Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    41 පරිච්ඡේදය - දෙවන මරණය

    සාතන් හදිසියේම මැදට පැමිණ මහත් සමුහයාව ක්‍රියාවකට පොළඹවන්නට උත්සහ කළේය. නමුත් එවිට ස්වර්ගයෙන් දෙවියන්වහන්සේ වෙතින් ගින්දර පැමිණ බලවතුන් ප්‍රබලයන් ඇතුළුව සියලු දෙනාවම දවා දැමීය. සමහර අය ඉක්මනින් දැවී ගිය අතර තවත් අය දැවී යන්ට වැඩි කාලයක් ගතවිය. ඒ ඔවුන් ශරීරයේදී කළ ක්‍රියාවන්ට අනුව බව මම දුටිමි. දවෙන්ට යමක් ඉතුරු නොවන තුරු සියල්ල දැවී යන්ට විය. වේදනාවල සියලුම හැඟීම් ඔවුන්ට දැනිණ.GCSinh 80.1

    සාතන්ට සහ ඔහුගේ දූතයන්ට වැඩි කාලයක් වේදනා විඳින්ට සිදුවිය. සාතන්ට දඬුවම් විඳින්ට සිදුවූයේ ඔහුගේ පාපවලට පමණක් නොව ගැලවුණාවූ අයගේ පව්ද ඔහු පිට තබන ලද අතර නොගැලවුණාවූ අයගේ ජීවිතවල ඔහු කළාවූ විනාශකාරී දේවල්වලටද ඔහු දඬුවම් විඳිය යුතුය. සාතන් සහ ඔහුගේ මුළු සංහතියම දැවී පිලිස්සී යනවා මම දුටිමි. දෙවියන්වහන්සේගේ සාධාරණත්වය ඉටුවී තෘප්තියට පැමිණි අතර දේව දූත සමුහයාද මිදීම ලත් සියලු දෙනාද මහත් හඬින් ‘ආමෙන්’ යයි පැවසූහ.GCSinh 80.2

    සාතන් මුලය. ඔහුගේ දරුවෝ අතුය. දැන් මුලද අතුද පිලිස්සී ගොස්ය. ඔවුහු සදාකාල මරණයට පත්වූහ. ඔවුනට තවත් මළවුන්ගෙන් නැගිටීමක් නැත. දෙවියන්වහන්සේගේ විශ්වය දැන් පිරිසිදුය. මම නැවත බැලූ විට දුෂ්ටයන් දවා දැමු ගින්න පොළොවේ කුණු කසල දවා දමමින් එය පිරිසිදු කරනවා දුටිමි. නැවත මම බැලූ විට පොළව පවිත්‍රව තිබෙනවා දුටිමි. එහි පාපයේ ශාපයේ ලකුණක්වත් නොවීය. පිළිවෙලක් නැතිව කැඩී බිඳී තිබුණාවූ පොළොව මතුපිට ඈතට විහිදී යන සමතුලිතතාවක් ලෙස දිස්විය. දෙවියන්වහන්සේගේ මුළු විශ්වයම පිරිසිඳුය. මහා අරගලය සම්පුර්ණ ලෙස නිමාවට පත්ව ඇත. අප බැලූ හැමතැනම නෙත් ගැටුන හැම දෙයක්ම ශුද්ධව අලංකාරව තිබිණ. ගැළවීම ලත් බාල, මහලු, ලොකු, කුඩා හැමදෙනාම තමන්ගේ දිලිසෙන ඔටුනු ගළවා බිමට නැමී තම මිදුම්කරුවාණන්ගේ පාමුල තබා උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටී නමස්කාර කළෝය. අලකාර අලුත් ඔලෝව එහි තිබෙන සියලු මහිමවත් දේ සමග ශුද්ධවන්තයන්ගේ සදාකාල උරුමයය. මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන් වන සෙනඟට දෙන ලද්දේය. එය ශුද්ධවන්තයන් විසින් සදාකාලයෙන් සදාකාලයටම භුක්ති විඳින පිණිසය.GCSinh 80.3

    ______________________________________
    බලන්න: යෙසායා 66: 24; දානියෙල් 7: 26, 27; එළිදරව් 20: 9-15; 21: 1; 22: 3.
    GCSinh 80.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents