Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    15 පරිච්ඡේදය - යුදාවරු පාවුල් තුමාව මරන්ට තීරණය කිරීම

    පවුල් තුමාගේ හැරීමේ සිදුවීම් විස්තර කරද්දී ඇතිවූ බලපෑම දුටු නායක පූජකයන් සහ පාලකයන් තුළ පාවුල් තුමාට විරුද්ධව මහත් ක්‍රෝධයක් ඇතිවිය. ඔහු නිභේතව යේසුස්වහන්සේ ගැන දේශන කිරීම, පුදුම හාස්කම් දැක්වීම, සමුහයන් ඔහුට සවන් දී පරම්පරාගත නියෝග අතහැර යාම සහ යේසුස්වහන්සේව මරා දැමු මිනීමරුවන් ලෙස ඔවුන් දෙස බැලීම ආදී කරුණු සලකා බැලූ විට ඔවුන්ගේ වෛරය අධික විය. මේ තත්ත්වය මැඩ පැවැත්වීමට කුමක් කල යුතුදැයි තීරණය කිරීමට ඔවුහු රැස්වූහ. පාවුල් තුමාව මරාදැමීම කළ යුතුම දෙය බවට ඔවුහු එකඟ වූහ. ඔවුන්ගේ අරමුණ දන්නාවූ දෙවියන්වහන්සේ පාවුල් තුමා තමාට හිමි සේවය ඉටුකර යේසුස්වහන්සේගේ නාමයෙන් දුක් විඳ හමාර වන තුරු, ඔහුව රැකවල් කිරීමට දෙවියන්වහන්සේ තම දේව දූතයන්ට අණ දුන්සේක.GCSinh 32.1

    යුදාවරු තමාව මරන්ට සොයන බව පාවුල්ට දන්වනු ලැබීය. දමස්කයේ නගර දොරටුවෙන් පිට වන විට පාවුල් තුමාව මරා දම පිණිස දිවා රෑ දෙකේම දොරටුවල රැක සිටින්ට සාතන් යුදාවරුන්ට මගපෙන්වීය. නමුත් ගෝලයෝ රාත්‍රියේදි කුඩයක් අගින් පාවුල් තුමාව තාප්පයෙන් බිමට බැස්වූහ. සාතන්ගේ උත්සාහය නිෂ්ඵල විය, රැකවලුන් ලැජ්ජාවට පත්වූහ. පාවුල් තුමා ගෝලයන් හා එක්වීමට යෙරුසේලමට ගියේය. නමුත් ඔවුහු පාවුල් ගැන බියට පත්වූහ. ගෝලයෙකු මෙන් පිළිගන්ට නොකැමැති වූහ. නමුත් බාර්නබස් ඔහුව පිළිගෙන අපොස්තුළුවරුන් වෙතට කැඳවාගෙන ඇවිත් පාවුල්ට යේසුස්වහන්සේ මුණගැසුණු බවත් දමස්කයේදී උන්වහන්සේ ගැන දේශනා කළ බවත් පැවැසීය.GCSinh 32.2

    පාවුල් තුමාව නසා දැමීමට සාතන් යුදාවරුන් පෙළඹු හෙයින් යේසුස්වහන්සේ ඔහුට යෙරුසෙලමෙන් පිටව යන්ට කිසේක. පාවුල් තුමා වෙනත් නගරවල යේසුස්වහන්සේ ගැන දේශනා කරමින් රෝග සුව කරමින් යන අතර බොහෝ අය යේසුස්වහන්සේව පිළිගත්හ. කොරෙකුව සිටි එක් පුද්ගලයෙකු සුව කළ අවස්ථාවේ පිළිම වන්දනා කළ අය ගෝලයන්ට පූජා පවත්වන්ට සුදානම් වූහ. පවුල් තුමා ඔවුන්ව වළක්වාලමින් මනුෂ්‍යයන් වන අප අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියලු දේත් මවා වදාළ දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතු බව පැවැසීය. ඔවුන් කළ යහපත් සේවය විනාශ කිරීමට වෙනත් නුවරවල සිටි යුදාවරුන්ව සාතන් පෙළඹවීය. තත්ත්වය ඉක්මනින් වෙනස් විය. ටික වෙලාවකට පෙර ගෝලයන්ට නමස්කාර කරන්ට පූජා ඔප්පු කරන්ට සුදානම් වූ අය පාවුල්ට ගල් ගැසුහ. ඔහු මැරුණා යයි සිතු ඔවුහු පාවුල්ව නගරයෙන් පිටතට ඇද දැමුහ. අනිකුත් ගෝලයන් පාවුල් ගැන හඬමින් වැළපෙමින් සිටියදී පාවුල් නැගිට සිටියේය. ඔවුන්ගේ වැළපීම ප්‍රීතියට හැරී පාවුල් ඔවුනුත් සමග නගරයට ඇතුළු වූහ.GCSinh 33.1

    පාවුල් තුමා දේශනා කරන අවස්ථාවකදී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇති ස්ත්‍රියක් ‘මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ මහෝත්තම දෙවියන්වහන්සේගේ සේවකයෝ’ යයි මොරගසා කීවාය. ඈ බොහෝ දවසක් මෙසේ කළාය. පාවුල් තුමා මේ ගැන අප්‍රසන්න විය. මක්නිසාද මේ කෑගැසීම සත්‍යයට කන්දීම වෙතින් මනුෂ්‍යයන්ගේ සිත් වෙනතකට හැරවීය. සාතන්ගේ එල්ලය වුයේ ඈ ලවා මේ දේ කිරීමෙන් මනුෂ්‍යයන්ගේ සිත් අප්‍රසන්න කර ගෝලයන්ගේ බලපෑම නැති කර දැමීමය. පවුල් තුමා සිතින් චංචල වී ඇය දෙසට හරි ආත්මයට කථා කර ‘මෑ කෙරෙන් ඉවත්වන ලෙස යේසුස්වහන්සේගේ නාමයෙන් මම නුඹට අණ කරමි’යි පැවැසීය. දුෂ්ට ආත්මය ඈ වෙතින් ඉවත්ව ගියාය.GCSinh 33.2

    ඇය කෑගසමින් පාවුල් පසුපස යද්දී ඇගේ ස්වාමිවරු ඒ ගැන සතුටු විය. නමුත් ඈ තුළ වූ නපුරු ආත්මය ඉවත්ව ගොස් ඇය යේසුස්වහන්සේගේ සෙනෙහෙබර ඇදහිලිවන්තියක් වූ බව දුටු අතර ඔවුහු කෝපාවිෂ්ට වුහ. ඇගේ ශාස්ත්‍ර කීම නිසා ඔවුහු මුදල් උපයා ගත්හ. දැන් එය ඔවුන්ට අහිමි විය. සාතන්ගේ එල්ලය වැරදුනු නමුත් ඔහුගේ සේවකයෝ පාවුලවා සහ සීලස්ව ආණ්ඩුවේ බලධාරීන් වෙතටත් නඩුකාරය වෙතටත් ඇදගෙන ගොස් ‘මේ මිනිස්සුස් යුදාවරුය. අපේ නගරයේ අයට මහත් කරදරයක් ඇති කරති’යි පැමිණිලි කළහ. මහත් සමුහයක් ඔවුන්ට විරුද්ධව නැගී සිටියහ. නඩුකාරයෝ ඔවුන්ගේ ඇඳුම් ඉරා දමා ඔවුන්ට තලන්ට අණ කළෝය. බොහෝ පහර දුන්නයින් පසු හිරගෙයි දමා. ප්‍රවේශමෙන් රැකවල් කරන්ට හිරගෙයි මුලාදෑනියාට අණ කළෝය. ඔහු එවැනි අණක් ලැබුණු නිසා ඔවුන් ඇතුල් හිරගෙයි දමා , ඔවුන්ගේ පාද සවි ලෙස දඬු ගැසුවේය. නමුත් දේව දූතයෝ ඔවුන් සමග සිරගෙය තුළ වූහ. මෙම සිරගත කිරීම දෙවියන්වහන්සේගේ මහිමය සඳහා වුවකි. තෝරාගත් සේවකයන් සමග උන්වහන්සේ වැඩ සිටි සේක. සිරගෙය තුළ බිත්ති සොලවන්ටත් යකඩ දම්වැල් කදන්ටත් උන්වහන්සේට පුළුවන.GCSinh 33.3

    මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤා කරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය. හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියෝය. හදිසියෙන් මහත් භූමිකම්පාවක් ඇති විය. එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. සියලු දොරවල් ඇරුණේය. ස්වාමින්වහන්සේගේ දූතය සියලු දෙනාගේ දම්වැල් ගලවනවා මම දුටිමි. හිරගෙදර මුලාදෑනියා අවදි විය. දොරවල් ඇරී තිබෙන බව දැක සිරකරුවෝ පැනයන්ට ඇතැයි සිතා කඩුව ගෙන තමාම මරගන්ට හැදුවේය. නමුත් පාවුල් කථාකොට, ‘නුඹට කිසි අනතුරක් කර නොගන්න.මක්නිසාද අපි සියල්ලෝම මෙහි’ යයි මොර ගසා කීවේය. දේව බලය ඔහුට හැඟීම් ඉපදවීය. ඔහු පහනක් ඉල්ලා ගෙන පාවුල් සහ සීලස් වෙතට දුවැවිත් ‘ස්වාමිවරුනි ගැලවෙන පිණිස මා කුමක් කටයුතුද’යි ඇසුවේය. ‘ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහා ගනින්න. තවද නුඹේ පවුලද එසේමය’ යි කිවේය. හිරෙගෙයි මුලාදෑනියා එවෙලේම තමාගේ පවුලේ සියල්ලන් රැස් කළේය. පාවුල් ඔවුන්ට දේශනා කළේය. මුලාදෑනියාගේ සිත සහෝදර ප්‍රේමයෙන් එක් විය. එම රාත්‍රියේම ඔහුද ඔහුගේ පවුලේ අයද බව්තීස්ම කරනු ලැබුවෝය. මුලාදෑනියා ඔවුන් ඉදිරියේ කෑම මේසයක් තබා තමාගේ ගෙයි වැසි සියල්ලන් සමග දෙවියන්වහන්සේ අදහමින් බොහෝ සේ ප්‍රීති වූයේය. GCSinh 33.4

    දෙවියන්වහන්සේගේ මහිමාන්විත බලය කරණකොටගෙන සිරගෙවල්වල දොරවල් විවෘත වීමේ පුදුම ආරංචි සමග සිරගෙදර මුලාදෑනියාගේ හැරීම සහ පවුලේ සැමදෙනා බව්තීස්ම වීම සැමතැන පැතිර යන්ට විය. ආණ්ඩුකාරවරු මේ පුවත් ඇසු විට භයට පත්ව පාවුල්ව සහ සීලස්ව නිදහස් කර හරින ලෙස හිරගෙයි මුලාදෑනියාට දන්වා යැවීය. නමුත් පාවුල් මෙලෙස රහසිගතව සිරගෙය හැර යන්ට කැමති නොවීය. ‘වග විභාගයක් නැතිව රෝමයන්වූ අපට ප්‍රසිද්ධියේ පහර දී හිරගෙට දමා දැන් අපව රහසින්ම යාවන්ට හදනවාද’යි පාවුල් විමසීය. දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියාවන් මෙලෙස වසං වනවාට පාවුල් සහ සීලස් මනාප නොවූහ. මේ වචන නඩුකාරයන් ඇසු විට පාවුල් රෝම පුරවැසියෙක් බව දැනගෙන භය වී ඔවුන්ම ඇවිත් කන්නලව් කර, පිටතට කැඳවා නුවරින් පිටත්ව යන ලෙස ඉල්ලුවෝය. GCSinh 33.5

    ______________________________________
    ක්‍රියා පොතේ පරිච්ඡේද 14 සහ 16 බලන්න.
    GCSinh 33.6