Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    22 පරිච්ඡේදය - විලියම් මිලර්

    දෙවියන්වහන්සේ, බයිබලය කෙරෙහි විශ්වාසය නොතැබූ ගොවියෙකුගේ සිතෙහි ක්‍රියා කර අනාවැකි සොයා බලන්ට පොළඹවන පිණිස, තමන්වහන්සේගේ දූතයා යවනු ලැබූ බව මම දුටිමි. දේව දූතයෝ නිතර ඔහු වෙත යමින් දේව සෙනඟට මෙතෙක් අඳුරෙන් වැසි තිබු අනාවැකි වටහාගන්නට උදව් කළහ. දම්වැලක් ලෙස ඈතට විහිදී යන සත්‍යයේ ආරම්භය ඔහුට පෙන්වන ලදී. පුරුකෙන් පුරුක සම්බන්ධ කරන්ට මගපෙන්වූ අතර දේව වචනය කියවා විශ්මපත් දේ දෙස ඔහු පුදුමයෙන් බලන්නට විය. පුර්ණත්වයෙන් වූ සත්‍යය දම්වැලක් ලෙස ඔහුට පෙනිණ. දේව පෙළඹීමකින් වුවන් එස පිළිනොගත් වචනය දැන් ඔහු ඉදිරියෙහි අලංකාරයෙනුත් මහිමයෙනුත් දිස්වන්නට විය. ශුද්ධ ලියවිල්ලෙහි එක පාඨයක් විස්තර කරන ආකාරය ඔහුගේ පුදුමයට හේතු විය. දේව වචනය ඔහු ප්‍රීතියෙන් පිළිගෙන ඊට ගෞරව කරන්ට ආශා විය.GCSinh 45.1

    අනාවැකි හදාරමින් දේව වචනය සොයන්ට වූ ඔහු පැහැදිලිව දුටුවේ ලෝකයේ අවසානය ලංවී තිබෙන බවය. නමුත් ජනතාව ඒ බව දැන සිටියේ නැත. ඔහු සභාවන්වල තිබෙන දූනයන් දෙස බැලීය. යේසුස්වහන්සේ වෙත තබා තිබු ප්‍රේමය ඉවත්කර ලෝකය වෙත තබා තිබු ආකාරයද යේසුස්වහන්සේ වෙතින් ඉහලින් එන ගෞරවය වෙනුවට ලෝකයෙන් ලැබෙන ගෞරවයද ස්වර්ගීය වස්තුව වෙනුවට ලෝකයේ වස්තුවද සොයන ආකාරය ඔහු දුටුවේය. අඳුර, වංචාව සහ මරණය හැමතැනම පෙනෙන්ට තිබිණ. මෙයින් ඔහුගේ සිත කැළඹීමට පත්විය. එලිෂාට ඔහුගේ කුඹුර සහ හරකුන් අතහැර එලියා පසුපස එන්ට කීවාක් මෙන් විලියම් මිලර්ටද තමාගේ ගොවිපොළ අතහැර එන ලෙස දෙවියන්වහන්සේ කැඳවූ සේක. කැඳවීම පිළිගත් ඔහු වෙව්ලන හදවතින් යුතුව දෙවියන්වහන්සේගේ අභිරහස්මය දේවල් ජනතාවට දිගහැර දක්වන්ට විය. අනාගත වාක්‍ය මාවතේ ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි ඊම දක්වා ඔවුන්ව ගෙන ආ අතර විලියම් මිලර්ගේ ආත්ම ශක්තියද දියුණු විය. යොහන් බව්තීස්ත තම සේවය කරණකොටගෙන යේසුස්වහන්සේගේ පළමුවන පැමිණීමට සෙනඟ සුදානම් කළාක් මෙන් විලියම් මිලර්ද තමා සමග එක්වූ අය සමග යේසුස්වහන්සේගේ දෙවන් ඊමේ පණිවිඩය ප්‍රකාශ කළහ.GCSinh 45.2

    ගෝලයන්ගේ කාලය වෙතට මා ගෙන ගොස් දෙවියන්වහන්සේගේ විශේෂ සේවයක් භාරව සිටි යොහාන් තුමාව මට පෙන්වූ සේක. ඔහුගේ සේවයට බාධා කිරීමට සාතන් තීරණය කර තිබිණ. තම සගයන් ලවා යෝහාන්ව මරාදමන්ට උත්සහ කෙරිණි. නමුත් දෙවියන්වහන්සේ තම දූතයා ඒවා ඔහුව පුදුම අන්දමින් ආරක්ෂා කළසේක. යොහන්ව ගලවාගැනීමේදී පෙනෙන්ට සැලැස්වූ දෙවියන්වහන්සේගේ මහත් බලය දැක විශ්මයට පත්වූ අය යොහාන් සමග දෙවියන්වහන්සේ සිටි බවද ඔහු යේසුස්වහන්සේ ගැන දැරූ සාක්ෂිය සැබෑ බවද දැනගත්හ. ඔහුව නසන්ට උත්සහ දැරූ අය භයට පත්වූහ. යේසුස්වහන්සේ උදෙසා දුක් උසුලමින්ද සාක්ෂි දරන්ට යොහන්තුමාට හැකි විය. ඔහුගේ සතුරෝ ඔහුට විරුද්ධව බොරු චෝදනා එල්ල කිරීම නිසා ජනශුන්‍ය දූපතකට ඔහුව පිටුවහල් කරන ලදී. එහිදී ස්වාමින්වහන්සේ තමන් දූතයා එවා ඉදිරියේදී පොළොව මත සිදුවන්ට යන දේවල්ද දෙවෙනි ඊම දක්වා වන කාලය තුළ සභාවේ ඇතිවන තත්ත්වයන් ගැන හා පසුබැසීමද සභාව දැරිය යුතු වගකීම ගැන හා අවසාන ජයග්‍රහණය ගැනද ඔහුට එළිදරව් කළසේක. දේව දූතයා අවසාන සිදුවීම් ගැන විස්තර කරමින් සභාවේ ජයග්‍රහණය කරා යොහාන් තුමාව ගෙන යද්දී දේව දූතයාගේ මුහුණ අතිමහත් ප්‍රීතියෙන් බැබලෙන්නට විය. දේව දූතයා මෙසේ යොහාන් තුමාව සභාවේ ජයග්‍රහණය විස්තර කරද්දී දරාගන්ට නොහැකි ප්‍රීතියෙන් උද්දාම වී ඔහු දේව දූතයන්ට නමස්කාර කරන්ට ඔහුගේ පාමුල වැටිණ. දේව දූතයා කථා කොට, ‘එසේ නොකරන්ට බලා ගනින්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාර කරපන්න. මක්නිසාද යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මය’යි කීවේය. දේව දූතයා ඉන්පසු ස්වර්ගීය නගරයද එහි වූ සියලුම බබළන මහිමාලංකාරයද යොහාන්ට පෙන්වීය. දේව දූතයා පළමුව කි දේ අමතක වී දෙවෙනි වරද දේව දූතයාට නමස්කාර කරන්ට ඔහුගේ පාමුල දණ ගැසීය. නැවතද දේව දූතයා ඔහුව නැගිටුවා ‘එසේ නොකරන්ට බලා ගනින්න’යි කීහ.GCSinh 46.1

    දේශනාකරුවන් හා ජනතාව එළිදරව් පොත දෙස බලන්නේ අභිරහස්මය පොතක් මෙන්ම, එතරම් වැදගත්කමක් නැති පොතක් ලෙසය. නමුත් මේ පොතේ සනහා ලියවිලි අන්තිම දවස්වල ජීවත්වන අයට විශේෂ උපකාරයක් ලබාදෙන පිණිස දී තිබෙන එළිදරව් කිරීමක් බව මම දුටිමි. එමගින් තමන්ගේ තත්ත්වය හා වගකීම තහවුරු කරගනීමට මගපෙන්වා ඇත. විලියම් මිලර්ගේ මනසට මගපෙන්වා අනාගතවාක්‍ය මගින් එළිදරව් පොත වෙත මහත් ආලෝකයක් දෙවියන්වහන්සේ උදාකර දී ඇත.GCSinh 46.2

    දානියෙල්ගේ පොතේ දී ඇති අනාගතවාක්‍ය වටහාගත් යට් එළිදරව් පොතෙහි ප්‍රකාශිත කරුණු වටහා ගැනීම පහසුය. දෙවියන්වහන්සේ නියම වේලාවට විලයම් මිලර්ගේ සිතෙහි ක්‍රියාකර ශුද්ධාත්ම බලයෙන් පැහැදිලි ලෙස අනාගතවාක්‍ය පහදා දී දානියෙල්ගේද යොහන්ගේ සහ අනිකුත් ශුද්ධ ලියවිලිවලද තිබෙන එකඟතාවය පේනවා දුන්සේක. එසේම දේව වචනයෙහි තිබෙන ශුද්ධ වූ මෙන්ම භයානක අනතුරු ඇඟවීම් මනුෂ්‍යයන්ගේ සිත්වල කාවදින්ට සලස්වා දේව පුත්‍රයාණන්ගේ දෙවෙනි ඊමට ඔවුන්ව සුදානම් කරන්නට මගපෙන්වූ සේක. ඔහුගේ දේශනා ඇසු අයගේ සිත්වල ගැඹුරු හැඟීම් ඇති කරනු ලැබ දේවගැතිවරුද, ගිහියන්ද, අදේව දෘෂ්ටිකයන් හා පව්කාරයන්ද ස්වාමින්වහන්සේ වෙතට හැරී විනිශ්චයට මුහුණ දෙන්ට සුදානම් වූහ.GCSinh 46.3

    විලියම් මිලර්ගේ මිෂනාරි මෙහෙයන්හිදී දේව දූතයෝද ඔහු සමග වූහ. ඔහු ස්ථිරව නිර්භයව සිටිමින් තමාට භාර වූ සේවය ඉටු කළේය දුෂ්ටකමෙහි වැතිර සිටි ලෝකයටද සීතලව, අලසව ලෞකිකව තිබු සභාවටද තම ශක්තිය යොදා සේවය කිරීමට ඔහුව කැඳවනු ලැබීය. ක්‍රිස්තියානින් යයි කියාගත් අයගේ විරෝධතා සහ සාතන් හා ඔහුගේ දූතයන්ගේ බාධා කිරීම් සියල්ල ඉදිරියේ දුක් ඉවසා ගෙන වෙහෙස දරාගෙන තමාව කැඳවනු ලැබූ හැමතැනකම රැස්ව සිටි අයට සදාකාල ශුභාරංචිය දේශනා කරමින් ‘දෙවියන්වහන්සේට භයව උන්වහන්සේට ගෞරව දීපල්ලා. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චය පැමිණියේය.’ යන පණිවිඩය ඔහු ප්‍රකාශ කළේය.GCSinh 46.4

    ______________________________________
    කියවන්න: I රාජාවලිය 19: 16-21, දානියෙල් 7-12 පරිච්ඡේද, එළිදරව් I පරිච්ඡේදය 14:7:19: 8:10: 22: 6-10
    GCSinh 46.5