයට යොමු කරන්ට වූහ. මේ ගැන බොහෝ සතුටට පත්වූ සාතන් මුළාවනට අසුවී සිටින අයව තමාගේ මළපත්වල තද ලෙස හසුකරගෙන ආගමික මුහුණුවරකින් සිටගෙන ක්‍රිස්තු අනුගාමිකයින් යයි කියාගන්නා අයව තමා වෙතට යොමු කරවාගන්නා පිණිස පුදුම හාස්කම් ආදිය ඔහුගේ බලයෙන් ක්‍රියාත්මක කරන්නට විය. ඔහු කෙනෙකුව එක විධියකටත් තව කෙනෙකු වෙනත් විධියකටත් මුළා කරන්නේය. එක් එක් මනසවල්වලට ගැළපෙන ආකාරයේ මුළාවන් ඔහු සුදානම් කරගෙන ඇත. සමහර අය සාතන්ගේ එක මුළාවක් දෙස තැති ගැන්මෙන් බලති. නමුත් තවත් මුළාවක් සතුටින් පිළිගනිති. සාතන් සමහර අයව ආත්ම බන්ධන නොහොත් මළාවූ අයගේ ආත්ම සමග කථා කල හැකිය යන මුළාවට හසුකර ගනී. තවත් අවස්ථාවක ඔහු ආලෝකයේ දූතයෙකු ලෙස පැමිණ තම බලය දේශය මත පතුරවයි. ව්‍යාජ ප්‍රතිසංස්කරණවාදීන් හැමතැනම සිතිනවාඅ මම දුටිමි. ඔවුහු සභාවන් තුළ අමුතු ආගමික ප්‍රබෝධතාවන් හා පෙළඹවීම් ඇති කරවයි. මේවා සාතන්ගේ ක්‍රියාකිරීම් බව නොදැන දෙවියන්වහන්සේ තමන් සමග සිටිනවාය පුදුම ලෙසින් ක්‍රියා කරනවාය යයි සිතති. මේවායේ උණුසුම් තත්වය නිවී නැති වී ගියාට පසු සභාවද ලෝකයද පෙර තිබු තත්වයට වඩා නරක තත්වයකට අද වැටේ.GCSinh 61.2

    නාමික ඇඩ්වෙන්ටිස්ට්වරුන් අතරද ඇදහිල්ලෙන් වැටී ගිය සභාවන් තුළද දෙවියන්වහන්සේගේ අවංක දරුවන් සිටින බව මම දුටිමි. වසංගත පැමිණෙන්ට පෙරාතුවද එම අයවද එම සභාවලින් පිටවී එන ලෙස කැඳවනු ලබනවාය. ඔවුන් පිටතට පැමිණ සත්‍යය සතුටින් පිළිගනිති . සාතන් මේ බව දන්න නිසා තුන්වන දූතයාගේ මහත් හඬ පැමිණෙන්ට පෙර මෙම සභාවන් තුළ අමුතු ආගමික ප්‍රබෝධයක් ඇති කර දෙවියන්වහන්සේ තමන් සමග සිටිනවාය කියා සිතන්ට සලස්වා අවංක අයව මුළා කිරීම ඔහුගේ උත්සහයව ඇත. නමුත් ආලෝකය බබලන්නට යන අතර සෑම අවංක අයෙක්ම ඇදහිල්ලෙන් වැටී ගිය සභාවලින් පිටට ඇවිත් දෙවියන්වහන්සේගේ ඉතිරි සෙනඟ සමග එක්වනවාය. GCSinh 61.3

    ______________________________________
    කියවන්න: ශු. මතෙව් 3 පරිච්ඡේදය; ක්‍රියා 2; 2 කොරින්ති 11: 14; 2 තෙසලෝනික 2: 9-12; එළිදරව් 14: 4-12
    GCSinh 61.4