Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    27 පරිච්ඡේදය - ශුද්ධස්ථානය

    දෙවියන්වහන්සේගේ සෙනඟගේ මහත් බලාපොරොත්තු කඩවීම මට උන්වහන්සේ පෙන්වූ සේක. බලා සිටි දිනදී යේසුස්වහන්සේ පැමිණියේ නැත. අනාගතවාක්‍යයෙන් පෙන්වා දී තිබෙන දේ සිදු නොවීමට හේතුව ඔවුන්ට සොයාගත නොහැකි විය. දේව වචනය නිෂ්ප්‍රභා වීද? ‘දෙවියන්වහන්සේ තමන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වූ සේක්දැ’යයි දේව දූතයෙක් ප්‍රශ්න කළේය. ‘නැත, උන්වහන්සේගේ පොරොන්දු සියල්ල ඉටුකළ සේක.’ යි දේව දූත්යාම පැවසුවේය. ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය. යේසුස්වහන්සේ මෙතෙක් සේවය කළේ ස්වර්ගීය දේව මාලිගාවේ ශුද්ධස්ථානය නැමැති කොටසේය. දැන් උන්වහන්සේ එහි දොර වසා දමා අති ශුද්ධස්ථානයේ දොර විවෘත කර එහි ඇතුල්ව සේවය ආරම්භ කල සේක. ශුද්ධස්ථානයේ පවිත්‍ර කිරීම දැන් කෙරීගෙන යනවාය, ඉවසීමෙන් බලා සිටින අය මෙම අභිරහස තේරුම් ගන්නවා ඇත. මනුෂ්‍යයා වරද්දා ගෙන ඇත. දෙවියන්වහන්සේගේ පැත්තේ කිසි වරදක් වී නැත. අනාගතවාක්‍යය කාල පරිච්ඡේදවල කෙලවර දී නොහොත් 1844 වසරේදී පවිත්‍ර කරනු ලබන්නට යන්නේ අපගේ මේ පොළොව යයි වරදවා වටහා ගෙන තිබිණ. මනුෂ්‍ය බලාපොරොත්තු අසාර්ථක විය. නමුත් දිව්‍ය පොරොන්දු ඇණහිටියේ නැත. උන්වහන්සේ දැන් අති ශුද්ධස්ථානයට ඇතුල් වී සිටින්නේ ඊශ්‍රායෙල් සෙනඟ උදෙසා සමගිකමක් කිරීමටය. (අප හැම ආත්මික ඊශ්‍රයෙල්වරුය. ගලාති 3: 29) උන්වහන්සේ අති ශුද්ධස්ථානයේ සේවය කරන අතර අලුත් යෙරුසෙලම උන්වහන්සේට භාර දෙනවා මම දුටිමි. අති ශුද්ධස්ථානයේ මෙම සේවය හමාර වූ විට තමන්වහන්සේගේ පැමිණීම බලා සිටින වටිනා අයවලුන්ව උන්වහන්සේ සිටින තැනට ගෙන යන පිණිස උන්වහන්සේ ස්වර්ගයෙන් බැස එන සේක. GCSinh 56.1

    1844 දී අනාගතවාක්‍යය කාල සීමාව හමාර වූ විට ස්වර්ගයේ කුමක් සිදුවී දැයි මට පෙන්වනු ලැබීය. යේසුස්වහන්සේ ශුද්ධස්ථාන මණ්ඩපයේ සේවය හමාර කර එහි දොර වැසූ විට, යේසුස්වහන්සේගේ දෙවෙනි ඊමේ පණිවිඩය අසා එය පිළි නොගත් අය කෙරෙහි මහත් අන්ධකාරයක් පතිත වූ බව මම දුටිමි. ඔවුන්ට යේසුස්වහන්සේව නොපෙනී ගියේය. උන්වහන්සේ ඉන්පසු වෙනත් වටිනා ඇඳුමක් ඇඳගත් සේක. එම සළුවේ කෙළවරෙහි දෙළුම් ගෙඩියක්, සීනුවක්, දෙළුම් ගෙඩියක්, සීනුවක් වශයෙන් විය. පපුව මත අලංකාර වැස්මක්ද විය. උන්වහන්සේ සෙළවෙන අතර මැණික් මෙන් දිලිසෙන්නට වූ අලංකාර දේ පෙනුණේ ලියා ඇති නම්වල අකුරු මෙන්ය. උන්වහන්සේගේ හිස මත ඔටුන්නක් වැනි දෙයක්ද තබා ඇඳුම සම්පුර්ණ වූ පසු දේව දූතයෝ උන්වහන්සේව වටකරගෙන ගිනිමය වූ රථයකින් දෙවෙනි තිරයෙන් ඇතුලට ගෙන ගිය සේක. ස්වර්ගීය මණ්ඩපයේ කොටස් දෙස සැලකිල්ලෙන් බලන ලෙස එවිට මට පවසනු ලැබීය. තිරය නොහොත් දොර විවෘත කර මට ඇතුල් වන්ට අවසර ලැබිණ. පළමු කොටසේ පහන් හතක් සහිත පහන් කණුවද, රොටි තබන ලද මේසය ද, දුම් පූජාසනය ද, සුවඳ දුම් භාජනය ද විය. එහිවූ සියලුම භාණ්ඩ ඉතා පවිත්‍ර රනින් කරන ලද ඒවා විය. එහි ඇතුල්වන අයගේ ඡායා එහි දැකිය හැක. මෙම කාමර දෙක වෙන් කල තිරය අති අලංකාර එකක්ව තිබිණ. එය නොයෙක් වර්ණ වලින්ද වර්ගවලින්ද නිමව තිබු අතර එම තිරයේ වාටිය රනින් කරන ලද දේව දූත රූප වැනි පෙනුම එහි විය. තිරය එසවූ විට මම දෙවන කාමරය දෙස බැලීමි. ආඥාදසය ලියූ ගල්ලෑලි තබා තිබු ගිවිසුම් පෙට්ටිය මම එහි දුටිමි. එහි පෙනීම අති පවිත්‍ර රන් මෙන් විය. රනින් කරන ලද ඔටුනුවලින් යුත් වාටියක් මෙන් වූ පටියක් පෙට්ටියේ ඉහළ කොටසේ වටේටම විය. ගිවිසුම් පෙට්ටිය දෙපැත්තේ අලංකාර කෙරුබ්වරු දෙදෙනෙක් පියාපත් විදහා සිටි අතර එම පියාපත් එකිනෙකට ස්පර්ශ වී යේසුස්වහන්සේගේ හිසට ඉහලින් තිබිණ. කෙරුබ්වරුන්ගේ මුහුණු පහතට ගිවිසුම් පෙට්ටිය දෙසට හැරවී තිබිණ. මෙම ඉරියව්ව සියලු දේව දූතයන් දේව ආඥා වලට කීකරුකම දක්වන සංකේතයක් විය. කෙරුබ්වරු දෙදෙනා මධ්‍යයේ සුවඳ දුම් භාජනය තිබිණ. ඇදහිලිවන්තයන්ගේ යාඥා යේසුස්වහන්සේ වෙත පැමිණි විට උන්වහන්සේ එම යාච්ඤා මිහිරි සුවඳක් ලෙස පියානන්වහන්සේ වෙතට එසවූ සේක. එම සුවඳ දුම් භාජනයෙන් ඉහලට විහිදී ගිය අතර අලංකාර ලෙස වර්ණවත් විය. ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ සිටි යේසුස්වහන්සේට ඉහළින් බලා සිටින්ට නොහැකි තරම් වූ අතිශයින් මහිමාලංකාර වූ ආලෝකයක් දුටිමි. එය දෙවියන්වහන්සේ වැඩ වාසය කරන සිංහාසනයක ආකාර විය. සුවඳ දුම් පියාණන් වහන්සේ වෙතට පැමිණි පසු සිංහාසනය වෙතින් යේසුස්වහන්සේ වෙතට මහිමාලංකාරයක් පැමිණියේය. එය උන්වහන්සේ වෙතින් නැවත යාච්ඤා කළ අය වෙත ළඟා විය. ආලෝකයද මහිමයද බහුල ලෙස යේසුස්වහන්සේ වෙතට ගලා ඇවිත් කරුණාසනය වැසි යන්ට විය. මහිමයෙන් දේව මාළිගාව පුර්ණ විය. වැඩි වේලාවක් මට දේව මහිමය දෙස බලාසිටින්ට නොහැකි විය. කිසි භාෂාවකින් එම මහිමය විස්තර කළ නොහැකිය. මම විස්මයටද පුදුමයටද පත්වෙමින් දර්ශනය වෙතින් ඉවතට හැරුණෙමි. GCSinh 56.2

    පසුව කොටස් දෙකකින් යුක්ත වූ භූමික ශුද්ධස්ථානය වෙතට මාගේ බැල්ම යොමු කරවිණි. එය ස්වර්ගීය ශුද්ධස්ථානයට හැම දෙයින්ම සමාන විය. එය ස්වර්ගීක ශුද්ධස්ථානයේම ආදර්ශයක් බව මට පැවැසීය. ශුද්ධස්ථානයේද අති ශුද්ධස්ථානයේද වූ සියලු බඩු බාහිරාදිය එක සමානවම තිබිණ. භූමික ශුද්ධස්ථානයේ දිනපතාම පූජකයෝ සේවයේ නිරතව සිටියහ. ශුද්ධස්ථානය නම් කොටසේ අවුරුද්ද පුරාම සේවය කළ අතර අති ශුද්ධස්ථානයට සේවය සඳහා ඇතුල් වුයේ අවුරුද්දට එක දවසක් පමණය. එසේ ඇතුල් වූයේ දවස්පතා ශුද්ධස්ථානයට ගෙනෙන පාප පූජාවල සටහන් පවිත්‍ර කරනු පිණිසය. යේසුස්වහන්සේ ස්වර්ගීය ශුද්ධස්ථානයේ කොටස් දෙකේම සේවය කළ බව මම දුටිමි. උන්වහන්සේ ස්වර්ගීය මණ්ඩපයට ඇතුල් වුයේ පොළොවේදී තමන්ගේම ලේ පූජා කිරීමෙන් පසුවය.. භූමික පූජකයන්ට මරණය නිසා සැමදාම පවතින්ට නොහැකි වූහ. නමුත් යේසුස්වහන්සේ සදාකාලයටම පූජකයෙක්ව සිටින බව මම දුටිමි. භූමික පූජාවල්සලසුම් කර තිබුනේ යේසුස්වහන්සේ ලොවට ඇවිත් පූජා වන තුරු උන්වහන්සේගේ පූජාවේ ඵල ඇදහිල්ලෙන් අල්ලාගෙන සිටිනු පිණිසය. භූමික ශුද්ධස්ථාන මෙහෙයේ කරනා දිව්‍ය ප්‍රඥාවට අනුව අපට දෙනු ලැබුවේ යේසුස්වහන්සේගේ ස්වර්ගීය මෙහෙය සම්බන්ධ පාඩම් ඉගෙනීමට අපට පහසු වනු පිණිසය.GCSinh 56.3

    යේසුස්වහන්සේ කල්වාරි කුරුසිය මත මරණයට පත්වන විට ‘ඉතින් නිමයි’ කියා උන්වහන්සේ කෑගැසූ සේක. එවිට දේව මාළිගාවේ තිරය උදා සිට පහලට දෙකඩව ඉරි ගියේය. එයින් සංකේතවත් කළේ පව්කාරයින්ගේ පාප පූජා පිළිගන්නා පිණිස මින්පසු භූමික ශුද්ධස්ථානයේදී දෙවියන්වහන්සේ මිනිසුන්ව මුණ නොගැසෙන බවය. යේසුස්වහන්සේ තමන් රුධිරය වගුරුවනු ලැබීය. එම ලේ උන්වහන්සේම ස්වර්ගීය මණ්ඩපයේදී ඔප්පු කරන පිණිසය. භූමික මණ්ඩපයේ අති ශුද්ධස්ථානයට උත්තම පූජකයා පමණක් අවුරුද්දකට එක වරක් ඇතුල් වී සේවය කර ශුද්ධස්ථානය පවිත්‍ර කළා සේම යේසුස්වහන්සේද අවුරුදු 2300 යේ අනාගතවාක්‍යයකාලයේ කෙළවරදී එනම් 1844 දී ස්වර්ගීය ශුද්ධස්ථාන මණ්ඩපයේ ඇති අති ශුද්ධස්ථානයට ඇතුල් වූ සේක. එසේ ඇතුල් වූයේ උන්වහන්සේගේ මැදහත්කාර මෙහෙයේ ප්‍රයෝජන ලබන අය උදෙසා සමගි කිරීමේ අවසාන මෙහෙය ඉටු කර ශුද්ධස්ථානය පවිත්‍ර කරන පිණිසය.GCSinh 56.4

    ______________________________________
    බලන්න: නික්මයාම පරිච්ඡේද 25 සිට 28 දක්වා; ලෙවී කථාව පරිච්ඡේදය 16; 2 රාජාවලිය 2: 11; දානියෙල් 8: 14; ශු. මතෙව් 27: 50, 51; හෙබ්‍රෙව් 9 වෙනි පරිච්ඡේදය; එළිදරව් 21 පරිච්ඡේදය
    GCSinh 56.5