Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    28 පරිච්ඡේදය - තුන්වන දේව දූතයාගේ පණිවිඩය

    ශුද්ධස්ථානයේ මෙහෙය නිම කර අති ශුද්ධස්ථානයට යේසුස්වහන්සේ ඇතුල්ව දේව ව්‍යවස්ථාව ඇතුළත්ව තිබෙන ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ සිටගත් විට තවත් දේව දූතයෙක්ව තුන්වන පණිවිඩයක් ඇතිව ලෝකයට එවූ සේක. උන්වහන්සේ ඔහුගේ අතේ යම් ලියවිල්ලක් තැබූ සේක. ඔහු තෙජසින්ද බලයෙන්ද යුතුව ලෝකයට පැමිණි අතර මේ දක්වා මනුෂ්‍යයන්ව භය නොගැන්වූ තරම් භයානක අනතුරු හැඟවීමක් ප්‍රකාශයට පත් කළේය. මෙම පණිවිඩය සැලසුම් කර තිබුණේ දෙවියන්වහන්සේගේ දරුවන් උදෙසා ඔවුන්ගේ ආරක්ෂාව සලසන පිණිස වන අතර ඔවුන් ඉදිරියේ තිබෙන පරික්ෂාවේ කාලය සහ ගාවිනාවල්ද දන්වා දෙන අදහසින්ය. දේව දූතය මෙසේද පැවැසීය. මෘගයාද උගේ රූපයද සමග ඉතාම් සමීප ගැටුමකට ඔවුන්ව ගෙනෙනු ලබනවාය සදාකාල ජීවනය ගැන ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්ට යන්නේ ස්ථිරව සිටීමය. මරණ තර්ජනවලට මුහුණ දෙන්ට වුවත් සත්‍යය අල්ලගෙනම සිටිය යුතුය. තුන්වන දේව දූතයා තම පණිවිඩය හමාර කරන්නේ මේ ලෙසින්ය. ‘මෙන්න දෙවියන්වහන්සේගේ ආඥා ද යේසුස්වහන්සේගේ ඇදහිල්ලද පවත්වන අය ශුද්ධවන්තයන්ගේ ඉවසීම මෙහිය’ ඔහු මේ වචන පැවසු අතර තම අවධානය ස්වර්ගීය ශුද්ධස්ථානය දෙසට යොමු කළේය. මෙම පණිවිඩය පිළිගන්නා හැමදෙනාගේම සිත් අති ශුද්ධස්ථානයේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ සේවය කරමින් සිටින යේසුස්වහන්සේ වෙතට යොමු කරනු ලැබේ. නොදැනුවත්කමින් දෙවියන්වහන්සේගේ ආඥා කඩ කළාවූ අය උදෙසා තවමත් ඉවර නොවී තිබෙන දේව කරුණාව ඉදිරියේ උන්වහන්සේ අවසාන මැදහත්කාර මෙහෙය ඉටු කරමින් සිටින සේක. මෙමෙ සමගිකමේ මෙහෙය මළාවූ ධර්මිෂ්ට අය සහ ජීවත්ව සිටින ධර්මිෂ්ට අය උදෙසාය. දෙවියන්වහන්සෙග් ආඥා ගැන ආලෝකය නොලබා නොදන්නාකමින් පව් කල අය උදෙසාද උන්වහන්සේ සමගිකමක් කරන සේක.GCSinh 57.1

    යේසුස්වහන්සේ අති ශුද්ධස්ථානයේ දොර විවෘත කල විට සබත් දවස ගැන ආලෝකය පෙනෙන්ට විය. දෙවියන්වහන්සේ පුරාණයේ සිටි ඊශ්‍රයෙල්වරුන්ව ආඥා පවත්වනවාදැයි බැලීමට සෝදිසියකට භාජන කල සේම අද ද උන්වහන්සේ තමන්ගේම සෙනඟව විශ්වාසවන්තද කියා පෙන්වන පිණිස සෝදිසි කරන සේක. බලාපොරොත්තු කඩව සිටි අයව දේව දූතයා අති ශුද්ධස්ථානය වෙතට මගපෙන්වනවා මම දුටිමි. ඇදහිල්ලෙන් ඔවුහු යේසුස්වහන්සේ සමග අති ශුද්ධස්ථානය තුළට ගමන් කළහ. ඔවුන්ට නැවත යේසුස්වහන්සේ සම්භ වූහ. ඔවුන්ගේ ප්‍රීතිය සහ බලාපොරොත්තුව අලුත් වූහ. ඔවුහු පසුගියාව දෙස බැලූහ. 1844 වසරේ සිට බලාපොරොත්තු කඩවීමේ අත්දැකීම් එකිනෙක ගැන සිතා බැලූහ. තුන්වන දූතයා ඔවුන්ට අතීතය වර්තමානය සහ අනාගතය ආලෝකමත් කර දුන්හ. දෙවියන්වහන්සේ අභිරහස්මය අන්දමට මගපෙන්වූ බව ඔවුන්ට දැන් විශ්වාසය.GCSinh 57.2

    ඉතිරි සභාව යේසුස්වහන්සේ අනුව අති ශුද්ධස්ථානයට ඇතුල් වූ ආකාරයක් මට පෙන්වීය. ගිවිසුම් පෙට්ටියද, කරුණාසනයද මත වූ මහිමශ්‍රීයෙන් ඔවුහු වශී වූහ. යේසුස්වහන්සේ ගිවිසුම් පෙට්ටියේ ආවරණය ඉවත් කල සේක. දස පනත ලියා තිබු ගල්ලෑලි ඔවුහු දැකගත්හ. පනත් දසය දෙස බලමින් සිටි ඔවුහු හතරවන ආඥාව ජීවමාන ලෙස තිබෙන ආකාරයද ඒ වටා බබළන ආලෝක වළල්ලක් තිබෙනවාද දුටු ඔවුහු වෙව්ලමින් පසුපසට පෑ තැබුහ. සබත අවලංගු කල බව හෝ සබත සෙනසුරාදයින් ඉරිදාට මාරු කල බව හෝ එහි ඔවුන්ට සම්භ නොවීය. විදුලි කෙටිම හා ගිගුරුම් හඬ වැනි බිය උපදවන ගාම්භීර සිදුවීම් ඇතිව සීනයි කඳු මුදුනෙන් දෙවියන්වහන්සේ කථා කර කියාදී තම ශුද්ධවූ ඇදහිල්ලෙන් ලියා දුන් ආකාරයටම එම ආඥා ද එහි විය. ‘සදවසක් වැඩ කරමින් තාගේ සියලු කර්මාන්ත කරගනුව. එහෙත් සත්වන දවස තාගේ දෙවිවූ ස්වාමින්වහන්සේට පවත්වන ශුද්ධ සබතක්ය’ දස ආඥා පනත ගැන දෙවියන්වහන්සේ දක්වා තිබු සැලකිල්ල ගැන ඔවුහු පුදුමයට පත් වූහ. යෙහෝව වහන්සේ සමීපයෙහිම ඒවා තබාගෙන උන්වහන්සේගේ ශුද්ධ භාවය තුළ ආරක්ෂාව සපයා තිබිණ. යෙහෝව වහන්සේ විසින් ශුද්ධ දවසක් බවට පත්කර තිබු හතරවන ආඥාව තමන් විසින් පාගා දමා මිථ්‍යාදෘෂ්ටින්ගෙන්ද පාප්වරුන්ගෙන්ද ලබාගෙන තිබු වෙනත් දවසක් පැවැත්වූ බව ඔවුහු දැන ගත්හ. ඔවුහු දෙවියන්වහන්සේ ඉදිරියේ යටත්ව හඬා වැලපෙමින් තමන්ගේ වරදකාරකම ගැන දුක් වූහ. GCSinh 58.1

    ඔවුන්ගේ පව් කියාදීම හා යාච්ඤා යේසුස්වහන්සේගේ අතෙහි වූ සුවඳ දුම් භාජනයේ දුමත් සමග පියානන්වහන්සේ වෙතට පැමිණෙනවා මම දුටිමි. එවිට ආලෝකයක් පියානන්වහන්සේ වෙතින් යේසුස්වහන්සේ වෙතටද කරුණාසනය වෙතටද ඉන්පසු යාච්ඤා කරමින් සිටි අය වෙතටද පැමිණ ඔවුන්ට ආශීර්වාදයක් විය. ඔවුන්ගේ සිත් ප්‍රීතියෙන්ද බලාපොරොත්තුවෙන් ද පිරි ඉතිරි යන්ට විය. තුන්වන දූතයාගේ පණිවිඩය සමග ඔවුහු ද එක්ව ගාම්භීර අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත්කරන්නට වූහ. ඔවුන්ගේ පණිවිඩය පිළිගත් බොහෝ දෙනෙක් මුලින් ප්‍රකාශ කල අය සමග එකතු වී දෙවියන්වහන්සේව උසස් කරමින් උන්වහන්සේ ශුද්ධභාවයට පත් කළ නිවාඩු දවස පැවැත්වුහ. GCSinh 58.2

    තුන්වන පණිවිඩය පිළිගත් බොහෝ දෙනෙක් ඊට ඉහත දී තිබු පණිවිඩවල අත්දැකීම් ලබා නොතිබිණ. මෙය දන්නාවූ සාතන් ඔවුන්ව හෙළා දමන්ට බලා සිටියේය. නමුත් තුන්වන දූතයා ඔවුන්ව යොමු කළේ අති ශුද්ධස්ථානය වෙතය. පසුගිය පණිවිඩවල අත්දැකීම් ලබා සිටි අය ඔවුන්ට ස්වර්ගීය ශුද්ධස්ථානය වෙතට මගපෙන්වුහ. දේව දූතයන් තුන්දෙනාගේ පණිවිඩවල ඒකීය සම්බන්ධතාවය හා සත්‍යතාවය බොහෝ දෙනෙක් අවබෝධ කරගෙන පණිවිඩය පිළිගත්හ. ඒවායේ පිළිවෙල අනුව පණිවිඩ පිළිගෙන ඇදහිල්ලෙන් යේසුස්වහන්සේ සමග ස්වර්ගීය ශුද්ධස්ථානයට ප්‍රවිෂ්ට වූහ. මෙම පණිවිඩ සභාව රඳවා තබාගැනීමේ නැංගුරමක් ලෙස මට පෙන්වා දෙන්ට යෙදිණි. පුද්ගලයෝ මෙම පණිවිඩ අවබෝධයෙන් යුතුව පිළිගන්නේ නම් සාතන්ගෙන් පැමිණෙන බොහෝ මුලාකිරීම් වලින් ඔවුහු ආරක්ෂා වෙනවා ඇත. GCSinh 58.3

    1844 මහා බලාපොරොත්තු කඩවීමෙන් පසුව වූ කණ්ඩායමේ අයගේ ඇදහිල්ල බිඳ දැමීමට සාතන් සහ ඔහුගේ දූතයන් මලපත් අටවූහ. මෙම පණිවිඩවල යම් අත්දැකීම් ලැබූ සමහර අයගේ සිත්වල සාතන් ක්‍රියා කරන්ට විය. ඔවුහු පිටතට පෙනෙන්ට යටහත් පහත බව පෙන්වූ අයවල් විය. ඔවුහු පළමුවෙනි සහ දෙවෙනි පණිවිඩ වෙනස් කර ඒවායේ සිදුවීම් ඈත අනාගතයේ සිදුවන්ට යන දේවල් ලෙස පෙන්වූහ. තවත් අය ඒවා ඈත අතීතයේ සිදුවූ දේවල් ලෙස දැක්වූහ. මෙම පුද්ගලයෝ අත්දැකීම් නොලබා සිටි අයගේ මනසවල් ව්‍යාකුල කරමින් වෙනතකට සිත් ඇදගන්ට උත්සහ කළහ. තවත් සමහර අය ශුද්ධ ලියවිලි සයන්ට වුයේ සභාවෙන් පිටත සිටගෙන තම අදහස්වලට අනුව ධර්මතාවන් ගොඩ නගන්ටය. මේ කාරණයේදී සාතන් මහත් සතුටට පත්විය. මක්නිසාද මෙලෙස නැංගුරමෙන් ඈත්ව යන අය තමාගේ සේවයට එක්කාසු කරගන්ට හැකිවන නිසාය. පළමුවන සහා දෙවන පණිවිඩවලදී මුලිකව ක්‍රියා කල බොහෝ දෙනා ඇදහිල්ල එපා කළහ. කණ්ඩායම තුළ බිඳීම් විසිරීම් සිදු විය. මම විලියම් මිලර්ව දුටිමි. ඔහු කැළඹීමකට පත්ව තමා අනුව ආ අය ගැන දුකට සහ කරදරයට පත්ව සිටින්ට විය. ඔහුට පෙනෙන්ට වුයේ 184 දී එකමුතුව ආදරයෙන් සිටි අය පසුව ඒ ආදරය නැතිව ගොස් එකිනෙකාට එරෙහිව ක්‍රියා කරන බවය. ඔවුහු ශීතල හා ඇල්මැරුණු තත්වයකට වැටෙනවා ඔහුට පෙනිණ. කනගාටුව නිසා ඔහුගේ ශක්තියද හීන විය. ප්‍රධානීන් ලෙස සිටි අය විලියම් මිලර්ගේ තත්වය දෙස බලා සිටිනවා මම දුටිමි. ඔහු තුන්වන දූතයාගේ පණිවිඩයද ආඥා පැවැත්වීමද පිළිගනීවි යැයි ඔවුහු භය වූහ. ස්වර්ගීය ආලෝකය දෙසට ඔහු හැරෙන්ට හදන හෙයින් ඔහුගේ මනස ඉවත හරවන්ට ක්‍රියා කළහ. ඔහුගේ මනස අඳුරේ තබාගැනීමට ක්‍රියා කළ මනුෂ්‍ය උත්සාහය මම දුටිමි. පසුව විලියම් මිලර් තමාගේ හඬ ස්වර්ගීය ආලෝකයට විරුද්ධව නැගීය. මෙසේ ඔහුට තමාගේ බලාපොරොත්තු කඩවීම තේරුම් ගන්ටත්, පහුගියාව දෙසට විහිදී තිබු ආලෝකය දැකගන්ටත් තමාගේ නැතිවී ගිය භක්තිය අලුත් කරගන්ටත්, බලාපොරොත්තු දීප්තිමත් කරගන්ටත් දෙවියන්වහන්සේව ගෞරවයට පත්කරන්ටත් පුළුවන්වූ ආලෝකය ලබාගන්ට අසමත් විය. ඔහු දිව්‍ය ප්‍රඥාවට නොව මනුෂ්‍ය ප්‍රඥාවට හේත්තු විය. තා ස්වාමින්වහන්සේගේ මෙහෙයෙහි දී විඩාවට පත්ව සිටීමද වයෝවෘධ භාවයද නිසා ඔහුව සත්‍යය පිළිගැනීමෙන් වලක්වූ අයට තරම් ගණන් දීමක් දෙවියන්වහන්සේ ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ නැත. ඔවුහු වගකිව යුතුය. පාපය ඔවුන් මත පතිතව ඇත. විලියම් මිලර් තුන්වන පණිවිඩය පිළිගත්තා නම් අභිරහස් ලෙස අඳුරුව පෙනුණා වූ බොහෝ දේ ඔහුට තේරුම් ගන්ට යෙදෙනවා ඇත. ඔහු සිතුවේ ඔහුගේ සහෝදරයන් ඔහුට දැක්වූ ආදරය සහ සැලකිල්ල නිසා ඔවුන්ගෙන් තමාට වෙන්විය නොහැකි යයි කියාය. සත්‍යය දෙසට ඔහුගේ සිත ආදී ගියේය. සහෝදරයෝ ඊට එරෙහි වූහ. තමා සමග එකතු වී උරෙන් උර ගැටී යේසුස්වහන්සේගේ දෙවෙනි ඊම ප්‍රකාශ කල අයගෙන් වෙන්විය හැකිද? ඔවුන් තාමව නොමග යවන්නේ නැත යනු ඔහුගේ විශ්වාසය විය. දෙවියන්වහන්සේ ඔහුව මරණයට පත්වන්ට ඉඩ හැර නිතරම ඔහුව තමන්වහන්සේ වෙතින් ඉවතට ගෙන යන්ට උත්සහ කල අයගෙන් වෙන්කර සොහොනෙහි වසා තැබූ සේක. පොරොන්දු දේශයට ඇතුල් වෙන්ට ලංව සිටි විට මෝසෙස් වරදක් කළා. එවංඉඅ වරදක් විලියම් මිලර්ද ස්වර්ගීය කානාන් දේශයට ඇතුල් වන්ට ලංව සිටියදී තාමගේ බලපෑම සත්‍යයට විරුද්ධව යන්ට ඉඩදීම මගින් කළේය. වෙනත් අය ඔහුට එසේ කරන්ට බලපෑම් කළහ. ඒ ගැන ඔවුහු වග කිව යුතුව ඇත. දේව දූතයෝ ඔහුව භූමදාන කල තැන බලාගත්හ. අන්තිම හොරණෑ හඬ ඔහුව අවදි කරනවා ඇත.GCSinh 59.1

    ______________________________________
    කියවන්න: නික්මයාම 20: 1-17, 31, 18; 1 තෙසලෝනික 4:16; එළිදරව් 14: 9-12
    GCSinh 59.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents