Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    3 පරිච්ඡේදය - ගැළවීමේ සැලැස්ම

    මනුෂ්‍යයා පව් කල බවද, දෙවියන්වහන්සේ මැවූ ලෝකය දුකට රෝගවලට හා මරණයට භාජනවූ මනුෂ්‍යයන්ගෙන් පිරී තිබෙන්ට යන බවද දැනගත් විට ස්වර්ගය කණගාටුවෙන් පිරීයන්ට විය. ආදම්ගේ මුළු පරම්පරාවම නසින්ට ඕනෑය. අනුකම්පාව සහ කණගාටුවෙන්ද යුත් පෙනුමක් මුහුණෙහි ඇතිව සිටි යේසුස්වහන්සේව මම දුටිමි. පියාණන්වහන්සේව වසාගෙන තිබු මහත් ආලෝකය වෙතට යේසුස්වහන්සේ සමීප වන බව දුටුවෙමි. මගපෙන්වූ දේව දූතයා මට මෙසේ පැවැසීය. යේසුස්වහන්සේ තම පියාණන් සමග කථා කරමින් සිටින සේක. දේව දූතයෝ මහත් නොඉවසිල්ලෙන් බලා සිටියහ. තුන් වරක් දිව්‍ය ආලෝකය උන්වහන්සේව වසගන්ට විය. පසුව පියාණන් වහන්සේ වෙතින් පිටතට ආ විට උන්වහන්සේගේ මුහුණෙහි දිස්වූයේ වචනවලින් පැවසිය නොහැකි නිසල අරගලයකින් තොර පරිත්‍යාගශීලී අලංකාර පෙනුමකි. මරණයට භාජනවූ මනුෂ්‍යයාට මිදීමේ මාර්ගයක් විවෘතව තිබෙන බව ක්‍රිස්තුස්වහන්සේ දේව දූතයන්ට එළිදරව් කළසේක. මනුෂ්‍යයාට නියමව තිබෙන මරණය වෙනුවට මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය පූජා කරන්ටත් පාපවලට කමාව ලබා දෙන්ටත් පියාණන්වහන්සේගෙන් අවසර ලබාගත් බව උන්වහන්සේ දේව දූතයන්ට පැවසු සේක. දැන් ඉතින් තමන්ගේ ජීවිත පූජාව නිසා ව්‍යවස්ථාවට කීකරු වීමත්, දෙවියන්වහන්සේ ඉදිරියේ කරුණාවත්, අලංකාර උයනේ තිබෙන ජීවන වෘක්ෂයේ ගෙඩි කන්ටත් මනුෂ්‍යයන්ට ඉඩ ප්‍රස්ථා තිබෙන බව උන්වහන්සේ පැවසූ සේක.GCSinh 3.1

    යේසුස්වහන්සේ සියල්ල මෙසේ විස්තර කළසේක. ‘මම පියාණන්වහන්සේගේ උදහසත් වරදකාර මනුෂ්‍යයාත් අතර සිටීමට යමි. නින්ද අපහාස විඳීමට යමි. සියලු දෙනාම පාහේ මට වෛර කිරීමටත් මාව එපා කිරීමටත් පෙළඹෙනවා ඇත. මම මගේ ස්වර්ගීය තේජස හැරදමා යටහත් පහත් මනුෂ්‍යයෙක් වෙමි. ගුරුවරයෙක් ලෙස මාගේ මෙහෙය හමාර කළ විට මනුෂ්‍යයන්ගේ අත්වලට භාරදෙනු ලැබ සාතන් විසින් පොළඹවනු ලැබූ දුෂ්ට මනුෂ්‍යයන්ගෙන් අති මහත් දුක් වේදනා විඳීමට මට සිදුවෙනවා ඇත. කුරුසියක ඇණ ගසනු ලැබූ පව්කාරයෙකු විලසින් අහස සහ පොළව අතරේ එල්ලී සිට ඉතාම කුරිරු මරණයකට භාජනය වීමට සිදුවන්නේය. පැය කීපයක් මාරාන්තික වේදනා විඳීමට සිදුවන අතර දේව දූතයෝ එදෙස බැලීමට නොහැකිව අත්වලින් මුහුණ වසා ගන්නවා ඇත. ශාරීරික වේදනාවන්ට වඩා දරාගත නොහැකි මානසික පීඩා විඳීමට සිදුවන්නේය. ඉන්පසු මම මරණයට පත්ව තැන්පත් කරනු ලැබ තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිට ස්වර්ගයට, මාගේ පියාණන් වහන්සේ වෙතට පැමිණ පව්කාර මනුෂ්‍යයන් වෙනුවෙන් මැදහත්කාර මෙහෙයක යෙදෙමි.’ මේ සියල්ල මෙසේ අසා සිටි දේව දූතයන්ට සතුටු වන්ට නොහැකි විය. නමුත් ඔවුහු උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටී තමුන්ගේ ජීවිත පුදන්ට අවසර ඉල්ලා සිටියහ. නමුත් උන්වහන්සේ කථා කොට ගෙවන්ට තිබෙන මිලය සඳහා දේවදූතයෙකුගේ ජීවිතය ප්‍රමාණවත් නැත. මගේ මරණය තුලින් බොහෝ දෙනෙකු ගැළවීම ලබන්ට යන අතර මිදීමේ මිලයක් වශයෙන් පියාණන්වහන්සේ පිළිගන්නේ මගේ ජීවිත පූජාව පමණක් යයි කීසේක.GCSinh 4.1

    දේව දූතයන්ටද ගැලවීමේ සැලැස්මෙහි කොටසක් ඉටුකරන්ට තිබෙන බව යේසුස්වහන්සේ පැවසූ සේක. සමහර අවස්ථාවල උන්වහන්සේව ශක්තිමත් කිරීමට අවශ්‍යය. මක්නිසාද මනුෂ්‍ය ස්වභාවයට පැමිණි විට උන්වහන්සේගේ ශක්තිය දේව දූතයන්ගේ ශක්තියට වඩා අඩු මට්ටමක වන නිසා, උන්වහන්සේගේ පත්වීමද, විඳින්ට තිබෙන දුක් පීඩාද දකින විට මනුෂ්‍යයන් වෛර කරන විට පෙළඹවීම් ඇතිවී මුදාගැනීමේ අරමුණින් ක්‍රියා නොකළ යුතුය. ඔවුන් මෙසේ දකින්ට යන සිදුවීම්වලදී මැදිහත් වීමෙන් වැළකි සිටිය යුතුය. මළවුන්ගෙන් නැගිටීමේදී ද සේවයක් කිරීමට තිබෙන අන්දමට සැලැස්ම සකස් කර ඇත යනුවෙන් දේව දූතයෝ දැනුවත් කළසේක. පියාණන්වහන්සේ සැලැස්ම පිළිගත් බවද පැවසූ සේක.GCSinh 4.2

    යේසුස්වහන්සේ තවදුරටත් දේව දූතයන්ට අනුශාසනා කර ඔවුන්ව සනසා තමන්වහන්සේගේ මරණය කරණකොටගෙන බොහෝ දෙනෙකු මුදාගන්නා බවද, මිදීම ලත් අය උන්වහන්සේ සමග සදාකාලයටම ජීවත් වන බවද, මරණය කෙරෙහි බලය ඇත්තා වන සාතන්ව විනාශ කරනු ලබන බවද, පියාණන්වහන්සේ රාජ්‍යය තමන්ට භාරදෙන බවද, ඉන්පසු ස්වර්ගයට හෝ අළුත් ලෝකයට හෝ කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බවද, එබැවින් පියාණන්වහන්සේ පිළිගත් ගැළවීමේ සැලැස්මට සහභාගීත්වය දක්වන ලෙස ඉල්ලු සේක.GCSinh 4.3

    එවිට පැවසිය නොහැකි ප්‍රීතියකින් මුළු ස්වර්ගයම පිරීයන්ට විය. දේව දූත සේනාවන් ප්‍රශංසාවේ සහ නමස්කාරයේ ඊත ගැයූහ. දෙවියන්වහන්සේගේ ඇති මහත් අනුකම්පාව සහ කැරලිකාර සෙනගක් මුදාගැනීම පිණිස පහත් වෙන්ට තම ප්‍රේමණීය පුත්‍රයාණන් දෙන්ට කැමතිවීම සහ පුත්‍රයා තම ජීවිතය පූජා කරන්ට කැමති වීම නිසාද ප්‍රශංසාව ස්වර්ගය පුරා ඇසෙන්ට විය.GCSinh 4.4

    දේව දූතය මෙසේ ප්‍රශ්න කළේය. ‘පියාණන්වහන්සේ සිතෙහි අරගලයකින් තොරව පුත්‍රයාණන් වහන්සේව දුන්නා යයි නුඹලා සිතනවාද? නැත. නැත. වරදකාර මනුෂ්‍යයාව විනාශ වෙන්ට හරිනවාද නැතහොත් තමන් ප්‍රේමණීය පුත්රයනන්ව දෙනවාද යන තීරණයේදී ස්වර්ගීය දෙවියන්වහන්සේටද මහත් අරගලයක් වීය.’ මට මග පෙන්වූ දේව දූතයාද මෙසේ පැවසීය. ‘ මනුෂ්‍යයා උදෙසා පූජාවෙන්ට දේව දූතයන් බොහොමයක් කැමතිව සිටි නමුත් එයින් ප්‍රයෝජනයක් වන්නේ නැත. අකීකරුකමේ පාපය අති විශාලය. දේව දූතයෙකුගේ ජීවිතය දීමෙන් එම ණය ගෙවිය නොහැක. එම ණය ගෙවා බලාපොරොත්තු සුන් බවෙන් හා දුක්ඛිත බවෙන් මරණයට භාජනව සිටින මනුෂ්‍යයා මුදාගත හැකිවන්නේ දේව පුත්‍රයාණන්ගේ මරණය හා මැදහත්කාර මෙහෙය තුළින් පමණක්ය.’GCSinh 4.5

    දේව පුත්‍රයාණන් වහන්සේව සනසන්ට හා ශක්තිමත් කරන්ට දේවදූතයන්ට සේවාවන් නියම කර තිබිණ. එපමණක් නොව දේව අනුග්‍රහයට භාජනයව සිටින අය වෙත සාතන් අතුරන අඳුර ඉවත් කර ඔවුන්ව රක බලා ගැනීමද දේව දූතයන් විසින් කළ යුතුව ඇත. දෙවියන්වහන්සේට උන්වහන්සේගේ ව්‍යවස්ථාව අවලංගු කර හෝ වෙනස් කර පාපයේ නැසී යන්ට වන මනුෂ්‍යයන් ගලවන්ට නොහැකි බව මම දුටිමි. ඒ නිසා මනුෂ්‍යයන්ගේ පාප උදෙසා දිවි පුදන්ට දෙවියන්වහන්සේ තම පුත්‍රයාණන් වහන්සේට අවසර දුන්සේක.GCSinh 5.1

    නැවතත් සාතන් තම දූතයන්ද සමග මහත් සේ උද්දාම වූයේ මනුෂ්‍යයා පාපයට ඇදගැනීමේ හේතුවෙන් දේව පුත්‍රයාණන් වහන්සේව උසස් කර තිබූ තත්ත්වයෙන් පහතටම ඇදගන්ට තමාට හැකිවීම ගැනය. ඔහු තම දූතයන්ට මෙසේ කීවේ යේසුස්වහන්සේ පාපයට වැටී සිටින මනුෂ්‍යයාගේ ස්වභාවයට පත්වූ විට උන්වහන්සේව තමාගේ බලයට යටත් කරගෙන ගැළවීමේ සැලැස්මට බාධා පමුණුවන බවය.GCSinh 5.2

    සාතන් පෙර සිටි ආකාරය මට පෙන්වනු ලැබීය. ඔහු උසස් කරනු ලබා ප්‍රීතියෙන් සිටි දේව දූතයෙක් වූවෙහිය. පසුව සිටින ආකාරයද මට පෙන්වීය. ඔහු තවම දරා සිටින්නේ රාජකීය ස්වරූපයකි. ඔහුගේ රූපාංග ගෞරවණීය පෙනුමකින් යුතුය. ඔහු වැටී ගිය දේව දූතයෙකි. නමුත් ඔහුගේ මුහුණෙන් පිළිඹිබු වන්නේ අසන්තෝෂය, වෛරය, අදමිටුකම, වංචාව හා සෑම ආකාරයකම දුෂ්ටකමය. වරක් තේජාන්විත පෙනුමකින් යුතුව තිබු නළල් තලය දෙස මම විශේෂයෙන් බැලුවෙමි. නළල් තලය ඇස් ළඟින් ආරම්භව පිටුපසට අඩුවෙමින් තිබෙනවා දුටිමි. බොහෝ කාලයක් ඔහු තමාව දූෂණය කරගනිමින් සිටි නිසා ඔහුගේ හැම හොඳ ගුණාංගයක්ම පහත් තත්ත්වයකට වැටී සම දුෂ්ට ගුණාංගයක්ම වර්ධනය වී තිබෙන සැටි මම දුටිමි. විනිවිද දකින ඔහුගේ ඇස් දුෂ්ටව තිබෙනවාද, ඔහුගේ සිරුර මහත් තිබු අතර මුහුණේද අත්වලද මාංශ පේශීන් රැලි ගැසී බුරුල්ව එල්ලෙමින් තිබෙනවාද දුටිමි. ඔහු වාදීව සිටින ඉරියව්වෙහි ඔහුගේ නිකට වම අතෙහි රැඳී තිබිණ. ඔහු ගැඹුරු කල්පනාවක දී සිටින බව පෙනෙන්ට විය. ඔහුගේ මුවෙහි වූ සිනාව දුටු මා තැති ගැන්මකට පත්වීමි. ඒ සිනහව තුළ සාතනික දුෂ්ටකම් සැඟවී තිබිණ. මෙම සිනහව ඔහු ගොදුරක් අල්ලා ගැනීමට සුදානම්ව සිටින විට ඇතිවන හැගීම් පෙන්වන සිනහවය.GCSinh 5.3

    ______________________________________
    යෙසායා 53 කියවන්න.
    GCSinh 5.4