Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    35 පරිච්ඡේදය - තුන්වන පණිවිඩය නිම කිරීම

    තුන්වන දූතයාගේ පණිවිඩය හමාර වන අනාගතය වෙතට මාව යොමු කෙරිණි. දෙවියන්වහන්සේගේ බලය උන්වහන්සේගේ සෙනඟ මත පතිතව තිබිණ. ඔවූ තමුන්ට හිමිව තිබු සේවය ඉටු කර පරික්ෂාවේ පැයට මුහුණ දෙන්ට සුදානම්ව සිටියහ. ඔවුහු අන්තිම වර්ෂාව නොහොත් ශුද්ධාත්ම බලය ලබා සිටියහ. ජීවමාන සාක්ෂිය පණ ගැන්වී තිබිණ. අවසාන් මහා අනතුරු ඇඟවීම ප්‍රකාශ කර තිබු අතර එය පිළිනොගත් අයගේ කෝපය ඇවිස්සී තිබිණ.GCSinh 71.1

    ස්වර්ගයෙහි දේව දූතයන් කඩිනම් මෙහෙවරක යෙදෙනවා මම දුටිමි. භාජනයක් පැත්තකින් බැඳ සිටි තවත් දේව දූතයෙක් යේසුස්වහන්සේ වෙතට පැමිණ පොළොවේ තමාගේ සේවය ඉටුකර ශුද්ධවන්තයන් ගණන් කර මුද්‍රා කල බව උන්වහන්සේට පැවසීය. එවිට මෙතෙක් දස පනත තබා තිබු ගිවිසුම් පෙට්ටිය ඉදිරිපිට සේවය කරමින් සිටි යේසුස්වහන්සේ සුවඳ දුම් භාජනය පොළොවට විසිකර තම දෑත් ඉහලට ඔසවා ‘ඉතින් සමාප්තයි’ කියා මහා හඬින් පැවසු සේක. මෙම ගාම්භීර ප්‍රකාශය කරන විට දේව දූතයෝ තම හිස්වලින් ඔව්ටුණු ගළවා ගත්හ. යෙසුවහන්සේ කථා කොට ගම්භීර ප්‍රකාශයක් කළසේක. එනම් ‘අධර්මිෂ්ට තැනැත්තා මතුත් අධර්මිෂ්ටකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍ර කරනු ලබාවා. ධර්මිෂ්ට තැනැත්තා මතුත් ධර්මිෂ්ටකම් කරාවා. පවිත්‍ර තැනැත්තා මතුත් පවිත්‍ර කරනු ලබාවා’ ජීවනයට හෝ මරණයට හැමකෙනෙකුගේම ඉරණම විසඳා තිබෙන බව මම දුටිමි. යේසුස්වහන්සේ තම සෙනඟගේ පාප මකා දමා තිබිණ. උන්වහන්සේ රාජ්‍යය භාර ගෙන රාජ්‍යයේ උරුමක්කාරයන් උදෙසා සමගිකමක් කල සේක. යේසුස්වහන්සේ අති ශුද්ධස්ථානයේ සේවය කරමින් සිටිං අතර මළාවූ ධර්මිෂ්ට අය සම්බන්ධව විනිශ්චයන් ඉටුකරමින් තිබිණ. ඉන්පසු ජීවත්ව සිටින ධර්මිෂ්ට අයගේ විනිශ්චයය. මෙසේ රාජ්‍යයේ කොටස්කරුවන් තෝරාගෙන හමාරය. බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යයද පැවැත්විණ. අහසින් යට සියලු රාජ්‍යයවල මහත්කමද බලයද යේසුස්වහන්සේට ද ගැළවීමේ උරුමක්කාරයන්ටද දුන් සේක. යේසුස්වහන්සේ රජවරුන්ගේ රජද ස්වාමිවරුන්ගේ ස්වාමියාද ලෙස සදාකාලයටම රජකම් කරන සේක.GCSinh 71.2

    යේසුස්වහන්සේ අති ශුද්ධස්ථානයෙන් පිටවන විට උන්වහන්සේගේ ඇඳුමේ වූ සීනු හඬ මට ඇසිණ. උන්වහන්සේ පිටතට ආ විගසම අඳුරු වලාපටලයකින් පොළොවේ ජනතාව වැසී ගියේය. උදහස් කරනු ලැබූ දෙවියන්වහන්සේත් පව්කාර මනුෂ්‍යයනුත් අතර මැදහත්කාරයෙක් ඉන්පසු නොසිටියේය. යේසුස්වහන්සේ මැදහත්කාරයෙකු ලෙස දෙවියන්වහන්සේද පව්කාර මනුෂ්‍යයන් අතර සේවය කරද්දී මනුෂ්‍යයන්ට දේව ආරක්ෂාවක් සපයා තිබිණ. යේසුස්වහන්සේ ඉන් පිටවූ පසු එම ආරක්ෂාව නැවතිණ. මනුෂ්‍යයෝ සාතන්ගේ පාලනය යටතට පත්වූහ. යේසුස්වහන්සේ ශුද්ධස්ථානයේ සේවය කරන තාක් කල් වසංගත හත පොළොවට පැතිරවිය නොහැක, නමුත් උන්වහන්සේ සේවයෙන් ඉවත්වූ පසු දෙවියන්වහන්සේගේ ගැළවීම එපා කළාවූ සහ සුළු කළාවූ සහ උන්වහන්සේට වෛර කළාවූ අය කෙරෙහි පැමිණෙන විපත්ති නවත්වන්ට කිසිවෙක් නැත. මෙම කෙටි කාලය තුළ ශුද්ධවන්තයන් ජීවත් වන්ට යන්නේද ශුද්ධ වූ දෙවියන්වහන්සේ ඉදිරියේ මැදහත්කාරයාණන්ගේ සේවය නොමැතිවය. සෑම කෙනෙකුවම විනිශ්චය කර හමාරය. ශුද්ධ මණ්ඩපයට අයත් පිටත මළුවේ යේසුස්වහන්සේ ටික වේලාවක් නැවතී සිටිසේක. උන්වහන්සේ අති ශුද්ධස්ථානයේ සේවය කරද්දී කමාව දෙනු ලැබූ පාප සියල්ල පාපයේ ආරම්භකයා වූ සාතන් පිට තබන්ට යෙදිණ. මෙම පාප ගැන ඔහු වගකිව යුතුයGCSinh 72.1

    ඉන්පසු යේසුස්වහන්සේ පූජක ඇඳුම් ගළවා තම රාජ වස්ත්‍ර ඇඳගෙන ඔටුන්නක් මත ඔටුනු ඇති රාජකීය ඔවුන්න පැළඳ ගෙන දේව දූතයන් පිරිවරාගෙන ස්වර්ගයෙන් පිටත්වූ සේක. පොළොවේ ජනයන් වෙත වසංගත වැගිරෙන්ට පටන්ගෙන තිබිණ. සමහර අය දෙවියන්වහන්සේට ශාප කරමින් අපහාස කරන්ට වූහ. තවත් අය දෙවියන්වහන්සේගේ සෙනඟ වෙතට දුවැවිත් දෙවියන්වහන්සේගේ දඬුවම් වලින් මිදෙන්ට කුමක් කළ යුතු දැයි ඇසූහ. නමුත් දැන් ඔවුන්ට දෙන්ට දෙයක් නැත. පව්කාරයන් උදෙසා අවසාන කඳුළු සලා අවසාන යැදුම් ඔසවා අවසානය බර දරා හමාරය. කැඳවීම් කිරීමේ මිහිරි හඬ දැන් නැවතිලාය. අනතුරු ඇඟවීම් කරලා ඉවරය. දේව දරුවන් සහ ස්වර්ගීය සේනාව ඔවුන්ගේ මිදීම ගැන උනන්දුවක් දැක්වූ නමුත් ඔවුන් ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. ජීවනයත් මරණයත් ඔවුන් ඉදිරියේ තබා තිබිණ. බොහෝ දෙනෙක් ජීවනයට කැමති වූහ. නමුත් එය ලබාගන්ට උනන්දු වූයේ නැත. දැන් සමගි කිරීමේ ලේ නොමැත, තව ටිකක් ඉවසන්න කියා හඬන්ට කෙනෙක් නැත. ‘ඉතින් නිමයි’ යන භයානක ප්‍රකාශය කර හමාරය. ගැළවීමේ සැලැස්ම සම්පුර්ණත්වයට පත්කර ඇත. නමුත් එය පිළිගන්ට කැමති වුයේ ස්වල්ප දෙනෙක්ය. දයාවේ මිහිරි හඬ ඈත්ව යද්දී භයානකත්වයෙන් මිනිස් ජීවිත වෙලාගන්ට විය. ඔවුන්ට පැහැදිලි ලෙස අසුනේ ‘ප්‍රමාද වෙලා වැඩියි. ප්‍රමාද වෙලා වැඩියි’ යන්නය.GCSinh 73.1

    දේව වචනය අගේ නොකළ අය හැමතැනම දුවන්ට විය. මුහුදෙන් මුහුදටද උතුරේ සිට නැගෙනහිරටද ස්වාමින්වහන්සේගේ වචනය සොයා ගියහ. ඔවුන්ට එය සම්භ නොවන්නේ යයිද ආහාර සාගතයක් නොව දේශයෙහි දේව වචනය සොයාගන්ට නොහැකි, අසන්නට නැති සාගතයක් වන්නේය’යි දේව දූතයා පැවැසීය. දෙවියන්වහන්සේගෙන් දයානුකම්පාවේ වචනයක් අසන පිණිස ඔවුන් දැන් දෙන්නට් නොකැමැති දෙයක් නැත. නමුත් ඔවුන්ගේ සාගින්න නිවාලන්නට නොහැක. දවසින් දවස ඔවුහු ගැළවීම සුළු කළහ. ලෝක ආශාවන්, මාංසික තෘෂ්ණාවන්, මිල මුදල් හා වස්තුව ස්වර්ගීය දේවලට ඉහලින් අගය කළහ. ඔවුහු යේසුස්වහන්සේව එපා කොට ශුද්ධවන්තයන්ට අපහාස කළහ. අපවිත්‍ර අය සදහටම අපවිත්‍රව සිටීවා.GCSinh 73.2

    වසංගතවල විෂමතාවන්ට ඇසු වූවන්ගෙන් බොහෝ දෙනා ඉන් අතිශයින් කෝපයට පත්වූහ. එය මහත් වේදනාවල දර්ශනයක් විය. දෙමාපියන් දරුවන්ට දොස් තැබූහ. දරුවෝ දෙමාපියන්ටද, සහෝදරියෝ සහෝදරයන්ටද, සහෝදරයෝ සහෝදරියන්ටද දොස් පැවරූහ. හැම පැත්තෙන්ම මහත් විලාප හඬ ඇසෙන්ට විය. මාව සත්‍යය පිළිගැනීමෙන් වැළක්වූයේ නුඹය. එය පිළිගත්තා නම් මට මෙසේ වන්නේ නැත. ජනතාව පූජකවරුන්ට විරුද්ධව නැගිට ‘නුඹලා අපට අනතුරු හැඟවීම් කළේ නැත. නුඹලා අපට කීවේ මුළු ලොවම හරි ගැලවෙනවාය කියාය. සමාදානයය සමාදානයය භයවෙන්ට කරුණක් නැත කියාය. නුඹලා අපට මේ භයානක පැය ගැන කියා දුන්නේ නැත. අපට අනතුරු ඇඟවීම් කළ අය ගැන නුඹලා කීවේ ඔවුන් උමතු වුවන්ය, දුෂ්ට මිනිසුන්ය, නුඹලාව නාස්ති කරන්ට සිතන අය කියාය. පූජකයන් දේව උදහසින් ගැලවුනේ නැති බවද අනිත් අයට වඩා ඔවුන්ගේ වේදනා දස ගුණයකින් වැඩි වූ බවද මම දුටිමි.GCSinh 73.3

    ______________________________________
    බලන්න: එසකියෙල් 9: 2-11, දානියෙල් 7: 27; හොෂෙයා 6: 3; ආමොස් 8: 11-13; එළිදරව් 16 සහ 17: 14.
    GCSinh 73.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents