Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    23 පරිච්ඡේදය - පළමුවන දේව දූතයාගේ පණිවිඩය

    1843 වසරේදී ප්‍රකාශ කරන ලද පණිවිඩය සමග දෙවියන්වහන්සේ වැඩ සිටි බව මම දුටිමි. එම පණිවිඩය මගින් ජනතාව අවදි කර තීරණයක් ගැනීමට ඔවුන්ව පරීක්ෂණයකට භාජන කිරීම දේව සැලැස්ම විය. අනාගතවාක්‍ය කාලයන් ගැන ගෙන තිබු කාලවල් නිවැරදි බව තේරුම් ගත දේවගැතිවරු ඔවුන්ගේ තත්ත්වයන් පසෙක තබා වේතනය ගැන නොසලකා තමන් අයිතිව සිටි සභාවන් හැර දමා තැනින් තැනට ගොස් පණිවිඩය ප්‍රකාශ කරන්ට වූහ. නමුත් ස්වර්ගයෙන් පැමිණි පණිවිඩය පිළිගැනීමට එකල ක්‍රිස්තියානි සභාවල දේවගැතිවරුන් ලෙස ක්‍රියා කළ අයගෙන් කැමති වුයේ ස්වල්ප දෙනෙක් වූයෙන් දේශනාකාරයන් නොවූ බොහෝ දෙනෙකුට තම සේවය භාර දෙන්ට යෙදිණි. සමහර අය තම ගොවිපොළවල් හැර දමා පැමිණි අතර තවත් අය තමන්ගේ වෙළඳ ව්‍යාපාර පසෙක තබා මෙම ජනප්‍රිය නොවූ පණිවිඩය ගෙන යන්ට එකතු වූහ. මෙලෙස පළමුවැනි දූතයාගේ පණිවිඩය හඬ නැගීමට බොහෝ අයට ස්වර්ගීය බලපෑමක් ඇති කරනු ලැබීය. පණිවිඩය පැමිණි හැමතැනම මනුෂ්‍යයන්ගේ සිත්වල ක්‍රියාකාරී බලයක් ඇති කෙරිණ. පව්කාරයෝ පසුතැවිලිව තමාව ඉල්ලා යාච්ඤා කරන්නට වූහ. වංක ලෙස ක්‍රියා කර තිබු අය තමන් කළ වරද හරිගස්සන්නට සෙවූහ.GCSinh 47.1

    දෙමාපියන් තම දරුවන්ගේ ගැළවීම සඳහා ගාම්භීර ලෙස යාච්ඤා කළහ. පණිවිඩය ලැබූ අය නොහැරුණවූ තම නෑදැයින් හා මිත්‍රයින් උදෙසා බැගෑපත්ව සේවය කරමින් ක්‍රිස්තුස්වහන්සේගේ ඊම සඳහා සූදානම් වීමට අවවාද අනුශාසනා කළහ. බොහෝ අය කොතරම් සාක්ෂි දුටුවත් හැඟීම්බර දේශනා ඇසුවත් නොහැරෙන තරම් සිත් තදව සිටියහ. සිත් පවිත්‍ර කරන්නාවූ මෙම මෙහෙය ලෝක ආශාවන් වෙතින් සිත් ඉවත්කර මෙතෙක් ඇත නොදුටු කැපවීමක් වෙතට ජනතාව පැමිණවීය. විලියම් මිලර් දේශනා කළ සත්‍යතාවන් සෙනඟ දහස් ගනින් පිළිගත් අතර එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද පණිවිඩය ගෙනයන පිණිස තව තවත් අයව දෙවියන්වහන්සේ නැගිටෙවූ සේක. මෙම උතුම් පණිවිඩය දේශනා කළාවූ අය එදා යොහාන් බව්තීස්ත යේසුස්වහන්සේට මාර්ගය සුදානම් කළාක් මෙන්, එනම් ‘පොරව ගස මුල තබා තිබේ පසුතැවිල්ලට සුදුසු ඵල උපදවාපල්ලා’ යයි ස්වර්ගීය පෙලම්බීමකින් යුතුව හඬ නැගීය. එකල වූ සභාවල තත්ත්වයන් පෙන්වාදී මෙම සාක්ෂි දැරීම් මගින් පිබිදීමක් ඇති කිරීම පණිවිඩයෙහි අභිප්‍රාය විය. පැමිණෙන උදහසින් මිදෙන්ට සුදානම් වන ලෙස අනතුරු ඇඟවීම් කළ අතර බොහෝ අය තමන් බැඳී සිටි සභාවල් අතහැර පිටතට පැමිණියහ. සුවකිරීමේ වචන ඇසු ඔවුහු තමන්ගේ පසුබට වීම්, පාප කිළුටු දැක ගත්හ. තද ආත්ම වේදනාවෙන් යුතුව දෙවියන්වහන්සේ ඉදිරියේ යටහත් පහත වූහ. ශුද්ධාත්මයාණන් ඔවුන් වෙත රඳා සිටි නිසා ඔවුහු ද ‘දෙවියන්වහන්සේට භයව උන්වහන්සේට ගෞරව දීපල්ලා. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුනේය’ යන පණිවිඩය ප්‍රකාශ කරන්ට දායක වූහ.GCSinh 47.2

    ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි ඊම ගැන දේශනා කිරීමේදී පැමිණෙන දිනය සඳහන් කර තිබු හෙයින් සෑම පන්තියකම අයගෙන් විරෝධතා ගලා එන්ට විය. දේවගැතිවරුන්ද සාමාන්‍ය ජනතාවද කෑගසා පවසන්ට වුයේ දවසවත් පැයවත් කිසිවෙක් දන්නේ නැත කියාය. සභාවල් භාරව සිටි දේවගැතිවරුන් කියා සිටියේ ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි ඊම ගැන දේශනා කිරීම පිළිබඳව තමන්ගේ විරෝධතාවක් නැති නමුත් දවස නොහොත් කාල වේලාවන් සඳහන් කිරීම ගැන එකඟ නොවන බවය. සියල්ල දකින්නාවූ දෙවියන්වහන්සේ ඔවුන්ගේ සිත් කියවා බැලූ සේක. යේසුස්වහන්සේට ප්‍රේමයක් ඔවුන්ගේ සිත් තුළ නොවූහ. ක්‍රිස්තුස්වහන්සේ ලකුණු කර තිබු යටහත් පහත අඩිපාරේ ඔවුන් ගමන් කරමින් සිටියේ නැත. මෙම ව්‍යාජ එඩේරුන් දෙවියන්වහන්සේගේ සේවයට බාධාවන් ලෙස සිටගත්හ. ප්‍රකාශ කරන ලද සත්‍යතාවයන් මනුෂ්‍යයන්ගේ සිත් පෙලඹවූ අතර එහිදී හිරගෙයි මුලාදෑනියා වෙව්ලමින් ඇවිත් ගැලවෙන පිණිස මම කුමක් කළ යුතුදැයි ඇසුවාක් මෙන් ජනතාව ඇසූහ. නමුත් ව්‍යාජ එඩේරු ජනතාව සහ සත්‍යය අතරට පැනගෙන සාතන් සහ ඔහුගේ දූතයන්ට එකතු වී ‘සමාදානය සමාදානය’ කියා සමාදානය නැතුව සිටියදී කෑගැසූහ. දෙවියන්වහන්සේගේ දූතයෝ මේ සියල්ල ලකුණු කරගත් බව මම දුටිමි. පහසු ජීවිත ක්‍රමයට ඇලුම් කළ, දෙවියන්වහන්සේ ඈතින් තබාගෙන ජීවත් වීමෙන් තෘප්තියක් ලැබූ අයව ඔවුන්ගේ නින්දෙන් අවදි කළ නොහැකිය.GCSinh 47.3

    දේවගැතිවරු බොහෝමයක් මෙම ගැළවීමේ පණිවිඩය පිළිනොගත් අතර පිළිගත් අයටද ඔවුන් බාධා කළහ. ඒ ලේ ඔවුන්ගේ හිස් මතය. ස්වර්ගයෙන් වූ පණිවිඩයට දේශකයන්ද ජනයන්ද විරුද්ධ වූහ. විලියම් මිලර්ට ඔවුහු පීඩා කළහ. ඔහුට සහාය දුන් අයටද පීඩා කළහ. බොරු ප්‍රචාර ගෙන යමින් සේවයට බාධා කළහ. රැස්වීම් හමාර වී යන අතරමගදී ඔහුගේ ජීවිතය නැති කරන්ටද තැත් කළහ. නමුත් දෙවියන්වහන්සේ දූතයන් එවා ඔහුව ආරක්ෂා කළසේක.GCSinh 47.4

    දේව ලැදියාවක් ඇතිව සිටි අය පණිවිඩය පිළිගත්හ. පණිවිඩය දෙවියන්වහන්සේගෙන් බවද එය කාලෝචිත බවද ඔවුහු අවබෝධ කරගත්හ. ස්වර්ගීය පණිවිඩයේ ප්‍රතිඵල දකින්ට දේව දූතයෝ තද ආශාවෙන් සිටියහ. සභාවල් පණිවිඩයට පිටු පෑ බව ද්ටු ඔවුහු කනගාටුවෙන් යුතුව යේසුස්වහන්සේ සමග ඒ ගැන කථා කළහ. උන්වහන්සේ සභාආවල් වෙතින් මුහුණ ඉවත හරවා ගත්සේක. තවත් ආලෝකයක් පිළිගත් අය වෙත පැමිණෙන්ට තිබෙන බව පැවසු යේසුස්වහන්සේ පණිවිඩය පිළිගත් විශ්වාසවන්ත අයව ආරක්ෂා කරන ලෙස දේව දූතයන්ගෙන් ඉල්ලු සේක. තමන් ක්‍රිස්තියානින් බව පැවසු අය තම මිදුම්කරුවාණන්ගේ පැමිණීමට ආශා වුවා නම්, ඔවුන්ගේ ලෙන්ගතුකම් උන්වහන්සේ වෙත තබා තිබුණා නම්, මුළු පොළොවේම එතුමන් හා සමාන කෙනෙක් නැතැයි ඔවුන්ට හැඟී ගියා නම්, උන්වහන්සේගේ පැමිණීමේ ආරංචිය ඔවුහු මහත් සතුටින් පිළිගන්නවා ඇත. නමුත් ඔවුහු දැක්වූ අකමැත්ත ඔවුන් උන්වහන්සේට ආදරයක් දැක්වුයේ නැති බවට සාක්ෂියක් විය. සාතන් සහ ඔහුගේ දූතයන් ජයග්‍රාහිකව යේසුස්වහන්සේටත් දේව දූතයන්ටත් මුණටම කියා සිටියේ ක්‍රිස්තියානි සෙනඟ උන්වහන්සේට එතරම් ආදරයක් නොදක්වන නිසා උන්වහන්සේ දෙවෙනි වර එනවාට නොකැමැති බවය.GCSinh 48.1

    දෙවිඳුන්ගේ සෙනඟ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම සතුටින් බලා සිටින බව මම දුටිමි. නමුත් දෙවියන්වහන්සේ ඔවුන්ව පරීක්ෂණයකට භාජනය කරන්ට අදහස් කළසේක. අනාගතවාක්‍යය කාලයන් ගණන් ගැනීමේදී වූ වරදක් උන්වහන්සේ තම හස්තයෙන් ආවරණය කළසේක. පැමිණීම බලා සිටි අයට එම වරද සොයාගත නොහැකි විය. පිළිනොගෙන විරුද්ධව සිටි අයට ද එය සොයාගත නොහැකි විය. තමන් සෙනන්ගාව බලාපොරොත්තු කඩවීමකට පමුණුවන්ට දෙවියන්වහන්සේ සැලසුම් කර තිබිණ. නියම දවස පසු විය. ස්වාමින්වහන්සේගේ පැමිණීම බලා සිටි අය දුකට සහ අසහනයට පත්වූහ. නමුත් ආදරය නිසා නොව භය නිසා බලාපොරොත්තුව සිටි අය නොපැමිණීම ගැන සතුටට පත්වූහ. ඔවුන්ගේ සිත් පවිත්‍රව තිබුනේ නැත. ප්‍රමාදය සිදු කලේ මෙවන් අය ප්‍රකාශයට පත්කරන පිණිසය. බලාපොරොත්තු කඩ වී දුකට පත්ව සිටි අයට පළමුවෙන් සමච්චල් කළේ මෙමං අයය. අමාරුකම් ඇතිවන අවස්තාවලදී හැකිලෙන ලෙස පසුබසින අයව හඳුනාගැනීම පිණිස සෙනඟව සෝදිසියකට භාජනය කිරීමේ දෙවියන්වහන්සේගේ ප්‍රඥාවක් බව මම දුටිමි.GCSinh 48.2

    තමන්ට ප්‍රේම කළා වූ, තමාගේ පැමිණීම මිහිරි ආශාවකින් බලා සිටියා වුද බලාපොරොත්තු කඩවීම ගැන දුකට පත්ව සිටියා වූද අය ගැන යේසුස්වහන්සේද ස්වර්ගීය සේනාවන්ද දයානුකම්පාවෙන් බලා සිටියහ. ඒ අයට පිහිට වෙන්ට දේව දූතයෝ නිතර ඔවුන් අවට බලා සිටියහ. ස්වර්ගීය පණිවිඩය පිළිගැනීම අතපසු කළාවූ අයව අඳුරේ සිටින්ට අත්හැර දැමු අතර ස්වර්ගයෙන් වූ පණිවිඩය එපා කිරීම ගැන ඔවුන්ට විරුද්ධව දේව උදහස ඇවිලෙන්නට විය. තම ස්වාමින්වහන්සේගේ නොපැමිණීමෙන් දුකට පත්ව සිටි විශ්වාසවන්ත අයව අන්ධකාරයේ අත්හැර දමනු නොලැබීය. නැවත වරක් අනාගත කාලවල් ගැනවූ අනාවැකි හදාරන්ට ඔවුන්ව බයිබලය වෙතට යොමු කරනු ලැබීය. එහි වූ අංක වෙතින් ස්වාමින්වහන්සේ තම හස්තය ඉවත් කරගත් සේක. එවිට වැරදි තිබු දෙය ඔවුන්ට අවබෝධ විය. නැවත ගණන් බැලූ විට අනාගතවාක්‍යය කාලය 1844 දක්වා විහිදී තිබෙන බව සම්භ විය. 1843 දී අවසන් වෙනවාඅ යයි ගණන් බලා තිබුනේ වැරදීමකින් බව මෙහිදී ඔප්පු විය. තවත් ශුද්ධ ලියවිලි සෙවූ විට දර්ශනය ප්‍රමාද වුවත් දර්ශනය ගැන බලා සිටින්ටය කියන නැවතීමේ කාලයක් සම්භ විය. මෙයද විශ්වාසවන්ත අයව සෝදිසි කිරීම සඳහා සැලසුම් කර තිබිණ. ඔවුන්ගෙන් බොහෝ දෙනකුට 1843දි ඇතිවූ මහා බලාපොරොත්තු කඩවීමේ අත්දැකීමෙන් ඉහලට එන්ට නොහැකි වූ බව මම දුටිමි.GCSinh 49.1

    මෙම අය ගැන සාතන් සහ ඔහුගේ දූතයෝ මහත් උද්දාමයට පත් වූහ. මුළාවක් යයි ඔවුන් නම් කළ, ස්වර්ගීය පණිවිඩය පිළිනොගැනීම ගැන ජනතාව තමුන්ටම සතුට ප්‍රකාශ කර ගත්හ. දෙවියන්වහන්සේගේ අනුශාසනාවන් ප්‍රතික්ෂේප කළ බව ඔවුහු තේරුම් ගත්තේ නැත. දෙවියන්වහන්සේගේ සෙනඟව කැළඹීමකට පත්කරන පිණිස සාතන් සමග එක්වී තමන් ක්‍රියා කරන බව ඔවුන්ට වැටහුණේ නැත. GCSinh 49.2

    පණිවිඩය පිළිගෙන සිටි ඇදහිලිවන්තයන්ට සභාවන් තුළම හිරිහැරවලට ලක් කෙරිණ. පණිවිඩය ප්‍රකාශ කිරීමට ස්වර්ගීය බලපෑමක් ඔවුන් තුළ විය. විරුද්ධවාදීන් මුලින් භයක් ඇතිව සිටි නමුත් 1844 ගැනවූ අනාවැකි කාලයද පසුවූ අතර සාක්ෂි දරන්නන්ව නිහඬ කරන්ට ඔවුහු බලාපොරොත්තු වූහ. බලාපොරොත්තු කඩ වූ අය පැහැදිලි ලෙස තමන්ට වූ වරද තේරුම් ගත අතර 1844 වසරේදී ස්වාමින්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වීමට හේතු වූ කාරණා පෙන්වා දුන්හ. පෙන්වා දුන් බලවත් හේතු සාධක වලට විරුද්ධව කිසිවක් කියන්ට විරුද්ධවාදීන්ට නොහැකි විය. මේ නිසා සභාවල උදහස මේ අයට එරෙහිව ඇවිලෙන්නට වූහ. කිසිම සක්ෂියකට සවන් නොදෙන්ට ඔවුන් තීරණය කළහ. සභාවල කථා කරන්ට ඔවුන්ට ඉඩ දුනහොත් අනිත් අයටද සත්‍යය වැටහී යා හැකි නිසා සභාවලින් ඔවුන් ඉවත් කර දමනු ලැබීය. නමුත් ස්වාමින්වහන්සේ ඔවුන් සමග වූසේක. උන්වහන්සේගේ මුහුණෙහි ආලෝකයෙන් ඔවුහු සතුටට පත්වූහ. මේ අය දෙවන දූතයාගේ පණිවිඩය ලැබීමට සුදානම්ව සිටියහ.GCSinh 49.3

    ______________________________________
    කියවන්න: දානියෙල් 8:14, හබක්කුක් 2: 1-14, මලාකි 3,4 පරිච්ඡේදයන්, මතෙව් 24:36, එළිදරව් 14: 6,7
    GCSinh 49.4