Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    8 පරිච්ඡේදය - ක්‍රිස්තුස්වහන්සේව විනිශ්චය කිරීම

    දේවදූතයෝ ස්වර්ගයෙන් පිටත්ව ආ විට ඔවුන්ගේ ප්‍රීතිමත් මුහුණු දුක්මුසු බවට පත්වූ අතර යේසුස්වහන්සේ කටු ඔටුන්නක් හිසේ ඇතිව සිටි බැවින් තමන් පැළඳ සිටි දීප්තිමත් ඔටුනු ගළවා දැමුහ. අනුකම්පාවෙන් යුතු මිනිස් හැඟීම් නැතිකර දමන පිණිස සාතන් තම දූතයන්ද සමග නඩු ශාලාවට පැමිණ ක්‍රියාකාරිව සිටියේය. ඔවුන්ගේ බලපෑම් නිසා වාතාවරණයද අයහපත් වී තිබිණ. මනුෂ්‍ය ස්වභාවයට දරාගන්ට නොහැකි ආකාරයෙන් යේසුස්වහන්සේට නින්ද අපහාස කරන්නට පූජකයන්ගේ සහ යුදා නායකයන්ගේ සිත් සතන් සාතන් විසින් පොළඹවා තිබිණ. මෙවන් දුක් වේදනා සහ නින්දා අපහාස නිසා දේව පුත්‍රයාණන් මුවින් යම් දොස් කීමක් හෝ කොඳුරන වචන පිටවේය කියා හෝ එසේත් නැත්නම් තම දේව බලය දක්වමින් සමූහයන්ගෙන් මිදී යාවි, එවිට ගැළවීමේ සැලැස්ම බිඳ වැටේවි යයි සාතන් බලාපොරොත්තු වූයේය.GCSinh 15.1

    පාවා දීමෙන් පසුව යේසුස්වහන්සේට කුමක් වේදෝ කියා දැක ගන්න පිණිස පේත්‍රස් උන්වහන්සේට ටිකක් ඈතින් ගමන් කරන්ට යෙදිණ. ‘ඔහු උන්වහන්සේගේ ගෝලයෙක් යයි කෙනෙක් කී විට ඔහු එය ප්‍රතික්ෂේප කළේය. දෙවෙනි වරද උන්වහන්සේ හඳුනන්නේ නැති බව ප්‍රකාශ කළේය. යේසුස්වහන්සේ සමග ඇසුරු කිරීම නිසා ගෝලයන්ගේ කථා විලාශය උතුම් පවිත්‍ර තත්ත්වයක පැවතුණි. තුන්වෙනි වර ඔහු යේසුස්වහන්සේගේ ගෝලයෙක් යැයි කෙනෙක් කී විට පේත්‍රස් බැණ වදිමින් දිවුරමින් ශාප කරමින් තමා ගෝලයෙක් නොවන බව කියා පෑවා. මේ වන විට යේසුස්වහන්සේ සිටියේ ඔහුට නුදුරු ස්ථානයකය. යේසුස්වහන්සේගේ අනුකම්පා සහගත නෙත් පේත්‍රස් දෙස යොමුව තිබිණ. ‘රාත්‍රියේ කුකුළා හඬලන්නට පෙර තුන්වරක් නුඹ මා හඳුනන්නේ නැත’ යි කී වචන සහ ‘නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ශක්තිමත් කරපන්න’ යන ඉල්ලීම ඔහුට මතක් විය. එම කාරුණික බැල්ම ඔහුගේ සිත මෘදු බවට පත් කෙරිණි. පසුව ඔහු හඬමින් වැලපෙමින් තම මහත් පාපය ගැන පසුතැවිලි විය.GCSinh 15.2

    මහත් සමූහයා යේසුස්වහන්සේගේ ලේ සිඳ හෙලන ලෙස ඉල්ලා කෑගැසූහ. පැරණි රාජ වස්ත්‍රයක් හඳවා හිසේ කටු ඔටුන්නක් පළඳවා බට දණ්ඩක් අතේ තබා ‘යුදාවරුන්ගේ රජ’ යයි අපහාසාත්මකව නිශ පහත කර කවටකම් කරන්ට වූහ. පසුව ඇත තිබු බට දණ්ඩ රැගෙන හිසෙහි වූ ඔටුන්නට ගසමින් කටු යටට බසින්ට සැලැස්සූහ. හිසෙන් පිටව ආ ලේ කම්මුල් දිගේ ගලා බසින්නට විය. මෙය බලා සිටි දේව දූතයන්ට ඉවසන්ට නොහැකි විය. ඔවුහු යේසුස්වහන්සේව මුදා ගන්ට කැමතිව සිටියහ. නමුත් ඔවුන්ව වළක්වන්ට යෙදිණ. ගෙවීමට තිබු මිදීමේ මිලය ඇති විශාලය. එය අංග සම්පූර්ණ එකක් විය යුතුය. මරණය කෙරෙහි බලය ඇත්තාව මරණයට තීන්දු කරනු ලබන්නේ එමගින්ය. තමන් පත්ව සිටි තත්ත්වය දෙස දේව දූතයන් බලා සිටින බව යේසුස්වහන්සේ දැන සිටි සේක. එහි සිටි මහත් සමූහයාගේ බලය බිඳ දමන්ට දේව දූතයන්ගේ ඉතාම දුබල දේව දූතයාට පුළුවන්ව තිබිණ. පියාණන් වහන්සේගෙන් ඉල්ලුවා නම් දේව දූතයන් තමන්වහන්සේව මුදා ගන්න බවද යේසුස්වහන්සේ දැන සිටි සේක. නමුත් ගැළවීමේ සැලැස්ම සම්පුර්ණත්වයට ගෙන ඒමට යේසුස්වහන්සේට කුරිරු මිනිසුන්ගෙන් බොහෝ දේ විඳින්ට යුතුව තිබුණේය.GCSinh 15.3

    මහත් සමූහයා යේසුස්වහන්සේට ඉතා නීච අන්දමට පීඩා කළ අතර ඒ සියල්ල උන්වහන්සේ යටහත් පහත මෘදු සිතකින් දරාගෙන සිටිසේක. උන්වහන්සේගේ මුහුණට කෙල ගැසූහ. යම් දිනක ඔවුහු ඒ මුහුණ ඉදිරියෙහි සැඟවෙන්ට සොයනවා ඇත. දෙවියන්වහන්සේගේ නුවරට ආලෝකය දෙන සූර්යයා මෙන් බබළන ඒ මුහුණ වෙතින්, සැඟවෙන්ට ඉදිරි දිනක ඔවුන්ට සිදුවෙනවා ඇත. උන්වහන්සේ ඔවුන්ට කෝපාවිෂ්ට මුහුණක් දැක්වූයේ නැත. නිහතමානිව කෙළ පිසදමා ගත් සේක. ඔවුහු උන්වහන්සේගේ මුහුණ රෙදි කඩකින් වසා මුහුණට පහරදී ‘නුඹට ගැසුවේ කවුද කියා දිවැසින් කියාපන්’ යයි කෑගැසූහ. එවිට දේව දූතයන් අතර කලබලයක් ඇති විය. යේසුස්වහන්සේව මුදගන්ට ඔවුහු සැරසුණු අතර ප්‍රධාන දේව දූතයෝ එය වළක්වාලූහ.GCSinh 15.4

    විනිශ්චය ශාලාව වෙත යන්ට සහ සිදුවන දේ දකින්ට ගෝලයෝ අවසර ලබා ගත්හ. ඔවුහූ බලාපොරොත්තු වූයේ යේසුස්වහන්සේ තම බලය පෙන්වා ඔවුන්ගෙන් මිදී ඔවුන්ගේ කෘරකම් ගැන ඔවුන්ට දඬුවම් කරනවා දකින්ටය. සිදුවොඕ දේවල් දකින විට වරින් වර ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ පහළ යන්ට විය. වරක් තමන් රැවටී සිටින්ට ඇත යන සැකයෙන් ඔවුහු භයටද පත්වූහ. නමුත් කන්දේදී අන්‍යරූප විලාශ වූ විට දුටු මහිමයද ‘මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය.’ යන ස්වර්ගයෙන් ඇසුණු හඬද නොයෙක් ආකාර රෝගීන් සුවකර අන්ධයන්ට පෙනීම දීම, කොරුන් ඇවිදවීම, අශුද්ධාත්මයන් පහ කිරීම මළවුන් නැගිටවීම ආදී ඔවුන් දැක තිබු පුදුම හාස්කම්ද මුහුදේ කුණාටුවලට ඇසු වූ අවස්ථාවල සුළඟ හා ගලා ආ රළ පතර උන්වහන්සේගේ වචනයට කීකරුව නිශ්චල වීමද සිහියට නැගුණු අතර උන්වහන්සේ මරණයට පත්වේ යයි විශ්වාස කරන්ට ගෝලයන්ට නොහැකි විය.GCSinh 15.5

    හමුදාවන් එලවාගෙන එන විට දුවන ආකාරයෙන් එදා දේව මාළිගාව තුළ වෙළඳාම් කරමින් සිටි මිනිසුන්ට දුවන්ට සැලැස්වූ උන්වහන්සේ බලයෙන් නැගී සිට ලේ පිපාසයෙන් සිටි සමූහයාව එළවා දමාවි යයිද මහත් බලය ප්‍රකාශ වෙන්ට සලස්වා තමන්වහන්සේ ඊශ්‍රයෙල්වරුන්ගේ රජතුමා බව සෙනඟට දැනගන්ට සලස්වාවී යයිද ගෝල පිරිස බලාපොරොත්තු වූහ.GCSinh 15.6

    යේසුස්වහන්සේව පාවා දීමෙන් කළ අමානුෂික ක්‍රියාව ගැන යුදස්ගේ සිත ලජ්ජාවෙන් සහ තිත්ත හැඟීමෙන් පිරී තිබෙන්ට විය. උන්වහන්සේට විඳින්ට සිදුවූ දුක් වේදනා දුටු ඔහුට එය දරාගන්ට නොහැකි විය. ඔහු යේසුස්වහන්සේට ප්‍රේම කර තිබිණ. නමුත් ඊට වඩා මුදලට ප්‍රේම කර තිබිණ. තමා එක්කරගෙන ආවාවූ දුර්ජනයින්ගේ අත්වලට උන්වහන්සේ භාරවේවිය කියා ඔහු සිතුවේ නැත. ඔහු සිතුවේ ප්‍රාතිහාර්යයන් කර උන්වහන්සේ ඔවුන්ගෙන් මිදෙනවා ඇත කියාය. විනිශ්චය ශාලාව තුළ රැස්ව සිටි සමූහයා කෝපාවිෂ්ටව උන්වහන්සේගේ ලේ සිඳ හෙලීම ඉල්ලා සිටි විට යුදස්ට තමා කළ වරද තවත් ගම්බුරුර් ලෙස හැඟී යන්ට විය. සමූහයා තව තවත් තදින් යේසුස්වහන්සේට වරද තැබූ අතර යුදස් ඔවුන් අතරින් ඉක්මනින් ගොස් නිදොස් ලේ පාවාදීමෙන් තමා පව් කල බව ඔවුන් ඉදිරියේ කෑගසා කියන්ට විය. මුදල් ආපසු දෙන්ට යමින් සම්පුර්ණයෙන්ම නිර්දෝෂ වූ උන්වහන්සේව මුදා හරින ලෙස බැගෑපත්ව ඉල්ලන්ට විය. ව්‍යාකූලතාවයකට පත්වූ පූජකයෝ කිසිවක් කර කියා ගත නොහැකිව ටික වේලාවක් නිහඬ වූහ. යේසුස්වහන්සේව තමන්ට පාවා දෙන පිණිස උන්වහන්සේගේම ගෝලයෙකු තමන් කුලියට ගත බව සමූහයා දැන ගන්නවට ඔවුහු නොකැමැති වූහ. යේසුස්වහන්සේව රහසින් අල්ලා ගන්ට ක්‍රියා කල බව සඟවන්ට ඔවුන්ට ඕනෑ විය. යුදස්ගේ පව් කියා දීමද, ඔහුගේ මුහුණෙහිවූ පෙනුමද පූජකයන් විසින් යේසුස්වහන්සේට වෛර කල නිසා මෙසේ කළ බව සමූහයාට පෙනෙන්ට විය. යුදස් ශබ්ද නගා ‘යේසුස්වහන්සේ නිර්දෝෂ’ යයි කළ ප්‍රකාශයට පූජකයන්ගේ ප්‍රතිචාරය වූයේ ‘එයින් අපට කම් නැත. නුඹම එය බලාගනින්’ කියාය.GCSinh 16.1

    මහත් කැළඹීමකට පත්ව සිටි යුදස් තමා අතවූ මුදල් තමාව මුදලට ගත පූජකයන් දෙසට විසිකර දමා තමා කළ පාපයේ වේදනාත්මක හැඟීමෙන් යුතුව පිටව ගොස් අත්තක එල්ලී දිවි නසා ගත්හ. යේසුස්වහන්සේ වෙත අනුකම්පාව දැක්වූ අය සෙනඟ අතරේ සිටියහ. අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු නොදී සිටීම ගැන ඔවුහු විශ්මයට පත්වූහ. එල්ලවූ නින්දා අපහාස සියල්ල ඉදිරියේ කරදර වූ පෙනුමක් හෝ පෙනන්නට නොවීය. පිරිපුන් ගෞරවාන්විත පෙනුමක් උන්වහන්සේ වෙත වූසේක. සෙනඟ උන්වහන්සේ දෙස පුදුමයෙන් බලා සිටියහ. උන්වහන්සේවත් උන්වහන්සේට විරුද්ධව විනිශ්චයෙහි දී සිටි අයවත් සසඳා බැලූ අය එකිනෙකාට කියාපෑවේ උන්වහන්සේ රජ කෙනෙකු මෙන් පෙනෙන බවත් රාජ්‍යයක් භාරදීමට සුදුසු කෙනෙක් බවත්ය. උන්වහන්සේ වෙත අපරාධකාරයෙකුගේ සලකුණක් හෝ නොවීය. උන්වහන්සේගේ ඇස් නිරහංකාරව පැහැදිලිව සහ බියෙන් තොරවද, නළල් තල උස්ව සහ පළල්වද තිබිණ. සෑම අංගයක්ම ගෞරවණීය ත්‍යාගශීලී ප්‍රතිපත්තිවලින් සටහන්ව තිබිණ. උන්වහන්සේගේ ඉවසීම සහ දුක් දරාගැනීම මනුෂ්‍යයන්ට වඩා උසස්වූ හෙයින් බොහෝ දෙනා වෙව්ලන්නට වූහ. හෙරොද් රජ හා පිලාත්ද යේසුස්වහන්සේගේ තේජවන්ත පෙනීම ඉදිරියේ කරදරයට පත්වූහ.GCSinh 16.2

    යේසුස්වහන්සේ සාමාන්‍ය මිනිසෙක් පමණක් නොවන බව සහ ඉතා උසස් චරිතයක් ඇති කෙනෙක් බවද, සම්පුර්ණයෙන් නිර්දෝෂී බවද පිලාත් මුල සිටම දැනගෙන සිටින්ට යෙදිණ. සිදුවීම් දෙස බලා සිටි දේව දූතයන්ට පිලාත්ගේ හැඟීම් සහ යේසුස්වහන්සේ කෙරෙහි දක්වූ අනුකම්පාවද පෙනෙන්නට විය. යේසුස්වහන්සේව කුරුසියක ඇණ ගසන්ට තීන්දු කිරීමේ භයානක අපරාධයෙන් මුදාගැනීම සඳහා පිලාත්ගේ භාර්යාව වෙතට දේව දූතයෙකු පිටත්කර හරිනු ලැබ, අවශ්‍ය පණිවිඩය එනම් විනිශ්චයට භාජනයව විටි පුද්ගලයා දේව පුත්‍රයා බවත්, කිසි වරදක් කර නැති බවත් සිහිනයකින් දැනුම් දෙන්ට යෙදිණ. ‘ඒ ධර්මිෂ්ඨයාට කිසිවක් නොකරන්න. අද ඔහු නිසා ස්වාපංයකින් බොහෝ දුක් වින්දෙමි’ පිලාත්ගේ භාර්යාව පිලාත්ට කියා ඇරියාය. පණිවිඩය ගෙන ආ තැනැත්තා සෙනඟ එහා මෙහා කර දුවගොස් පණිවිඩය පිලාත්ට භාර දුණි. පණිවිඩය කියවූ පිලත්ගේ මුහුණ දුර්වර්ණ විය. ඔහුගේ ගත වෙව්ලන්නට විය. මේ කාරණයේදී යේසුස්වහන්සේට විරුද්ධව කිසිවක් නොකර සිටීම ඔහුගේ අදහස විය.GCSinh 16.3

    හෙරොද් රජ යෙරුසේලමට පැමිණ ඇති බව දැනගත් පිලාත්ට සතුටක් ඇති විය. යේසුස්වහන්සේව දඬුවමට පත් කිරීමේ අපරාධයෙන් පිදෙන්ට මගක් සෙවූ ඔහු යේසුස්වහන්සේව හෙරොද් වෙතට යැවීය. යොහාන් බව්තිස්තව මරා දැමීමෙන් හෙරොද් තම හිත තදකර ගත කෙනෙක්ව සිටින්ට විය. යේසුස්වහන්සේ ගැනත්, උන්වහන්සේගේ පුදුම ක්‍රියා ගැනත් ඇසු ඔහු සිතුවේ යොහාන් තුමා මළවුන්ගෙන් නැගිට ඇවිත්ය කියාය. වරදකාරී හැඟීමෙන් යුත් වූ ඔහු භයෙන් වෙව්ලන්ට විය. පිලාත් යේසුස්වහන්සේව තම අත යටතට පත්කිරීම නිසා හෙරොද් සිතා ගත්තේ පිලාත් හෙරෝද්ගේ පාලන බල අධිකාරී බලය හා විනිශ්චය පිළිගෙන සිටි බවය. පසුගිය කාලයේ ඔවුහු සතුරන්ව සිටියහ. දැන් ඔවුහු මිතුරන් බවට පත්වූහ. හෙරොද් යේසුස්වහන්සේව දැකගන්ට සතුටු වූයේ තමා තෘප්තියට පැමිණෙන ආකාරයේ හාස්කම් උන්වහන්සේ කරාවිය යන බලාපොරොත්තුව නිසාය. නමුත් යේසුස්වහන්සේගේ මෙහෙය වූයේ එවන් හැඟීම් ලබාදීම නොවේය. උන්වහන්සේගේ දිව්‍ය හාස්කම් දැක්වීමේ අභිප්‍රාය වූයේ මනුෂ්‍යයන්ට ගැළවීම ලබා දීමය.GCSinh 16.4

    හෙරෝද්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා හෝ තමන්ට තද ලෙස බන වදිමින් සිටි සතුරන් උදෙසා හෝ යේසුස්වහන්සේ කිසිවක් නොකළ සේක. තමාගේ බලය ඉදිරියේ බියපත්වූ පෙනීමක් නොමැතිව උන්වහන්සේ සිටි නිසා හෙරෝද්ගේ කෝපය උත්සන්න විය. ඒ නිසා ඔහු තම හේවායින් සමග දේව පුත්‍රයාණන් වහන්සේට නින්ද අපහාස කළේය. මෙලෙස නින්ද අපහාස කරද්දීත් ඒ සියල්ල වින්ද දරාගෙන සිටි උන්වහන්සේගේ දේවි කෙනෙකු මෙන් වූ ස්වර්ගීය පෙනීම නිසා හෙරොද් උන්වහන්සේ වරදට පත්කිරීමට භයව, ආපසු පිලාත් වෙතටම යැව්වේය.GCSinh 17.1

    පිලාත්ව ඔහුගේම විනාශය කරා යාවන්ට සාතන් සහ ඔහුගේ දූතයන් ඔහුව පරික්ශාවලට ඇසු කරන්ට උත්සහ කරමින් සිටියහ. යේසුස්වහන්සේව වරදට පත්කිරීමට ඔහු කොටස්කාරයෙකු නොවූව හොත් වෙනත් අය එය ක්‍රියාත්මක කරනු ඇත. සමූහයා යේසුස්වහන්සේගේ ලේ සිද හෙලීමේ පිපාසයෙන් සිටින බැවින් උන්වහන්සේව කුරුස පත්කිරීමට තීන්දුව නොදුනහොත් ඔහුගේ බලයත් , ගෞරවයත් ඔහුට අහිමි වනවා පමණක් නොව සෙනගව මුළා කරන්නෙකු ලෙස නම් කරනු ලැබූ යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙක් ලෙසද ඔහුව වරදට පත්කරනු ලබනවා ඇතැයි යෝජනා කළහ. පිලාත්ද තමාගේ අධිකාරි බලය අහිමි වේය යන බියෙන් යේසුස්වහන්සේව කුරුසියේ ඇණ ගැසීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළේය. යේසුස්වහන්සේගේ ලේ උන්වහන්සේට වරද තබුවන් වෙත පිලාත් පැවරු අතර සමූහය ‘උන්වහන්සේගේ ලේ අප පිටත් අපේ දරුවන් පිටත් වේවා’ යයි කෑගැසූහ. නමුත් පිලාත් වැරදෙන් මිදුණේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ ලේ ගැන ඔහු වරදකාරයෙකි. මක්නිසාද ඔහු ආත්මාර්ථකාමී ආශාවන් මත සහ ලෝකයේ බලවතුන්ගෙන් ලැබෙන ගෞරවය නොලැබේය යන භයෙන් නිර්දෝෂී අයෙකු මරණයට පත්කරන්ට අවසර දෙන්ට යෙදිණ. පිලාත් තම හෘද සාක්ෂියට අනුව ක්‍රියා කළා නම් යේසුස්වහන්සේව වරදට පත්කිරීමට ඔහු ක්‍රියා නොකරනවා ඇත. GCSinh 17.2

    යේසුස්වහන්සේ පිලිබඳ නඩුවද වරදට පත්කිරීමද බොහෝ දෙනෙකුගේ සිත්වල ක්‍රියා කරන්ට විය. මළවුන්ගෙන් නැගිටීමට පසු ඔවුන්ගේ සිත්වල හටගත් හැගීම් එළිදකින්ට වීම මගින් සභාවට සම්බන්ධ වූ බොහෝ දෙනෙකුගේ හැරීම නඩු විභාගයේ ආරම්භයත් සමග සිදුවූ ලෙස ගණන්ගත යුතුය.GCSinh 17.3

    නායක පූජකයන් ලවා යේසුස්වහන්සේට දුන් වධ හින්සාවලදී උන්වහන්සේගෙන් කෙදිරීමක් හෝ පිට නොවීම ගැන සාතන්ගේ ආවේගය අති මහත් විය. යේසුස්වහන්සේ මනුෂ්‍ය ස්වභාවයට පත්ව සිටි නමුත් දිව්‍යමය වූ බලයක් වැනි පාලන ශක්තියක් උන්වහන්සේව දරාගෙන සිටි බව මම දුටිමි. පියාණන් වහන්සේගේ කැමැත්ත වෙතින් ඉතා සුළු වශයෙන් හෝ උන්වහන්සේ ඈත් නොවූ සේක.GCSinh 17.4

    ______________________________________
    බලන්න: ශු. මතෙව් 26: 57-75: 27: 1-31: ශු මාර්ක් 14: 53-72: 15: 1-20, ශු ලූක් 22: 47-71: 23: 1-25, ශු. යොහන් 18, 19: 1-16
    GCSinh 17.5